Saturday, June 30, 2012

සමස්ත ලංකා හෙද සංගමය කියන හැටි


සමස්ත ලංකා හෙද සංගමය හෙද ව්‍යවස්ථාව ගැන එදා කිවූ හැටි

හෙද ව්‍යවස්ථාවට එරෙහි GMO විරෝධය පදනම් විරහිතයි - සමස්ත ලංකා හෙද සංගමය

2010 ඔක්තෝබර් 05 වෙනි අඟහරුවාදා, 15:40 |  

යෝජිත හෙද සේවා ව්‍යවස්ථාවට එරෙහිව රජයේ වෛද ්‍ය නිලධාරින්ගේ සංගමය දක්වනු ලබන විරෝධය පදනම් විරහිත සහ පටු අරමුණුවලින් යුක්තව කරනු ලබන විරෝධයක් බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. හෙද ව්‍යවස්ථාවට කලින් හෙද සේවාව සේවාවක් ලෙස ස්වාධීනව සංවර්ධනයට මග පෑදෙන බව හෙද සංගම් පෙන්වා දෙයි. තුලින් ජනතාවට වඩාත් උසස් සෞඛ්‍ය සේවාවක් හිමිවන බවද පෙන්වා දෙන හෙද සංගම් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊට දක්වන විරෝධය සදාචාරාත්මක නොවන කුහක ලෙස දක්වන විරෝධයක් බව පෙන්වා දෙයි.
දැනට නිශ්චිත නාමකරණයක් නොවුවත් රෝහල් වාට්ටුව නැමැති නිශ්චිත පරිපාලන ඒකකය පාලනය කිරීම හා එහි සියළු කටයුතු කළමනාකරණය කරනු ලබන්නේ වාට්ටු හා ඒකක බාර ප‍්‍රධාන හෙද නිලධාරියා හෝ නිලධාරිනිය විසිනි. ඊට අමතරව කෝටි ගණන් වටිනා භාණ්ඩ හා උපකරණ නඩත්තු කිරීම, ඒ පිළිබඳ වගකීම් දැරීම, පිරිස කළමනාකරණය හා රෝගි සාත්තු කළමනාකරණය ඔුවන් විසින් කරනු ලබයි. සත්‍ය තත්වය එසේ තිබියදී ඊට සරිලන තනතුරු නාමකරණය හෙද හෙදියන්ට ලබාදිය යුතු බව සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙති.





 
http://www.unions.lk/sin/index.php?option=com_content&view=article&id=320%3A-gmo-&Itemid=41


අද කියන හැටි 


 
හෙද විභාගය අවුල්ලූ. - හෙද සංගමය.

2012 ජූනි 30 සෙනසුරාදා- පස්වරු 01:11
හෙද ව්‍යවස්ථාව යටතේ හෙද හෙදියන් සඳහා නව විභාග ක‍්‍රමයක් ඉදිරිපත් කර ඇතත් ඒ පිළිබඳ නිසි දැනුවත් කිරීමක් සිදුකර නැතැයි සමස්ථ ලංකා හෙද සංගමය චෝදනා කරනවා. එහි සභාපති එස්.බී. මැදිවත්ත හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ හෙද ව්‍යවස්ථාව අහෝසි කර මේ පිළිබඳව නිසි අයුරින් හෙද හෙදියන් දැනුවත් කිරිමෙන් පසු අදාළ විභාග පැවැත්විය යුතු බවයි.
  


එහෙම වෙන්නෙ ඇයි?