Tuesday, January 31, 2012

දිවයින ප්‍රධාන ඡායාරූපය



විශ්වවිද්‍යාලවලින් පිටවී ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා නොගැනීම, II ඒ ශ්‍රේණියේ උසස්‌වීම් හා අධි ශ්‍රේණි යේ උසස්‌වීම් හෙද නිලධාරීන්ට ලබා නොදීම, නිල ඇඳුම් දීමනාව ආදී ඉල්ලීම් රැසක්‌ මුල්කර ගනි මින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක්‌ ඊයේ (31 දා) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.
ඡාය - සුජාතා ජයරත්න
Divaina 2012.02.01

රට පුරා හෙද උද්ඝෝෂණ


අද දින දහවල් 12.00-1.00 පැයේ රට පුරා රෝහල් වල හෙද හෙදියන් විරෝධතා උද්ඝෝෂණ වල නියැළුනි. රඡයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් වෘත්තීය සමිති බේදයකින් තොරව හෙද හෙදියන් උද්ඝෝසණ වල නිරත වූයේ සිය සේවාවට බලපාන නොව්සඳුනු ඉල්ලීම් 17 ක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.



එහිදී විරෝධය දැක්වූයේ,
1. පැරණි ව්යවස්ථාවට අදාලව IIa ශ්රේණියේ උසස් වීම් වසර 5 සම්පූර්ණ වු හෙද නිළධාරීන්හට ලබා නොදීම
2.ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම
3.අධිසේවක පදනම මත I ශ්රේණියේ උසස් වීම් පැරණි ව්යවස්ථාවට අනුව වැටුප් තලය රු.21640 සම්පූර්ණ කල හෙද නිළධාරීන්හට ලබා නොදීම
4. පරිපූරක සේවාවට නිකුත් කල අකාරයට හෙද සේවාවේ මාණ්ඩලික ශ්රේණි නිශ්චය කල චක්රලේඛය නිකුත් නොකිරීම
5. වසර 12 න් ලබාදුන් I ශ්රේණිය - 1988.01.01. දක්වා පෙරදාතම නොකිරීම හා හිග වැටුප් ලබා නොදීම
6. නිල ඇදුම් දීමනාව 2012 ට යථාවත් කර රු.15,000/- ලෙස ලබා දීමට අදාල ක්රියාමාර්ග නොගැනීම
7.හෙද උපාධිධාරීන් රාජ්ය හෙද සේවයට බදවා නොගැනීම
8. වෛද්ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම
9. උපයන විට අයකරන බදු වෛද්ය සේවාවෙන් අය නොකර හෙද නිළධාරීන්ගෙන් පමණක් අය කිරීම
10. දින 05 සතිය හෙද නිළධාරීන්හට ක්රියාත්මක නොකිරීම
11. හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම
12. හෙද ව්යවස්ථාවට අප සංගමය ඉදිරිපත් කල සංශෝධන ක්රියාත්මක නොකිරීම
13. මූලික වැටුප ඉක්මවා කරන අතිකාල හා වෙනත් සේවා දීමනා කප්පාදු කිරීම
14. අනතුරු දීමනාව, ශල්යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම
15. නව පත්වීම්, හා උසස් වීම් කුසලතා පදනම මත ලබා දීමට ගෙන ඇති නිල ප්රතිපත්තිමය තීරණයට අදාලව චක්රලේඛයක් නිකුත් නොකිරීම
16. සෞඛ්ය ලේකම් 2012.01.02 දින නිකුත් කල චක්රලේඛ ලිපි අංක 02/19/2009(01) තාවකාලිකව අවලංගු කර 01(11/162008) ලිපිය නිකුත් කිරීමේ දී පොදුවේ ක්රියාකල යුතු තත්ත්වයන් උල්ලංඝණය කිරීම
17. පිරිමි හෙද නිළධාරීන්ගේ නිල ඇදුමට අදාලව නිකුත් කිරීමට එකග වු චක්රලේඛය නිකුත් නොකිරීම
18. 1 පියවර ලෙස හෙද විදුහල්පතිවරුන්, විශේෂ ශ්රේණියේ හෙද නිළධාරීන් හා හෙද අධ්යක්ෂවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්ර ලබා නොදීම
යන කරුණු වෙනුවෙනි.





















හෙද විරෝධයට කොළඹත් එක්වේ

2012 ජනවාරි මස 31 15:47:59 | රොමේෂ් ධනුෂ්ක සිල්වා

උපාධිධාරී හෙද නිලධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා ගැනීම, උසස් වීම් හා නිල ඇඳුම් දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද දහවල් කෑම පැයේදී කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ද උද්ඝෝෂණයක් කෙළේය. වසර දෙකක් තිස්සේ මෙම ගැටළුවලට විසැඳුම් ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධරයන්ගෙන් ඉල්ලා සිටියත් මෙතෙක් නිශ්චිත විසැඳුම් නොලැබීම මෙම උද්ඝෝෂණයට හේතුව බවත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමර්ගයකට යෑමට බලාපොරේත්තු වන බවත් සංගමය කියයි.

lankadeepa

කරාපිටිය රෝහලේ හෙද හෙදියන් සටනට සූදානම්


අද දහවල් 12.00 සට ප.ව. 1.00 දක්වා කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට විශාල උද්ඝෝෂණයකට සම්බන් වූ රඡයේ හෙද නිලදාරීන්ගේ සංගමයේ සහ රාඡ්‍ය ‍ෙස්වා එක්සත් හෙද සංගමයේ හෙද හෙදියන් කියා සිටියේ දිනෙන් දින කල්අරිමින් සිය ඉල්ලීම් නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩ් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළ‍ේන බවයි. උද්ඝෝෂණය සංවිධානය කලේ රඡයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසිනි.














Monday, January 30, 2012

දිවයින පුරා රජයේ රෝහල්වල වැඩ වර්ජනයක්

2012-01-30
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් හා පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු යොදා තිබේ.

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද මේ දක්වා ඊට විසඳුම් ‍ලැබී නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනයේත් මහාභාණ්ඩාගාරයේ ලේකම් පී.බී ජයසුන්දර මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එයින් ද නිසි විසඳුම් නොලැබුණහොත් ලබන 10 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව උන්වහන්සේ අවධාරණය කර සිටියේය.

මේ අතර වැටුප් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

වැටුප් කොමිසමේ නිලධාරීන් සමඟ ලබන 1 වනදා සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඉන් විසඳුමක් නොලැබුණහොත් ලබන 9 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව එහි ප්‍රධාන ලේකම් ‍සමන් ජයසේකර මහතා සඳහන් කළේය.
elakolla.com

රට පුරා රෝහල් වැඩ වර්ජනයක්

January 30, 2012 at 10:15 am | Lanka C News.


දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් හා පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනයේ මහාභාණ්ඩාගාරයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් මීට පෙර ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද මේ දක්වා ඊට විසඳුම් ‍ලැබී නොමැති බව උන් වහන්සේ පෙන්වා දෙති.
අද දිනයේද නිසි විසඳුම් නොලැබුණහොත් ලබන 10 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව උන්වහන්සේ අවධාරණය කරති.
Lankacnews

කලා, වාණිජ සමතුන් බඳවා ගැනීමේ විරෝධයට විසඳුමක්‌ හෙද හෙදියන්ට උ/නැ සේවය අනිවාර්ය වේ

අජිත් අලහකෝන්

හෙද හෙදියන් වසර කිහිපයක්‌ අනිවාර්යයෙන්ම උතුරු-නැගෙනහිර රෝහල්වල සේවය කළ යුතු බවට නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල රෝහල් සඳහා කලා සහ වාණිජ විෂයයන් සමත් අය හෙද සේවයට බඳවා ගැනීම පිළිබඳ වෘත්තීය සමිති විරෝධතාව දක්‌වන නිසා මෙම චක්‍රලේඛය නිකුත් කළ බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව කලා සහ වාණිජ විෂය ධාරා සමත් අය හෙද සේවයට බඳවා ගැනීමට ගෙන ඇති තීරණය අත්හිටුවන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. උතුරු හා නැගෙනහිරින් බැහැරව අවුරුදු පහක්‌ සේවා කාලය නිම කළ හෙද හෙදි සියල්ලන්ම මෙන්ම අලුතින් හෙද සේවයට එක්‌වන සියලු දෙනා මින් ඉදිරියට වසර කිහිපයක්‌ උතුරේ හා නැගෙනහිර රෝහල්වල සේවය කිරීම මේ අනුව අනිවාර්ය වේ.

හෙද පුහුණුව සඳහා පසුගියදා දෙදහස්‌ පන්සිය දෙනකුට ජනාධිපතිවරයා විසින් පත්වීම් ලබාදුන් බවද ඒ අතර උතුරු නැගෙනහිර රෝහල් සඳහා කලා, වාණිජ විෂයයන් සමත් හයසියයක්‌ සිටින බවද කී ඇමැතිවරයා විද්‍යා විෂය සමත් අය උතුරු නැගෙනහිරින් සොයා ගැනීම අසීරු වූ බවද කීය.

කලා, වාණිජ විෂයයන් සමත් වූවන්ට හෙද පත්වීම් ලබාදීම කෙරෙහි විරෝධය දක්‌වමින් වෘත්තීය සමිති උද්ඝෝෂණය කළ බවද එම නිසා මින් ඉදිරියට එම විෂයයන් සමත් වූවන් හෙද සේවයට බඳවා ගැනීම අත්හිටුවන බවද ඇමැතිවරයා කීය.

මේ අනුව උතුරු-නැගෙනහිර පළාත්වල හෙද හෙදියන්ගේ ඌනතා ඇතිවන බැවින් වසර පහක්‌ දකුණේ රෝහල්වල සේවය කළ හා අලුතින් බඳවා ගන්නා හෙද හෙදියන් සියලු දෙනාට උතුරේ හා නැගෙනහිර රෝහල්වල සේවය කිරීම අනිවාර්ය කළ බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

divaina 2012.01.31

රෝහල් 30 ක අද දහවල් හෙද උද්ඝෝෂණ

ඒමන්ති මාරඹේ

හෙද සේවා ඉල්ලීම් 9 කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල් 30 ක සේවය කරන හෙද හෙදියෝ අද (31 දා) දහවල් 12 සිට 1 දක්‌වා කාලය තුළදී එම රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කොළඹ ජාතික, රාගම, මහරගම පිළිකා, රත්නපුර, කරාපිටිය, ශික්‍ෂණ, මහනුවර, හම්බන්තොට, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ ඇතුළු ප්‍රධාන රෝහල් 30 ක්‌ ඉදිරිපිට පැවැත්වෙන බව හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින"ට පැවසීය.

විශ්වවිද්‍යාලවලින් පිටව ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා ගැනීම, පැරැණි ව්‍යවස්‌ථාවට අදාළව (ÚÚ) ඒ ශේ්‍රණියේ උසස්‌වීම් හා අධි ශේ්‍රණියේ උසස්‌වීම් හෙද නිලධාරීන්ට ලබාදීම, වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවටද ලබාදීම ඇතුළු ඉල්ලීම් 9 ක්‌ මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වෙන බව ඔහු සඳහන් කළේය.

divaina 2012.01.31

හෙද සේවයට නව චක‍්‍ර ලේඛයක්. - සංගම්වලින් විරෝධය.

2012 ජනවාරි 30 සඳුදා- පස්වරු 12:22


වසර 5කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ හෙද හෙදියන් සියළු දෙනා උතුරු හා නැගෙනහිර පළාත්වල රෝහල්වල සේවය කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඊට අදාළ චක‍්‍ර ලේඛය පසුගිය සතියේ නිකුත් කළ බවයි සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කළේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල රෝහල්වල පවතින හෙද නිලධාරීන්ගේ හිඟය සැලකිල්ලට ගනිමිනුයි සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අනුව ඉදිරියේදී අලූතින් හෙද සේවාවට එක්වන හෙද හෙදියන් ද උතුරු - නැගෙනහිර පළාත්වල සේවය කිරීම අනිවාර්ය කර තිබෙනවා. කෙසේ වෙතත් වසර 5ක හෙද සේවා කාලය සම්පූර්ණ කර ඇති හෙද හෙදියන් උතුරු - නැගෙනහිර පළාත්වල සේවය සඳහා යෙදවීමට ගත් මෙම තීරණයට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය.

hiru fm

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් හෙට විරෝධතාවට නැහැ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

සන්ධ්‍යා කරුණාරත්න
හෙද ගැටලු විසඳීම සඳහා ලබන මස 8 වැනිදා දක්වා රජයට කල් දී ඇති නිසා හෙට (31) පැවැත්වෙන හෙද විරෝධතා ව්‍යාපාරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් සහභාගි නොවන බව එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ දැනුම් දෙති.
හෙද සේවා ගැටලු කිහිපයක් පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් එම සාකච්ඡාවලින් පසුව කිසියම් සහනයක් හෙද හෙදියන්ට ලබාදෙනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවැසූහ.
හෙද ඉල්ලීම් ලබන මස 8 වැනිදා තෙක් ලබාදීම සිදු නොකළොත් 10 වැනිදා රට පුරා රෝහල්වල හෙද හෙදියන්ගේ අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සංගමයේ විධායක මණ්ඩලය තීරණය කර ඇත.
නව හෙද ව්‍යවස්ථාවෙන් හෙද කාර්ය මණ්ඩලයට ලබාදිය යුතු වසර 12 ක සේවාවෙන් පසු උසස්වීම් ඇතුළු විසමතා කිහිපයක් ඉවත් කරලීමටත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නිල ඇඳුම් දීමනා හා අමතර සේවා දීමනා වැඩි කර ගැනීමටත් අවශ්‍ය පියවර වර්තමානය වන විට ගෙන ඇති බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු හෙද ගැටලුවලට කිසියම් විසඳුමක් ලබාදීමේ හැකියාවක් පවතින්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.
තම සංගමය දැනට ගෙන යන සාකච්ඡාවලින් ලැබෙන ප්‍රතිඵල දැන දැන ඒවා තම උද්ඝෝෂණය තුළින් ලබාගත් ඒවා යැයි ප්‍රචාරය කර හැරීමට ඇතැම් වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර ඇති බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කරති.
ඒ නිසා තම වෘත්තීය සමිතිය කිසිම උද්ඝෝෂණයකට සහභාගි නොවන බවත් එම උද්ඝෝෂණ ව්‍යාපාරවලට තම සාමාජිකයන්ට සහභාගි නොවන ලෙසට දැනුම් දෙන බවත් උන්වහන්සේ පවසති.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය උද්ඝෝෂණවලින් තොරව සාකච්ඡා මඟින් දිනා ඇති ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛ සැකසෙමින් පවතින අවස්ථාවක වෙනත් වෘත්තීය සමිති උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන්නේ තමන් ලැබූ ජයග්‍රහණ සේ හෙද කාර්ය මණ්ඩලයට පෙන්වාදීමට බවත් බොරු උද්ඝෝෂණවලට තම සංගමයේ කිසිදු සාමාජිකයකු සහභාගි නොවන බවත් උන්වහන්සේ සඳහන් කරති.
රට පුරා පවතින හෙද සේවා හිඟය මඟ හැරීම සඳහා හෙද පුහුණුවට නව සිසුන් බඳවා ගන්නා ලෙසටත්, එම හෙද හිඟයට තාවකාලික විසඳුමක් ලෙස සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලයේ සේවා කාලය වසර 63 දක්වා දීර්ඝ කිරීමට හා විශ්‍රාම ගොස් ඇති හෙද නිලධාරින් නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරන ලෙසටත් තම සංගමය අමාත්‍යාංශයට කළ යෝජනා සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව ද උන්වහන්සේ දැනුම් දෙති.

Dinamina 2012/01/30

උ/නැ කලා වාණිජ අයත් හෙද සේවයට බඳවා ගනී හෙද හෙදි හිඟයට රජයෙන් විසැඳුමක්

සන්ධ්‍යා කරුණාරත්න
උතුරු නැඟෙනහිර පවතින හෙද හිඟයට විසඳුමක් ලෙස එම පළාත්වල කලා හා වාණිජ්‍ය විෂය ධාරාව හදාරා උසස්පෙළ සමත් සිසුන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.
එම පළාත්වල පවතින හෙද හිඟයට තාවකාලික විසඳුමක් ලෙස මෙසේ හෙද පුහුණුවට සිසුන් බඳවා ගැනීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
උතුරු නැඟෙනහිර පළාත්වල පවතින අධ්‍යාපන ක්‍රියාවලිය යථා තත්ත්වයට පත්වන තෙක් මේ පියවර ගන්නා බව ඇමැතිවරයා පවසයි.
එම පළාත්වල වසර තිහක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව වර්තමානය වන විට එහි අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක මට්ටමකට පැමිණෙමින් තිබෙන බව ද ඇමැතිවරයා කීය.
විද්‍යා විෂය ධාරාව හැදෑරූ සිසුන් හැර උසස්පෙළ කලා හෝ වාණිජ විෂය ධාරාව හැදෑරූ සිසුන් හෙද පුහුණුවට බඳවාගැනීම පිළිබඳ ඇතැම් වෘත්තීය සමිති සාමාජිකයන් විරෝධතාව පළ කර ඇති බවත් ඒ නිසා අලුතින් හෙද සේවයට බැඳෙන හා හෙද සේවයේ නිරතවන සෑම අයකුම වසර පහක සේවයෙන් පසුව උතුරේ සේවය අනිවාර්ය කළ චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මුළු රටේම ජනතාවට එක සමානව සලකන නිසා උතුරු නැඟෙනහිර ජනතාවගේ සෞඛ්‍ය සේවය නංවාලීම රජයේ වගකීමක් වන බවත් ඒ අනුව මේ පියවර ගැනීමට රජය කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසීය. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පවතින මේ හෙද හිඟය තරමක් දුරට හෝ මඟ හැරලීම සඳහා යාපනය හෙද අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් එම පුහුණු පාඨමාලාවෙන් පසුව එම ප්‍රදේශවලම වසර කිහිපයක් ගත වන තුරු සේවයේ යෙදෙන ලෙස ඇමැතිවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කරයි.

Dinamina 2012.01,30

Sunday, January 29, 2012

රාජ්ය් සේවා එක්සත් හෙද සංගමයේ සභාපති බස්නාහිර පළාත් ප්රිධාන සංඝනායක නාරාහේන්පිට ශ්රී අභයාරාම විහාරාධිපති පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන්ගේ 69 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ සුභාශිංෂණ

පූජ්යම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ 69වන ජන්ම දිනය නිමිත්තෙන් පිංකම් මාලාවක්


රාජ්ය් සේවා එක්සත් හෙද සංගමයේ සභාපති බස්නාහිර පළාත් ප්රඨධාන සංඝනායක නාරාහේන්පිට ශ්රී අභයාරාම විහාරාධිපති පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන්ගේ 69 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ඊයේ (26) එම විහාරස්ථානයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්විය. දන් පිළිගැන්වීමේ කටයුතු සඳහා එක් වු ජනාධිපතිතුමා පූජ්යි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වෙත සුභාශිංෂණ ද එක් කළේය.

අනතුරු ව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ පත්තිනි දේවාලය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

කැලණිය විශ්වවිද්යානලයේ කුලපති විද්යා ලංකාර පරිවේනාධිපති පූජ්ය් වැලමිටියාවේ කුසලධම්ම හිමියන් එහි දී විශේෂ අනුශාසනාව සිදු කළහ.

දෙවනවර ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්ර හණයක් ලබා ඊයේ දිනට දෙවසරක් පිරීම නිමිත්තෙන් මහා සංඝරත්නය එහි දී ජනාධිපතිතුමා වෙත සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාදය පළ කළහ.

සංඝගත දක්ෂිණාව සඳහා දිවයිනේ සෑම පළාතකින් ම වැඩ ම කළ නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ද, අමාත්යිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, පාඨලී චම්පික රණවක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුන් ද එක් වූහ.

sinhala.news.lk

Saturday, January 28, 2012

එහෙත් ප්‍රධාන හෙදි නිලධාරිනිය දිගින් දිගටම කළ ඉල්ලීම මත රෝගියා දැඩිසත්කාර ඒකකයට යවන්නට වෛද්‍යවරයා එකඟ වූයේය.


ඔහු සදාකාලික රෝගියෙකු වූයේ කාගේ නොසැලකිල්ලෙන්ද...



එක්‌ සත්‍ය කතාවක්‌ කතාන්දර තීරය තුළින් මා පසුගිය වතාවේ ඉදිරිපත් කළේ දක්‍ෂිණ ලංකාවේ අගනගරය වූ ගාල්ලේදී මීට මාස කිහිපයකට පෙර සිදුවූ අවාසනාවන්ත සිදුවීමක්‌ පිළිබඳ කතා පුවතකි. එක්‌ නරුම වෛද්‍යවරයෙකුගෙන් සේවාව ලබන්නට පැමිණි මාතර ප්‍රදේශයේ ගර්භනී කාන්තාවක්‌ මුහුණ පෑ අවාසනාවන්ත සිදුවීමක්‌ ඇසුරින් ගොඩනැඟුණු ඒ කතාන්දරයෙන් පසු අප වෙත ලැබුණු ප්‍රේක්‍ෂක පාඨක ප්‍රතිචාර අති මහත්ය. ඒ අතර එවන් කතා පුවත් රාශියක්‌ද ලැබී තිබිණි. මේ සතියේ ඔබ හමුවේත් දිග හැරෙන්නේ අප සෞඛ්‍ය සේවාවට අදාළ එවැනිම තවත් අමිහිරි කතා පුවතකි.

මේ කතාවේ කතා නායකයාට අපි සමරනායක යෑයි කියමු. සමරනායක විවාහකයෙකි. බිරිඳ හා කුඩා දියණියන් දෙදෙනකු සමග ඔහු ජීවත් වූයේ වයඹ පළාතේ නාරම්මල නම් ප්‍රදේශයේ සුළු ගොවිතැන් හා ව්‍යාපාරික කටයුතුවලට පින්සිද්ධ වන්නටය.

මීට වසර කිහිපයකට පෙර ඔහුට මුහුණ දෙන්නට සිදුවූ, අප මේ කියන අවාසනාවන්ත සිදුවීම් මාලාවේ ආරම්භය වන්නේ උණ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබන්නට ප්‍රදේශයේ සාමාන්‍ය පෞද්ගලික වෛද්‍යවරයෙකු හමුවීමට ගිය අවස්‌ථාවකි.

එම වෛද්‍යවරයාගේ ප්‍රතිකාර අනුව සාමාන්‍ය පරිදි උණ රෝගය සුවපත් වුවත් ඊට දින දෙකකට පමණ පසු අලුයම් යාමයක දී ඔහු තවත් අකරතැබ්බයකට මුහුණ පෑවේය. උදරයේ දකුණු පසින් නැගී ආ අසාමාන්‍ය වේදනාවක්‌ උග්‍ර අතට හැරීම නිසා නිවසේ උදවිය ඔහුව ළඟම පිහිටි රජයේ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවේය. එවකට එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරියගේ දැඩි පරීක්‍ෂාවකින් පසුව වේදනා නාශක ලබාදී ඇතත් සමරනායකට ඉන් කිසිදු සුවයක්‌ නොවීය.

ඉන් අනතුරුව සමරනායකව ප්‍රදේශයේ ප්‍රධාන රෝහල වෙත යවන්නට ප්‍රධාන වෛද්‍යවරිය තීරණය කළ අතර ඒ අනුව ප්‍රධාන රෝහලේ 24 වන වාට්‌ටුව වෙත ඇතුළත් කරනු ලැබුවේය.

එදින රාත්‍රියත් ඔහු සුපුරුදු වේදනාවෙන්ම නිදි වර්ජිතව ගෙවා දැමු අතර පසුදා උදයෙන්ම මුත්‍රා පරීක්‍ෂණයකින් පසු පරීක්‍ෂණ කිරීම ආරම්භ කෙරිණි.

මුත්‍රා සමග රුධිරය පිටවීමක්‌ ඇති බව නිගමනය කළ වෛද්‍යවරු සමරනායකට තව තවත් ස්‌කෑන් පරීක්‍ෂණ කිහිපයක්‌ කළේය.

ඔයාගේ මුත්‍රාශයේ ගලක්‌ තියෙනවා. අපි ඒක ඔපරේෂන් එකකින් ඉවත් කරනවා. ඊට පස්‌සේ ඔයාට සනීප වේවි. දැනට මේ කොළයට අත්සනක්‌ දෙන්න. මේක අත්සන් කරන්නේ ඔපරේෂන් එකට ඔයා එකඟයි කියලයි.

වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත සමරනායක යම් ලියවිල්ලකට අත්සන් තැබීය. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ මේ වේදනාවෙන් මිදීමට බැවින් ලිපියකට නොව ලිපි ගණනාවකට වුව අත්සන් තැබීම පිළිබඳ ඔහුට කුකුසක්‌ නොවීය.

සමරනායකව සැත්කම සඳහා ශල්‍යාගාරයට ගැණින. කාලය ගෙවී ගියේය. ශල්‍යකර්මය නිමවූ සෙයකි. රෝගියා නැවත ශල්‍යාගාරයෙන් ඉවත්කර 29 වාට්‌ටුවට යොමු කරන විට ඔහුට පියවි සිහිය ලැබී නොතිබිණි.

පසුදා පියවි සිහිය සමරනායක වෙත එළඹෙන විට ඔහුට දැනුණු වේදනාවෙහි කෙළවරක්‌ නොවීය. අවසිහියෙන් මෙන් දඟලමින් කෑ ගසමින් සිටි සමරනායක වෙතින් අසාමාන්‍ය තත්ත්වයක්‌ ප්‍රකට වූ නිසා වාට්‌ටුවේ කාර්ය මණ්‌ඩලය වඩ වඩාත් කලබල වූහ.

වාට්‌ටුව බාරව සිටි ප්‍රධාන හෙදි නිලධාරිනිය බුද්ධිමත් කාන්තාවකි. ඕ සමරනායකගේ ඇඳෙහි රෝග විනිශ්චය ලිපි ගොනුව හා වත්මන් තත්ත්වය අඩංගු ලිය කියවිලි හොඳින් කියවා බලා සමරනායක සමග ඉතා කරුණාවන්තව කතාකළාය. උදරයේ වේදනාව පැමිණි ස්‌ථානය හා ඒ වන විට සමරනායකගේ ශරීරයේ තැන තැන මතුපිටින් මතුව තිබූ ලේ පැහැති පැල්ලම් ඇයගේ දැඩි අවධානයට ලක්‌විණි.

අනතුරුව ඕ අනෙකුත් හෙදියන් හා සාකච්ඡා කළාය. "මට පේන හැටියට නම් මේ පේෂන්ට දැන් තියෙන්නේ ඩෙංගු ලක්‍ෂණ. ඒත් වෙන දේකට ලොකු ඔපරේෂන් එකක්‌ කරලා. දැන් තියෙන තත්ත්වයේ හැටියට අයි.සී.යූ. එකට නොදැම්මොත් මෙයාගේ තත්ත්වය නරක්‌ වෙන්න බැරි නැහැ... අපි ලොකු ඩොක්‌ට ට කියමු."

වාට්‌ටුව භාර වෛද්‍යවරයා ඒ අනුව පැමිණියේ හෙදියන්ගේ බලවත් ඉල්ලීම පරිදිය. ශල්‍යකර්මයෙන් අනතුරුව ඇතිවන වේදනාව ඔහු අසාමාන්‍ය තත්ත්වයට පත්කර ඇති බව ඔහු නිගමනය කළේය. එහෙත් ප්‍රධාන හෙදි නිලධාරිනිය දිගින් දිගටම කළ ඉල්ලීම මත රෝගියා දැඩිසත්කාර ඒකකයට යවන්නට වෛද්‍යවරයා එකඟ වූයේය.

ඒ වන විට දැඩි වේදනාවෙන් පීඩිතව අවසිහියෙන් සිටි සමරනායක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. එහි දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් දින කිහිපයක්‌ ප්‍රතිකාර ලබා පියවි තත්ත්වයට පිවිසි ඔහු අද ජීවත් වන්නේ පූරුවේ කළ පින් මහිමයක්‌ අනුව ඉහතකී ප්‍රධාන හෙදි නිලධාරිනිය ඇතුළු තවත් පිරිසකගේ නිසි අවධානය ඔහු වෙත යොමුවූ නිසාය.

සමරනායකට සියල්ල හෙළිදරව් වූයේ පසුවය. මුලදී ඔහුට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගයයි. ඒ බැව් වරදවා වටහා ගෙන ඔහුට ප්‍රතිකාර කර ඇත්තේද ශල්‍ය කර්මයකට ලක්‌කර ඇත්තේද ඇපැන්ඩිස්‌ට්‌ නම් රෝගී තත්ත්වයටය. ශල්‍යාගාරය තුළදී මේ පිළිබඳව ඇතිවූ සැකයක්‌ නිසා කරමින් සිටි ශල්‍යකර්මය නවතා නැවත තුවාලය වසා දමා ආපසු වාට්‌ටුවට එවන්නට තරම් වෛද්‍යවරු කලබලවී ඇත. එහෙත් ඔවුන් සියළු දෙනාම ඉන්පසුව හැසිරී ඇත්තේ එවන් කිසිවක්‌ නොවූ පරිදිය.

දැඩිසත්කාර ඒකකයේදී ඔහුට ඩෙංගු රෝගය සඳහා නිසි ප්‍රතිකාර ලැබිණි. සිදුවූ වරද පිළිබඳ කිසිවෙකු කතා නොකළහ. අතීතය අමතක කර රෝගයට නිසි ප්‍රතිකාර ගෙන රෝගී තත්ත්වය මග හරවා ගත් සමරනායක ගෙදර යන්නට උත්සාහ කළේය.

සමරනායකගේ ළඟ ඥතියෙකු වන තවත් වෛද්‍යවරයෙක්‌ කොළඹ සිට සමරනායක ගැන මැදිහත් වූයේය. සිදුවූ සියල්ල සක්‌ සුදක්‌ සේ දැන ගත්තේ ඔහුය. ඔහුත් වෛද්‍යවරයෙක්‌ වූ බැවින් වෛද්‍යවරුන් අතින් වී ඇති අත් වැරැද්ද ප්‍රසිද්ධ කිරීමට ඔහු ගියේද නැත. අවශ්‍ය වන්නේ රෝගියා අවදානමින් ගලවා ගැනීමය. ඔහු එය කළේය. ඒ වන විට ඩෙංගු රෝගයට ලබාදුන් මිල අධික ඖෂධවලට සමරනායකගේ බිරිඳට විශාල මුදලක්‌ද වැයවී තිබිණි. සියල්ල අමතක කර අලුතින් ජීවිතය පටන් ගන්නට සමරනායක බිරිඳ සමග කතා කර ගත්තේය. ඩෙංගු සුව විය. එහෙත් අනවශ්‍ය ශල්‍යකර්මය නිසා ඇතිවූ තුවාලය සුව නොවීය. තවත් මාස එක හමාරක්‌ රෝහලේම නතරවී ප්‍රතිකාර ගත් සමරනායකට උවැටන් කරන්නට සිය බිරිඳ සමදරා දරු දෙදෙනා හා කළ යුද්ධය සුළු පටු නොවීය. ඕ ජීවිතයෙන් හොඳටෝම හෙම්බත්ව සිටියාය.

අනවශ්‍ය ශල්‍යකර්මය නිසා ඇතිවූ තුවාලය සුව නොවූවේ තුවාලයෙන් වතුර වැනි යමක්‌ නිතර නිකුත් වන්නට පටන් ගත් නිසාය. මේ පිළිබඳ තුවාලයට බෙහෙත් කරන සාමාන්‍ය හෙදියන් හා උපස්‌ථානයකයන් කොතරම් කලබල වූවත් වාට්‌ටුව භාර වෛද්‍යවරයා කීවේ කලබල විය යුතු නැති බවය.

හමට යටින් එකතු වුණ දියර තුවාලයෙන් එළියට එනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්‌. ඔයා හොඳට ඇවිදින්න. නැගිටින්න. නැතුව තුවාල සනීප වෙන්නේ නැහැ.

වෛද්‍ය උපදෙස්‌ අනුව නැගිට අපහසුවෙන් ඇවිද්දත් තුවාලය නිසා ආ අධික වේදනාව සමරනායකට දරාගත නොහැකි විය. ප්‍රශ්නයට විසඳුමක්‌ද නොවීය. තුවාලයද සනීප නොවීය. ඉන් එන දුඟඳ හමන දියරය ද නතර නොවීය.

"කරන්න දෙයක්‌ නැහැ. මේක අපේ නරක කාලයක්‌. මට බැහැ ඔයාලට තව තවත් දුක්‌ දෙන්න. අපි ටිකට්‌ කපන් ගෙදර යමු. දැන් තියෙන්නේ තුවාලයනේ. ඕක කල් ගිහින් සනීප වේවි. ඇරත් බෙහෙත් දානවා ඇර වෙන විසඳුමක්‌ නැහැනේ මෙයාලට..."

සමරනායක හා සමදරා කතා කර ගත්තේය. ඒ අනුව ටිකට්‌ කපාගෙන ගෙදර යන්නට තීරණය කළහ. සමරනායකගේ හෙවනැල්ල මෙන් මේ දිනවල ළඟින් සිටි හෙදි නිලධාරිනියට මුව නොසෑහෙන ලෙස ස්‌තුති කළ සමරනායක දිගු කලකට පසු නැවත නිවසේ වහළ යටට ගියේය.

ටික දිනක්‌ ගතව ගියේය. සමරනායකගේ උදරයට පහළ වූ තුවාලය සුව නැත. ඉන් පිටතට එන දියරය ඔහුට මහත් වදයකි. විශේෂයෙන්ම තමන් නිසා ගෙදර උදවිය විඳින වද වේදනාව සමරනායකට මහත් හිසරදයක්‌ වී තිබිණි. ඔහු දහ අතේ කල්පනා කරන්නට පටන් ගත්තේය. නැවත වරක්‌ හිතවත් වෛද්‍යවරයෙකුගේ පිහිට ඔහුට ලැබෙන්නේ ඔය අතරතුරය. ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළුවන්නට සමරනායකට ඉඩ කඩ ලැබෙයි. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ ඉතා කාරුණික වෛද්‍යවරු යටතේ හොඳ පරීක්‍ෂණයකට ලක්‌ වන්නේ ඔය අතරතුරය.

තුවාලය සුව නොවන්නටත් ඉන් යම් දියරයක්‌ පිටතට ගලා එන්නටත් හේතුව අනෙකක්‌ නොව කලින් කළ ශල්‍යකර්මය නිසා එක්‌ වකුගඩුවක සිට මුත්‍රාශයට ගමන් ගන්නා නාලය යම් සිදුරුවීමක්‌ නිසා බව වෛද්‍යවරු දැන ගත්හ. මේ වරද නිවැරදි කිරීමට නම් කොළඹ ජාතික රෝහලට ඇතුළත් විය යුතු බව සමරනායකට වෛද්‍යවරු කීහ.

දුක්‌ විඳීමේ හා වේදනා විඳීමේ කෙළවරක්‌ නැත. සමරනායකත් බිරිඳත් යළිත් සියලු අඩුම කුඩුම කරගහගෙන බැරි බැරිගාතේ කොළඹ ආහ. නිවැරදි පරීක්‍ෂණ හා රෝග පරීක්‍ෂාවකින් පසුව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු සමරනායකට නිසි සැත්කමකට බඳුන්කර ශරීරයේ දකුණු වකුගඩුවේ සිට මුත්‍රාශයට ගමන් ගන්නා නාලය යථා තත්ත්වයට පත් කළේය.

"ඔයාගේ ඔපරේෂන් එක සාර්ථකයි. ඒත් ප්‍රශ්නයක්‌ තියෙනවා. මේක වෙලා මාස 4 ක්‌ විතර ගත වෙලා තියෙන නිසා වකුගඩුවගැන විශ්වාසයක්‌ තියන්න බැහැ. දකුණු වකුගඩුවට විෂ බීජයක්‌ ගිහින් වගෙයි පේන්නේ. ඒක හොඳටම ඉදිමිලා. සමහර විට ජීවිතය බේර ගන්න ඒක අයින් කරන්න වේවිද දන්නේ නැහැ. අපි බලමුකෝ..."

සමරනායකගේ ඇඟ හරහා විදුලියක්‌ ගමන් කළාක්‌ මෙන් විය. යම් කෙනෙකුගේ අත්වැරැද්දකින් සිදුවූ විපත්තිය කෙතරම් භයානකද... තමන් ඒ වෙනුවෙන් ගෙවා ඇත්තේ කොතරම් වන්දියක්‌ද... ඒත් ඒ වන්දිය තවම ඉවර නැත්තේ කාගේ නම් පවකින්ද...

සමරනායක මේ සියල්ල එක සුසුමක කැටි කළ සිතුවිල්ලක්‌ ලෙස වාතලයට මුසුකර හිත හදා ගත්තේය. ඔහුට දරාගත නොහැකි වූයේ සිය ප්‍රිය බිරිඳ සමදරා විඳින වද වේදනාවය. අපි එන දුක්‌ කරදරයකට එකට මුහුණ දෙමු. සමදරා සමරනායකගේ හිස අතගාමින් කීවාය. ඔහු කඳුළු සඟවාගෙන සිනාවෙන්නට උත්සාහ කළේය. නැවත නිවසට ගිය සමරනායක සුපුරුදු සාමාන්‍ය ජීවිතයට හුරු වන්නට පටන් ගත්තේය. මාස 5 ක්‌ පමණ කාලයක්‌ කිසිදු රැකියාවක්‌ නොකර එක දිගට වියදම් පමණක්‌ කිරීම හේතුවෙන් අග හිඟකම් මෙන්ම ණය තුරුස්‌ වල කෙළවරක්‌ නොවීය. බිරිඳගේ කණකර හා වටිනා දේ සියල්ල උකස්‌ කඩ වලය. නැතිනම් විකුණා දමාය. යළිත් ජීවිතය අලුතින් පටන් ගත යුතුය. එහෙත් කරදරවල කෙළවරක්‌ නැත.

දිගින් දිගටම සහභාගි වූ සායනවලදී කළ ස්‌කෑන් පරීක්‍ෂණවලට අනුව සමරනායකගේ දකුණු වකුගඩුව හොඳටම අක්‍රිය වී නරක්‌ වී ඇති බව පෙනිණි. වෛද්‍යවරු කීවේ එය ඉතා ඉක්‌මනින් ඉවත් කළ යුතු බවකි. එහෙත් එම දිනවල රජයේ රෝහල්වල පැවැති බෙහෙත් හිඟය, වෛද්‍ය අරගල හා ශල්‍යාගාර පෝලිම් දිග් ගැස්‌සීම වැනි ප්‍රශ්න නිසා ශල්‍යකර්මය තව තවත් කල් යන බව පෙනිණි. මේ හේතුවෙන් සමරනායක ඊළඟට පිහිට පැතුවේ පෞද්ගලික අංශයේය.

දන්නා කියන වෛද්‍යවරයකුගේ මාර්ගයෙන් මහනුවර පෞද්ගලික වෛද්‍යවරයෙක්‌ හමුවූ සමරනායක ශල්‍යකර්මය ගැන කතා කර ගත්තේය. ඉන්පසුව ඒ සඳහා අවශ්‍ය ලොකු මුදල සොයාගත් ඔහු මහනුවරදී එම ශල්‍යකර්මය සිදුකරවා ගත්තේය. ගිය අධික මුදල ප්‍රශ්නයක්‌ වුවද ඒ කරදරය එතනින් නිම කර ගත හැකි වීම ඔහුට මහත් අස්‌වැසිල්ලක්‌ විය.

අද වන විට සමරනායක ජීවත් වන්නේ වම් වකුගඩුවේ හා බේත් හේත්වල ආනුභාවයෙනි. සමරනායකත් සමදරාත් සිඟිති දියණියන් දෙදෙනාත් දැන් නාරම්මල ප්‍රදේශයේ ජීවත් වෙති. සුපුරුදු ජීවිකාවන් කරමින් මේ දෙදෙනා නැවත ජීවිතය අලුතින් පටන්ගෙන තිබේ. එහෙත් වෙනදා තරම් මහන්සිවී වෙහෙස වී වැඩ කරන්නට දැන් සමරනායකට නොහැක. රජයේ වෛද්‍ය සේවයේ ඇති නොසැලකිල්ල, අපරීක්‍ෂාකාරී බව හා කලබලකාරී බව විසින් අද ඔහුව සදාකාලික රෝගියෙක්‌ කොට අවසන්ය.

වෛද්‍ය සේවය ලංකාවේ ඇති ගරු ගෞරවණීය වෘත්තිය බව සැබෑය. එය අපි හිස්‌ මුඳුනින් පිළිගන්නට සූදානම්ය. මේ මුලු රටේම ජනතාව ඊට නිසි ගෞරවය පුදන්නටද සූදානම්ය. එහෙත් ඒ ගෞරවය ඒ සැලකිල්ල ඒ උත්තරීතර බව රැක බලා ගන්නට සමස්‌ත වෛද්‍ය සේවාවම සූදානම්ද යන ප්‍රශ්නය අපට ඇත.

අත් වැරදි සිදුවන්නේ මිනිස්‌සුන් අතිනි. නිකම් සිටින මිනිස්‌සුන් අතින් නොව වැඩකරන මිනිස්‌සුන් අතිනි. එහෙත් ඒ අත්වැරැද්ද තවත් කෙනෙකුගේ ජීවිතයක්‌ හා සෙල්ලම්කරන අත්වැරද්දක්‌ නම් ඊට සමාව හිමිවිය යුතුද? පුවත්පත් කලාවේදියෙකු අතින් වරදක්‌ වූ විට සිදුවන්නේ බොරුවක්‌ ඇත්තක්‌ වීමය. පොලිස්‌ නිලධාරියෙකු අතින් වරදක්‌ වූ විට සිදුවන්නේ නිවැරදිකුරුවෙකු වැරදිකරුවෙකු වීමය. විනිසුරුවකු අතින් වරදක්‌ වූ විට සිදුවන්නේ වරදකරුවෙකු නිදහස්‌ වි ගෙදර යැමය. එහෙත් වෛද්‍යවරයෙකු අතින් වරදක්‌ වුවහොත් වන්නේ කුමක්‌ද. සිදුවන්නේ රෝගියෙක්‌ මරණයට පත්වීමය. ඒ වරද නැවත හැඩ ගැස්‌සවිය හැකිද...

සමාජයේ, සාමාජිකයකු ලෙස ඔබ මුහුණ පෑ ගැටලු තිබේද. සමාජයෙන්, නීතියෙන්, පොලිස්‌ සේවයෙන්, වෛද්‍ය සේවයෙන්, රාජ්‍ය සේවයෙන් ඔබට විඳින්නට ලැබුණු අසාධාරණකම් තිබේද? අපට ලියා එවන්න.

එක්‌ සත්‍ය කතාවක්‌ ලෙස අප එය රට හමුවේ තබන්නෙමු.

එක්‌ සත්‍ය කතාවක්‌
ඉරිදා දිවයින,
උපාලි පුවත්පත් සමාගම,
223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.
බුලිත ප්‍රදීප් කුමාර
Divaina 2012.01.29

Friday, January 27, 2012

හෘද රෝගීන් සඳහා වූ පකිස්තාන ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවතට

හෘද රෝගීන් සඳහා භාවිතා කරන පකිස්තානයේ නිෂ්පාදිත Isosobite mono nitrate mg 20 නැමැති ඖෂධය තාවකාලිකව ශ්රීත ලංකාවේ භාවිතයෙන් ඉවත් කරයි. පෙරේදා (26) පකිස්තානයේ හෘද රෝගීන් 70 කට මරු කැඳවු ඖෂධ පිළිබඳව ඊයේ (27) ජාතික ඖෂධ අධිකාරිය විසින් එය ශ්රී ලංකාවේ භාවිතා වන්නේ ද යන්න සොයා බැලිණි.
ඒ අනුව Isosobite mono nitrate – mg 20 නැමැති ඖෂධය පමණක් ශ්රීෂ ලංකාවේ ලියාපදිංචි ඖෂධයක් වශයෙන් භාවිතා කෙරෙන අතර, පකිස්තානයෙන් වාර්තා වූ එම සිද්ධිය නිසා අදාළ ඖෂධය ශ්රී, ලංකාවේ රෝහල්වල භාවිතා කිරීම හා පුද්ගලික ඔසුසැල්වල අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්යවක්ෂ වෛද්යක හේමන්ත බෙනරගම මහතා පවසයි.
මේ ඖෂධය පකිස්තානයේ ඖෂධ සමාගමක් වන Zefro නැමැති ඖෂධ සමාගම නිපදවයි. ඉහත කී ඖෂධය අත්හිටුවීම පිළිබඳව ජාතික ඖෂධ අධිකාරියේ අධ්යවක්ෂවරයා සෞඛ්යු ඇමැති මෛත්රීෂපාල සිරිසේන මහතාට දැනුම් දුන් අතර, ඇමැතිවරයා මේ ඖෂධය සම්බන්ධව සිදුකරන පරීක්ෂණ අවසන් වන තෙක් එම ඖෂධය භාවිතා කිරීම සහ පුද්ගලික ඔසුසැල්වල අලෙවි කිරීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත.
dinamina 2012.01.28

සෞඛ්ය/ ඇමැති පොරොන්දුව කඩලා තීරණයක්‌ ගන්න වෛද්යරවරු අද රැස්‌වෙති

ඒමන්ති මාරඹේ

ශ්රීත ලංකා වෛද්යා සභාවට සෞඛ්යන ඇමැතිවරයා විසින් පත් කරනු ලැබූ අමතර සාමාජිකයන් දෙදෙනාගේ පත්වීම් පොරොන්දු වූ ප්රනකාරව අවලංගු කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි වෘත්තිය සමිති ක්රිවයාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්යදවරුන්ගේ මහා සභා රැස්‌වීමක්‌ අද (26 දා) දහවල් 12 ට පැවැත්වෙන බව ජාතික රෝහලේ ජ්යෙයෂ්ඨ වෛද්යස නිලධාරිවරයකු "දිවයින"ට පැවසීය.

අදාළ අමතර පත්වීම් දෙක අවලංගු කරන බවට සෞඛ්යඨ ඇමැතිවරයා විසින් පසුගිය 19 වැනිදා (බ්රෙහස්‌පතින්දා) රජයේ වෛද්ය් නිලධාරීන්ගේ සංගමය වෙත ලිත පොරොන්දුවක්‌ ලබාදී ඇතත් සතියක්‌ ගත වූ පසුද එය ඉටුකර නැතැයි එම වෛද්යය නිලධාරිවරයා කීවේය. ඒ අනුව ඉකුත් සිකුරාදා පැවැති ජාතික රෝහලේ වෛද්යකවරුන්ගේ රැස්‌වීමේදී අත්හිටුවීමට තීරණය කළ එම රෝහලේ වෛද්යජවරුන්ගේ වර්ජනය නැවත දියත්වීමට නියමිතව ඇතැයි හෙතෙම සඳහන් කළේය.

අද දහවල් පැවැත්වෙන මහ සභා රැස්‌වීමට වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ද සහභාගි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ශ්රී ලංකා වෛද්යහ සභාවේ තීරණවලට පටහැනිව වෛද්ය සභාවේ සභාපතිවරයා විසින් ප්රීකාශයක්‌ නිකුත් කිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇතැයි පවසන රජයේ වෛද්ය් නිලධාරීන්ගේ සංගමය සභාපතිවරයා වෛද්ය සභාවේ පොදු තීරණවලට අනුකූලව එම සභාවේ හා වෛද්යධ අධ්යා පනයෙහි ප්ර මිතිය ආරක්ෂාි කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටී.

divaina 2012.01.27

Wednesday, January 25, 2012

උතුරට නොගොස් වසර පහක් සේවය කළ හෙදියන්ට උතුර අනිවාර්ය කෙරේ

Lakbima 2012 ජනවාරි 26 වෙනි බ්රහස්පතින්දා, 01:34
ශ්රියානි විජේසිංහ
උතුරු පළාතෙන් බැහැරව හෙද සේවාවේ වසර 5 සේවා කාලයක් සම්පූර්ණ කර සිටින සියලුම හෙද හෙදියන් උතුරු පළාතේ සේවය කිරීම අනිවාර්ය කිරීමට සෞඛ් අමාත්යංශය තීරණය කර ඇත. උතුරු පළාතේ තිබෙන හෙද හිඟය සැලකිල්ලට ගනිමින් හෙද පුහුණුව සඳහා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා පමණක් විද්යා විෂය ධාරාවෙන් පමණක් නොව කලා හා වාණිජ විෂය ධාරාවලින් උසස් පෙළ සමත් වූවන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට අමාත්යංශය පියවර ගෙන තිබේ. පසුගිය කාලයේ උතුරු නැගෙනහිර ප්රදේශවල පැවැති යුද ගැටුම් හේතුවෙන් එහි දරුවන්ට නිසි අධ්යාපනය ලබා ගැනීමට නොහැකි වීමෙන් මෙම පියවර ගැනීමට අමාත්යංශය කටයුතු කර ඇත. එහෙත් මින් ඉදිරියට හෙද සේවයට බඳවා ගැනීමේදී විද්යා විෂය ධාරාව හැර වෙනත් විෂය ධාරාවන්ගෙන් හෙද පුහුණුව සඳහා බඳවා නොගැනීමටද සෞඛ් අමාත්යංශය තීරණය කර තිබේ.

පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ පනත ඉවත් කර ගැනීමේ කිසිදු අදහසක්‌ නෑ-උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක

සිසුන්ට ණයට ලැප්ටොප් ලබාදීමට බැංකු එකඟ වූයේ
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත
ක්‍රියාත්මක කරන පොරොන්දුවටයි
උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක


නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා ණය ලබාදීමට බැංකු එකඟ වූයේ පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ පනත ක්‍රියාත්මක කරන බවට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය දුන් පොරොන්දුව මත යෑයි මහතා පැවසීය.

ලැප්ටොප් මිලට ගත් සිසුන් උපාධිය අවසන් කර රැකියාවක නිරත වන ආයතනයේ වැටුපෙන් එම ණය මුදල අය කර ගැනීමේ විධිවිධාන එම පනතට ඇතුළත් කෙරෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (25 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ ඇමැතිවරයා එම පනත ඉවත් කර ගැනීමේ කිසිදු අදහසක්‌ නොමැති බවද ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද ඇතුළු සියලු පාර්ශ්ව සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවද කීවේය. ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස්‌ පෙරමුණ සමගද එම පනත පිළිබඳව සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා කීය. එලෙස සාකච්ඡා කරමින් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත පනත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද දිසානායක මහතා කියා සිටියේය.

Divaina 2012.01.26

සෞඛ්‍ය ඇමැති පොරොන්දුව කඩලා තීරණයක්‌ ගන්න වෛද්‍යවරු අද රැස්‌වෙති

ඒමන්ති මාරඹේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත් කරනු ලැබූ අමතර සාමාජිකයන් දෙදෙනාගේ පත්වීම් පොරොන්දු වූ ප්‍රකාරව අවලංගු කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ මහා සභා රැස්‌වීමක්‌ අද (26 දා) දහවල් 12 ට පැවැත්වෙන බව ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරයකු "දිවයින"ට පැවසීය.

අදාළ අමතර පත්වීම් දෙක අවලංගු කරන බවට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පසුගිය 19 වැනිදා (බ්‍රහස්‌පතින්දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලිත පොරොන්දුවක්‌ ලබාදී ඇතත් සතියක්‌ ගත වූ පසුද එය ඉටුකර නැතැයි එම වෛද්‍ය නිලධාරිවරයා කීවේය. ඒ අනුව ඉකුත් සිකුරාදා පැවැති ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ රැස්‌වීමේදී අත්හිටුවීමට තීරණය කළ එම රෝහලේ වෛද්‍යවරුන්ගේ වර්ජනය නැවත දියත්වීමට නියමිතව ඇතැයි හෙතෙම සඳහන් කළේය.

අද දහවල් පැවැත්වෙන මහ සභා රැස්‌වීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ද සහභාගි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණවලට පටහැනිව වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයක්‌ නිකුත් කිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇතැයි පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපතිවරයා වෛද්‍ය සභාවේ පොදු තීරණවලට අනුකූලව එම සභාවේ හා වෛද්‍ය අධ්‍යාපනයෙහි ප්‍රමිතිය ආරක්‍ෂා කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටී.

Divaina 2012.01.26

විසඳුම 1 වැනිදා නොලැබුණොත් පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 7 වැනිදා සිට දිගටම වර්ජනයේ

ඒමන්ති මාරඹේ

ලබන පෙබරවාරි මස පළමුවැනිදා වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසම සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ප්‍රධාන ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් නොලැබුණහොත් පෙබරවාරි 07 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලය තීරණය කර තිබේ. පෙරේදා (24 දා) රැස්‌වූ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ විධායක කමිටුව විසින් මෙම වර්ජන තීරණය ගත් බව එම බලමණ්‌ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවැසීය. රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, භෞතවේද චිකිත්සකයන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්. එල්. ටී) හා වෘත්තීයවේදී චිකිත්සකයන් යන පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ නොවිසඳී පවතින සේවා ඉල්ලීම් 8 න් ප්‍රධාන ඉල්ලීම් 3 වන දීමනා විෂමතාවන් ඉවත් කිරීම, වසර 15 ක්‌ මුළුල්ලේ ප්‍රමාද වෙමින් පවතින විශේෂ ශ්‍රේණියේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ උසස්‌වීම් ක්‍රියාත්මක කිරීම හා සම සෞඛ්‍ය උපාධිය සමත් පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීන් පිරිස සේවයට බඳවා ගැනීම යන ඉල්ලීම්වලට පිළිගත හැකි කඩිනම් විසඳුම් බලාපොරොත්තු වන බව ඔහු කීවේය.

එම ඉල්ලීම්වලට විසඳුම් නොලදහොත් තීරණය කර ඇති පරිදි 7 වැනිදා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ කරා යොමු වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Divaina 2012.01.26

හැමදෙයකින්ම ඉදිරියට ගියත් මව්බිමට තියෙන ආදරය අඩු කරන්න එපා – ජනපති



දැනුමෙන්, විද්‍යාවෙන් ඉදිරියට ගියද තම මාතෘ භුමියට තිබෙන ආදරය හා මව්බිම පිළිබඳ හැඟීම අමතක නොකළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ(22) අරලියගහ මන්දිරයේදී පැවැති හෙද පුහුණුවට තරුණ තරුණියන් 2500 ක් බඳවා ගැනීම නිමිත්තෙන්වූ උත්සවයේදීය.
මෙහිදී හෙද සේවයේ පුහුණුවට බඳවා ගැනුන පිරිස අතරින් උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් හා දිස්ත්‍රික්ක නියෝජනය කළ තරුණ තරුණියන් 30කට පමණ මෙහිදී ජනාධිපතිතුමා පත්වීම් ප්‍රදානය කළේය.
උත්සව සභාව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ හෙද සේවය රුකියාවට වෘත්තීයකට වඩා ගෞරවාන්විත සමා‍ජ සේවාවක් බවත්, අසනීපයෙන් පෙලෙන්නෙකුට නිරෝගීවීමට ශක්තියත් සපයන හෙද නිලධාරියෙකුගේ හෝ හෙද නිලධාරිනියකගේ සිනහව බොහෝ ගැටළු බොහොමයක් විසඳන බවත්ය.
හෙද සේවාවට ලෝකයේ ඉල්ලුමක් තිබෙන අතර ලංකාව අද රටක් වශයෙන් ඉදිරියට යන ගමන තුල මෙරට හෙද හෙදියන්ටද විශාල ඉල්ලුමක් පවතින බව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

sinhala.readsrilanka.com

උතුරේ සේවය අනිවාර්යය කල නීතියට හෙද විරෝධය

fyr,a fiakdër


jir 05 l fiajd ld,hla iïmQ¾K l< fyo fyÈhkag W;=f¾ fiajh wksjd¾hh lsßug fi!LH wud;HxYh .;a ;SrKh wkqu; fkdlrk nj rcfha fyo ks,OdÍkaf.a ix.uh mjikjd' tys iNdm;s iuka r;a;km%sh uy;d mejiqfõ W;=f¾ fyo ysÕh mshùug .; hq;= fjk;a mshjr ;sfnk njhs' tkï fyo mqyqKqjg jd¾Islj ;eke;a;ka n|jdf.k Tjqkag ksis l,g m;aùï ,ndÈh hq;= nj m%ldY flreKd¡ tfy;a jir follska tjeks n|jd .ekSï isÿj ke;s njhs jeäÿrg;a m%ldY flrefKa¡

W;=f¾ iy kef.kysr fyo ysÕh mshùu i|yd tu m<d;aj,ska muKla l,d iy jdksc úIh Odrdj,ska Wiia fm< iu;ajqjka o fyo mqyqKqjg n|jd .ekSug fi!LH wud;HxYh óg fmr ;SrKh l<d' tho wkqu; fkdlrk njhs iuka r;a;km%sh uy;d mejiqfõ'

fuu úfrdaO;dj ie,ls,a,g f.k l,d iy jdksc úIh Odrdfjka Wiia fm< iu;ajqjka o fyo mqyqKqjg n|jd .ekSug .;a ;SrKh bj; ±uq nj fi!LH wud;HxYh Bfha m%ldY l<d' jir 05 l fiajd ld,hla iïmQ¾K l< fyo fyÈhkag W;=f¾ fiajh wksjd¾hh lsÍug ;SrKh lf<a ta wkqj njhs fi!LH wud;HxYh ksl=;a l< ksfõokhl ±lafjkafka'
jbncbcbcvvfdfdfdg
nethfm.com

හෙද සේවය රැකියාවකට වඩා ගෞරවාන්විත සේවාවක් - ජනපති

හෙද සේවය රැකියාවකට, වෘත්තියකට වඩා ගෞරවාන්විත සමාජ සේවාවක් බවත් අසනීපයෙන් පෙළෙන්නෙකුට නිරෝගී වීමට ශක්තියක් සපයන හෙද නිලධාරිනියකගේ නිලධාරියෙකුගේ සිනහව බොහෝ ගැටලු විසඳන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජනාධිපතිතුමා මෙසේ පැවසුවේ සිසු හෙදි පුහුණුවට තරුණ තරුණියන් 2500ක් බඳවා ගැනීම නිමිත්තෙන් ඊයේ (22) අරලිය ගහ මන්දිරයේ පැවති උත්සව සභාව අමතමිනි.

හෙද සේවය සඳහා ලෝකයේ ඉල්ලුමක් තිබෙන අතර ලංකාව අද රටක් වශයෙන් ඉදිරියට යන ගමන තුළ ලංකාවේ හෙද නිලධාරීන් හා නිලධාරිනියන් සඳහා ද එම ඉල්ලුම ම පවතින බව ජනාධිපතිතුමා පැවසීය.

දැනුමෙන්, විද්‍යාවෙන් ඉදිරියට ගිය ද තම මාතෘ භූමියට තිබෙන ආදරය හා මව්බිම පිළිබඳ හැඟීම අමතක නො කළ යුතු බව ද ජනාධිපතිතුමා එහි දී අවධාරණය කළේය.

'අද 2500ක් තරුණ තරුණියන් හෙද විද්‍යාලවලට ඇතුළත් කරගන්නා අවස්ථාවක්. කොටින් ම කියනවා නම් රජයේ සේවාවට බඳවා ගන්නා අවස්ථාවක්. මොකද විශ්වවිද්‍යාලයට ඇතුළු කරගන්නවා වගේ නොවෙයි, කෙලින් ම රජයේ සේවයටයි ඔබ ඇතුළු කෙරෙන්නේ. මේ වසරේ පළමුවෙන් ම රජයේ සේවයට බඳවා ගන්නා කණ්ඩායම ඔබයි. එසේ රජයේ සේවයට බඳවා ගැනෙන මේ විශාල කණ්ඩායමට මම සුබ පතනවා'.

සමහර පත්වීම්ලාභීන් උතුර නැඟෙනහිර හෝ හම්බන්තොට ප‍්‍රදේශවලට සේවය සඳහා යාමට අකැමැති බවත් පහසුකම් තිබෙන නිසා කොළඹට එන්න කැමති බවත් සඳහන් කළ ජනාධිපතිතුමා එහෙත් තවත් නොබෝ දවසකින් ලංකාවේ උතුර ද නැඟෙනහිර ද දකුණ ද කියලා භේදයක් නැති ව සේවය සඳහා පිරිස් යනු ඇතැයි ද පැවසීය.

රටක් වශයෙන් ඉදිරියට යාමේ දී ශ්‍රී ලංකාවට හොඳ ඉල්ලුමක් ඇතැයි ද එම ඉල්ලුමට සරිලන්න වැඩ කිරීම අවශ්‍ය යැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා හෙදියන්ගේ අවශ්‍යතාව ඉදිරියේ දී වැඩිවෙනු ඇතැයි ද පෙන්වා දුන්නේය.

රාජ්‍ය හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අජිත් මෙන්ඩිස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජිත එෆ්.ආර්. මේතා, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත බොබ් මැක්රො, හෙද පුහුණුව ආරම්භ කරන තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.





sinhala.news.lk