Friday, December 30, 2011

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ස්වාධීනව ක්‍රියා කළ හැකි අයකු පත් කරන්න

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ඉල්ලයි
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයක් වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුර සඳහා ස්වාධීන හා මධ්‍යස්ථව කටයුතු කළ හැකි අයකු පත්කරන මෙන් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් මහාචාර්ය ලලිතා මෙන්ඩිස් මහත්මිය ඉල්ලා අස්වූ අතර මේ දක්වා ඒ තනතුරට කිසිවෙකු පත්කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගෙන නැත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළිත් ඉල්ලා අස්වූ සභාපතිනිය යළි ඒ තනතුරේ පිිහිටුවා ගැනීමේ උත්සාහයක යෙදී සිටියි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍ය සේවාව, හෙද සේවාව, ඖෂධවේදී සේවාව, ඛන්තු රේඛන ශිල්පි සේවාවන් කිහිපයක් වෘත්තීමය වශයෙන් වෘත්තීමය පාලනයකට යටත් කරන ආයතනයකි.
එබැවින් වෛද්‍ය සභාව පිළිබඳව බරපතළ වගකීමක් අප සේවාවන් නියෝජනය කරන වෘත්තීය සමිති වලට ද පවතින අතර එය ස්වාධීන ආයතනයක් ලෙස පැවතීම අත්‍යවශ්‍ය කරුණකි.
පෞද්ගලික සෞඛ්‍ය සේවාවේ හෙද නිලධාරින් පිළිබඳව විධිමත් පරීක්ෂණයකින් තොරව ඔවුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම වැනි කරුණු වෛද්‍ය සභාව ඇති කළ බරපතළ ගැටලුවකි.
ඒ අනුව ඉල්ලා අස්වූ සභාපතිනිය නැවත පත්කිරීම නුසුදුසු බව තරයේ ප්‍රකාශ කරන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිය සන්ධානය ඒ තනතුර සඳහා මධ්‍යස්ථව ක්‍රියා කළ හැකි විද්වතෙකු පත්කරන මෙන් ඉල්ලා සිටියි.
Dinamina 2011/12/30

Friday, December 23, 2011

2012 දී ඖෂධ මිලට ගන්නට රුපියල් මිලියන 21,000ක්

සිතාරා සේනානි
දෙදහස් දොළහ වසර සඳහා ඖෂධ මිලදී ගැනීමට රුපියල් දස ලක්ෂ විසිඑක් දහසක මුදලක් වැය කිරීමට රජය මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රෝහල්වලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදී දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය වෙනස් කිිරීමටත්, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ මිලදී ගැනීමටත් වැඩපිළිවෙළ රැසක් ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පවසයි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට අසූවක් ඉන්දියානු ඖෂධ සමාගම්වලින්ද තවත් සියයට විස්සක් සෙසු රටවලින්ද මිලදී ගත්තද මේවායේ ගුණාත්මකභාවයේ අඩුපාඩු පිළිබඳ විටින් විට වාර්තා ලැබීම නිසා ඉන්දියානු රජය සමඟ ඍජුව සාකච්ඡා පවත්වා එරට රජයේ මැදිහත්වීම මත රජයකින් තවත් රජයක් වෙත ඖෂධ ලබා ගන්නා ආකාරයෙන් ඖෂධ මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය මේ අනුව තීරණය කැර තිබේ.
මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලීම මත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය අනුකාරක සභාවක් පත් කැර ඇත. සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය සරත් අමුණුගම හා පාඨලී චම්පික රණවක ඇමැතිවරුන් මේ අමාත්‍ය අනුකාරක සභාවට පත් කොට ඇත. එසේම මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය නිර්ණය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමේ පනත ඇතුළුව ඖෂධ සම්බන්ධ ප්‍රධාන පනත් තුනක් ලබන වසරේ මුල් කාර්තුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය ඇමැතිවරයා තීරණය කැර ඇත.
රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලබන වසරේ කිසිඳු හිඟයකින් තොරව ලබා දීමටත් ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබාගැනීම සඳහාත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ජපාන අන්තර්ජාතික ඒජන්සියේ මූල්‍ය හා තාක්ෂණික සහයෝගීතාව මත මේවන විට ක්‍රියාත්මක කැර ඇත. දේශීය වශයෙන් නිපදවන ඖෂධවල ධාරිතාව වැඩි කිරීමේ මේ වැඩපළිවෙළ රාජ්‍ය ඖෂධ ඬෂ්පාදන නීතිගත සංස්ථාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ග තුන්දහසකින් සියයක්වත් දේශීයව නිපදවීමට සංස්ථාව මෙතෙක් සමත්වී නොතිබිණි. එහි මෙතෙක් නිපදවූයේ ඖෂධ වර්ග 52ක් පමණි.
dinamina 2011.12.24

කොස්‌ගම සාලාව රෝහලේදී මියගිය රෝගියාට අවිස්‌සාවේල්ලේදී පණ එයි

කොස්‌ගම - ඡේ. ඒ. සී. ශාන්ත කුමාර
හදවතේ ස්‌පන්දය මනින ඊසීජී පරීක්‍ෂණයකින් පසුව රෝගියා මියගිය අයකු ලෙස තීරණය කර කොස්‌ගම සාලාව රෝහලේ ඇඳක්‌ මත දමා සිටි දෙදරු පියකුට යන්ත්‍ර මගින් කෘත්‍රීම ස්‌වසනය ලබාදී අවිස්‌සාවේල්ල රෝහලේදී යළි පණ ලබා ගැනීමට හැකි වූ බව එම මූලික රෝහලේ වෛද්‍ය සුමේද පනාගොඩ මහතා "දිවයින"ට පෙරේදා (22 වැනිදා) පැවසීය.
නාම පුවරු සාදන්නකු ලෙස රැකියාව කරන නිමල්සිරි නමැති පනස්‌ හැවිරිදි දෙදරු පියකු මෙසේ යළි පණ ලැබීම සිදුවිය.
ශරීරය ශීතලවී සිහිය නැතිවීමෙන් පසු නිමල්සිරි මහතා කොස්‌ගම රෝහලට ඇතුළත් කර තිබේ. එම රෝහලේදී ලබාගත් ඊසීජී පරීක්‍ෂණයකින් රෝගියා මියගොස්‌ ඇතැයි නිගමනය වී තිබේ. ඔහුගේ සිරුර සුදු රෙද්දකින් වසා දමා අනතුරුව ඥතීන්ට මේ බව දැනුම්දී තිබේ. එහෙත් මරණය සම්බන්ධව ඥතීන්ට සැකයක්‌ මතුවී මියගිය බව පැවසු රෝගියා අවිස්‌සාවේල්ල රෝහලට රැගෙන ගොස්‌ ඇත.
එහිදී අවිස්‌සාවේල්ල රෝහලේ වෛද්‍යවරුන් වහා ප්‍රතිකාර ලබාදී පැය කිහිපයකින් රෝගියාට නැවත සිහිය පැමිණ කථාකර තිබේ.
අවිස්‌සාවේල්ල මුලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂ සුමේද පනාගොඩ මහතා වැඩිදුරටත් කීවේ නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා රෝගියාගේ ජීවිතය බේරුණු බවය.
divaina 2011/12/24

සිගරැට්‌ පැකට්‌වල දුම්බීමේ ආදීනව දැක්‌වෙනඡායාරූප ඇතුළත් කිරීමේ නීතිය ළඟදීම ගේනවා

මේ බවට රජය පොරොන්දුවක්‌ ලබා දුන්නා

-
මහාචාර්ය කාලෝ ෆොන්සේකා

ශ්‍යාම් නුවන් ගනේවත්ත
සිගරැට්‌ පැකට්‌ මත දුම්බීමේ ආදීනව දැක්‌වෙන ඡායාරූප ඇතුළත් කිරීම අනිවාර්ය කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවට රජය පොරොන්දු වී ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඊයේ (22 දා) අනාවරණය කළේය.

2008
වසරේදී මේ නීතිය ක්‍රියාත්මක කිරීමට තිබුණු බවද මේ අනුව මේ නීතිය ක්‍රියාත්මක කිරීම අතින් අපි හොඳටම ප්‍රමාද බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. ලංකාවේ දුම්වැටි සිල්ලරට අරන් බොන පිරිස බහුල බැවින් මේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් මතභේද තිබුණත් දැන් මේ නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවද කාලෝ ෆොන්සේකා මහතා කීවේය.
මහාචාර්යවරයා මේ බව කීවේ ඊයේ (22 දා) මහරගම පිළිකා රෝහලේදී පැවති දුම්කොළ භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකදීය.
දේශපාලන අධිකාරිය මෙය කඩිනම් කරන බවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා දන්වා ඇති බවද මහාචාර්යවරයා කීවේය.
දුම්කොළ සමාගම් විසින් 20 වැනි සියවසේදී මිලියන 100 ක්‌ ජනතාව ඝාතනය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරන පරිදි 21 වැනි සියවසේදී ටි්‍රලිනයක පමණ ජනතාව දුම්කොළ භාවිතය නිසා මරණයට පත් වනු ඇතැයිද මහාචාර්ය වරයා කීවේය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අති රේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල සහ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න යන මහත්වරුද කතා කළහ.

Divaina 2011/12/23

Wednesday, December 21, 2011

ජනවාරි 15 දා සිට හෙද වර්ජනයක්‌

ඒමන්ති මාරඹේ
හෙද ව්යවස්ථාව අප්රමාදව ක්රියාත්මක කිරීම ඇතුළු සේවා ඉල්ලීම් 11 ක්මුල් කරගෙන සියලු රජයේ රෝහල් හෙද හෙදියෝ ලබන ජනවාරි මස 15 වැනිදා සිට දීප ව්යාප්ත වැඩ වර්ජනයක්ක්රියාත්මක කරන බව රාජ් සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (21 වැනිදා) පැවසූහ.
පසුගියදා රැස්වූ හෙද සංගමයේ විධායක
කමිටුව මෙම වර්ජන තීරණයට ඒකමතිකව එළඹි බව කී මුරුත්තෙට්ටුවේ හිමියෝ ඉදිරිපත් කර ඇති හෙද ඉල්ලීම් වලට පිළිගත හැකි විසඳුම් ලබා දීම සඳහා සෞඛ් අමාත්යාංශය වෙත ප්රමාණවත් කාල සීමාවක් ලබා දී ඇතැයි අවධාරණය කළහ.
හෙද ව්යවස්ථාව අප්රමාදව ක්රියාත්මක කිරීම. යෝජිත හෙද උපාධි පාඨමාලාව ආරම්භ කිරීම. ප්රජා සෞඛ් හෙද තනතුර ඇති කිරීම, වෛද්යවරුන්ට ලබා දී ඇති දුරකථන පහසුකම් හෙද කාර්ය මණ්ඩලයටත් ලබා දීම අයවැය හරහා වෛද්යවරුන්ට ලබා දී ඇති දීමනාව අනුපාතිකව හෙද කාර්ය මණ්ඩලයටද ලබා දීම, වාර්ෂික නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම, හෙද පුහුණු කාලය වසර 4 ක්දක්වා දීර්ඝ කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගෙන වර්ජනය ක්රියාත්මක කරන බව උන් වහන්සේ සඳහන් කළහ.
රජයේ රෝහල් හෙදියන් රෝහල් තුළ විශාල කාර්යභාරක්ඉටු කිරීම නිසා ඔවුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණ බවත් ඒවාට විසඳුම් ලබා දෙන බවට සෞඛ් ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා ඉකුත් 14 දා තම සංගමය සමග පැවැති සාකච්ඡාවේදී ප්රතිඥ දුන් බවත් මුරුත්තෙට්ටුවේ හිමියෝ පැවසූහ.
නාරාහේන්පිට අභයාරාම ශ්රවණාගාරයේ ඊයේ (21 දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක්අමතමින් උන් වහන්සේ මෙම කරුණු අවධාරණය කළහ. ප්රවෘත්ති සාකච්ඡාව අමතා රාජ් සේවා එක්සත් හෙද සංගමයේ උප සභාපති ඩී. බොරලැස්, හෙද නිලධාරී බටුවිට, අශෝකා අබේනායක යන මහත්ම මහත්මීහු කතා කළහ
Divaina 2011.12.22