Wednesday, February 29, 2012

ඡයවර්ධනපුර රෝහලේ නියෝඡ්‍ය අධ්‍යක්ෂකවරිය සුදුසුකම් නැතිව පත් කරලා


Mawbima 2012.02 29

එකම කාලයකදී බඳවා නොගැනීම වෛද්‍ය පත්වීම් දීමට බාධාවක්


Mawbima 2012.02 29

වෛද්‍යවරුන්ගේ හෙට සාකච්චාව තීරණාත්මකයි


Mawbima 2012.02 29

පරිපූරක වෛද්‍ය සේවා අඛණ්ඩ වැඩ වර්ඡනයකට සැරසේ

Mawbima 2012.02 29

රඡයේ රෝහල් වලට ඕන නැති බෙහෙත් අරන් සල්ලි ඉවර කරලා


Mawbima 2012.02 26

මෝහනා ගේ මරණය පිටුපස ඉන්නා මෝහිණී කවුද?




Mawbima 2012.02 26

ඩෙංගු මර්දනයට ජනතා සහයෝගය මදි

2012 පෙබරවාරි 29 වෙනි බදාදා, 00:01
.

වැසි සමය ආරම්භ වීමත් සමග දැන් නිසැකවම අසන්නට ලැබෙන තවත් පුවතක් වෙයි. එනම් ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම ඉහළ යාමයි. මෝසම් වැස්ස තරම්ම අනිවාර්ය ස්වාභාවික සිද්ධියක් බවට දැන් මේ වන විට ඩෙංගු රෝගය ද පත්ව ඇත.
ගත වූ මාස දෙක තුළ දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් ඩෙංගු රෝගීන් පිළිබඳ පුවත් වාර්තා වන්නට පටන් ගෙන තිබෙන අතර වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන ආකාරයට එම මාස දෙකක කාලය ඇතුළත මියගිය ඩෙංගු රෝගීන් ගණන 27කි. එම කාලය තුළ වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 6138ක් වන අතර ඉන් වැඩිම ප්‍රතිශතය වන සියයට 51.97ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි.
ඩෙංගු වැනි වසංගත රෝග මේ ආකාරයේ අධිවේගයකින් පැතිර යාම සම්බන්ධයෙන් වසංගත රෝග මර්දන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිණිස පිහිටුවා ඇති ආයතන හා පත් කරනු ලැබ සිටින නිලධාරීන් යම් ප්‍රමාණයකට වගකිව යුතු බව රහසක් නොවේ. එහෙත් ඔක්කොම කුණු බේරුවල බොක්කට කිව්වා සේ ඩෙංගු රෝගය මෙසේ පැතිර යන්නට පසුබිම සකසා දීම පිළිබඳ සම්පූර්ණ වගකීම ඔවුන් වෙත පැවරීම යුක්ති යුක්ත නොවන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මුලින් සඳහන් කළ ආයතනවලට හා නිලධාරීන්ට පමණක් තනිව පාලනය කළ නොහැකි ඇතැම් සමාජ ක්‍රියාකාරකම් ඩෙංගු රෝගය වේගයෙන් පැතිර යන්නට අවශ්‍ය පසුබිම සැකසීම ඊට හේතුවයි.
උදාහරණයක් හැටියට නගරාශ්‍රිත ප්‍රදේශවල කැළි කසළ ඉවත් කිරීමේ කටයුතු නිසියාකාරව සිදුනොවීම පෙන්වා දෙන්නට පුළුවන. කොළඹ වැනි මහ නගරවලට පවා මෙම චෝදනාවෙන් ගැලවෙන්නට පුළුවන් කමක් නොමැති බව අසත්‍යයක් නොවේ.
බස්නාහිර පළාත ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමට වැඩියෙන්ම මුහුණ පා සිටින්නට හේතුවද මෙම කනගාටුදායක තත්ත්වය වන්නට බැරි නැත.
මෙම තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රධාන නගරවල දැකිය හැකි ‍පොදු තත්ත්වයක් බවද නොකියා නොහැකිය. ඇතැම් නගරවල නිසි පරිදි නඩත්තු නොකරන කාණු පද්ධති මදුරු තවාන් බවට පත්ව තිබෙන බව නිරන්තරව අසන්නට ලැබේ.
මේ අතර වඩාත් චෝදනාත්මක ස්වරූපයෙන් අවධාරණය කළ තවත් කරුණක් ඇත. එනම් සාමාන්‍ය ජනතාවගේ නොසැලකිල්ලයි. සමාජයේ බොහෝ සමාජිකයෝ තමන් ඩෙංගු රෝගය වේගයෙන් පැතිරයාම බඳු අවදානමකට මුහුණ පා සිටින බවක් නොදන්නා අයුරින් කටයුතු කරති.
ඇත්තටම සමාජයේ තනි තනි පුද්ගලයන් ඒ පිළිබඳ දැනුම්වත් මැදිහත්වීමකින් කටයුතු කරන්නේ නම් තම තම නිවෙස් අවට මදුරුවන් බෝ වන බොහෝ ස්ථාන තුරන් කර දමන්නට බැරි කමක් නැත.
දැන් සිදු වන්නේ එබඳු දැනුම්වත් බවකින් ඔවුන් කටයුතු නොකිරීම පමණක් නොවේ. ඉවක් බවක් නොමැතිව කටයුතු කිරීම මගින් මදුරුවන් බෝවන්නට අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීමය.
මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සඳහා හඳුන්වාදී ඇති ක්‍රියාකාරකම් සමාජයේ වැඩිපිරිසක් අතින් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කෙරෙන සැටියක් පෙනෙන්නට නැත. මදුරුවන් බෝවීම වළක්වා ගන්නට අපහසු උවදුරක් බවට පත්වන්නට එම තත්ත්වය බොහෝ සේ බලපා තිබේ.
පිහිටුවා ඇති ආයතනවලට හා පත්කර සිටින නිලධාරීන්ට මදුරු මර්දන කටයුතු සාර්ථකව කර ගන්නට අවස්ථාව සැලසෙනුයේ ‍පොදු ජනතාවද තම නොමසුරු සහයෝගය ඔවුනට ලබා දුනහොත් පමණක් බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි.

lakbima.lk

ගතවූ මාස දෙක තුළ ඩෙංගු රෝගීන් 27 දෙනෙකු මියයයි

2012 පෙබරවාරි 28 වෙනි අඟහරුවාදා, 02:26
ශ්‍රියාණි විජේසිංහ

වැඩිම රෝගීන් ගණන බස්නාහිර පළාතෙන්

ගත වූ මාස දෙක තුළද දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් ඩෙංගු රෝගීන් 27 දෙනෙකු මිය ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටී. රෝගීන් 6138 දෙනෙකු හමු වූ අතර ඉන් වැඩිම ප්‍රතිශතය වන සියයට 51.97 බස්නාහිර පළාත තුළින් වාර්තා වී ඇත. මෙහි වැඩිම රෝගීන් සංඛ්‍යාව ජනවාරි මාසයෙන් වාර්තා වු බවද පැවසේ.
මේ දිනවල පවතින කඩින් කඩ වර්ෂාව ඩෙංගු රෝගය වඩාත් උත්සන්න ලෙස පැතිර යාමට ඉඩ ඇති බැවින් මදුරුවන් බෝවන ස්ථාන වෙතොත් ඒවා වහාම පිරිසිදු කර ගනන්නා ලෙසද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර සිටී.
එමෙන්ම උණ රෝගයක් වැළඳුණහොත් දින තුනක් ඇතුළත වහාම වෛද්‍යවරයෙකු හමුවන ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටී.

lakbima.lk

දිවයින පුරා සෞඛ්‍ය සේවකයෝ අද ලෙඩවෙති

2012 පෙබරවාරි 29 වෙනි බදාදා, 02:56
පද්මිණි මාතරගේ

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා රෝහල් ගණනාවක සෞඛ්‍ය සේවකයෝ අද 29 ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වෙති. කොළඹ කාසල් රෝහල බොරැල්ල ළමා රෝහල, මහරගම පිළිකා රෝහල හැර අනිකුත් ප්‍රධාන රෝහල්වල සේවකයෝ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන අතර, කොළඹ ජාතික රෝහල ඉදිරිපිටට සේවකයන් එක්ව දැවැන්ත ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන අතර, කොළඹ ජාතික රෝහල ඉදිරිපිටට දහවල් 12.00ට සෞඛ්‍ය සේවකයන් එක්ව දැවැන්ත විරෝධතා පා ගමනක්ද සංවිධානය කර තිබෙන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයන් පැවැත්වීමට නියමිත යැයි ද එම වෘත්තීය සංගමයේ ප්‍රධාන ‍ලේකම් හෙද නිලධාරී ගාමිණී කුමාරිසිංහ මහතා “ලක්බිම”ට කීය.

සෞඛ්‍ය කාර්ය සහයක සේවාවට අයත් ශ්‍රේණිවල හා උපස්ථායක සේවාවේ ගැටලු විසඳන ලෙසට සිය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් දිගින් දිගටම ඉල්ලීම් කරනු ලැබූවද ඒවා විසඳීමට අදාළ බලධාරීන් පියවර ගෙන නැති බවද ඒ මහතා කීය.

ඒ අනුව 3000ක් පමණ වූ ආදේශක සේවකයන් ස්ථීර කිරීම, සති විවේක දින කප්පාදුව නතර කිරීම, සෙනසුරාදා දිනය වැඩ කිරීම වෙනුවෙන් මූලික වැටුපෙන් 30න් 1ක් දීමනාවක් ලබා ගැනීම, නිල ඇඳුම් දීමනාව, දීමනාව ලබා නොදීම, උපස්ථායක පුහුණුවට වාර්ෂිකව විධිමත්ව බඳවා නොගැනීම, ශ්‍රේණිගත කිරීම සිදුනොකිරීම, වැටුප් වර්ධක ලබා නොදීම, සේවා ව්‍යවස්ථාවක් ලබා නොදීම, අදාළ නොවන රාජකාරී බලහත්කාර ලෙස ඉටු කරවා ගැනීම යන කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන බවද ඔහු කීය.
සිය වෘත්තීය සංගමය විසින් ගනු ලබන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මගින් රෝහල් සේවාවට සිදුවන සියලු බාධා, ප්‍රතිකාර සේවා බිඳවැටීම් පිළිබඳ වගකීම් සෞඛ්‍ය අමාත්‍යංශය බාරගත යුතු යැයිද ඒ මහතා කීය.

lakbima.lk

වැඩියෙන් ආහාර ගෙන අඩුවෙන් වැඩ කිරීම සුදුසු පරිභෝජන රටාවක්‌ නොවේ

ස්‌ථුලතාවයේ වර්ධනයට ප්‍රධාන
හේතුව පිටි ආහාර වැඩියෙන් ගැනීමයි
- මහාචාර්ය ජෙයා හෙන්රි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ශ්‍රී ලංකා පෝෂණ විද්‍යා සංගමයේ වාර්ෂික විද්‍යාත්මක සැසිය පසුගියදා කොළඹ ටාඡ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

මෙවර එම සැසියේ තේමාව වූයේ මනා පෝෂණය තුළින් ජීවන රටාව ආශ්‍රිත ලෙඩ රෝග වැළැක්‌වීමයි.

මෙහිදී කතා කළ එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් බෲක්‌ස්‌ විශ්වවිද්‍යාලයේ සහ සිංගප්පූරු සායනික විද්‍යා ආයතනයේ මහාචාර්ය ජෙයා හෙන්රි මහතා මෙසේ පැවසීය.

ලෝකයේ ප්‍රධාන වශයෙන් ධාන්‍ය වර්ග තුනකට බෙදිය හැකියි. එනම් සහල්, තිරිඟු, බඩඉරිඟු ආදී වශයෙන්. අද මිනිසුන් කන්නේ මේ ආහාර. නමුත් අතීතයේ මිනිසුන් මීට වඩා වැඩි ප්‍රමාණයක්‌ ධාන්‍ය වර්ග ආහාරයට ගත්තා. උදාහරණ වශයෙන් කිව්වොත් මෙනේරි, කුරක්‌කන්, තල වැනි දැ."

"වර්තමානයේදී ඇතිවී ඇති ස්‌ථුලතාවයට, වේගයෙන් වර්ධනය වන දියවැඩියාවට, හෘදයාබාධවලට හේතුව අධික වූ පිටි සහිත ආහාර භාවිතය බව හෙළිවී තිබෙනවා."

ශ්‍රී ලාංකීය ජනතාව අඩුවෙන් කය වෙහෙසා වැඩ කරමින් විශාල ප්‍රමාණයක්‌ බත් පරිභෝජනය කිරීම සහ එළවළු, පලතුරු අඩුවෙන් අනුභව කිරීම සුදුසු ආහාර පිළිවෙතක්‌ නොවේ."

මෙහිදී කතා කළ ශ්‍රී ලංකා පෝෂණ විද්‍යා සංගමයේ සභාපති ආචාර්ය රේණුක සිල්වා මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් සියයට තිස්‌හතරක ප්‍රමාණයක්‌ ස්‌ථුලතාවයෙන් පෙළෙන බවට හෙළිවී තිබෙනවා. එම වැඩිහිටියන්ගෙන් වැඩි දෙනකු වැඩි අවදානමකින් පෙළෙන්නන්. මීට අමතරව වැඩිහිටියන්ගෙන් සියයට දහයක්‌ පමණ දියවැඩියා රෝගයෙන් ද, තවත් සියයට හයක පමණ ප්‍රමාණයක්‌ ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගයෙන් ද පෙළෙන බව හෙළිවී තිබෙනවා.

අධික ලෙස පිටි සහිත ආහාර ගැනීම, එළවළු හා පලතුරු ආහාරයට ගැනීම අඩුවීම හා කය වෙහෙසා වැඩ නොකිරීමත්, ශාරීරික ව්‍යායාමවල නිසි පරිදි නොයෙදීමත් මෙම ස්‌ථුලතාවයට හේතුවක්‌.

එමෙන්ම අප ගන්නා ආහාර පිළිබඳව නොසැලකිලිමත්වීම, කය වෙහෙසා වැඩ නොකර එක දිගට පරිගණක භාවිත කිරීම, රූපවාහිනිය නැරඹීම මෙම ස්‌ථුලතාවයට තවත් හේතූන්. මේ සඳහා රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල විශ්ලේෂකයන් එකමුතුවෙන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළක්‌ ඇති වුවහොත් මෙම තත්ත්වයන් වෙනස්‌ කිරීම අපහසු නොවේ.

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන විස්‌සක්‌. ඉතින් මේ මිලියන විස්‌සටම රාජ්‍ය අංශයේ පෝෂණවේදීන් ඉන්නේ හතරදෙනෙක්‌ විතරයි. ඉතිං මේ ගැනත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතුය

Divaina 2012.02.29

බන්ධනාගාරවල ඒඩ්ස්‌ පැතිරීමේ අවදානමක්‌ - වෛද්‍ය නිමල් එදිරිසිංහ

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

බන්ධනාගාර රැඳවියන් අතර සමලිංගික සේවනයේ ප්‍රවනතාවක්‌ දක්‌නට ඇතැයි ද මේ තත්ත්වය මත ඒඩ්ස්‌ ලිංගාශ්‍රිත රෝග පැතිර යැමට ඉඩ ඇතැයි ද ජාතික ඒඩ්ස්‌ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා පැවසීය.

ලිංගාශ්‍රිත සෞඛ්‍ය පිළිබඳ කළුතර දිස්‌ත්‍රික්‌ උපදේශන වැඩසටහනට සහභාගි වූ වෛද්‍යවරුන් ලැගුම්හල් හිමියන් හා ස්‌වෙච්ඡා සංවිධානවල සාමාජිකයන් අමතමින් ඒ මහතා එසේ කීය. උතුරු කළුතර පැනරාමා හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණයේදී තවදුරටත් කතා කළ අධ්‍යක්‍ෂවරයා මෙසේ ද කීවේය.

ඒඩ්ස්‌ රෝගය මර්දනය කිරීමෙන් රෝගය පැතිරයැම වැළැක්‌වීමට පුළුවන්. ඒඩ්ස්‌ එච්. අයි. වී. වෛරසය පිරිමින්ගෙන් පිරිමින්ට ද කාන්තාවන්ගෙන් කාන්තාවන්ට ද පැතිර යනවා. ඒඩ්ස්‌ රෝගය වැළඳුණු ගර්භණී මවක්‌ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නේ නම් නිරෝගී දරුවකු බිහිකිරීමට හැකියාව ලැබෙනවා.

මේ වන විට ඒඩ්ස්‌ රෝග කාරක වැළඳුණු රෝගීන් තුන්දහසක්‌ ශ්‍රී ලංකාවෙන් සොයා බලා තිබෙනවා. 2011 දී රෝගීන් එක්‌දහස්‌ හාරසිය හැටතුන් දෙනකු සොයාගෙන තිබෙනවා. ඒඩ්ස්‌ රෝගීන් 253 දෙනකු මියගිය අතර දරුවන් පනස්‌ දෙදෙනකු මේ රෝගීන් අතර සිටිනවා. දිනපතාම මේ රෝගීන් අපි සොයා ගන්නවා. අවුරුදු 15 ත් 49 ත් අතර වයසේ පසුවන අයට ඒඩ්ස්‌ රෝගය වැළඳී තිබෙනවා. මේ අය අතරත් සියයට පනස්‌අටක්‌ පිරිමින් සියයට හතළිස්‌ දෙකක්‌ කාන්තාවන්. ඒඩ්ස්‌ රෝගීන්ගේ වර්ධනයක්‌ බස්‌නාහිර පළාතෙන් වාර්තා වුණා. ඒ ගණන සියයට හැටඑකක්‌. පුද්ගලික ලේ බැංකු ආරම්භ කළා නම් ඒඩ්ස්‌ රෝගීන්ගේ සංඛ්‍යාව මෙයට වඩා වැඩි වෙනවා. ඒ ඉවක්‌ බවක්‌ නොබලා මිනිසුන් ලේ දෙන්න යන නිසා. රජයේ ලේ බැංකුව ලේ ගන්නේ ඉතාමත් පරීක්‍ෂාකාරීව සොයා බලලයි. ලේ දන්දෙන අයකුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාවේ ගණිකාවන් හතළිස්‌දහසක්‌ පමණ සිටිනවා. ලැගුම්හල්වල දුරකථන මගින් සම්බන්ධකම් පවත්වන ගණිකාවන් ද එකතු කළ විට එම පිරිස හැටදහසක්‌ පමණ වෙනවා. පාසල්වල ඉහළ ශ්‍රේණිවල ළමයින්ට ඒඩ්ස්‌ රෝගය පිළිබඳව දැනුමක්‌ ලබාදෙන්න ඕනෑ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටින හනමිටි නිලධාරීන් නිසා මේ දැනුම ලබාදෙන්න බැහැ.

සබරගමුව මහ ඇමැතිවරයා සම්බන්ධ කරගෙන පළාත් සභා පාසල්වල ගුරුවරුන් එක්‌දහස්‌ හයසීයකට ඒඩ්ස්‌ රෝගය පිළිබඳව දැනුමක්‌ ලබාදුන්නා. ඔවුන් පාසල් පන්සියයක දරුවන්ට ඒඩ්ස්‌ රෝගය පිළිබඳ දැනුමක්‌ ලබා දී තිබෙනවා.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිමාලි පෙරේරා, සර්වෝදය ආයතනයේ විමලා රණතුංග, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය උදයරත්න, මාධ්‍යවේදී සැම්සන් ප්‍රේමසිරි යන මහත්ම මහත්මීහු ද මෙහිදී කතා කළහ.

කළුතර ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ අංශ භාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ. බී. ඉලංගරත්න මහතා මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

Divaina 2012.02.29

අක්‌කරේපත්තුව රෝහලේ කෝටියකට අධික වංචාවක්‌ - ජනාධිපති විමර්ශන ඒකකයෙන් පරීක්‍ෂණ

නෝමන් පලිහවඩන

අක්‌කරෙපත්තුව රජයේ රෝහලේ සිදුවී ඇති රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක්‌ පිළිබඳව ජනාධිපති විමර්ශන ඒකකය පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

මෙම රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු භාණ්‌ඩ රැසක්‌ ගෙන්වා ගැනීම සඳහා රුපියල් කෝටියක පමණ මුදලක්‌ වැයකර ඇතත් මේ වනතුරුත් එම භාණ්‌ඩ රෝහලට ලැබී නැතැයි ජනාධිපති විමර්ශන ඒකකය පවසයි.

රජය මේ සඳහා මුදල් වැය කර ඇත්තේ 2008-2009 වසරක කාලයක්‌ තුළ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

මේ යටතේ සැත්කම් සඳහා අවශ්‍ය කරන මේසයක්‌ ගෙන්වා ඇතත් එම මේසය වෙනත් රෝහලකින් ඉවත් කරන ලද එකක්‌ බව ද හෙළිවී ඇත.

සෙසු උපකරණ සහ භාණ්‌ඩවලට කුමක්‌ සිදුවී ඇතිදැයි ජනාධිපති විමර්ශන ඒකකය එම රෝහලේ වෛද්‍ය නිලධාරිවරයකුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇත.

මෙම උපකරණ සහ භාණ්‌ඩ සියල්ලම රාජගිරියේ පිහිටි ආයතනයකින් ගෙන්වා ගත් බවට ලියකියවිලි ඉදිරිපත් කර ඇතත් එම ආයතනය ද දැනට වසා දමා තිබේ.

එම භාණ්‌ඩ සහ උපකරණ තොගය රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ මගින් රෝහලට නොමිලේ පරිත්‍යාග කර ඇති බවට ලියකියවිලි ද ජනාධිපති විමර්ශන අංශය විසින් සොයාගෙන ඇතැයි රජයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

තත්ත්වය මෙසේ තිබියදී මෙම භාණ්‌ඩ සහ උපකරණ මිලට ලබාගැනීම සඳහා රජයෙන් ලබාදුන් රුපියල් කෝටියකට ආසන්න මුදලට කුමක්‌ සිදුවී ඇතිදැයි පරීක්‍ෂණ පවත්වන ජනාධිපති විමර්ශන ඒකකය කියයි.

එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන මගින් නොමිලේ ලබාදුන් බව කියනු ලබන භාණ්‌ඩ සහ උපකරණ තොගයට අත් වූ ඉරණම පිළිබඳව ද අදාළ වෛද්‍ය නිලධාරිවරයාගෙන් දැන් ප්‍රශ්න කරගෙන යයි.

Divaina 2012.02.29

Tuesday, February 28, 2012

Government Nursing Officers Association Protesting Campaign

A protesting campaign has been conducted by the government Nursing Officers Association in order to obtain solutions for under mentions request which are affecting to the service of nurses. Said protesting campaign was held in front of 30 main government hospitals all over the country at 12 noon to 1pm. On January 31st and February 9th.

GNOA demands as follows,

1. The Uniform allowance for nurses has not been increased in order to face the present course of living and relevant and connected step has not been taken by the government to solve the said matter.

The uniform allowance should be increased up to worth at 15,000/- per annual.


2. Risky allowance, operation theater allowance, inventory allowance have not been increased or updated to relativize to the present cost of living and paying unit for said services have not been change relevantly.


3. The promotion relating II A grade have not been granted to the nursing officers who are completed the five year duration there service.


4. According to the old nursing constitution the officers’ who completed the salary scale of Rs. 21,620 have been entitled the promotion of the grade I on the basis of super grade such promotions had not been granted in the year.


5. According to the transfer board relating to the transfer of the officers’ has not been held in the year of 2011 for the relevant year.


6. Five working days per week which is common to the government services is not operating to nursing service. Present nurses are working 6 days for a week. (In the year 2010 a committee had been appointed and also they have been publishing their report regarding this matter. However recommendations were not yet established.)


7. As a result of the protesting campaign we have raised in the year 2010. The government agreed to grand promotion for grade 1 to the nursing officers who completed the 12 years’ service duration In there service, and also they agreed to pay the due arrears salaries, affecting backdated up to 1988.01.01 for such officers’

The authorities had defaulted to grand such promotion and pay the said salary according to the settlement.


8. Graduates of nursing have been enrolment to the government services. And the nursing officers who completed the nursing degree have not been granted salary Increase.


9. Telephone allowance paid only to the medical services had not given to the nursing officers
10. Resistance and disturbance to the due operations of the circular on 36 hour services have not been removed by the authority.


11. Tax free vehicle permit have not been given to the principals of N. T. S. and Special Trainee nursing officers and nursing directors. These permits give only for medical service in health sector.


12. Present age of enrolment of the mail nurses to the services have not been increased up to 30%


13. Over time allowance have not been given proportionate to 1/180 of monthly salary per hour.


14. The resolution and amendments regarding the nursing constitution tendered by the union has not given any effects by the authorities.


15. When the allowances paid to the overtime and other services exceeds the basic salary, such allowance had been deducted by the government


16. The health authorities had decided as a Policy decision to commit the new enrolment and promotions on merit basis the circular effecting to the said policy decision have not yet been issued by the minister.


17. Denote Staff Grade in nursing service


18. To increase male nurse intake up to 30%


This protesting campaign was very successful since over 10 000 nurses participated to the campaign Participating from every main hospital of the country.

The President of the Public Services United Nurses Union’ rev. Muruththettuwe Annanda thero has betrayed the reasonable and fair requests, and compelled for nurses not to participate to the protesting campaign through the government media. However majority of the members of the Service participated to the campaign ignoring the request of the said president.
Testing campaign was held, at the 30 government hospitals National Hospital Colombo, Maharagama Cancer Hospital, Kandy, Galle, Jaffna, Batticoloa, Kalubovila, Kurunegal teaching hospitals, Matara, Ampara, Badulla General Hospitals, etc.
A few journalist reports and the photography of the said campaign have been attached to this letter. As a result of these protesting campaign health authorities tend to discuss with GNOA and able to solve following mentioned demands.

Circular issued by giving approval for Grade II A and Grade I promotions on 22nd of February. Draft document submitted to get approval for denote staff grades in nursing service. The Treasury and Salary commission agreed to increase uniform allowance from Rs. 9000 up to Rs. 13 000 The cabinet approval has given for increase allowance from Rs. 5000 up to Rs. 10000 for nursing tutors. The Treasury and Salary commission agreed to give Rs. 2000 as telephone allowance only for Special Grade nursing officers. However GNOA demand is increase these allowance up to Rs. 4000 and for all nurses.
GNOA plan actions further more for win rest demands. The Campaign which was arranged on 28th of February postponed due to unfair political situation in the country

By Perumpuli Arachchige Udaya Sampath

වෛද්‍ය විද්‍යාල නේවාසික පුහුණුව පිළිබඳ ගැටලුවක්

2012 පෙබරවාරි 28 වෙනි අඟහරුවාදා, 14:00

(කොළඹ -ලංකාපුවත්)දිවයිනපුරා පිහිටි වෛද් විද්යාලවලට එකවර ඇතුළත් වන සිසුන් ,එකවර පිට නොවීම හේතුවෙන් ඔවුන්ට නේවාසික පුහුණුව ලබා දීමේදී බරපතල ගැටළුවක් මතුව ඇතැයි සෞඛ් අමාත්යංශය සඳහන් කරයි.
මෙම ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් උසස් අධ්යාපන අමාත්යංශය හා විශ්ව විද්යාල කොමිසම සමඟ ඉදිරි දින කිහිපය තුළදී විශේෂ සාකච්ඡාවක් පැවත්වීමට සෞඛ් අමාත් මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
වෛද් විද්යාලවල එකවර සිසුන් අධ්යාපනය ලබා ගැනීමට ඇතුළත් වුවත්,ඇතැම් වෛද් විද්යාලවල පාඨමාලා ප්රමාදවී ආරම්භවීම විෂය කරුණු ආවරණය කිරීමට ආචාර්යවරු නොමැති වීම ආදි හේතුන් මත මෙම සිසුන්ට නියමිත වේලාවට අධ්යාපනය ලබා ගැනීමට නොහැකි වන බව සෞඛ් අමාත්යංශය සඳහන් කරයි.
මෙවැනි බාධාවන් ඉවත් කර වෛද් විද්යාලවලට එකවර ඇතුළත් වන සිසුන්ට එකවර පිටවීමට අවශ්  පහසුකම් සැලසීම ඉදිරියේදී පැවැත්වීමට නියමිත  සාකච්ඡාවට ඉවහල්වනු ඇතැයි අමාත් මෛත්රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි
lankapuvath.lk

උපාධිධාරී හෙද සේවාව පිහිටුවීම සදහා වන රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා

ශ‍්‍රි ලංකාවේ ජාතික විශ්ව විද්‍යාල වෙතින් හෙද විද්‍යා උපාධිය ලබා පිටවන හෙද වෘත්තිකයින් ජාතික සෞඛ්‍ය සේවාවට බදවා ගනිමින් පවතින හෙද සේවාවේ සේවයේ නියුතු පිරිස් ද අන්තර්ග‍්‍රහණය වන පරිද්දෙන් නව උපාධිධාරී හෙද සේවාවක් පහත සදහන් කරුණු අනුව පිහිටුවීමට අප සංගමය යෝජනා කර සිටිමු.

01. උපාධිධාරී සේවාවේ තනතුරු නාමය
මාණ්ඩලික හෙද නිළධාරී

02. උපාධිධාරී සේවාවේ කාර්යභාරය
දැනට පවතින රාජකාරී ලැයිස්තුවල සදහන් සියඵ රාජකාරීන් ඉටුකළ යුතුය. නව සේවාව ක‍්‍රියාත්මක වීමේදී රාජකාරී හා වගකීම් කාලානූරූපීව එකතු විය හැකිය.

03. උපාධිධාරීන්ගේ වැටුප් ව්‍යුහය
i ජාතික විශ්ව විද්‍යාල මගින් පිටවන හෙද සේවාවේ උපාධිධාරීන් එක් වසරක සීමාසික පුහුණුවක් සදහා රු.21,300/- ක දීමනාවක් සහිතව බදවා ගැනීමට යෝජනා කරමු.

ii සීමාවාසික පුහුණු කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව SL-1- 2006 වැටුප් පරිමාණයේ iii වන පන්තියට නියමිත දෙවන වැටුප් පියවරෙහි පිහිටුවීමට යෝජනා කෙරේ. මෙම යෝජනාවලියෙහි 04 පරිච්චේදයේ සදහන් පරිදි දැනට සේවයේ යෙදී සිටින්නන් SL-1-2006 වැටුප් පරිමාණයට අන්තර්ග‍්‍රහණය කිරීමත්, උක්ත සීමාවාසික පුහුණුව අවසන් කරන උපාධිධාරීන් ද කෙලින්ම SL- 1- 2006 වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවරට බදවා ගැනීමත්, එකම වසරක දී ආරම්භ කිරීමටත් යෝජනා කරමු.

04. පවතින සේවාවේ නිළධාරින් අන්තර්ග‍්‍රහණය
i දැනටමත් හෙද සේවාවේ I ශ්‍රේණියට උසස් කර ඇති නිළධාරීන් SL-1- 2006 වැටුප් පරිමාණයේ III වන පන්තියට නියමිත දෙවන වැටුප් පියවරෙහි පිහිටුවා I ශ්‍රේණියට අදාලව උපයාගෙන ඇති වැටුප් පියවර සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ලබා දීම මගින් පියවරෙන් පියවරට වැටුප් පරිවර්තනය කිරීම

ii. හෙද සේවාවේ ii පන්තියේ තනතුරු දරණ MT- 7- 2006 හි වැටුප් පරිමාණයේ 22 පියවර ඉක්මවා වැටුප් වර්ධක උපයාගෙන ඇති නිළධාරීන් SL-1- 2006 වැටුප් පරිමාණයේ දෙවන පියවරෙහි පිහිටුවා, 22 පියවර ඉක්මවා උපයා ඇති වැටුප් වර්ධක සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ලබාදීම මගින් පියවරෙන් පියවරට වැටුප් පරිවර්තනය කිරීමට යෝජනා කෙරේ.

iii. හෙද සේවාවේ දැනට සිටින නිළධාරීන් අතරින් 1 වන ශ්‍රේණියට සුදුසුකම් නොලැබ ආංශික ඇතුුළත් වීම් (Lateral Entry) ලැබ උපාධිය සම්පූර්ණ කිරීමෙන් හෝ වෙනත් ක‍්‍රම මගින් ජාතික විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කරන පිරිස් එම උපාධිය ලැබිමත් සමගම SL-1- 2006 වැටුප් පරිමාණයේ දෙවන පියවරෙහි හෝ එය ඉක්මවා ඇත්නම් 1 වන ශ්‍රේණියට අදාලව උපයාගෙන ඇති වැටුප් පියවර සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ලබාදීම මගින් පියවරෙන් පියවරට වැටුප් පරිවර්තනය කිරීමට යෝජනා කෙරේ.

iv හෙද කළමනාකරණ හා අධීක්ෂණ ඩිප්ලෝමාව සම්පූර්ණ කල නිළධාරීන් SL-1- 2006 වැටුප් පරිමාණයේ තුන්වන පියවරෙහි තැබිමටත්, උපයාගෙන ඇති වැටුප් වර්ධක වලට අනුරූපී වැටුප වර්ධක ලබා දීමටත් යෝජනා කෙරේ.
(සැ.යු. හෙද වෘත්තීකයින්ගේ සේවා වගකීම හා මෙතෙක් පැවති සේවා වැටුප් පරතරය සැලකිල්ලට ගෙන හෙද වෘත්තීකයින්ගේ වැටුප් තලය, පරිපූරක සේවා වෘත්තිකයින්ගේ වැටුප් තලයට වඩා එක් වැටුප් වර්ධකයක් ඉහළින් ද, හෙද කළමනාකරණ හා අධීක්ෂණ ඩිප්ලෝමාව වෙනුවෙන් එක් වැටුප් වර්ධකයක් ද ලබාදිය යුතු බව අවධාරණය කරමු*

ඪග ඉහත සදහන් SL-1-2006 වැටුප් පරිමාණයට අන්තර්ග‍්‍රහණයට සුදුසුකම් සපුරා නැති නිළධාරීන් එසේ සුදුසුකම් සපුරා ගන්නා තෙක් වර්තමාන ඵඔ -7 -2006 A හි වැටුප් වර්ධක වාසි ලබාදීමටත් යෝජනා කෙරේ.

ඇමුණුම 1 බලන්න


05. උපාධිධාරී සේවාවේ උසස් කිරීමේ ක‍්‍රමය
i ඉහත පරිදි බදවා ගන්නා උපාධිධාරින් SL-1 - 2006 වැටුප් පරිමාණය භුක්ති විදින අනෙකුත් දීප ව්‍යාප්ත සේවා ගණයන්ට අයත් තනතුරු වලට නියමිත උසස් කිරීමේ ක‍්‍රමවේදය සුදුසු බව යෝජනා කෙරේ.

ii. දැනට සේවයේ නියුතු ඩිප්ලෝමාධාරී හෙද වෘත්තිකයන් අතරින් SL- 1 - 2006 වැටුප් පරිමාණයට අන්තර්ග‍්‍රහණය කිරීමට සුදුසුකම් ලබා එසේ අන්තර්ග‍්‍රහණය කිරීමෙන් පසු

1. තවදුරටත් එම වැටුප් පරිමාණයේ උසස් වීම් ලබාදීමක් සිදු නොකෙරෙන අතර සාමාන්‍ය පරිදි විශේෂ ශ්‍රෙණියේ තනතුරු සදහා ඉල්ලූම් කළ හැකිය

2. එසේ අන්තර්ග‍්‍රහණය කරන නිළධාරීන් ඇමුනුම පරිදි SL- 1 - 2006 වැටුප් පරිමාණයේ iii වන ශ්‍රේණියට අයත් වැටුප් වර්ධක සියල්ල උපයා ගැනීමෙන් අනතුරුව ii වන ශ්‍රේණියට උසස් වීම් නොලැබුවේ නම් තිරුවේ ඇති පරිදි වැටුප් වර්ධක ලබා ගැනීමටත්,

3ග එසේ වැටුප් වර්ධක ලබා දීමේ දී එම වැටුප් වර්ධක සංඛ්‍යාව රා. ප. ච. අංක 06/2006 (iv) හි MT -7 -2006 A හි වැටුප් පරිමාණයේ 1 වන ශ්‍රෙණියට නියමිත වැටුප් වර්ධක සංඛ්‍යාව නොඉක්මවන පරිදි අනුරූපී වැටුප් පියවරෙහි තැබිමට හා වැටුප් වර්ධක ලබා ගැනීමටත් යෝජනා කෙරේ.

ජ්‍යෙෂ්ඨතාවය
මෙම අන්තර්ග‍්‍රහණය සිදු කෙරෙන වකවානුවේ දී හෙද සේවාවේ නිළධාරීන් ඔවුන් භුක්ති විදි ජ්‍යෙෂ්ඨතාවයට හානියක් නොවන පරිදි පවත්වාගෙන යාමට යෝජනා කෙරේ.


06. පවතින ඩිප්ලෝමා පාඨමාලාව පවත්වාගෙන යාම
ජාතික විශ්ව විද්‍යාල මගින් පිටවන උපාධිධාරීන් සෞඛ්‍ය සේවයේ අවශ්‍යතාවය සපුරාලීමට ප‍්‍රමාණවත් නොවන බැවින් ප‍්‍රමාණවත් වනතුරු හෙද ඩිප්ලෝමා පාඨමාලාව පවත්වාගෙන යා යුතුය.


gnoasl.blogspot.com

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය: සාකච්ඡ සටහන්


පෝෂණය පිළිබඳව පාශ්චාත් උපාධි පාඨමාලා ආරම්භ කරන ලෙස ඉල්ලීමක්

2012 පෙබරවාරි 27 වෙනි සදුදා, 15:18

(කොළඹ -ලංකාපුවත්) සෞඛ්‍ය අමාත්‍යංශය සතුව මේවන විට සිටින්නේ පෝෂණ විශේෂඥ වෛද්‍යවරු දෙදනෙකු පමණක් බැවින් පෝෂණය පිළිබඳව පාශ්චාත් උපාධි පාඨමාලාව ආරම්භ කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.
මේවන විට බෝනොවන රෝග සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ජනතාවට පෝෂණය පිළිබඳව දැනුවත්භාවයක් ලබාදීම ඉතාම වැදගත් බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.

පෝෂණ විශේෂඥ වෛද්‍ය උපාධිය ලබා ගැනීමට අවශ්‍ය පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස පශ්චාත් උපාධි ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.

අවම වශයෙන් පළාත් 09 ‍ට පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන් 09දෙනෙකුවත් සිටිම වැදගත් බව හෙතෙම සඳහන් කළේය.

lankapuvath.lk

එස්.බී. උසස් අධ්‍යාපන ඇමති නොවේ. විනෝද කටයුතු ඇමතියි

February 27, 2012 at 11:14 am | Lanka C News.



එස්.බී. දිසානායක මහතා උසස් අධ්‍යාපන ඇමති නොව විනෝද කටයුතු ඇමති යයි වෛද්‍ය පීඨ ක‍්‍රියාකාරී කමිටුව පවසයි.
එහි කැඳවුම්කරු තිලාන් ප‍්‍රනාන්දු මෙසේ පවසන්නේ එස්.බී. දිසානායක මහතා විසින් කවුරු විරුද්ද වුනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරනවා යයි කල ප‍්‍රකාශයට පිළිතුරක් ලෙසයි.
මේ අය හදන්නේ අධ්‍යාපනය විනාශ කරන්නයි. අපි මේ ක‍්‍රියාමාර්ගයට තරයේම විරුද්ධ වෙනවා. අපි දැඩිව අවධාරණය කරනවා අපි ඉන්නකම් අධ්‍යාපනය විකුනන්න දෙන්නෙ නෑ. ඒ වගේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න දෙන්නෙත් නෑ. මේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඉන්නකම් මේ දේ කොහොමවක් වෙන්නෙ නෑ යයිද තිලාන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.

lankacnews.com

රජය හිතාමතාම සන්නිවේදන දීමනාව ලබා දීම ප්‍රතික්ෂේප කරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Written by Admin on 28 පෙබරවාරි 2012


වෛද්‍යවරුන්ගේ සන්නිවේදන දීමනාව ගෙවීම ඇතැම් සෞඛ්‍ය ආයතනවල සිටින නිලධාරීන් විසින් හිතාමතා අතපසු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ඔවුන් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එම දීමනාව ලබන මාර්තු 03 වන දින වන විට අනුමැතිය ලබාදී නොමැති එහෙත් ඒ සඳහා හිමිකම් සහිත සියලු අයදුම්පත් සඳහා නියමිත අනුමැතිය ලබාදිය යුතු බවටත් මේ වන විට අනුමැතිය ලබාදී ඇති එහෙත් ගෙවීම් ආරම්භ කර නොමැති සියලු වෛද්‍යවරුන් සඳහා වහාම ගෙවීම් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමය පවසයි.

expresspuwath.com