Saturday, March 31, 2012

ඖෂධ මිල වේගයෙන් ඉහලට


Mawbima 2012.03.31

ඇල්පිටිය වෛද්‍ය අධිකාරී වරියට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි


Mawbima 2012.03.31

මාතෘ මරණ වලින් 11% ක් ගබ්සා වලින්



Mawbima 2012.03.31

රඡය තවමත් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරනවා


Ada 2012.03.30

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිලිබඳ සෞඛ්‍ය ලේකම්ගේ වාර්තාව පිලිගන්නේ නෑ



Ada 2012.03.30

දොස්තර ඕනෑ නැති තැනත් අතපත ගාලා

2012 මාර්තු මස 29 17:17:43 | ලක්මාල් සුරියගොඩ

වම් අතේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට ගිය විට එහි දොස්තර නොමනා ලෙස තමා පිරික්සමින් ඕනෑ නැති තැන් අතපත ගාමින් තම විලිබිය සිඳී යැයි කොළඹ තානාපති කාර්යාල සේවිකාවකගේ පැමිණිල්ල නීතිපතිට යවා උපදෙස් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොල්ලුපිටිය පොලිසියට නියෝග කෙළේය. වෛද්‍යවරයා අත්අඩංගුවට ගත යුතුදැයි උපදෙස් ගැනීමට පැමිණිල්ලේ වාර්තා නීතිපතිට යැවෙයි.

lankadeepa.lk

සුව වර්ජන වාරණය දික් කරයි

2012 මාර්තු මස 30 17:18:32 | පාරුක් තාජුඞීන්

අතුරු වෛද්‍ය සේවක වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු වාරණය අප්‍රේල් 19වැනිදා තෙක් අද යළි දීර්ඝ කලේය.
බණ්ඩාරගම හේමපාල පෙරේරා හා රත්මලානේ ඩී පී ජී චන්ද්‍රෙස්න විනිසුරු ජී ඒ ඩී ගනේපොල මහතා හමුවේ කියා සිටියේ වර්ජනය නිසා බෙහෙත් ගැනීමට රජයේ රෝහල්වෙත එන රෝගීන් දැඩි අපහසුතාවට ලක්වන බවයි.

lankadeepa.lk

සමාගම් පනත යටතේ ලියාපදිංචි රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල විසිනවයක් - උසස් අධ්‍යාපන ඇමැති

2012 මාර්තු 31 වෙනි සෙනසුරාදා, 02:10

මිහිරි ෆොන්සේකා / සංජය නලලපෙරුම

සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල විසිනවයක් පවතින බවත් වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා පිහිටුවා ඇති මාලඹේ වෛද්‍ය විද්‍යාලය එලෙසම සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයක් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ කළේය. සමාගම් පනත යටතේ ලියාපදිංචි ලක්ෂ ගණන් මුදල් අයකරගෙන උපාධි පිරිනමන විශ්වවිද්‍යාල යම් නියාමනයකට හා අධීක්ෂණයකට ලක්කළ යුතු බවද අමාත්‍යවරයා පැවැසීය. රුසියාවේ නිෂද්නි නොව්ගෝරද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ අනුබද්ධ ආයතනයක් ලෙස මෙරට පිහිටුවා ඇති මාලඹේ වෛද්‍ය විද්‍යාලය මගින් උපාධි පිරිනැමීම සඳහා අය කරන මුදල රුපියල් ලක්ෂ හැටපහක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එහෙත් ඕස්ට්‍රේලියාවේදී වෛද්‍ය උපාධියක් ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ 200-350ත් අතර මුදලක් වැයවන බවද ඉන්දියාවේදී වෛද්‍ය උපාධියක් ලබාගැනීමට ලක්ෂ 150-250ත් අතර මුදලක් වැය වන බවද ඔහු කීය. ඇමෙරිකාවේදී වෛද්‍ය උපාධියක් ලබාගැනීමට රුපියල් ලක්ෂ 400-500ත් අතර ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එහෙත් මාලඹේ වෛද්‍ය විද්‍යාලය මගින් සිසුවෙකුට රුපියල් ලක්ෂ හැටපහක මුදලකට උපාධිය ලබා ගත හැකි බවද අවසන් වසර හෝ දෙක තුළදී රුසියාවේ පිහිටි විශ්වවිද්‍යාලයට ගොස් අධ්‍යාපනය ලැබිය හැකි බවද දිසානායක මහතා කීය.

මාලඹේ වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධිතව ඇඳන් දහසකින් යුතුව ශ්‍රී ලංකාවේ විශාලතම හා නවීනතම ශික්ෂණ රෝහල ඉදිවන බවද ඇමැතිවරයා පැවැසීය.

මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ දැනට ‍‍‍ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් දහඅටක් සිටින බවද ඒ මහතා සඳහන් කළේය. ඉන් තිදෙනෙක් රුසියානු මහාචාර්යවරුන් බවද ඉතිරි පිරිස කොළඹ පේරාදෙණිය ශ්‍රී ජයවර්ධනපුර කැලණිය හා රුහුණු විශ්වවිද්‍යාලවලින් විශ්‍රාම ගිය හෝ සපත වාර්ෂික නිවාඩු ලබාගත් අය බවද දිසානායක මහතා පැවැසීය.

එලෙසම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සේවය කරන මහාචාර්යවරුන් පිරිසක්ද මෙහි සේවය කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බි.දිසානායක මහතා ප්‍රකාශ කළේය.

lakbima.lk

ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමේ ක්‍රියාමාර්ගයට එක්‌ වූ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සේවකයන් සිවුදෙනකුගේ වැඩ තහනම් කරයි

ඒමන්ති මාරඹේ

ඉකුත් 21 වැනිදා රජයේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය විසින් ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමේ ක්‍රියාමාර්ගයට එක්‌ වූ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සේවකයන් සිවුදෙනකුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇතැයි එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මෙහෙයවූ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති 11 කින් සමන්විත ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි.

මෙසේ වැඩ තහනමට ලක්‌ කර ඇති සේවකයන් සිවුදෙනා ඉදිරි දින දෙක ඇතුළත දී සේවයෙහි පිහිටුවීමට පියවර නොගන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක්‌ කරා යොමු වන බව එම කමිටුව කියා සිටී.

Divaina 2012.03.31

රජයේ විශ්වවිද්‍යාලවල රාජකාරි කරන මහාචාර්යවරු පිරිසක්‌ මාලබේ පෞද්ගලික සරසවියේත් සේවය කරනවා - උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌.බී. දිසානායක

අජිත් අලහකෝන් , ලසිත දුමින්ද

මහාචාර්යවරුන් පිරිසක්‌ රජයේ විශ්වවිද්‍යාලවල සේවය කරන ගමන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේද සේවය කරන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌.බී. දිසානායක මහතා ඊයේ (30 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ අනුර කුමාර දිසානායක මහතා පසුගිය 20 දා කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු දෙමින් එස්‌. බී. දිසානායක මහතා මෙසේද කීය.

අධ්‍යාපන ආයතනයක්‌ සමාගම් ආඥපතන යටතේ පිහිටුවීමට නීතිමය බාධාවක්‌ නැත. වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී උපාධිය පිරිනැමීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් මාලබේ වෛද්‍ය විද්‍යාලයට නිර්දේශය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අරඹා ඇති රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල විසි නවයම අරඹා ඇත්තේ සමාගම් ආඥපනත යටතේ. එය වරදක්‌ නැත. ළමයින්ගෙන් ලක්‌ෂ ගණන් මුදල් ගෙන ඔවුන් රවටන ආයතනද ඇත. එනිසා මේ ආයතන නියාමනය අත්‍යවශ්‍යයි.

මාලබේ වෛද්‍ය ආයතනය අවුරුදු පහටම රුපියල් ලක්‌ෂ හැට පහයි අය කරන්නේ. ශ්‍රී ලංකාවේ නවීනතම ශික්‌ෂණ රෝහල ඇඳන් දාහක්‌ සමග මාලබේ පෞද්ගලික වෛද්‍යය විද්‍යාල අසල ඉදි වෙනවා.

අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර විශ්වවිද්‍යාල අතරින් වේගයෙන් ඉදිරියට ඇවිල්ලා ආසියාවේ විශ්වවිද්‍යාල අතරින් කොළඹ විශ්වවිද්‍යාලය අටවැනි තැනට ඇවිල්ලා.

මාලබේ සවුත් ඒෂියන් ඉන්ස්‌ටිටියුට්‌ ඔµa ටෙක්‌නොලොජි ඇන්ඩ් මෙඩිසින් ආයතනයේ දැනට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය මහාචාර්යවරු 18 ක්‌ සිටිනවා. ඔවුන් අතර රුසියානු මහචාර්යවරු තුන් දෙනෙක්‌ ඉන්නවා. ඉතිරි සියලු දෙනා කොළඹ පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර කැලණිය හා රුහුණ විශ්වවිද්‍යාලවලින් විශ්‍රාම ගිය සහ සප්ත වාර්ෂික නිවාඩු ගත් අය. විශ්වවිද්‍යාලවල සේවය කරන තවත් මහාචාර්යවරු පිරිසක්‌ රජයේ විශ්වවිද්‍යාලවල වැඩ කරන ගමන් මාලබේ වෛද්‍ය විද්‍යාලයේ වැඩ කරනවා.

Divaina 2012.03.31

මාලබේ පෞද්ගලික විදුහලට වෛද්‍යමය පාඨමාලා පැවැත්විය නොහැකියි - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

චානක්‍ය ජයගොඩ

සයිටම් යනුවෙන් හඳුන්වන මාලබේ පෞද්ගලික අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය සමග එළැඹුණු ගිවිසුමේ සඳහන් වන්නේ සෞඛ්‍ය විද්‍යාවට අදාළ පුහුණුවීම් වන අතර වෛද්‍යමය පාඨමාලා පැවැත්වීම කළ නොහැකි බව වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නිලාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

ඉකුත් 28 වැනිදා සමාජ සාමායික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

මේ වන විට වෛද්‍ය උපාධි ලබාදෙන්නේ යෑයි පවසමින් එක්‌ සිසුවකුගෙන් ලක්‍ෂ 65 බැගින් ලබාගෙන යම් යම් පාඨමාලා පවත්වාගෙන යන බවද ඔහු පැවැසීය. එම මුදල ලබාගැනීම වෙනුවෙන් නීත්‍යනුකූල ලියවිලි සිසුන් වෙත ලබාදී නොමැති බවද නිලාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

ආණ්‌ඩුව කමිටුවක්‌ පත්කර යම් වාර්තාවක්‌ අපේක්‍ෂා කළේ ඉහත ආයතනය සම්බන්ධයෙන් ගැටලු ඇති බව පිළිගෙන බවද, නිකුත් කළ වාර්තාවේ නිරීක්‍ෂණ හා නිගමන අතර සුළු හෝ ගැළපීමක්‌ නැති බවද නිලාන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය. මේ වාර්තාවේ සඳහන් කරුණු රජයේ බලපෑමට යටත්ව යොදා ඇති බවද ඒ මහතා පැවැසීය.

අධ්‍යාපනය විකිණීමට හා සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමිති හෑල්ලු කිරීමට උදව් වන මෙම වාර්තාව තමන් දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන බවත් අප්‍රේල් 4 වැනිදා විරෝධතා දිනයක්‌ ලෙස නම් කර දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය තීරණය කර ඇතැයි ද වැඩිදුරටත් කරුණු දක්‌වමින් නිලාන් ප්‍රනාන්දු මහතා පැවසීය.


Divaina 2012.03.30

ආයුර්වේද වෙදුන් ඉංග්‍රීසි බෙහෙත් දෙනවලු -අමාත්‍යාංශයට පැමිණිලි

සන්ධ්‍යා කරුණාරත්න

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වැනි වෛද්‍ය ක්‍රම හැදෑරූ අය නීති විරෝධි ලෙස බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ. විලවුන් උපකරණ හා ඖෂධ නියාමන පනත යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොමැතිව රෝගීන්ට බටහිර ඖෂධ අලෙවිය, නිකුත් කිරීම හා තම සන්තකයේ තබා ගැනීම වැරැද්දක් බව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය පවසයි.

මේ පුද්ගලයන් රටට හා ජනතාවට සිදු කරන අපරාධය සැලකිල්ලට ගනිමින් නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව බටහිර වෛද්‍ය ක්‍රමයට අයත් නොවන හා වෙනත් වෛද්‍ය ක්‍රම හැදෑරූ වෛද්‍යවරයකු හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ බටහිර ක්‍රමයට ප්‍රතිකාර ලබාදෙමින් සිටි මධ්‍යස්ථානයක් හිඹුටාන ප්‍රදේශයේදී පෙරේදා (27) වැටලීම සිදුකෙරිණ.

විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ආහාර හා ඖෂධ පරීක්ෂකවරු වන අමිත් පෙරේරා, එල්.ඩී. ඉන්ද්‍රසේන, මහින්ද සිරිකුමාර, ඖෂධවේදි ඩී.එච්.ඩබ්ලිව්. බාලසූරිය යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මේ වැටලීම සිදුකෙරිණ.

ආයුර්වේද වෛද්‍යවරු ලෙස ඔවුන් සුදුසුකම් ලබා සිටියත් ඖෂධ පනත උල්ලංඝණය කරමින් බටහිර ඖෂධ ළඟ තබා ගනිමින් නීති විරෝධි ලෙස රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙමින් සිටියදි අත්අඩංගුවට ගැනිණ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නිවැරදිව උපදෙස් ලබාදෙමින් රෝගීන්ට ලබාදිය යුතු හා එසේ නොමැති වුවහොත් විවිධ සංකූලතා හා අතුරු ආබාධ ඇති විය හැකි ඩෙක්සමෙතසෝන් වැනි ඖෂධ තොගයක් ද, කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහා වන ඖෂධ තොගයක් ද, අධිරුධිර පීඩනය හා දියවැඩියාව රෝගවලට ලබාදෙන ඖෂධ තොගයක් ද තිබී අත්අඩංගුවට ගෙන ඇත.

බටහිර ඖෂධ ළඟ තබා ගත හැක්කේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකුට, දන්ත ශල්‍ය වෛද්‍යවරයකුට, පශු වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වෛද්‍යවරයකුට හා ඖෂධ අධිකාරියෙන් බලපත්‍ර ලබාගත් තොග හා සිල්ලර ඖෂධ වෙළඳුන්ට පමණි.

මෙසේ වැටලීම සිදු කළ මේ මධ්‍යස්ථානය මඟින් ප්‍රසිද්ධ රසායනාගාර ජාලයක් සඳහා රුධිර සාම්පල හා වෙනත් නිදර්ශක එකතු කර ලබාදීම ද සිදු කර තිබේ. මේ සඳහා සුදුසුකම් හා පුහුණුව ලැබූවන් මේ මධ්‍යස්ථානයේ නොසිටීම ද ගැටලුවක් වී ඇත. ඒ සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු මෙහෙයවීම සිදුකෙරේ.

ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස සුදුසුකම් ලබා සිටින වෛද්‍යවරයකු බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවට තොරතුරක් ලැබුණොත් ඒ පිළිබඳ වහාම විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Dinamina 2012. 03. 29

Wednesday, March 28, 2012

බටහිර වෙදකම් කරන ආයුර්වේද සහ යුනානි වෛද්‍යවරුන්ට නීතිමය පියවර

අජිත් අලහකෝන්

ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබාගෙන බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරන යුනානි සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙවැනි වෛද්‍ය මධ්‍යස්‌ථාන වැටලීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා දී ඇති උපදෙස්‌ අනුව පෙරේදා (27) කොළඹදී මෙවැනි වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ අමාත්‍යාංශ නිලධාරීන් විසින් වටලා ඇත.

ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබාගෙන ඇති අඹුසැමි යුවළක්‌ විසින් මෙම බටහිර වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගොස්‌ ඇති අතර එහි තිබී බටහිර ඖෂධ විශාල ප්‍රමාණයක්‌ද අත්අඩංගුවට ගෙන ඇත.

බටහිර වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත පමණක්‌ ලබාදිය යුතු මෙම ඖෂධ රෝගීන්ට නිකුත් කර ඇති මේ ආයුර්වේද වෛද්‍යවරිය සහ වෛද්‍යවරයා රුධිර, මුත්‍රා ඇතුළු අනෙකුත් නිදර්ශක එකතු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ද මෙහි පවත්වාගෙන ගොස්‌ ඇත. ඒ සඳහා පළපුරුද්ද සහ සුදුසුකම් ඇති පුද්ගලයන්ද මෙහි සේවය සඳහා යොදවා නැති බව වැටලීම් කණ්‌ඩායම අනාවරණය කරගෙන ඇත.

විලවුන් සහ ඖෂධ අධිකාරි පනත යටතේ බටහිර ඖෂධ සන්තකයේ තබාගත හැක්‌කේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට, දන්ත වෛද්‍යවරුන්ට, පශු වෛද්‍යවරුන්ට සහ අධිකාරිය මගින් ලබාදෙන බලපත්‍රය යටතේ ඖෂධ තොග සහ සිල්ලර වශයෙන් අලෙවි කරන පුද්ගලයන්ට පමණි.

එහෙත් ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබාගෙන බටහිර වෛද්‍ය සේවාවේ යෙදෙන සහ බටහිර ඖෂධ රෝගීන්ට නිකුත් කරන ආයුර්වේද වෛද්‍යවරුන් හා වෛද්‍ය මධ්‍යස්‌ථාන පිළිබඳ පැමිණිලි රැසක්‌ සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇත. ඒ අනුව එවන් ස්‌ථාන වැටලීම් කර නීතිමය පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇතැයි එම අමාත්‍යංශයේ නිලධාරියෙක්‌ "දිවයින"ට කීවේය.

Divaina 2012.03.29

සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 16 ක්‌ කරාපිටියේ හිඟයි

ඒමන්ති මාරඹේ

ජීවිතාරක්‍ෂක බෙහෙත් ද්‍රව්‍යයක්‌ වන සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 16 ක්‌ පමණ මෙම දිනවල කරාපිටිය ශික්‍ෂණ රෝහලෙහි හිඟව පවතින බව එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

හිඟව පවතින මෙම බෙහෙත් වර්ග අතර දියවැඩියා රෝගය සඳහා ලබාදෙන ''මෙට්‌ෆොමීන්'' අධිරුධිර පීඩනය සඳහා ලබාදෙන ''ඇටිනලෝල්'' කොලෙස්‌ටරෝල්


සඳහා දෙන ''ඇටෝවැස්‌ටටින්'' යන බෙහෙත් වර්ග ද වන බව එම ආරංචි මාර්ග පවසයි.

සේලයින් ඇතුළු හිඟව පවතින අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පැමිණෙන ලෙස වෛද්‍යවරුන් රෝගීන්ට නිර්දේශ කරන අතර ඇතැම් අවස්‌ථාවලදී සමහර පෞද්ගලික ඔසුසල්වලද එම බෙහෙත් හිඟවන බව කරාපිටිය රෝහලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳ විමසීම සඳහා වෛද්‍ය සැපයුම් අංශ බලධාරීන් දුරකථනයට සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථවිය.


Divaina 2012.03.29

මහමෝදර රෝහලේ ලදරු දැඩි සත්කාර ඒකකය හැමදාම වහලා


Mawbima 2012.03.28

මත විමසීමෙන් පසු නව වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට හැකියි


Mawbima 2012.03.28

ඡාතික රෝහලේ ඇඳන් 500ක් හැමදාම හිස්

Mawbima 2012.03.28

ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ග දැන්වීම - රඡයේ හෙද නිළධාඑීන්ගේ සංගමය

නිළධාරි මණ්ඩල/ විධායක සභා,
පළාත් සංවිධාන/ ශාඛා සමිති නිළධාරීන් වෙත,

මහත්මයාණෙනි/ මහත්මියනි,

හෙද සේවාවේ මූලික ඉල්ලීම් 19 ක් වෙනුවෙන් අප සංගමය විසින් ජනවාරී 31, පෙබරවාරී 09 හා මාර්තු 13 යන දිනවල ක‍්‍රියාත්මක කල වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග හමුවේ යම් ජයග‍්‍රහණ කිහිපයක් ලබා ගන්නා ලදි. එහිදි,
1. නිල ඇඳුම් දීමනාව රු. 13000/- දක්වා වැඩි කිරීම
2. උසස් වීම් චක‍්‍රලේඛය නිකුත් වීම
3. හෙද ආචාර්ය දීමනාව රු.10000/- දක්වා වැඩි කිරීම
4. මාණ්ඩලික චක‍්‍රලේඛය නිකුත් කිරීමට එකඟ වීම
5. විශේෂ ශ්‍රේණියේ නිළධාරීන්හට රු.2000/- දීමනාවක් ලැබීම
6. පිරිමි හෙද නිළධාරීන්ගේ නිල ඇඳුම අනුමත වීම සිදුවිය එ් සඳහා දායක වූ සිය`ඵ ක‍්‍රියාකාරීන්හට සාමාජිකයන්හට සංගමයේ ස්තූතිය පිරිනමන්නෙමු.

නමුත් අපගේ මූලික ඉල්ලීම් වන
1. දින 05 සතිය දිනා ගැනීම
2. අනතුරු, ශල්‍යාගාර, ඉන්වෙන්ටි‍්‍ර දීමනාව වැඩිකර ගැනීම
3. උපාධිධාරින් හෙද සේවාවට බඳවා ගැනීම
4. දුරකථන දීමනාව දිනා ගැනීම
5. අතිකාල දීමනා පැයට 1/180 ක් ලෙස දිනා ගැනීම හෝ වැඩි රේට් අගයක් ලබා ගැනීම
6. හෙද ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම

ඇතුඵ අනෙක් ඉල්ලීම් ජයග‍්‍රහණය කිරීම සඳහා තවදුරටත් වත්තීය ක‍්‍රියාමාර්ග ගතයුතු බව 2012.03.23 දින කැඳවු නියෝජිත සමු`ඵවේ දී හා පසු රැස්වීම් වලදි තීරණය කෙරිනි. ඊට අදාලව දීමනා පිළිබඳ තීරණය කිරීම රාජ්‍ය පරිපාලන ලේකම්, සෞඛ්‍ය ලේකම් හා භාණ්ඩාගාර නියෝජිතයෙක් ඇතුලත් කමිටුවක් වාර්තාව ලබා දීමට මසක් කල් දෙමින්,

1. මැයි 09 වන දින රෝහල් ඉදිරිපිට දහවල් 12.00 සිට 1.00 දක්වා සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් පැවත්වීමටත්,
2. මැයි 12, හෙද දින සැමරුමෙන් පසු කොළඹ දී සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීමටත්,
3. මැයි 23 දින පෙ. ව. 8.00 සිට 10.00 දක්වා පැය 2 ක් සේවාවෙන් ඉවත් වීමටත් තීරණය කර ඇත.

පෙර ක‍්‍රියාමාර්ග වලට අදාලව තම රෝහල් ශාඛා, පළාත් සංවිධාන, අවට රෝහල් සංවිධානය කරන ලෙස සහෝදරත්වයෙන් ඉල්ලමු. මෙයට අදාලව පත‍්‍රිකා, පෝස්ටර් යථා කාලයේ දී ලබාදෙන්නට සලස්වනු ඇත.

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

සය මාසික මානසික පුහුණුව 2011-2වන කණ්ඩායම

මෙම ලේඛණය තේරීමෙදී යම් අසාධාරණයක් සිදු ඇත්නම් වහාම සංගමයට තොරතුරු වාර්තා කරන්න
රඡයේ හෙද නිළධාඑීන්ගේ සංගමය


මාලබේ දෙමාපිය සංවිධානයකින් මානව හිමිකම් කොමිසමට පෙත්සමක්‌

ශිරාන් රණසිංහ

මාලබේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගත් පළමු කණ්‌ඩායම් හතරට අයත් ශිෂ්‍යයන් දෙසිය පහක්‌ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකිරීමට එරෙහිව දෙමාපිය සංවිධානයක්‌ විසින් ඊයේ (27 වැනිදා) පෙරවරු 11.45 ට පමණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පෙත්සමක්‌ ඉදිරිපත් කරන ලදී.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා වගඋත්තරකරු කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව දෙමාපියෝ "දිවයින" ට පැවසූහම.

මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පළමු කණ්‌ඩායම යටතේ ශිෂ්‍යයන් 35 ක්‌ ද, දෙවන කණ්‌ඩායම යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 48 ක්‌ද, තුන්වන කණ්‌ඩායම යටතේ 52 ක්‌ද, හතරවන කණ්‌ඩායමට 70 ක්‌ ද වශයෙන් දෙසිය පස්‌දෙනකු වෙනුවෙන් මෙම පෙත්සම සකස්‌ කර ඇත.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට බඳවාගත් දෙසිය පස්‌දෙනා ඉලක්‌ක කරගෙන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළ ද ඒ පිරිස නොසලකාහැර ඊට පසුව බඳවාගත් පස්‌වන කණ්‌ඩායමේ ශිෂ්‍යයන් 70 ක්‌ සහ හයවැනි කණ්‌ඩායමේ 98 ක්‌ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම අසාධාරණ බව ද දෙමාපියෝ පවසති.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධි පාඨමාලාව වසර පහක්‌ වන අතර ඒ සඳහා මූලික වශයෙන් රුපියල් ලක්‍ෂ හැත්තෑපහක්‌වත් වැයවන බව ද දෙමාපියෝ පවසති.

Divaina 2012.03.28

උපාධි ප්‍රදාන කටයුතු සඳහා උසස්‌ අධ්‍යාපන ආයතනවලට නිසි බලධාරියකු පත්කෙරේ

නිලන්ත මදුරාවල

උසස්‌ අධ්‍යාපන ආයතනවලට උපාධි ප්‍රදානය කිරීමේ කටයුතුවලට අදාළ නිසි බලධාරියා ලෙස උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත් කරනු ලැබ ඇත.

උපාධි ප්‍රදානය කිරීමට යම් ආයතනයක්‌ සුදුසුද නැද්ද යන්න මෙතෙක්‌ තීරණය කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවයි.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා විසින් එම කටයුතුවල නිසි බලධාරියා ලෙස ලේකම්වරයා පත් කරනු ලැබීම නිසා ප්‍රතිපාදන කොමිෂන් සභාව උපාධි ප්‍රදානය කිරීමේ බලතල ක්‍රියාත්මක කළ යුතු වන්නේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්වය.

උපාධි ප්‍රදානය කිරීමේ කටයුතුවල නිසි බලධාරියා ලෙස ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත් කිරීම හොරාගෙ අම්මගෙන් පේන ඇසීමට සැලැස්‌වීම වැනි වැඩක්‌ යෑයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා ඊයේ (27 වැනිදා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

Divaina 2012.03.28

රෝහල් වලට පරිඝණක ක්‍රම


mawbima 2012.03.27

සන්නිවේදන දීමනාව නොදුන්නොත්


mawbima 2012.03.27

ඡාතික රෝහලේ අධ්‍යක්ෂ තනතුර


mawbima 2012.03.27

කරාපිටිය අපද්‍රව්‍ය ටැංකියේ කාන්දුවක්

Thursday , 22 March 2012


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අයඩින් ප්‍රතිකාර ඒකකයේ අපද්‍රව්‍ය ටැංකියේ කාන්දුවක් ඇති බවට පවතින වාර්තාවල සත්‍යතාව සොයා බැලීමට ඉදිරියේදී පියවර ගන්නා බව පරමාණුක ශක්ති අධිකාරිය පවසයි.
එහි සභාපති ආචාර්ය ආර්.එල්.විජයවර්ධන පැවසුවේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම කණ්ඩායමක් එම රෝහලට යැවීමට බලාපොරොත්තුවනබවය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අයඩීන් ප්‍රතිකාර ඒකකයේ අපද්‍රව්‍ය ටැංකි 02ක් පොළොව මතුපිට ඉදිකර තිබේ.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ එම ටැංකිවලින් අපද්‍රව්‍ය කාන්දුවන බවට රෝහල් සේවකයින් චෝදනා කරන බවය.

මේ සම්බන්ධයෙන් අප ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරාගෙන් විමසීමක් කළේය.

ඔහු පැවසුවේ එවැනි කාන්දුවක් සම්බන්ධයෙන් කිසිදු රෝහල් සේවකයෙක්ගෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවය.

මීට මාස 2කට පමණ ඉහතදි අවසන්වරට පරමාණුක ශක්ති අධිකාරිය මගින් ලබාදුන් වාර්තාවේ ද එවැනි ගැටලුවක් ඇති බව සදහන්ව නොමැති බව අධයක්ෂවරයා ප්‍රකාශ කළේය.

මේ අතර අප කළ විමසීමකදි පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මේ පිළිබඳව මාධ්‍ය වාර්තා පලවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි සොයා බලන බවය.

newsfirst.lk

ඇඹිලිපිටියේ සැත්කම් නවතී. රෝගීහු රත්නපුරයට

2012 මාර්තු මස 26 20:12:38 | සජිව විජේවීර

ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාරය අබලන් වීම හේතුවෙන් එය අද සිට වසා රොගීහු රත්නපුර රෝහලට මාරුකරනු ලැබූහ. වෛද්‍යවරුන් පවසන්නේ එහි කිසිදු දොරක් වැසිය නොහැකි තරමට වේයන් කා දමා ඇති බවයි. වහලේ පුස් ශල්‍යාගාරයට වැටෙන බවත් කුහුඹුන් වැනි කෘමීන් එහි බහුල බවත් ශල්‍යාගාරයට සෞඛ්‍යාරක්ෂිත කරාමයක් නැති බවත් ඔවුහු කියති.
උදර කුහරය විවරකර සිදුකරන සියළුම වර්ගයේ සැත්කම්, සිසේරියන් සැත්කම්, හර්නියා සැත්කම් මෙන්ම පිළිකා ඉවත්කිරීමේ සැත්කම් ද මෙතෙක් මේ රෝහලේ සිදුකැරුණි. අද සිට එහි කළ හැක්කේ අක්ෂි සැත්කම් පමණි. රෝහලේ වෛද්‍ය අධිකාරී අනෝජ රොඩ්‍රිගු මහතා පවසන්නේ අලුත්වැඩියා කටයුතු ඇති බැවින් හදිසි නොවන සැත්කම් නවතා දැමූ බවයි.

lankadeepa.lk

ලංකාවේ සිදුවන අවු. 25ට අඩු විවාහවලින් 70ක් අසාර්ථකයි - මෛත්‍රීපාල සිරිසේන

2012 මාර්තු 27 වෙනි අඟහරුවාදා, 03:43

ශ්‍රියානි විජේසිංහ

ලංකාවේ සිදුවන වයස අවුරුදු 25ට අඩු විවාහවලින් සියයට 70ක් සම්පූර්ණයෙන්ම අසාර්ථක බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටී.

ප්‍රේම සම්බන්ධතාවලින් සිදු වූ විවාහයන්ගෙන් සියයට 30ක්ම අසාර්ථක බව එම සමීක්ෂණයෙන් හෙළිවී
ඇත.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම වයස් මට්ටමේ සිටින බහුතරයක් අඩු අධ්‍යාපන මට්ටමේ සිටීම බවද ඉන් හෙළිවී තිබේ.
එසේම ස්ථිර රැකියාවක් නොමැති වීම විවාහයෙන් පසුව දෙමවුපියන් නොසලකා හැරීම හා පවුල් අතර අඬදබර ඇතිවීමද විවාහයන් අසාර්ථක වීමට හේතු වී තිබේ. මෙවැනි පවුල් තුළ හටගන්නා ආර්ථික ප්‍රශ්න හමුවේ ‍පෝෂණයක් නොමැති ගර්භණී තත්ත්වයට පත්වීමෙන් බිහිකරන දරුවන්ද මන්ද‍පෝෂණයට ලක්වන බවද සමීක්ෂණයෙන් හෙළිවී ඇතැයි ඇමැතිවරයා කීය.
දරු ප්‍රසූතියේදී ඌණ ‍පෝෂණය හේතුවෙන් මව්වරුන්ට අධික ලෙස රුධිර වහනය වීමෙන් මව මිය යාම හෝ නීරක්තියට ගොදුරු වීම සිදුවේ.

lakbima.lk

පුවත්පත් සහ රූපවාහිනි මාධ්‍ය ඔස්‌සේ පෙනී සිටිමින් මනෝවෛද්‍ය වෙස්‌ ගෙන දෙනෝදාහක්‌ රවටලා

නෝමන් පලිහවඩන

මනෝවෛද්‍යවරයකු බව හඟවා පුද්ගලයන් විශාල පිරිසක්‌ නොමග යවා රුපියල් ලක්‌ෂ ගණනක්‌ මුදල් වංචා කළ හොර මනෝවෛද්‍යවරයකු මහනුවර පොලිසියේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතිඅන්ත පුවත්පතකට මනෝවෛද්‍යවරයකු ලෙස කොටස්‌ වශයෙන් ලිපි සපයා ඇති අතර රූපවාහිනි වැඩසටහන්වලට පවා සහභාගි වී ඇතැයි හෙළි වී තිබේ.

තවත් විටක වෛද්‍ය විශේෂඥයකු ලෙසද පෙනී සිට ඇති ඔහු ජනාධිපති ලේකම්වරයාගේ අත්සන් පවා හොරට ගසාගෙන රුපියල් ලක්‌ෂ ගණන් මුදල් ලබාගෙන ඇත. පාසල්වල ළමයින් ඇතුළත් කිරීමටද මුල්වී ඇති අතර තරුණ කාන්තාවන්ද මුළාකරගෙන ඔවුන් සමඟ පවුල් ජීවිත ගත කර ඇති බව මහනුවර පොලිසිය කියයි.

ඔහු හොර උපාධි පවා හිමිකර ගෙන ඇති අතර විදේශයන්හි වීසා පහසුකම් පවා තිබෙන බවට ප්‍රකාශ කර බොහෝ දෙනකු නොමඟ යවා තිබේ.

මෙම හොර මනෝ වෛද්‍යවරයා කාන්තාවන්ගේ මානසික ප්‍රශ්න පවා විමසන මුවාවෙන් ඔවුන්ට විවිධ යෝජනා පවා ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මෙම හොර මනෝ වෛද්‍යවරයාට රැවටුණු කාන්තාවන් බොහෝ දෙනකු ලඡ්ජාව නිසා පොලිසියට ඉදිරිපත් වී නැති බව පොලිසිය කියයි.

ඔහු ළඟ තිබූ ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක්‌ම පොලිස්‌ පරීක්‌ෂණයට භාජන කරගෙන යයි.

Divaina 2012.03.27

වර්ජන රැල්ලක්‌ අභියස නොසැලුණු ශ්‍රී ලංකා ජාතික රෝහල

තම වටිනා ශ්‍රමය වැය කරමින් රටදැය වෙනුවෙන් යුතුකම් ඉටුකරන දූ පුතුන් ගිලන් වූ මොහොතෙහි ඔවුනට ජීව වායුව පිඹ සවිබල ගන්වා යළි නැඟිටුවාලන්නට ශක්‌තිය ඇති ප්‍රධානතම ආයතනයකි ජාතික රෝහල. එවන් රෝහලක වැඩකටයුතු අඩාල වුවහොත් කුමක්‌ විය හැකිද? පසුගිය දින කිහිපය පුරා සමස්‌ත සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේම විවිධ කාර්ය මණ්‌ඩල වැඩ වැරූ මොහොතෙහි අපට ඇතිවූයේද එවන් හැඟීමකි. කාලයත් සමඟ රට තුළ මතුවන ආර්ථික උච්ඡාවචන හමුවේ තම අයිතිවාසිකම් දිනාගැනීමට පෙළගැසෙනා සහෝදර කාර්ය මණ්‌ඩලයටද අසාධාරණයක්‌ නොවන අතරම අසරණ රෝගී ජනතාවට සාධාරණය ඉටුකරලීමට කෙසේ නම් උපක්‍රම යෙදිය යුතුද? වැඩ වර්ජන හමුවේ නොයෙකුත් ආයතන කඩාවැටෙන ආකාරය පිළිබඳ යම් හැඟීමක්‌ ඇතිව කටයුතු කරන අපට මෙම දුෂ්කර කාලසීමාව නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට පහසුවූයේ ආයතනයක්‌ ලෙස අප තුළ වූ පෙර සූදානම නිසයි.

ජාතික රෝහලේ අධ්‍යක්‍ෂතුමියගේ උපදෙස්‌ පරිදි පසුගිය වසර පුරා පැවැත්වූ පුහුණු කිරීම් වැඩසටහන් තුළින් කාර්යමණ්‌ඩලය තුළ සිදුකළ ආකල්පමය වෙනස මෙයට පුළුල් ලෙස දායකවී යෑයි අපි සිතමු. ඵලදායිතා සංකල්ප හඳුන්වාදීම තුළ සිදුකළ කණ්‌ඩායම් හැඟීම් වර්ධනය වීම නිසා කටයුතු සම්බන්ධීකරණය තව තවත් පහසු විය. හෙදියන්, හෙද සොයුරියන් මෙන්ම විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ද, රෝහල් පරිපාලන නිලධාරීන්ද, සුළු සේවක පාලකවරුන්ද, මෙහිදී කටයුතු කළ ආකාරය අනෙකුත් රෝහල්වලටද ආදර්ශය සපයන බව අපගේ හැඟීමයි.

ඉතා විශාල රෝගී සංඛ්‍යාවකට නේවාසික පහසුකම් සපයන නිසාවෙන් ඔවුනට නොවරදවාම බත සැපයීමද කාර්ය මණ්‌ඩලයට පැවරෙන බව අමතක කළ නොහැකිය. මෙවන් වර්ජනයක්‌ හමුවේ වුවද කිසිම රෝගියකු කුසගින්නේ නොතබා මුළුතැන්ගෙයි කාර්ය මණ්‌ඩලය ඉතා කාර්යක්‍ෂමව කටයුතු කළ අතර, සමහර වාට්‌ටු සහ ඒකකවල කෑම ප්‍රවාහනය සඳහා හෙදි සොයුරියන් පවා ඉදිරිපත්වීම ඔවුන්ගේ කැපවීම මනාව පිළිබිඹු කරන්නක්‌ විය. කාර්යාල තුළ කටයුතු කරන නිලධාරීන්ද ලිපිකරු මහත්වරුද ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ව ඉතා උනන්දුවෙන් හා වගකීමෙන් කටයුතු කළේ තම සහෝදර කාර්යමණ්‌ඩලය අයිතිවාසිකම් දිනා ගන්නා සේම අසරණ රෝගියා රක්‍ෂා කිරීමද අපගේ රාජකාරිය බව හදවත් තුළ මනාව සනිටුහන් වී ඇති බව ප්‍රකට කරමිනි. එලෙසම හමුදාවේ නිලධාරීන්ගෙන් ලැබුණු දායකත්වයද මෙහිදී මිල කළ නොහැකිය. යුද්ධයෙන් තුවාල ලබා ගිලන් වූ මොහොතේ තමනට උපකාරීවූ ජාතික රෝහලට ඔවුන්ද යුතුකම් ඉටුකළේ හමුදාවේ තරම මොනවට පැහැදිලිකර දෙමිනි. රෝහලේ ඵලදායි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්‌ සැපයීම සඳහා පිහිටුවා ඇති අධීක්‍ෂණ කමිටුව, අධ්‍යක්‍ෂතුමිය වටා රොද බැඳ ගනිමින් දකුණු ආසියාවේ විශාලතම රෝහල වූ ශ්‍රී ලංකා ජාතික රෝහල රැකගත් ආකාරය අභිමානයකි. එතුමියගේ ඉතා සුහදශීලී නායකත්වය පිළිබඳ සටහනක්‌ නොතැබුවහොත් එය සත්‍ය වසන් කිරීමක්‌ වනු ඇත. මවක මෙන් තම දරු කැලට නිසි මඟ පෙන්වමින් ඇය දැක්‌වූ නායකත්වය නිසාම, වර්ජනය නමැති චණ්‌ඩ මාරුතය හමුවේ ඉන්ද්‍ර‚ලයක්‌ මෙන් නොසැලී සිටින්නට ශ්‍රී ලංකා ජාතික රෝහල සමත්වූ බව පවසන්නේ ආඩම්බරයෙනි.

වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි
කාර්යභාර වෛද්‍ය නිලධාරි
ඵලදායිතා ඒකකය
ජාතික රෝහල

Divaina 2012.03.27

පෞද්ගලික ඖෂධ නියෝජිතයන්ට රජයේ රෝහල්වල දොරටු වැසේ

ඒමන්ති මාරඹේ

පෞද්ගලික ඖෂධ සමාගම් නියෝජිතයන්ට රජයේ රෝහලවලට ඇතුළු වීම හා රාජකාරී වේලාවන්හිදී විශේෂඥ වෛද්‍යවරුන් මුණගැසීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙතෙක්‌ පෞද්ගලික ඖෂධ සමාගම් නියෝජිතයන්ට දිවා විවේකය තුළදී පමණක්‌ රජයේ රෝහල්වලට ඇතුළුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබාදී තිබූ අතර පසුගිය සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයක්‌ හරහා එම අවසරය අහෝසි කර තිබේ.

මෙම පියවර ගන්නා ලද්දේ පෞද්ගලික ඖෂධ සමාගම් නියෝජිතයන් විසින් රජයේ රෝහල් විශේෂඥ වෛද්‍යවරුන් අධික මිල ගණන් වලින් යුත් ඖෂධ රෝගීන්ට ලබාදීම සඳහා පෙළඹවීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

Divaina 2012.03.27

පාදෙණියට එරෙහි විශ්වාසභංගයෙන් වෛද්‍ය සංගම් රැස්‌වීම උණුසුම් වෙයි

ඒමන්ති මාරඹේ

කොළඹ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් මූලස්‌ථානයේ පෙරේදා (25 දා) පැවැති එම සංගමයේ මාසික මහ සභා රැස්‌වීමේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට එරෙහිව වෛද්‍යවරුන් පිරිසක්‌ විසින් විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම හේතුවෙන් සභාවේ උණුසුම්කාරී තත්ත්වයක්‌ හටගෙන තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මීගමුව ශාඛාව විසින් මෙම විශ්වාසභංග යෝජනාව එම ශාඛාවට අයත් වෛද්‍යවරුන්ගේ ඒකමතික තීරණයකට අනුව ඉදිරිපත් කර ඇති අතර රජයේ වෛද්‍යවරුන්ගේ ගැටලු, දීමනා / වැටුප් වැඩි කිරීම් ඇතුළු ඉල්ලීම් සම්බන්ධව අවධානය යොමු නොකරමින් සංගමයේ සභාපතිවරයා රජයට පක්‍ෂපාතීව කටයුතු කරන බවට චෝදනා කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව එම රැස්‌වීමට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

මෙම මහ සභාරැස්‌වීම සඳහා දිවයින පුරා පිහිටි වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාඛා 70 ක පමණ නියෝජිතයින් සහභාගී වී තිබේ.

මෙහිදී වෛද්‍ය පාදෙනිය මහතාට පක්‍ෂපාතීව සිටි විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකුද වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව චෝදනා මුඛයෙන් අදහස්‌ ඉදිරිපත් කර ඇති අතර එම අවස්‌ථාවේදී සභාවේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හමුවේ වෛද්‍ය පාදෙනිය ඇතුළු කිහිප දෙනෙකු සභා ගැබෙන් නික්‌ම ගිය බව වාර්තා වේ.

කෙසේ වුවද ඉදිරියේදී දැනට සභාගත කර ඇති විශ්වාසභංග යෝජනාව සාමාජිකත්වයේ අනුමැතිය ඇතිව සම්මත කර ගැනීමට කටයුතු කරන බවද එම වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.

Divaina 2012.03.27

මේ වසරේ මාස තුනට ඩෙංගු රෝගීහු අට දහසක්‌ 30 ක්‌ මියයති වැඩිම පිරිස බස්‌නාහිර

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

වසරේ ගත වූ කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් අට දහසක්‌ හමු වී රෝගීන් තිස්‌ දෙනකු මිය ගොස්‌ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.

ඉකුත් වසරට සාපේක්‍ෂව රෝගීන් මිය යැම අඩු වී ඇතත් රෝගීන් හමුවීම ඉහළ ගොස්‌ ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

රෝගීන්ගෙන් සියයට 50 ක්‌ බස්‌නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්‌ත්‍රික්‌කවලින් වෙති. බස්‌නාහිර පළාතේ රෝගීන් හමුවීමේ ප්‍රවණතාවද ඉහළ ගොස්‌ ඇත.

ඉකුත් වසරට සාපේක්‍ෂව බස්‌නාහිර පළාතෙන් රෝගීන් හමුවීමද ඉහළ ගොස්‌ ඇත. දිවයිනේ සෙසු දිස්‌ත්‍රික්‌කවලින්ද රෝගීන් හමුවූ අතර ඩෙංගු රෝග වාහක මදුරුවන්ගේ බෝවීම පාලනය සඳහා පරිසරය පවිත්‍රව තබා ගැනීමට පියවර ගතයුතු බවද සෞඛ්‍ය අංශ අවධානය කරයි.

Divaina 2012.03.26

Sunday, March 25, 2012

සේල්ස් රෙෆ්ලට රෝහල් පරිශ්‍ර තහනම්

Sunday , 25 March 2012


පුද්ගලික ඖෂධ අලෙවි ප්‍රවර්ධකයින්ට ඖෂධ අලෙවි ප්‍රවර්ධන කටයුතු සදහා රෝහල් පරිශ්‍රවලට ඇතුළුවීම තහනම් කර තිබේ.



සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ එලෙස ඖෂධ වෙළද මණ්ඩලයට අවශ්‍යතාවක් පවතිනම් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර විසදුමක් ලබාගත හැකි බවය.

ඖෂධ අලෙවි ප්‍රවර්ධකයින්ට ඖෂධ අලෙවි ප්‍රවර්ධන කටයුතු සදහා රෝහල් පරිශ්‍ර වලට ඇතුළුවීම තහනම් කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

එහෙත් පසුව සතියකට දින 3 ක් පැය දෙක බැගින් රෝහල් පරිශ්‍රවලට ඇතුළු වී කටයුතු කිරීමට අවසර දුන් බව අමාත්‍යාංශය සදහන් කළේය.

තත්ත්වය එසේ වුවත් එම ක්‍රියාමාර්ග උල්ලංඝනය කරමින් අදාළ ඖෂධ අලෙවි නියෝජිතයින් උදේ සිට රාත්‍රී වනතුරු රෝහල් පරිශ්‍රවල රැදී සිටින බවට හෙලිවී තිබේ.

රෝහල් කටයුත පවත්වාගෙන යාමට එය බාධාවක් බැවින් මීට පෙර එම ක්‍රියා තහනම් කරමින් නිකුත් කළ චක්‍රලේඛය යළි බලගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු තීරණය කර ඇති බව අමාත්‍යාංශය නිවේදනය කළේය.

newsfirst.lk

පැරසිටමෝල් හා සෞඛ්‍ය මෝල්

ආසියාවේ ආශ්චර්ය ගැන මොන පම්පෝරි ගැහුවත් ආණ්ඩුව ඉන්නේ වැලේ වැල් නැතිවය. රජයේ සේවකයින්ගේ පඩි නඩි පවා ගෙවන්නේ මාර අමාරුවෙන්ය.

හෙට ඕනෑ මුදල් හොයාගන්නේ ආදායම් උපදවන හැම රජයේ ආයතනයකම ආදායම අද හවසට සූරා ගෙන එකතු කරලාය.

පහුගිය දවස්වල අර්ථසාධක අරමුදලට වැඩේ දෙන්න ගියෙත් ඒ නිසාය. පීබී ජයසුන්දර උදේ පාන්දර තමන්ගේ පු‍ටුවේ වාඩි වී පස්මහ බැලුම් බලන්නේ අදලොක්කාගේත් පැටවුන්ගේත් වියදමට සල්ලි ටිකක් හොයා දෙන්නේ කොහොමද කියලාය.හොයා නොදුන්නොත් බඩු බනිස් කියලා ජයසුන්දර හොඳින්ම දන්නවාය.

ආණ්ඩුවේ හොම්බෙන් යන බවට තියෙන හොඳම උදාහරණය තමා ආණ්ඩුවේ කාර්යාලවල වියදම් කපා හරින්නට කර තිබෙන නියෝග.

ආණ්ඩුවේ කාර්යාල වලට පත්තර ගන්න එක තහනම්ය. විදුලි ලාම්පු සීමා කරලාය. සමහර කාර්යාල වලට යනකොට විදුලි පන්දමක් අරන් යන්න වෙනවාය. ඇතුලේ මොකුත් නොපෙනෙන ගානට විදුලි පහන් නිමලාය.එච්චර කලුවරේ ඉඳගෙන ක්ලාර්ක් නෝනාලා මහත්තුරු වැඩ කරන්නේ කොහොමද කියලා හිතෙන ගානට නිමලාය.

මෙහෙම ඉතුරු කරන් ගියොත් එහෙම ඉතුරුව ඇර වෙන මුකුත් ඉතුරු වෙන එකක් නැත.
ඒ ඉතුරු කිරිල්ල දැකලා සෞඛ්‍ය ලොක්කන්ටත් ඉතුරු කරන්න හිතිලාය.
උන්දැලාත් දවස් ගානක් කල්පනා කලා කපන්නේ මොනවද කියලා. එක එක දේවල් කපමු කියලා යෝජනා ආවා.

අන්තිමේ තීරණය කරා ලෙඩ්ඩුන්ට දෙන පැරසිටමෝල් පෙත්ත කපන්න.
ඔන්න දැන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට දෙන පැරසිටමොල් පෙති ගාන අඩු කරලා.ලෙඩෙකුට පෙති දහයක් ඕනෑ නම් පෙති 5 ක් හරි 4ක් හරි දෙයි.

මාර ඉතුරුවක්. ආණ්ඩුවේ නාස්ති වලින් නවත්තන්න ඉතුරු වෙලා තිබුනේ ඔච්චරයි. පැරසිටමෝල් කපලා ඉතුරු කොරන සල්ලි වලින් පුලුවන් මුලු රටම ආශ්චර්යට අරං යන්න.

ලංකාව වටේටම වරායවල් හදන්න. ලංකාව පුරාම ගුවන් තො‍ටුපල්වල් හදන්න. රට උඩින් මකුලු දැලක් වියුවා වගේ අධි වේගී පාරවල් හදන්න. ග්‍රාමසේවක කොට්ඨාසෙකට එක ගානේ නෙලුම් පොකුණු හදන්න. ප්‍රාදේශීය ලේකම් වසමකට එක ගානේ නෙලුම් කුලුනු හදන්න. සතියට දෙක ගානේ දැයට කිරුලු තියන්න. පලාත් සහාවකට එක ගානේ මිහින් ලන්කා එව්වා හදන්න. ඇත්තට පැරසිටමොල් පෙත්තෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද.

සටහන- ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියත් බෙහෙත් ටික ඔක්කොම කොහොමටත් ගන්නේ පුද්ගලික පාමසියෙන්ය. ඒක නිසා ඔයකොටසක් කපාගෙන දෙන ඉතුරු පැරසිටමෝල් පෙති ටිකත් එයාලටම දෙමුද ………………….. ගහ ගන්න.

gadflyzone.wordpress.com

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අඛන්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක..

Written by Admin on 25 මාර්තු 2012

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් 23වනදා සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ‍විසින් විෂම ලෙස සැලකීමට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇඳුම් දීමනාව හා ප්‍රවාහන දීමනා ඉහළ දමන ලෙස ද සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තුළින් රජයට දැනුම් දෙන බව ඔහු පවසයි.

expresspuwath

Saturday, March 24, 2012

කනිටු සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන මගෙන් උපදෙස් ගත්තෙ නෑ


Mawbima 2012.03.23

ඡපුර රෝහලේ නියෝඡ්‍ය අධ්‍යක්ෂවරි ඉවත් කරන තුරු


Mawbima 2012.03.23

වැඩ වැරූ අය සේවය හැර ගියා සේ සැලකීම අධිකරණ තීන්දු උල්ලංගනය කිරීමකි

Mawbima 2012.03.23

නිදහස් අධ්‍යාපනය සුරැකීම

2012 මාර්තු 24 වෙනි සෙනසුරාදා, 01:28
.
ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පතක් සැකසෙමින් ඇති බවට ආරංචියක් පැතිරයාමත් සමග විවිධ පාර්ශ්වවලින් ඒ කෙරෙහි බලවත් විරෝධයක් එල්ලවෙන්නට පටන් ගෙන ඇත. යෝජිත පනතේ ප්‍රධාන අරමුණ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සඳහා නීතිමය පසුබිමක් සැකසීම බවට ඇති සැකය මෙම විරෝධයන්ට මූලික හේතුව වී ඇතැයි කියැවේ. අපගේ අදහස අනුව නම්, මේ සම්බන්ධව අදාළ පාර්ශ්ව අතර, සංවාදයක් ඇති නොවීම ද විරෝධය උත්සන්න වීමට හේතුවී ඇත. අඩුම තරමින් විශ්ව විද්‍යාල ප්‍රජාව අතරවත් මේ ගැන ප්‍රමාණවත් සංවාදයක් මතෛක් දියත් වී නැත. වෙනකක් තබා රජයේ අමාත්‍යවරුන් වැඩිදෙනෙකු ද යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව කිසිවක් නොදන්නා බවට මාධ්‍ය වාර්තා පළවිය.

මෙම පසුබිම තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධව කිසිදු පනතක් ගෙන ඒමට රජයේ අපේක්ෂාවක් නොමැති බවටත් නිදහස් අධ්‍යාපනයට වැට බැඳීමට රජය කිසිසේත්ම ඉදිරිපත් නොවන බවටත් මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම සහතික වූහ. දශක තුනක් තිස්සේ ඇදී ගිය කුරිරු යුද්ධයෙන් රට බේරාගත් නායකයා ලෙස ඉතිහාසගත වීමට නියමිත මහින්ද රාජපක්ෂ නාමයට නිදහස් අධ්‍යාපනයට තිත තැබූ පුද්ගලයා හැටියට කළු පැල්ලමක් ඇති වනවාට කැමැත්තක් නැතිබව පැහැදිලිය.

කෙසේ වුවද, මේ හරහා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සංවාදය යළිත් වතාවක් තීව්‍ර වෙමින් පවතී. නිදහස් අධ්‍යාපනය යනු ලාංකීය හැමකෙනෙක්ම පාහේ ඉතා ඉහළින් අගය කරනා සුවිශේෂී සංකල්පයක් වෙයි. කිසිදු විවාදයකින් තොරව එකසේ පිළිගන්නා සංකල්පයක් වෙයි. නිදහස් අධ්‍යාපන සංකල්පය ලාංකේය ජන ජීවිතය තුළ කොතෙක් දුරට මුල් බැස තිබේද යත්, ඊට එරෙහිව යමක් කීමට දේශපාලනඥයන් පමණක් නොව නිදහස් මත දරන විද්වත්හු පවා මැලිවෙති. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන් මෙරටට හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන ක්‍රමය වෙනුවෙන් කැපවීමට, නිදහසින් පසු බලයට පත්වූ ආණ්ඩු හැම එකකටම සිදුවූ බව අපි දනිමු. මෙම ක්‍රියාදාමය මේ වන විට හුදෙක් ගාස්තු අයකිරීමකින් තොරව (නොමිලයේ) පාසල් අධ්‍යාපනය ලබාදීමට සීමා නොවී නොමිලයේ පාසල් නිල ඇඳුම් හා පාසල් පෙළ‍පොත් බෙදාදීම දක්වා පුළුල් වී ඇත. තවද කොතෙකුත් අඩුපාඩු දුර්වලතා සහිතව වුවද මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාථමික හා ද්වීතීයික පාසල් ජාලයක් ක්‍රියාත්මක වෙයි. ලාංකේය පාසල් පද්ධතිය පුරා පවතින දහසකුත් එකක් අඩපාඩු පිළිබඳ විග්‍රහයක යෙදීම මෙම ලිපියේ අරමුණ නොවන බව මෙහිදී විශේෂයෙන් අවධාරණය කරනු කැමැත්තෙමු.

ලෝකයේ අනෙකුත් දියුණු වන රටවල් හා සසඳන විට පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණ රැසක්ම අත්කර ගැනීමට අපට හැකිවී ඇත්තේ මේ සියලු කාරණා නිසාවෙනි. වැඩිහිටි සාක්ෂරතාව අතින් ලෝකයේ දියුණු රටවල් සමග පවා පෑහෙන්නට හැකිවී ඇත්තේත් පාසල් හැරයන සිසුන්ගේ ප්‍රතිශතය ඉතා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවී ඇත්තේත් දිවයිනේ ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපන රටාව නිසාවෙනි. අධ්‍යාපන විශේෂඥයන්ගේ අලුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව අදාළ වයස් සීමාවේ සිටින ලාංකික දූදරුවන් අතුරින් 99ක්ම ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කරනා අතර, 91ක් නවවන ශේ්‍රණිය දක්වා ඉගෙනුම ලබති. මේ අතර, අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා වැඩිකිරීමට යෝජනා වී ඇතැයි කියැවේ.

එහෙත් රජය සැලසුම් කරනා පරිදි ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට නම් අධ්‍යාපනය වෙනුවෙන් රජය වැයකරන මුදල් ප්‍රමාණයේ සැලකිය යුතු වැඩිවීමක් අවශ්‍ය වෙයි. ලෝකයේ දියුණු රටවල් පසෙක තිබියදී, දකුණු ආසියාවේ රටවල් සමග සැසඳුවද, අධ්‍යාපනය වෙනුවෙන් රජය වැයකරන මුදල් ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ පසුගාමී තත්ත්වයකය. දකුණු ආසියාතික රටවල් සාමාන්‍යයක් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් වැයකරන මුදල් ප්‍රමාණය දළ ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 2.9ක් පමණ වන අතර, ශ්‍රී ලංකාවේ එය 1.9ක් තරම් වූ අඩු අගයක් පවතී.

කෙසේ වූවද, පාසල් අධ්‍යාපනය හා සසඳන විට මෙරට විශ්ව විද්‍යාලවල තත්ත්වය ඊටත් වඩා කනගාටුදායකය. දිනෙන් දින වේගයෙන් වැඩිවන උසස් අධ්‍යාපනය කෙරෙහි වූ ඉල්ලුම සපුරාලීමට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට හැකියාවක් ලැබි නැත. සෑම වසරකම පාහේ, අ.‍පො.ස. (උ.පෙ.) විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට අවශ්‍ය සුදුසුකම් ලබන ලක්ෂයක් පමණ සිසු පිරිසකට රාජ්‍ය විශ්ව විද්‍යාලවල දොර ඇරෙන්නේ නැත. නිදසුනක් ලෙස, 2009 අ.‍පො.ස. (උ.පෙ.) විභාගයෙන් අවම සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 1,25,284ක් වූවද ඉන් සරසවි වරම් ලැබුවේ 21,547 (17.2)ක් තරම් වූ සුළු ප්‍රමාණයකි. මෙම තත්ත්වය ගෙවී ගිය දශක කිහිපය තුළදීම දක්නට ලැබුණු අතර, දැන් එක්තරා අන්දමක උච්චස්ථානයකට පිවිස ඇති බවක් පෙනේ. 1980දී විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට අවශ්‍ය සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් අතරින් සරසවි වරම් ලැබූ ප්‍රමාණය 16.3ක් වූ අතර, වසර තිහකට පසුවද (2010 වන විටත්) එය වැඩිවී ඇත්තේ 17.2 දක්වා පමණය.

අපගේ අදහස අනුව නම් මෙයාකරයට අ.‍පො.ස. (උ.පෙ.) විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට අවශ්‍ය සුදුසුකම් ලබන ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපනය ලබාගැනීමට අයිතියක් තිබිය යුතුය. ඒ සඳහා ඔවුනට නිදහස තිබිය යුතුය. අ.‍පො.ස. (උ.පෙ) විභාගය සමත්වන සෑම කෙනෙකුම විශ්ව විද්‍යාලයකට ඇතුඵ වී උපාධියක් ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක් බව ඉන් කියැවෙන්නේ නැත. එහෙත් ඒ සඳහා කැමැත්තක් උවමනාවක් ඇති ඕනෑම අයෙකුට ඊට නිදහස තිබිය යුතුය. එම නිදහස සුරක්ෂිත කරලීම රජයේ වගකීමක් නොවන්නේද? අදාළ වයස් සීමාවේ සිටින දූ දරුවන් සෑම කෙනෙකුටම නිදහසේ පාසල් අධ්‍යාපනය ලබාගැනීමට ඇති අවස්ථා සුරක්ෂිත කරන අතරම, උසස් අධ්‍යාපනය සඳහා ඊට සුදුසුකම් ලබන හා කැමැත්තක් දක්වන සෑම කෙනෙකුටම ඉඩ ප්‍රස්ථා විවර කරදීම රජයේ වගකීමක් නොවන්නේද?

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින, ඒ උදෙසා උද්ඝෝෂණය කරන අය අතුරින් ඇතමෙකු නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරුත වටහාගෙන නොමැති බවක් පෙනෙන්නේ මෙම පසුබිම තුළය. අපගේ අදහස අනුව නම්, නිදහස් අධ්‍යාපනය නමැති පුළුල් සංකල්පය හුදෙක් නොමිලයේ අධ්‍යාපනයට ලඝුකළ නොහැකිය. අධ්‍යාපනයට ඇති නිදහස ද නිදහස් අධ්‍යාපනයෙන් වෙන්කළ නොහැකි එහි තවත් පැතිමානයක් වෙයි. මෙම කාරණයේදී උසස් අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයෙන් වෙනස් ස්වරූපයක් ගනී. එනම් උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍යතාව සහ සුදුසුකම් ඇති සෑම කෙනෙකුටම ඊට ඉඩකඩ ලබාදීමට රජයේ විශ්ව විද්‍යාලවලට පමණක් හැකියාවක් නොමැත. මෙය ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූ දෙයක් නොව ලෝකයේ සෙසු රටවලටද ‍පොදු ලක්ෂණයකි. ලෝකයේ ඕනෑම රටක උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කළ හැක්කේ ඒ සඳහා රාජ්‍ය නොවන ආයතන - සංවිධානවල දායකත්වය ලබාගැනීමෙනි වෙනත් වචන වලින් කියතොත් උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන හා කැමැත්තක් දක්වන සෑම කෙනෙකුටම ඊට ඇති අයිතිය (නාදහස) තහවුරු කිරීම රජයකට තනාව කළහැක්කේ නොවේ. ඒ සඳහා රාජ්‍ය නොවන ආයතන-සංවිධානවල දායකත්වය ලබා ගැනීම නිදහස් අධ්‍යාපනයට වළ කැපීමක් ලෙස නොව උසස් අධ්‍යාපනය සඳහා ඇති නිදහස තහවුරු කිරීමක් ලෙස සැලකිය යුතුය.

තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට සීමා නොවී මෙම ප්‍රශ්නය දෙස මැදිහත්ව පුළුල්ව බැලිය යුතු බව අපගේ නම් අදහස වෙයි. ඉහත කී පරිදි අ.‍පො.ස. (උ.පෙ.) විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට අවශ්‍ය සුදුසුකම් ලැබුවද වසරක් පාසා සරසවි වරම් නොලැබෙන ලක්ෂයකට වැඩි සිසු සිසුවියන්ගේ පැත්තෙන් ද මෙම ප්‍රශ්නය දෙස බැලිය යුතු බව අපගේ අදහස වෙයි. ඉතා සුළු පිරිසකට පමණක් නොමිලයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීමෙන් පමණක් නිදහස් අධ්‍යාපනය පරිපූර්ණ එකක් නොවනා බව අප තේරුම් ගත යුතු වෙයි. අපේ මේ පුංචි දිවයින ආසියාවේ දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා රට තුළ ඇති ඉඩ ප්‍රස්ථා මීට වඩා බොහෝ සෙයින් පුළුල් කළ යුතු බව අප තේරුම් ගත යුතු වෙයි. කෙසේ වුවද යටකී පරිදි මේ පිළිබඳව පුළුල් කතිකාවක් තවමත් දියත් නොවීමෙන් කියැවෙන්නේ බලධාරීන් ඒ අවශ්‍යතාව තේරුම්ගෙන නැති බවද?

lakbima.lk

ඉල්ලීම් 4ක් මුල්කරගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයේ

2012 මාර්තු 24 වෙනි සෙනසුරාදා, 02:40

රුක්මල් වනසිංහ - කන්ත‍ලේ

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සමිතිය ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් වැඩවර්ජනයකට අවතීර්ණවී සිටින බව එහි උප‍ලේකම් සමන් ජයසිංහ මහතා ‘ලක්බිම’ට ඊයේ (23) පැවැසීය. නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ නැංවිය යුතුය, ඉන්ධන දීමනාව රුපියල් 7500 දක්වා වැඩි කළ යුතුය, පුහුණු පාඨමාලා කාලය සංශෝධනය කළ යුතුය, ජනගහණය 10,000කට එක් පරීක්ෂකවරයෙකු යටතේ විය යුතුය යන්න මෙම ඉල්ලීම් වේ. මේ අතර පහත සඳහන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද ‍ලේකම්වරයා කියා සිටී. නිල ඇඳුම් නොමැතිව රාජකාරියට වාර්තාකිරීම, ඔවුන් විසින් ලබා දෙන වාර්තා නවතා දැමීම, වැඩ ආවරණය කරන ක්ෂේත්‍රවල රාජකාරි කටයුතුවලින් ඉවත්වීම, දැනට ලබා දෙන පෙට්‍රල්වලට සමාන වන අයුරින් පමණක් රාජකාරි කටයුතුවල නියැළීම ඒ අතරවේ. තමන්ගේ ඉල්ලීම්වලට නිසි පිළිතුරු බලධාරීන්ගෙන් ලැබෙන තුරු ඉහත ක්‍රියාපටිපාටිය ඔස්සේ වැඩවර්ජනයක නිරතවන බවද සමන් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

lakbima.lk

ඉල්ලීම් දිනා ගැනීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවක්‌ එයි

ඒමන්ති මාරඹේ

පොදු සේවා ඉල්ලීම් මුල්කර ගෙන ඉදිරියේදී ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමේ අරමුණින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති 35 ක්‌ එකතුවී සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව නමින් සංවිධානයක්‌ පිහිටුවාගෙන තිබේ.

මෙම කමිටුව ඉදිරි සතිය තුළදී රැස්‌ වී ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව තීරණයක්‌ ගන්නා බව එම කමිටුවට අයත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.

පරිපූරක, හෙද, අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති විසින් මෙම ඒකාබද්ධ කමිටුව පිහිටුවාගෙන තිබේ.

Divaina 2012.03.22

රෝහල් සේවයට වාර්තා නොකළ සියලුම ස්ථිර නොකළ සේවකයන් සේවය හැරගිය බව සලකයි

2012 මාර්තු 21 වෙනි බදාදා, 04:14

ශ්‍රියානි විජේසිංහ, තිළිණි ධනුෂ්කා

රෝහල් සේවය සඳහා ඊයේ (21) වාර්තා නොකළ සියලුම ආදේශ සහකාර සේවකයන්, ස්ථීර නොකළ සේවකයන් වහාම ක්‍රියාත්මන වන පරිදි සේවය හැරගිය බවට සැලකීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අනියම් සහකාර සේවකයන් ඊයේ උදෑසන සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මේ අනුව දිවයින පුරා රෝහල්වල සේවය සඳහා පටි සියලුම කනිෂ්ඨ සහකාර සේවකයින් සංකේත වැඩවර්ජනයක නිරත වූහ. එසේ නිරත වූ අනියම් සහකාර සේවකයින් සම්බන්ධයෙන් නාම ‍ලේඛනයක් දින 2ක් තුළදී එවන ලෙස සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා ඇත.

මෙසේ ඉවත්කරන ලද අනියම් සහකරුවන් වෙනුවට නව සේවකයින් බඳවා ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඔවුන් විසින් ආරම්භ කරන ලද මෙම වැඩවර්ජනය අසාර්ථක වූ එකක් බවත්, රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවත් සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

lakbima.lk

සෞඛ්‍ය සේවක සාධාරණ ඉල්ලීම් ලබාදෙනවා වෙනුවට මර්දනය කරනවා

2012 මාර්තු 22 වෙනි බ්‍රහස්පතින්දා, 22:10

පද්මිණි මාතරගේ

සමස්ත ලංකා සුවසේවා සංගමය

සෞඛ්‍ය සේවකයන් මේ මොහොතේ මුහුණදී සිටින වෘත්තීය ගැටලු සහ ජීවන වියදම් බරපතළ ලෙස ඉහළ යාම නිසා සමස්ත ජනතාව මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් දෙන ලෙසට ආණ්ඩුවට බල කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සමස්ත සෞඛ්‍ය සේවකයන් තීන්දු කර ඇති බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.
එම වෘත්තීය සංගමය පෙරේදා (21) පෙරවරුවේ පුංචි බොරැල්ල මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය සාකචිඡාවකදී එහි ප්‍රධාන ‍ලේකම් හෙද නිලධාරී ගාමිණි කුමාරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙසේද කීය
මේ වෙනකොට සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති සෞඛ්‍ය සේවක ගැටලු පදනම් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
අප සුව සේවා සංගමය ලෙස රෝහල් තුළ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ගැටලු පදනම් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා.
නමුත් මේ සාධාරණ ඉල්ලීම්වලට ආණ්ඩුව උත්තර දෙන්න සක්‍රිය මැදිහත් වීමක් කළේ නැහැ.
මේ සේවකයන්ගේ ඉල්ලීම් සාධාරණයි. මානුෂිකයි. සෞඛ්‍ය සේවාවේ ඇතැම් ශ්‍රේණිවලට නිල ඇඳුම් දීමනාව දෙනවා. නමුත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට නැහැ.
සියලු සේවාවන්ට සේවා ව්‍යවස්ථාවක් තිබෙනවා. නමුත් එවැන්නක් සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට නැහැ. ඒ නිසා උසස්වීම්, ශ්‍රේණිගත කිරීම්, වැටුප් වර්ධක මේ අයට නැහැ. රාජකාරිය ගැන නිරවුල් නැහැ.
සෞඛ්‍ය සේවාවේ වෙන කිසිම ශ්‍රේණියක ආදේශක අනියම් තනතුරු නැහැ. කනිෂ්ඨ කාර්ය මණ්ඩල තුළ මේ තනතුරු තිබෙනවා. මෙම සේවකයින් තවම ස්ථිර කර නැහැ.
අතිකාල දීමනා කප්පාදු කර තිබෙනවා. වැඩ කරන පැයට ගෙවිය යුතු අතිකාලවත් නැහැ. පැය 80ක් වැඩ කළොත් ගෙවන්නේ පැය 60ට පමණයි.අපි මේ සාධාරණ හා මානුෂීය ඉල්ලීම්වලට විසඳුම් දෙන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලද්දී ඒවා මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනවා.
වෘත්තීය සමිති මෙම වෘත්තීය ක්‍රියාමාර්ග එකවර ගැනීමට ගියේ නැහැ. අපි සාකචිඡා මාර්ගයෙන් මේවා විසඳා ගැනීමට හුඟාක් උත්සාහ කළා. ඒවා අසාර්ථක වීම මතයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළේ.
අප මේ පිළිබඳව සෞඛ්‍ය ඇමැති ප්‍රධාන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය දිගින් දිගටම එම ඉල්ලීම් මගහරිමින් කටයුතු කරනවා. අමාත්‍යංශයට හිතවත් වෘත්තීය සමිති සමග පමණක් ගනුදෙනු කරනවා.
අප ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රදේශීය දේශපාලනඥයින් සිය බලහත්කාරය පාවිචිචි කරමින් සේවකයන්ව බිය වැද්දීමටද කටයුතු කරන බවට තොරතුරු ලැබි තිබෙනවා.
මෙම අවස්ථාවට එම වෘත්තීය සංගමයේ සභාපති වෛද්‍ය කාන්ත අත්තනායක, ප්‍රධාන සංවිධායක ලංකා වාස් යන මහත්වරුන්ද සහභාගි වූහ.

lakbima.lk

එසැණ පුවත ඵලදරයි විකිරණ කාන්දුවට පිළියම්

2012 මාර්තු මස 22 22:13:15 | සජිව විජේවීර

කරාපිටිය පිළිකා ඒකකයේ අයඩින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත්‍ර ගබඩා කරන ටැංකියත් රෝහල් ‍ගොඩනැගිල්ලත් අතර අද හදිසියේම කොන්ක්‍රීට් බිත්තියක් ඉදිකිරීම ඇරඹූ බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
මළ මූත්‍ර ටැංකියෙන් ඒ අසළ ඇති ගොඩනැගිල්ල ඇතුලට විකිරණ කාන්දුවන බවත් එය වැළැක්වීමට අගල් 18 ක් ඝනකම කොන්ක්‍රීට් බිත්තියක් ඉදිකළයුතු බවත් පරමාණුක බලශක්ති අධිකාරිය මීට මාස කිහිපයකට පෙර රෝහල් බලධාරීන්ට දන්වා තිබිණි. එහෙත් එය ඉටුවූයේ නැත. මේ අනතුරුදායක තත්ත්වය එසැණ බදාදා පෙන්වාදීමත් සමගම මෙම පියවරගෙන ඇත.

lankadeepa.lk

හෙද ආචාර්යවරුන්ට අතිකාල දීමනා නෑ-හෙද අධ්‍යාපනය අනතුරේ..!

March 22, 2012 12:21 pm


සෞඛ්‍ය බලධාරීන් විසින් හෙද ආචාර්යවරුන්ගේ අතිකාල දීමනා ගෙවීම නතර කිරීම නිසා හෙද අධ්‍යාපනය අර්බුදයට පත්ව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනය පහත පරිදිය.

සෞඛ්‍ය ලේකම් විසින් 2012.03.12 දින නිකුත් කර ඇති පොදු චක‍්‍රලේඛ අංක 01/12/2012 යන චක‍්‍රලේඛය නිසා හෙද අධ්‍යාපන ක්ෂේත‍්‍රය බරපතළ අර්බුදයකට ඇද දමා ඇත. එම චක‍්‍රලේඛයෙන් දැනට හෙද ආචාර්වරුන් විසින් සාමාන්‍ය රාජකාරී කාලය වන පැය 8 ක සේවා කාලයකට අමතරව කරන රාජකාරී වෙනුවෙන් මෙතෙක් සිදුකළ අතිකාල ගෙවීම් නතර කර ඇත.

හෙද ආචාර්යවරුන්ගේ සාමාන්‍ය සේවාව ප. ව. 2.30 ට අවසන් වේ. නමුත් හෙද විදුහල් පෙ. ව. 7.00 සිට ප. ව. 4.00 දක්වා විවෘත වන අතර, හෙද සිසුන් ප. ව. 4.00 දක්වා අධ්‍යාපන කටයුතු වල යෙදිය යුතුය. හෙද ආචාර්යවරුන් ප. ව. 2.30 ට සේවා අවසන් කර නිවෙස් බලා ගියහොත්, ප. ව. 2.30 සිට 4. 00 දක්වා හෙද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කිරීමට, පරිපාලන හා අධීක්ෂණ කටයුතු කිරීමට කිසිවෙකුත් නැත.

මෙම චක‍්‍රලේඛය නිසා මේ වන විට සමහර හෙද විදුහල්වල හෙද ආචාර්යවරුන් ප. ව. 2. 30 ට සේවා අවසන් කර පිටව යන අතර, හෙද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණ ඇත. රටපුරා පවතින හෙද විදුහල් 17 ක හෙද ආචාර්යවරුන් මෙම තීරණය ක‍්‍රියාත්මක කරමින් ප. ව. 2. 30 ට සේවා අවසන් කළලහොත් හෙද විදුහල්වල අධ්‍යාපනය කඩා වැටෙන අතර, හෙද අධ්‍යාපනය බරපතළඅර්බුදයකට යාම වැළැක්විය නොහැකිය.

එබැවින් මෙම චක‍්‍රලේඛය වහා සංශෝධනය කර අමතර සේවාවන් සඳහා හෙද ආචාර්යවරුන්හට අතිකාල දීමනා ගෙවන ලෙසත්, හෙද අධ්‍යාපන සේවාව යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නෙමු.


adaderana.lk

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mar 22, 2012 08:48 am
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් සකස් කළ මෙම ඖෂධ ප්‍රතිපත්තිය විවිධ විරෝධතා හේතුවෙන් වසර 40 ක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කරයි.

ඒ හේතුවෙන් රට තුළ ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අදාළ ඖෂධ ප්‍රතිපත්තිය සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එය ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුයි.

ඒ අනුව අදාළ ප්‍රතිපත්තිය ලබන සති‍යේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තු විවාදයකින් අනතුරුව සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



පුවත් අනුග්‍රහය අද‍දෙරන ‍වෙබ් අඩවිය

Thursday, March 22, 2012

කරාපිටියේ තව ලෙඩක්

2012 මාර්තු මස 21 19:12:12 | සජිව විජේවීර

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ අයඩින් ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත‍්‍ර වල අඩංගු විකිරණ රෝහලට නිකුත්වන බව ශී‍්‍ර ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය පවසයි.
මේ පිළිබඳ සොයා බැලූ එම අධිකාරිය විකිරණ නිකුත්වීම වැළැක්වීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ රෝහල් බලධාරීන් දැනුම්වත් කැර මාස කිහිපයක් ගතවී ඇතත් ඒවා කි‍්‍රයාතමක කැර නැත.
අයඩින් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ මළ මූත‍්‍ර අඩංගු ටැංකි පොළව යට සෑදිය යුතු වුව ද රෝහලේ එම ටැංකි ඉදිකර ඇත්තේ පොළොව මතුපිටය. ටැංකි ඊයම් වලින් ආවරණය කරන ලෙසත් විකිරණ කාන්දුවන ගොඩනැගිල්ලක් සහ ටැංකි අතර කොන්කී‍්‍රට් ආස්තරණයක් යොදන ලෙස දැනුම්දී ඇතත් එයද සිදුකැර නැත.
රෝහල් අධ්‍යක්ෂ වරයා පවසන්නේ මෙවැනි විකිරණ කාන්දුවක් සිදු නොවන බවයි. එවැනි දෙයක් පිළිබඳ තමන්ට දැනුම්දී නැතැයි ද හෙතෙම කියයි.




lankadeepa.lk

කරාපිටියේ තව ලෙඩක්

2012 මාර්තු මස 21 19:12:12 | සජිව විජේවීර

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ අයඩින් ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත‍්‍ර වල අඩංගු විකිරණ රෝහලට නිකුත්වන බව ශී‍්‍ර ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය පවසයි.
මේ පිළිබඳ සොයා බැලූ එම අධිකාරිය විකිරණ නිකුත්වීම වැළැක්වීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ රෝහල් බලධාරීන් දැනුම්වත් කැර මාස කිහිපයක් ගතවී ඇතත් ඒවා කි‍්‍රයාතමක කැර නැත.
අයඩින් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ මළ මූත‍්‍ර අඩංගු ටැංකි පොළව යට සෑදිය යුතු වුව ද රෝහලේ එම ටැංකි ඉදිකර ඇත්තේ පොළොව මතුපිටය. ටැංකි ඊයම් වලින් ආවරණය කරන ලෙසත් විකිරණ කාන්දුවන ගොඩනැගිල්ලක් සහ ටැංකි අතර කොන්කී‍්‍රට් ආස්තරණයක් යොදන ලෙස දැනුම්දී ඇතත් එයද සිදුකැර නැත.
රෝහල් අධ්‍යක්ෂ වරයා පවසන්නේ මෙවැනි විකිරණ කාන්දුවක් සිදු නොවන බවයි. එවැනි දෙයක් පිළිබඳ තමන්ට දැනුම්දී නැතැයි ද හෙතෙම කියයි.




lankadeepa.lk

මළ මිනීම හතරක්‌!

ඊයේ (21 දා) 'දිවයිනේ' මුල් පිටුව පටන් ගන්නේ මළ මිනී හතරක විස්‌තරයකිනි. එයින් සිරුරු දෙකක්‌ කෝට්‌ටේ රාජමහා විහාරයේ භික්‍ෂුන් වහන්සේ දෙනමකගේ ය. අනෙක්‌ දෙක පරිපූරක වෛද්‍ය සේවයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වැරුම නිසා මියගිය පුද්ගලයන් දෙදෙනකුගේ ය. ස්‌වාමීන් වහන්සේලා දෙනම ඝාතනය කිරීම ගැන ලිවීමට තරම් ප්‍රමාණවත් තොරතුරු තවමත් අප අත නැත. එබැවින් පරිපූරික වැඩ වැරුම සහ එයින් තවදුරටත් හටගත හැකි කරදරකාරී තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීම වැදගත් ය.

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වන්නේ කවර කොටස්‌ ද යන්න මෙහිදී පහදා දීම වැදගත් ය. ඖෂධවේදී, විකිරණ ශිල්පී, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පී, භෞත චිකිත්සක, වෘත්තීයවේදී චිකිත්සක යනාදීහු පරිපූරක වෛද්‍ය සේවයට අයත් ය. එක රෝහලක සිය ගණනක්‌ වෛද්‍යවරු සිටියද පෙර කී කාර්ය මණ්‌ඩලය නැතිව ඔවුන්ට වැඩ කළ නො හැක. වෛද්‍යවරයා නියම කරන ඖෂධ වර්ගය නිසි ලෙස තෝරා නිසි මාත්‍රාවට සකසා නිසි ලේබලය යටතේ නිකුත් කරනු ලබන්නේ ඖෂධ වේදියාය. රෝගියකුට විකිරණ ප්‍රතිකාර කළ යුතු අවස්‌ථාවකදී එය සිදු කර වාර්තාව සකසනු ලබන්නේ විකිරණ ශිල්පියා ය. ඒ අතර රුධිර සාම්පල, මුත්‍රා සාම්පල යනාදිය පරීක්‍ෂා කර වාර්තා සපයන්නේ වෛද්‍ය රසායනාගාර ශිල්පියා ය. මේ සියලු කරුණු අතර අතපය කැඩුණු, ස්‌නායු ආබාධ ඇති අයගේ අතපය නිසිලෙස සකස්‌ කරනු පිණිස අවශ්‍ය ව්‍යායාම සඳහා රෝගීන්ට උපදෙස්‌ දෙන්නේ භෞත චිකිත්සකවේදියා ය.

මේ සියලුම දෙනා රෝහල් සේවයට අවශ්‍ය ය. නො එසේ ව එම ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සුව කළ නො හැක. එසේ තිබියදී පරිපූරක වෛද්‍ය සේවයේ වර්ජනය ඉතා අසාධාරණ බවත් රෝගීන් දෙදෙනකු මිය යැම ගැන වගකීම ඔවුන් භාරගත යුතු බවත් කියමු. මේ සේවකයන් වැඩ වර්ජනය කර ඇත්තේ ඉල්ලීම් සමූහයක්‌ ඉටුකර ගැනීම සඳහා ය. එම ඉල්ලීම් ඉටු කරන විට මාසයකට රුපියල් කෝටි ගණනාවක්‌ අලුතින් වියදම් කිරීමට රජයට සිදුවෙයි. ඩොලර් එක ඊයේ වන විට රුපියල් 131 දක්‌වා ඉහළ නැග තිබිණි. මේ ආර්ථික අවපාතය ජාත්‍යන්තර මට්‌ටමෙන් තවදුරටත් වර්ධනය වුවහොත් වැඩි කලබලයක්‌ නැතිවම මේ අවුරුද්දේ අවසානය වන විට ඩොලරය රුපියල් 150 ඉක්‌මවනවා ඇත.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යනු කරදර ඉතා බහුල තැනකි. මේ ක්‍ෂේත්‍රයෙහි බෙල්ල බේරාගෙන වසර කිහිපයක්‌ සේවය කරන ඇමැති කෙනෙකුට ඉරානය, ඇෆ්ගනිස්‌ථානය වැනි රටක යුද කටයුතු භාර ඇමැතිවරයා වශයෙන් පත්වීමක්‌ ලබා ලෙහෙසියෙන් ම ත්‍රස්‌තවාදය පරාජය කිරීමට හැකියාව ලැබෙන්නේය. සෞඛ්‍ය ඇමැතිවරයා අතින් සිදුවිය යුතු වැදගත්ම කාර්යය වන්නේ සෞඛ්‍ය සේවකයන් සමඟ ගැටුමක්‌ ඇති කර නොගෙන සිටීම ය. මන්ද, එබඳු ගැටීමක්‌ තුළින් හට ගන්නා සෑම වැඩ වර්ජනයකදීම රෝගීන් කිහිපදෙනකු වළපල්ලට යන නිසා ය. මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට උත්සාහ ගන්නා නමුදු නිලධාරීන් එතුමාට එය කරන්නට ඉඩ දෙන බවක්‌ නොපෙනේ. මේ නිලධාරීන් කරන්නේ ජලභීතිකාව වැළැක්‌වීම සඳහා සුනඛයන් සංහාරය කළ යුතු ය යනාදී වශයෙන් කියෑවෙන ලණු ඇමැතිතුමාට දීම ය.

සෞඛ්‍ය සේවකයන් (වෛද්‍යවරුන් ද ඇතුළුව) වැඩ වර්ජනය කරන විට නිර්දය ලෙස ඔවුන් විවේචනය කිරීම අපගේ සිරිත ය. වෛද්‍යවරුන්ට අමතරව අප වැඩි වශයෙන් ම විවේචනය කරන්නේ පොලිසිය සහ ප්‍රයිවට්‌ බස්‌ කාරයන් ය. සෞඛ්‍ය සේවකයන් දිගින් දිගටම ඉල්ලීම් කිරීමෙන් පසු මේ වැඩ වර්ජනය දියත් කර ඇති බව පෙනේ. උසාවියෙන් වර්ජනයට එරෙහිව වාරණ නියෝගයක්‌ නිකුත් කරන බව දැන දැනත් ඔවුන් අවසාන පියවරක්‌ වශයෙන් වැඩ වරා ඇති බව පැහැදිලිය. මේ අනුව අද සිට රෝහල් සුළු සේවකයන් ද වැඩවරන බව දැන ගන්නට තිබේ. සුළු සේවකයා යනු රෝහලක පැවැත්මට අත්‍යවශ්‍ය කෙනෙකි. කවුරු හිටියත් සුළු සේවකයන් නැතිව රෝහල් පවත්වා ගෙන යැමට නො හැක. මේ තත්ත්වය තේරුම් ගත යුතු බව අපි සෞඛ්‍ය බලධාරින්ට කියමු. අපේ රටට දැනටමත් ඇති කරදර ඕනෑවටත් වැඩිය. අලුතින් කරදර අවශ්‍ය නැත.

Divaina 2012.03.22

ඡනමාධ්‍ය නිවේදනය - හෙද ආවාර්යවරැන්ගේ අතිකාල කැපීම

ඡනමාධ්‍ය නිවේදනය - හෙද ආවාර්යවරැන්ගේ අතිකාල කැපීම

Wednesday, March 21, 2012

වසර 3 ක්‌ තුළ පදවි ශ්‍රී පුරෙන් වකුගඩු රෝගීහු 500 ක්‌ හඳුනාගැනෙති

සචිනි ගුණරත්න

පසුගිය වසර තුනක කාලයක්‌ තුළ පදවි ශ්‍රී පුර ප්‍රදේශයෙන් වකුගඩු රෝගීන් 500 ක්‌ හඳුනාගෙන ඇතැයි පදවි ශ්‍රී පුර රෝහලේ ආයතන භාර නිලධාරී චින්තක විඡේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මේ වසර තුළ පමණක්‌ වකුගඩු රෝගීන් 75 ක්‌ දෙනකු හඳුනාගෙන ඇති බවත් විඡේවර්ධන මහතා කියයි.

මැදවච්චිය, කැබිලිතිගොල්ලෑව, පදවිය, පදවි ශ්‍රී පුර, වැලිඔය, අනුරාධපුරය, ගිරාඳුරුකෝට්‌ටේ, පොළොන්නරුව, කුරුණෑගල, පොල්පිතිගම යන ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක්‌ සොයාගෙන ඇත.

වකුගඩු රෝගය වැළඳුනු අයගෙන් 95% ක්‌ පිරිමින් වන අතර 65% ක්‌ කාන්තාවෝ වෙති. රජරට ප්‍රදේශයේ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉතා ඉහළ අන්දමින් භාවිතය මේ රෝගය ව්‍යාප්තවීමට හේතුව බව විඡේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Divaina 2012.03.21

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවල ඉල්ලීම් ඉටුකළ නිසා සේවයට එන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී

රෝහල්වල සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවලට බලපෑ ගැටලු රැසක්‌ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ සෞඛ්‍ය සේවා සංගමය සහ එක්‌සත් ශ්‍රී ලංකා රජයේ සුවසේවා සංගමය ඊයේ (20 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බි. ජයසුන්දර සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක්‌ මුදල් අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. එම නිවේදනය මෙසේය.

කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සඳහා මෙතෙක්‌ ඔවුන්ට නිල ඇඳුම් මසා ගැනීමට පමණක්‌ මැහුම් කුලිය වශයෙන් රුපියල් 500 ක දීමනාවක්‌ ලබාදුන් අතර ඒ වෙනුවට නිල ඇඳුම් සඳහා රෙදි ලබා නොදී එම කටයුතු සඳහා රුපියල් 8000 ක මුදලක්‌ මේ වසරේ සිට ලබාදීමට තීරණය කරනු ලැබීය.

එමෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවල අතිකාල සඳහා ආයතන ප්‍රධානියෙකුට අනුමත කිරීමට බලතල තිබුණේ පැය 60 ක කාලයක්‌ පමණක්‌ වන අතර එය පැය 100 දක්‌වා අනුමත කිරීමේ බලය සෞඛ්‍ය ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා විසින් ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙනු ලැබීය.

දැනට දින 180 සම්පූර්ණ කර තිබෙන ආදේශක සෞඛ්‍ය කාර්ය සහායකයන්

5000 ක්‌ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ ස්‌ථිර කිරීම සඳහා අනුමැතිය ලබාදෙනු ලැබීය. මෙම කාර්ය මණ්‌ඩල සඳහා ලබාදෙන අනතුරු දීමනාව රුපියල් 100 සිට 150 දක්‌වා වැඩි කෙරේ.

මීට අමතරව 1/30 දීමනාව සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමටත්, නුදුරු අනාගතයේ දී එය ක්‍රියාත්මක කිරීමටත් තීරණය කරනු ලැබීය.

එම නිසා කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සියල්ලටම ඉහළ මට්‌ටමේ විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බැවින් රෝහල් සේවා අඩාල කිරීමට පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවී රෝහල් සේවාවන් විධිමත් පරිදි පවත්වාගෙන යැම සඳහා සේවයට වාර්තා කරන ලෙස සියලුම කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවලින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Divaina 2012.03.21

වාරණ නියෝගය ලැබුණේ නැතිලූ -ඉල්ලීම් ලැබෙන තෙක්‌ පරිපූරක

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් 10 ක්‌ මුල්කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය එම ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් ලැබෙන තෙක්‌ දිගටම පවත්වාගෙන යැමට ඊයේ (20 දා) දහවල් කොළඹදී රැස්‌ වූ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ සාමාජිකයන් විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

ඊයේ දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපස සිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පාගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූ වර්ජිත පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් එම උද්ඝෝෂණයෙන් අනතුරුව විහාරමහාදේවි උද්‍යානයේ පැවැති රැස්‌වීමේදී මෙම තීරණය ගත් බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

සිය වර්ජනය සඳහා සෙසු රජයේ රෝහල් අතුරු වෛද්‍ය සේවාවන් එක්‌කර ගැනීම පිළිබඳව එම සේවා නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට අදහස්‌ කර ඇතැයි ද ඔහු කියයි.

කොළඹ දිසා අධිකරණය මගින් පෙරේදා (19 දා) එම බලමණ්‌ඩලය වෙත වර්ජනය අත්හිටුවන ලෙස නියෝග කරමිsන් නිකුත් කරන ලද වාරණ නියෝගය පිළිබඳව අදහස්‌ දැක්‌වූ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම්වරයා එවැනි වාරණ නියෝගයක්‌ තවමත් තමන් වෙත ලැබී නොමැති අතර එවැන්නක්‌ ලැබුණු පසු නීතිමය උපදෙස්‌ මත ඒ සම්බන්ධව කටයුතු කරන බව අවධාරණය කළේය.

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රජයේ ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්. එල්. ටී.), විකිරණ ශිල්පීන්, භෞතවේදී චිකිත්සකයන් හා වෘත්තීයවේදී චිකිත්සකයන් විසින් ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය ඊයේ (20 දා) 8 වැනි දිනටත් ක්‍රියාත්මක වූ අතර මෙම වර්ජනය හේතුවෙන් රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම, සීSටී ස්‌කෑන් /එක්‌ස්‌රේ පරීක්‍ෂණ, වෛද්‍ය රසායනාගාර පරීක්‍ෂණ හා භෞතවේදී චිකිත්සක ප්‍රතිකාර වැනි රෝහල් සේවාවන් තවදුරටත් අඩාලව පැවතිණි. එම වෘත්තිකයන් හදිසි සේවාවන්ගෙන් ද ඉවත්ව සිටීම නිසා රජයේ රෝහල්වල දැඩිසත්කාර ඒකක කටයුතු හා සාමාන්‍ය සැත්කම් කටයුතුවලට ද බාධා පැමිණ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය

Divaina 2012.03.21

රජයේ රෝහල්වල කනිෂ්ඨ සේවකයෝ හෙට "ලෙඩ වෙති"

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් 8 ක්‌ මුල් කර ගෙන දිවයිනපුරා රජයේ රෝහල්වල සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය අද (21 වැනිදා) ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකරන බව කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සාමාජිකයන් නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති 11 කින් සමන්විත ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි.

ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකරන කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද (21 වැනිදා) දහවල් 11.00 ට කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ පැවැත්වෙන බව එම වෘත්තීය සමිති කමිටුව නිවේදනය කරයි.

වැඩි වූ ඉන්ධන මිලට සාපේක්‌ෂව සහනයක්‌ ලෙස රුපියල් 5000 ක දීමනාවක්‌ ලබා ගැනීම. සියලු ආදේශක හා අනියම් සේවකයන් ස්‌ථිර කිරීම ඇතුළු සේවා ඉල්ලීම් 8 ක්‌ මුල්කරගෙන පැවැත්වෙන මෙම ලෙඩ නිවාඩු දැමීම සඳහා අනියම් හා ආදේශක කම්කරුවන්, විදුලි සෝපාන ක්‍රියාකරුවන්, රසායනාගාර සහායකයන් ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සහභාගි වීමට නියමිතය.

Divaina 2012.03.21

පරීක්‍ෂණ පමාවෙන් කිසිදු රෝගියකු මිය ගියේ නැහැ - පරිපූරක වෘත්තිකයෝ කියති

ඒමන්ති මාරඹේ

මේ සම්බන්ධව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ සභාපති හරේන්ද්‍ර කුරුප්පු මහතා ප්‍රකාශ කර සිටියේ තම වෘත්තිකයන් විසින් ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය යටතේ රෝගීන්ගේ ජීවිතාරක්‌ෂක සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කර ඇති බවත් ඒ නිසා පරීක්‍ෂණ පමාවෙන් කිසිදු රෝගියෙකු මිය යැමේ ඉඩකඩක්‌ නොමැති බවයි. එවැනි රෝගියෙකු තම වැඩවර්ජනය හේතුවෙන් මිය නොගිය බව වගකීමකින් යුතුව ප්‍රකාශ කරන බව ද ඔහු කීවේය.

Divaina 2012.03.21

පරිපූරක වැඩවැරුම නිසා රෝගීන් දෙදෙනකු මිය ගියා - සෞඛ්‍ය ඇමැති කියයි

චමින්ද සිල්වා

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් පොළොන්නරුව සහ කොළඹ ජාතික රෝහලේ රෝගීන් දෙදෙනකු ඊයේ (20 වැනිදා) මියගොස්‌ ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මෙම රෝගීන් දෙදෙනා මිය යැමට හේතුව ඔවුන් සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රසායනාගාර පරීක්‍ෂණ වාර්තා නොමැතිවීම යෑයි විශේෂඥ වෛද්‍යවරුන් තමාට දැනුම් දුන් බව ද ඇමැතිවරයා කීවේය.

අදාළ වාර්තා තිබුණා නම් රෝගීන් දෙදෙනාගේ ජීවිත රැක ගැනීමට හැකියාව තිබූ බව ද එම විශේෂඥ වෛද්‍යවරුන් පැවැසූ බව සඳහන් කළ ඇමැතිවරයා මෙම තත්ත්වය නිසා තවත් රෝගීන් 400 කුගේ පමණ ජීවිත අවදානමකට ලක්‌ව ඇතැයිද එම විශේෂඥ වෛද්‍යවරුන් තමාට වැඩිදුරටත් දැනුම් දුන් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බැව් පැවැසුවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 143 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීම සඳහා ඊයේ (20 වැනිදා) පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

වැටුප් වර්ධක වැඩිවීමක්‌ ඉල්ලා සිටින පරිපූරක වෛද්‍යවරුන් මාසිකව රුපියල් 65,000 කට වැඩි වැටුපක්‌ ලබාගන්නා බව පැවැසූ ඇමැතිවරයා ඔවුනගේ මූලික වැටුපට දීමනා රැසක්‌ එක්‌කර ඇතැයිද සඳහන් කළේය.

Divaina 2012.03.21

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ඊයේ විරෝධතාවක


දීප ව්යාප්ත අඛණ් වැඩ වර්ජනයක නිරත වන රජයේ රෝහල් පරිපූරක වෛද් වෘත්තිකයෝ ඊයේ (20) ජාතික රෝහල ඉදිරිපිට සිට පා ගමනින් පැමිණ සෞඛ් අමාත්යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
ඡායා - සුජාතා ජයරත්න

Divaina 2012.03.21

පරිපූරක වෛද්‍ය වර්ජනය නිසා රෝගීන් දෙදෙනකු මියගියා - සෞඛ්‍ය ඇමැති

2012 මාර්තු 21 වෙනි බදාදා, 04:10

ශ්‍රියානි විජේසිංහ

කොළඹ ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් දෙදෙනකු පරිපූරක වැඩ වර්ජනය හේතුවෙන් මියගොස් ඇතැයි ද තවත් රෝගීන් විශාල පිරිසක් බරපතළ තත්ත්වයට පත්ව ඇතැයිද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. සෞඛ්‍ය වෘත්තිකයන් ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීන් මිය ගිය ප්‍රථම අවස්ථාව මෙය බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. නියමිත වෛද්‍ය වාර්තාව ලැබුණේ නම් මියගිය රෝගීන් දෙදෙනාගේ ජීවිත බේරාගැනීමට හැකිවන බව විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඇමැතිවරයා හමුවී ඊයේ (20) අමාත්‍යංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා ඇත.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 143 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැති විශේෂ උත්සවයකදීය.

එහිදී ඇමැතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් තමා සමග දෙවරක් සාකච්ඡා කළ බවත් එහිදී ඔවුන්ගේ ඉල්ලීම්වලින් යම් ප්‍රමාණයක් ලබාදීමට ‍පොරොන්දු වී තිබියදීත් මෙවැනි වැඩ වර්ජනයක් කිරීම අසාධාරණ බවත්ය.

අපි මොවුන් බිත්තියට හිර කරලා මේ වර්ජනය කරන්නේ ලබන සතියේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ගෙන එන නිසයි.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය එදා මහාචාර්ය සේනක බිබි‍ලේ ගෙනාව මොහොතේ ඔහු මැරුවා. දැන් අපි නොමරා මරණවා.
උසාවියෙන් වාරණයක් දී තිබියදීත් වර්ජනය නතර කරන්න කියලා මොවුන් වර්ජනය කරනවා. මේක බරපතළ දඬුවම් ලැබිය යුතු වරදක්.

lakbima.lk

හෙද හෙදියෝ අද ලෙඩ වෙති

2012 මාර්තු 21 වෙනි බදාදා, 04:19
පද්මිණි මාතරගේ

හෙද හෙදියන්ගේ වෘත්තීය ගැටලුවලට ආණ්ඩුව විසඳුම් ලබා නොදීමට එරෙහිව ප්‍රධාන රෝහල් ගණනාවක හෙද හෙදියෝ අද (21) ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. මේ අනුව කොළඹ කුරුණෑගල, මහනුවර, දඹුල්ල, මාත‍ලේ, නුවරඑළිය, ‍පොළොන්නරුව ඇතුළු රෝහල් ගණනාවක හෙද හෙදියන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බව එම වෘත්තීය සංගමයේ සභාපති හෙද නිලධාරී එස්.බි. මැදිවත්ත මහතා ලක්බිමට කීය. අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව දින 21කට පෙර සෞඛ්‍ය ඇමැතිවරයා එම අමාත්‍යංශ ‍ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිත දැනුම්දීමක් කළ බවද ඔහු පැවැසීය.

හෙද ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම, හෙද හෙදියන් සඳහා රුපියල් 5000 අනතුරු දීමනාවක් ලබාගැනීම, රුපියල් 3000ක විශේෂ ජීවන වියදම් දීමනාවක් ලබාගැනීම, අතිකාල ගෙවීමේ දී පැයකට 180/1 ලෙසට එනම්, එක පැයකට වටිනාකම ගණන් බලා ඊට අදාළ අතිකාල දීමනා ගෙවීම, හෙද උපාධිධාරීන් හෙද සේවාවට අන්තර් ග්‍රහණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් කීය.

lakbima.lk