Wednesday, May 23, 2012

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පැමිණි වෛද්‍ය පාදෙනියව ජාතික රෝහලෙන් පන්නයි

ඒමන්ති මාරඹේ

ලබන ජුනි මස 30 වැනිදා පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඉකුත් සෙනසුරාදා (19 දා) කොළඹ ජාතික රෝහල වෙත පැමිණි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා හා ඔහුගේ සහායට පැමිණි වෛද්‍ය උපාධිධාරීන් සිවුදෙනකු ජාතික රෝහලේ වෛද්‍යවරුන් පිරිසක්‌ විසින් රෝහල් භූමියෙන් පළවාහැර ඇතැයි ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරයකු "දිවයින"ට පැවැසීය.

ඉදිරි නිලවරණයේදී නැවත වරක්‌ සභාපති ධුරය සඳහා තරග කරන වෛද්‍ය පාදෙනිය මහතා තම මැතිවරණ පොරොන්දු ඇතුළත් පත්‍රිකා ද රැගෙන ජාතික රෝහලේ වෛද්‍යවරුන් වෙත ගිය අවස්‌ථාවේදී මෙම සිදුවීම සිදු වී තිබේ. මෙහිදී වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පාවාදීම පිළිබඳව ප්‍රශ්න කරමින් ඔහු හා සහායකයන් පළවාහැරීමට අදාළ වෛද්‍යවරුන් පිරිස කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2012/05/22/news20.html

වැඩ වර්ජන තීරණයට වෛද්‍ය සංගමයේ බහුතරය අකමැති වෙති

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව (ඩැට්‌) වැඩිකර ගැනීම සඳහා ඊයේ (21 දා) සිට දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක්‌ පෙරේදා (20 දා) පැවැති එම සංගමයේ මහ සභා රැස්‌වීමට සහභාගි වූ රෝහල් ශාඛා නියෝජිතයන් බහුතරය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

එම යෝජනාව ප්‍රතික්‍ෂේප කරන ලද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රෝහල් ශාඛා නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ ලබන ජුනි මස 30 වැනිදා පැවැත්වෙන සංගමයේ නිලවරණයට පෙර වර්ජන ක්‍රියාමාර්ගයක්‌ කරා යැමෙන් වැළකී සිටිය යුතු බවයි.

එහෙත් මෙම රැස්‌වීමෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමස්‌ත සාමාජිකත්වයේ මතය පිළිබිඹු නොවීම නිසා වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව මුල් කරගෙන ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා තම ශාඛා සංගමය හෙට (23 දා) රැස්‌වී තීරණයක්‌ ගන්නා බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව පවසයි.

පෙරේදා කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ පැවැති රැස්‌වීමට එම සංගමයේ ශාඛා සංගම් 90 න් 60 ක පමණ නියෝජිතයන් සහභාගි වී තිබේ. මෙහිදී සංගමයේ සභාපතිවරයාට එරෙහිව මීගමුව දිසා රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාඛාව විසින් සම්මත කරගෙන තිබූ විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇතත් බහුතරය සභාපතිවරයාට පක්‍ෂපාතීව අදහස්‌ දැක්‌වීම නිසා එම යෝජනාවට ඡන්ද විමසීමක්‌ සිදු නොකළ බව රැස්‌වීමට සහභාගි වූ වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ "දිවයින"ට පැවැසූහ.

මෙම රැස්‌වීමේදී සංගමයේ විධායක කමිටුවේ ක්‍රියාකාරිත්වයට එරෙහිව සාමාජිකයන් රැසක්‌ විසින් චෝදනා මුඛයෙන් අදහස්‌ ප්‍රකාශ කර තිබේ.

http://www.divaina.com/2012/05/22/news08.html

වෛද්‍යවරුන්ට දුන් දීමනා සෙසු සෞඛ්‍ය වෘත්තිකයන්ටත් ඕනෑ-වෘත්තීය සමිති

රජයේ වෛද්‍යවරුන්ට ලබා දුන් රාජකාරි බාධා,අනතුරු හා ප්‍රවාහන දීමනා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු සියලු වෘත්තිකයින්ට ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරති.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුළ ඉල්ලීම් 05 ක් සම්බන්ධයෙන් රජයට බලපෑම් කෙරෙන බව 15 වැනි දා පැවත් වූ මාධ්‍ය හමුවක දී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

ඉදිරි සතිය තුළ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය බොහෝ දුරට අඛණ්ඩ වැඩවර්ජනයක් විය හැකි බවට පරිපූරක වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අඟවයි.

http://ns1.asianmirror.com/index.php/top-story/9960-2012-05-15-17-41-16

හිඟ මුදල් ඕනෑමයි, නැවත වර්ජනය කරනවා

May 21, 2012 at 10:49 am | Lanka C News.
හිග දුරකථන හා ප‍්‍රවාහන දීමනා සම්බන්ධ ඉල්ලීම් සඳහා විසඳුම් ලබා ගැනීම සඳහා තම සංගමය ඉදිරියේදීත් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
තම සංගමව විසින් ගත් වෘත්තීය ක‍්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ලද වාරණ නියෝගය පිළිබඳව පුළුල් කතිකාවතක් ආරම්භ කිරීමට කටයුතු කරන බව එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
ඊයේ දිනයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඔවුන් එම තීරණයට එළඹ තිබේ.


http://www.lankacnews.com/sinhala/news/60460/


ගැටළු වලට විසදුම් නැති නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා – සමන් රත්නප්‍රිය

22 මැයි 2012


හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවලට අදාළව පවතින ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි. අද (22) දිනයේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය. එහිදි ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව සමන් රත්නප්‍රිය පවසයි.
http://expresspuwath.com/?p=20496#more-20496

Monday, May 21, 2012

2015දී ඩෙංගු රෝගයට අලුත් එන්නතක්

2012 මැයි 20 වෙනි ඉරිදා, 00:08

ශ්‍රියානි විජේසිංහ

ඩෙංගු මර්දනය සඳහා වසර 2015දී නව එන්නතක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඩෙංගු වෛරසයට ඔරොත්තු දිය හැකි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස මෙය ක්‍රියා කරනු ඇත. මෙම එන්නත භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබි තිබුණද මේ වන විට වසංගත රෝග විද්‍යා අංශය මගින් එය වැඩිදුර පරීක්ෂණයන්ට ලක් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම එන්නත ඩෙංගු වෛරසයේ විවිධ ඛාණ්ඩයන් යටතේ ක්‍රියාකරන ආකාරය හා ලබාදෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙහිදී පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම කීය. ඒ අනුව මෙම එන්නත වසර 2015දී රෝගීන්ට නොමි‍ලේ ලබාදීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3933:2015----&catid=82:us-politics&Itemid=457

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හෘද රෝගී දරුවන්ට වෙනස්කම්

2012 මැයි 20 වෙනි ඉරිදා, 00:11

ශ්‍රියානි විජේසිංහ

කරාපිටිය රෝහ‍ලේ ඇතැම් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හදවත් සැත්කම් කිරීමට ‍පොරොත්තු ‍ලේඛනයේ ලියාපදිංචි වී සිටින දරුවන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග එම දරුවන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පපු ප්‍රදේශය විවෘත නොකර කැතීටරයක් ආධාරයෙන් හෘදයේ සිදුරු වැසීම සඳහා සිටි ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාට වාට්ටුවක් නොමැති වීමෙන් මෙම බරපතළ ප්‍රශ්නය පැන නැගී ඇත. හෘදයේ සිදුරු වැසීමේ ශල්‍යකර්මයට ලක් කිරීමට ප්‍රථම එම දරුවන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වාට්ටුවකට ඇතුළත් කළ යුතුය.
එහෙත් කරාපිටිය රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වාට්ටු දෙකම එම දරුවන් ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට රෝහ‍ලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුවේ වෛද්‍යවරුන් ඉදිරිපත් වී දරුවා තම ඒකකයේ වාට්ටුවකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇත. මේ අනුව කරාපිටිය රෝහ‍ලේ ඉතිහාසයේ මුල් වරට කකුලෙන්් කැතීටරයක් හෘදයට යවා එහි තිබෙන සිදුරක් වසා දැමීමේ සැත්කමක් ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය මංගල ප්‍රේමතිලක සිදුකර ඇත.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3935:2012-05-19-16-12-15&catid=82:us-politics&Itemid=457

Saturday, May 19, 2012

පරිපාලන ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරියා චක්‍රලේඛයට පිටින් වැඩ

ඒමන්ති මාරඹේ

පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ට පෞද්ගලික වෛද්‍ය සේවයෙහි යෙදීම චක්‍රලේඛයක්‌ හරහා තහනම් කර තිබියදීත් එම තහනමට පටහැනිව යමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන ශ්‍රේණියෙහි වැදගත් තනතුරක්‌ දරනු ලබන වෛද්‍ය නිලධාරිවරයකු සතියේ දින හතෙහිම ප්‍රසිද්ධියේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙමින් සිටින බව රජයේ වෛද්‍ය පරිපාලකයන්ගේ සංගම් ආරංචි මාර්ග පැවැසීය.

කොළඹ තදාසන්න ප්‍රදේශයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන මෙම වෛද්‍ය නිලධාරිවරයා සතියේ දිනවල තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානය කරා යනුයේ නිල වාහනයෙන් බවද එම ආරංචි මාර්ග කීවේය. මෙම වෛද්‍ය නිලධාරිවරයා සම්බන්ධයෙන් මෙතෙක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂ විමර්ශන ඒකකය පවා පියවරක්‌ ගෙන නොතිබීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයෝ සිය විමතිය පළ කර සිටිති.

මෙම පරිපාලන ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ දරන පරිපාලන තනතුර සම්බන්ධයෙන්ද ගැටලු මතුවී ඇති අතර ඔහු පවරා ඇති අධ්‍යක්‍ෂක ධුරයෙහි වැඩ බැලීමට සුදුසුකම් නැතැයිද ඔහු වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරිවරයෙකු නොවීම නිසා එම තනතුරට සුදුසු නොවන බවද රජයේ වෛද්‍ය පරිපාලකවරුන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන සංගම් විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිතව දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශකයෙක්‌ පැවසීය.

http://www.divaina.com/2012/05/18/news29.html


හෙද උසස්වීම් 163 ක් වංචනිකව වෙනස් කිරීමේ සැලසුමක්

May 15, 2012 08:41 am


හෙද නිලධාරීන් 163 දෙනෙකුට ලබාදී ඇති උසස්වීම් සෞඛ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් වංචනිකව වෙනස් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

අදාළ උසස්වීම් පසුගිය දෙවන දින ලබාදුන්න ද මෙතෙක් අති බහුතරයක් වැඩ භාරගෙන නොමැති බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

එක්තරා හෙද සංගමයක වුවමනාව මත සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව මෙම ක්‍රියාව සිදුකරන බව සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මෙම උසස්වීම් ලබාදීම සඳහා ද වසර 1 ½ ක පමණ කාලයක් ප්‍රමාද වූ බව අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තම සංගමයට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එහිදි උන්වහන්සේ සඳහන් කළේය.

අදාළ උසස්වීම් ලබාදුන්න ද දුෂ්කරතාවයන් මත බො‍හෝදෙනෙකු සේවය සඳහා වාර්තා නොකරන බව ද එම හිමියන් පෙන්වාදුන්නේය.

ඒ හැරෙන්නට කිසිවෙකුගේ බලපෑමක් හෝ ඉල්ලීමක් මෙහි දී සිදුව නොමැති බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.


http://sinhala.adaderana.lk/news.php?nid=24253

ෆ්ලෝරන්ස් නයිටිංගේල් හෙද සේවාවේ නිර්මාතෘවරිය වුවද ලොව ප‍්‍රථම සාත්තු සේවකයාණෝ බුදුරජාණන් වහන්සේයි- සෞඛ්‍ය අමාත්‍යවරයා

හෙද සේවාවේ නිර්මාතෘවරිය ලෙස කිර්තියට පත්ව සිටින්නේ ෆ්ලෝරන්ස් නයිටිංගේල් මහත්මිය වුව ද ලොව ප‍්‍රථම සාත්තු සේවකයාණෝ බුදුරජාණන් වහන්සේ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

එබැවින් බෞද්ධයන් වැඩි පිරිසක් ජිවත් වන ශ‍්‍රී ලංකාවේ හෙද සේවාව ලෝකයේ සෙසු රටවලට ද පුර්වා දර්ශයක් විය යුතු බව අමාත්‍යවරයා සදහන් කර සිටි.

දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන හෙද හෙදියන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරිමට ද ඔවුන්ට පහසුකම් ලබාදිමට ද කටයුතු කරන බව අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
මහා පරාක‍්‍රම බාහු රජ සමය ශ‍්‍රී ලංකාවේ හෙද සේවාවේ ස්වර්ණමය යුගය බව ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටි.
එම සමයේ දී එක් රෝගියෙකුට එක් හෙදියක් බැගින් සිටි බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය.

ෆ්ලෝරන්ස් නයිටිංගේල් හෙද සේවාවේ නිර්මාතෘවරිය වුවද ලොව ප‍්‍රථම සාත්තු සේවකයාණෝ බුදුරජාණන් වහන්සේයි- බව සෞඛ්‍ය අමාත්‍යවරයා

http://www.rangiri.com/newsBlog/%e0%b7%86%e0%b7%8a%e0%b6%bd%e0%b7%9d%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b1%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%99%e0%b6%af

‘හෙද සේවාවේ ගැටළු තොගයක්’




Srilankamirror – හෙද සේවාවේ ගැටළු තොගයක් පවතින බවත් ඒවා කඩිනමින් විසඳා ජනතාවට වඩා හොඳ සේවයක් සැලසීමට හෙද සේවාවට රජය විසින් අවකාශ ලබාදිය යුතු බවත් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවැසීය.
ඔහු මේ බව පවසා සිටියේ ජාත්‍යන්තර හෙද දිනය මුල්කර ගනිමින් මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී මැයි 12 වැනිදා පැවැති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ හෙද දිනය සමරන මේ මොහොතේ හෙද සේවාවට ගැටළු රාශියක් පවතින බවත් කාර්ය මණ්ඩල හිගකම, උසස් අධ්‍යාපන අවස්ථා කප්පාදුවකට ලක් කිරීම, උසස් වීම් ප‍්‍රමාද කිරීම, දීමනා හා වැටුප් විෂමතාවයන්, ස්ථාන මාරු ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක නොකිරීම වැනි දේවල් ඉන් ප‍්‍රධාන වන බවයි.

එමෙන්ම හෙද සේවාවේ නිර්මාතෘවරිය වන ෆ්ලෝරනස් නයිටිංගේල් මෙනෙවියගේ ජන්ම දිනයට සමගාමීව ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය පැවැත්වූ රචනා, පෝස්ටර් තරග වල ජයග‍්‍රාහකයින් හට පදක්කම් පිරිනැමීම හා සහතික පත‍්‍ර පිරිනැමීමද එහිදි සිදුවිය.

තවද ෆ්ලොරන්ස් නයිටිංගේල් මෙනෙවියගේ පිළිරුවට උපහාර දක්වා මල් මාලයක් පැළදවීම හා මල් කළඹක් පිළිගැන්වීම මහරගම හා ගම්පහ රෝහලවල හෙද නිළධාරීන් විසින් සිදු කෙරුණු අතර මාරවිල, දැරණියගල, කිලිනොච්චි යන රෝහල් වලට නයිටිංගේල් සමරු තිළිණ ප‍්‍රධානය කරන ලදී.

මෙහි ආරාධිත දේශනය විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාරිනී ප‍්‍රමුදිතා මාධවී මෙනෙවිය විසින් පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා සහෝදර වෘත්තීය සමිති නායකයන් වන බැංකු සේවක සංගමයේ සභපති අමරපාල ගමගේ මහතා, ජාතික සේවක සංගමයේ සභාපති සුරංග මහතා, ස්වාධීන වරාය සේවක සංගමයේ සභපති ලාල් බංගමුවගේ මහතා, රක්ෂණ සේවක සංගමයේ ලේකම් ඩබ්. දිවාකර මහතා, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති එම්. ඞී. ආර්. අතුල මහතා ඇතුළු දිවයින පුරා රෝහල් නියෝජනය කරමින් හෙද නිළධාරීහුද සහභාගි වූහ.











http://sinhala.srilankamirror.com/2012/05/16/%E0%B7%84%E0%B7%99%E0%B6%AF-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94-%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/



ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමරුව ජිනීවා හි දී

2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 17:22



පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 65 වැනි සෞඛ්‍ය සම්මේලනය ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී 20 වැනි දා ආරම්භ වේ.

'විශ්ව ව්‍යප්ත ආවරණයක් සඳහා ' යන්න මෙවර සමුළුවේ තේමාවයි. සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන 17 වැනි දා දිවයිනෙන් පිටත්වීමට නියමිත ය.

මෙහිදී අමාත්‍යවරයා විසින් බෝ නොවන රෝග තුරන් කර ලීමෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ සහ බෝ නොවන රෝග සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීමට ද නියමිතයි.


http://www.asianmirror.lk/index.php/news/9996-2012-05-17-17-15-25

ජාත්‍යන්තර හෙද දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Created on Tuesday, 15 May 2012 10:50


ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිතුමා හෙද සේවය අල්ලසට යට නොවූ සේවයක් බව පෙන්වා දෙමින් ගුණාත්මක හෙද සේවයක් පවත්වා ගැනීම උදෙසා හෙද හෙදියන් කැපවිය යුතු බවත් හෙද සේවය වැටුපකට සීමා වූ සේවයක් නොවන බවත් රටට ජාතියට කරන සේවයක් හා යුතුකමක් වශයෙන් සලකා හෙද හෙදියන් කටයුතු කළ යුතු බවත් පැවසීය.

අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා ලෝකයේ සුබසාධනය ලබාදෙන රාජ්‍ය අතර ශ‍්‍රී ලංකාව පෙරමුණේ සිටින බව ද රජය සැමවිටම වියදමේ වැඩි කොටස දරමින් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබන බව ප්‍රකාශ කළේය.

සේවක අයිතිවාසිකම් ලබා ගැනීමට වර්ජන තර්ජනවලට යොමු වනවාට වඩා රජය සමඟ සැමවිටම සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳාගත හැකි බව ද පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා කැපවී කටයුතු කරන පිරිසක් තම රජයේ සිටින බව ද පෙන්වා දුන්නේය.

මෙහි දී මහජන බැංකුවේ ගිණුම් ඇතුළත් පොත් හෙද හෙදියන් වෙත පිරිනැමුණු අතර ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදු කළ මෙහෙවර අගයා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් ජනාධිපතිතුමා වෙත තිළිණයක් ප්‍රදානය කෙරිණි.

මේ අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් ‍හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අජිත් මෙන්ඩිස් යන මහත්වරුන් එක් ව සිටියහ.

NDH/ Pix. Sudath Silva







http://sinhala.news.lk/news/2011-09-14-04-26-45/4091-2012-05-15-05-20-42


ජාත්‍යන්තර හෙද දිනයට පොලොන්නරුවේ සැමරුම් උත්සව




2012 ජාත්‍යන්තර හෙද දිනයට සමගාමී ව සැමරුම් උත්සව රැසක් අද (10) සිට 19 වැනි දා දක්වා පොලොන්නරුව මහ රෝහලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

හෙද හෙදියන්ගේ නිර්මාණ කුසලතා ඇතුළත් ප්‍රදර්ශනයක් අද (10) සහ හෙට (11) ‍පොලොන්නරුව මහ රෝහ‍ල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර මැයි 12 වැනි දින සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙද කාර්යභාරය අගයමින් උපහාර පිරිනැමීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතය.

මැයි 16 දින මහාචාර්ය සරත් විජේසූරිය මහතා‍ විසින් සමරු දේශනයක් පැවැත්වීමට නියමිත අතර මැයි 19 වැනි දින ‍ඓතිහාසික සෝමාවතිය පුද බිමේ දී විශේෂ ආශීර්වාද පූජාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

NDH/ WK_dmu_polonnaruva
http://sinhala.news.lk/news/2011-09-14-04-28-01/4034-2012-05-10-16-59-19

උසස්වීම් ලත් හෙද නිලධාරිනියන් අදාළ රෝහල් වෙත වාර්තා කර නැහැ -රජයේ ‍හෙද නිලධාරීන්ගේ සංගමය කියයි

සන්ධ්‍යා කරුණාරත්න

හෙද උසස් වීම් ලැබූ හෙද නිලධාරින්ගෙන් බහුතරයක් එම උසස් වීම් බාර ගැනීම සඳහා අඳාළ රෝහල්වලට මේ වන තෙක් ගොස් නැති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසයි.

උසස් වීම්ලාභීන්ට අඳාළ රෝහල්වල උසස් වීම් බාර ගන්නා ලෙස උපදෙස් දීම වෙනුවට ගැටලු ඇතිනම් අභියාචනා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් උපදෙස් ලබාදීමත් සමඟ මේ උසස්වීම් බාර නොගැනීමට එම නිලධාරින් යොමුව ඇතැයි එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

මේ උසස් වීම් පසුගියදා (02) ලබාදීම සිදු කළ බවත් ලකුණු ප්‍රමුඛතාව හා සේවා අවශ්‍යතාව මත නිවැරදිව ලබාදී ඇති බවත් ඒ මහතා පවසයි.

වසර එක හමාරක පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුව දෙවන වර සමත් හෙද නිලධාරින් 163 දෙනකුට රෝහල් සේවා 1 ශ්‍රේණියේ හෙද නිලධාරින්ට උසස් වීම් ලබාදීම සිදු කර ඇත. රෝහල්වල පුරප්පාඩු අනුව මේ උසස්වීම් ලබාදී තිබෙන අතර ‍එම පත්වීම් බාර නොගැනීම මත අඳාළ රෝහල්වල පුරප්පාඩු දිගින් දිගටම පැවැතීම නිසා රෝගී සත්කාර සේවා අඩාල වන බවට ද එම සංගමය චෝදනා කරයි.

එක්තරා හෙද සංගමයක උවමනාව යටතේ මේ වංචනික ක්‍රියාව සිදු කරන බවත් මේ පසුබිම යටතේ තමන්ට අවශ්‍ය හෙද නිලධාරින්ගේ උසස් වීම් වංචා සහගතව වෙනස් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තු‍වේ ඉහළ නිලධාරින් සැලසුම් කරන බවට තම සංගමයට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම කීය.

උසස් වීම් ලේඛනයේ පිටපතක් තම සංගමය මඟින් ඉල්ලා සිටියද එය ලබානොදුන්නේ යැයි ද එසේ ලබානොදි සැඟවීමට උත්සාහ කරන්නේ මේ උසස් වීම් පසුපස යම් වංචනික තත්ත්වයක් පවතින නිසා යැයි ද රත්නප්‍රිය මහතා පවසයි.

අඳාළ උසස් වීම් වංචා සහගතව වෙනස් නොකරන ලෙසත් එසේ කළහොත් වංචා කළ නිලධාරින්‍ හෙළිදරව් කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙයි.

http://www.dinamina.lk/2012/05/15/_art.asp?fn=n1205158

2012-05-12
[ඩිල්ෂාන් මඩවල]


රටපුරා රජයේ රෝහල්වල සේවය කරන හෙද හෙදියන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීමටත් ඔවුන්ට තව තවත් පහසුකම් ලබා දීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. අදට යෙදී ඇති ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මහා පරාක‍්‍රම බාහු රජකල සමය ශ‍්‍රී ලංකාවේ හෙද සේවාවේ ස්වර්ණමය යුගය බවයි. ඒ සමයේදී එක් රෝගියෙකුට එක් හෙදියක් බැගින් සිටි බව අමාත්‍යවරයා සිහිපත් කරනවා. හෙද සේවාවේ ආරම්භකයා ලෙස කීර්තියට පත්ව සිටින්නේ ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මහත්මිය වුවත් ලොව ප‍්‍රථම සාත්තු සේවකයා බුදුරජාණන් වහන්සේ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එබැවින් බෞද්ධයන් වැඩි පිරිසක් සිටින ශ‍්‍රී ලංකාවේ හෙද සේවාව ලෝකයේ සෙසු රටවලට ද පූර්වා දර්ශයක් විය යුතු බවට අමාත්‍යවරයා පවසනවා.

http://nethfm.com/site/%E0%B7%84%E0%B7%99%E0%B6%AF_%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7_%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA_%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A_%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-1--6755.html

හෙද දිනයට සෞඛ්‍ය ඇමැතිගෙන් සුබපැතුම්

2012-05-12
[ඩිල්ෂාන් මඩවල]


රටපුරා රජයේ රෝහල්වල සේවය කරන හෙද හෙදියන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීමටත් ඔවුන්ට තව තවත් පහසුකම් ලබා දීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. අදට යෙදී ඇති ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මහා පරාක‍්‍රම බාහු රජකල සමය ශ‍්‍රී ලංකාවේ හෙද සේවාවේ ස්වර්ණමය යුගය බවයි. ඒ සමයේදී එක් රෝගියෙකුට එක් හෙදියක් බැගින් සිටි බව අමාත්‍යවරයා සිහිපත් කරනවා. හෙද සේවාවේ ආරම්භකයා ලෙස කීර්තියට පත්ව සිටින්නේ ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මහත්මිය වුවත් ලොව ප‍්‍රථම සාත්තු සේවකයා බුදුරජාණන් වහන්සේ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එබැවින් බෞද්ධයන් වැඩි පිරිසක් සිටින ශ‍්‍රී ලංකාවේ හෙද සේවාව ලෝකයේ සෙසු රටවලට ද පූර්වා දර්ශයක් විය යුතු බවට අමාත්‍යවරයා පවසනවා.

‘හෙද සේවය අල්ලසට යට නොවූ සේවයක්’ - ජනපති

2012 මැයි 14 වෙනි සදුදා,
(කොළඹ, ලංකාපුවත්) – හෙද සේවය අල්ලසට යට නොවූ සේවයක් බවත් ගුණාත්මක හෙද සේවයක් පවත්වා ගැනීම උදෙසා හෙද හෙදියන් කැපවිය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

‘පර්යේෂණය තුළින් ඔප් නැංවුනු ගුණාත්මක හෙද සේවයකින් පරතරය පියවමු’ යන තේමාව යටතේ අද(14) අරලියගහ මන්දිරයේ පැවැති 2012 ජාත්‍යන්තර හෙද දින උත්සවය අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ හෙද සේවය වැටුපකට සීමා වූ සේවයක් නොවන බවත් රටට ජාතියට කරන සේවයක් වශයෙන් සළකා හෙදියන් කටයුතු කළ යුතු බවත්ය.

අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා ලෝකයේ සුබසාධනය ලබාදෙන රාජ්‍ය අතර ශ්‍රී ලංකාව පෙරමුණේ සිටියි.

සේවක අයිතිවාසිකම් ලබා ගැනීමට වර්ජන තර්ජනවලට යොමුවනවාට වඩා රජය සමඟ සැමවිටම සාකච්ඡාවෙන් ප්‍රශ්න විසදාගත හැකි බවත් ඒ සදහා කැපවී කටයුතු කරන පිරිසක් තම රජයේ සිටින බවත් ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේ දී අදහස් දක්වමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසා සිටියේ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවෙන් හෙද සේවයේ ඉල්ලීම් රැසක් දිනාගැනීමට තම සංගමයට හැකිවූ බවයි.

වෛද්‍ය වෘත්තියේ සිට හෙද සේවය දක්වා සෞඛ්‍ය සේවයේ සියලු අංශවල මානව සම්පත් සංවර්ධනය උදෙසා පසුගිය වසර කිහිපය තුළ රජය කටයුතු කර ඇති ආකාරය එහිදී පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ දී සෞඛ්‍ය සේවය වෙනුවෙන් රුපියල් බිලියන 100කට වඩා වැඩි මුදලක් රජය වැය කළ බවද පැවසීය.

මෙම අවස්ථාවේ දී ජනාධිපතිතුමා ‍‍රටට හා සෞඛ්‍ය සේවයට කළ මෙහෙය අගයමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ජනාධිපතිතුමා වෙත තිළිණයක් පිළිගැන්වූ අතර මහජන බැංකුවේ මැදිහත්වීමෙන් බැංකු සේවා පවත්වාගෙන යාමට හෙද හෙදියන් සඳහා බැංකු ගිණුම් හදුන්වාදීම ද සිදුවිය. එසේම සුවය මාසික සඟරාවේ පිටපතක් එහි සංස්කාරකවරිය වන ඉරේෂා හෙට්ටිගොඩ මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවිණි.

http://www.lankapuvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=22458:2012-05-14-10-53-00&catid=90:--2&Itemid=555

Thursday, May 17, 2012

රෝහල් රැකියා දෙන බවට කූට ලේඛන හදා ලක්‍ෂ ගණන් මුදල් ගැරූ දෙදෙනා රිමාන්ඩ්

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

රජයේ රෝහල්වල ඉහළ නිලධාරීන්ගේ නිල මුද්‍රd සහ අත්සන් කූට ලෙස යොදාගෙන ව්‍යාජ ලේඛන සකස්‌ කරමින් රැකියා විරහිත තරුණ තරුණියන් හට රෝහල්වල කම්කරු හා රියෑදුරු පත්වීම් ලබාදී රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ගැරූ තරුණයන් දෙදෙනකු මේ මස 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්තිකා මාරපන මෙනවිය පෙරේදා (15 දා) නියෝග කළාය.

මැදවච්චිය නගරයේ පදිංචි ජයනාත් වීරකෝන් සහ නිමල් පුෂ්පකුමාර යන සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

රුපියල් ලක්‍ෂ දෙකක මුදලක්‌ ලබාදී අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ කම්කරු පත්වීමක්‌ ලැබූ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක්‌ පිළිබඳව සිදු කළ විමර්ශනවලදී හෙළිවූ තොරතුරු මත මැදවච්චිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් සතුව තිබී කූට ලේඛන යොදාගෙන සකස්‌ කළ රෝහල් කම්කරු පත්වීම් ලිපි 18 ක්‌ හා රියෑදුරු පත්වීම් ලිපි 6 ක්‌ පොලිසිය භාරයට ගෙන ඇත.

උතුරුමැද පළාත් සභාවේ අමාත්‍යවරයකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකුද මෙම ජාවාරමට සම්බන්ධ බවට ලැබී තිබෙන තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

මේ වංචනික ජාවාරම පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

මේ පිළිබඳව උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති චන්දන වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිමල් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක එස්‌. එම්. කේ. සේනාරත්න, සැරයන්වරුන් වන ගුණතිලක (31385), රණවීර (29875) සහ කෝදාගොඩ (7766) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

http://www.divaina.com/2012/05/17/news11.html

රජයේ රෝහලකට එන විදේශිකයන්ටත් නොමිලේ ප්‍රතිකාර සුබසාධනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තැනක - ජාත්‍යන්තර හෙද දින සැමරුමේ දී ජනපති අවධාරණය කරයි

මහින්ද අලුත්ගෙදර

සුබසාධන කටයුතු සැලසීම අතින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ස්ථානයේ පසුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය සේවාවන් සැපයීම සැලැකීමේදී ලෝකයේ කිසිදු රටක් ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති ස්ථානයට පැමිණ නොමැති බවද රෝහලකට පැමිණෙන ඕනෑම විදේශිකයෙකුට වුවද නොමිලයේ ප්‍රතිකාර ලබාදෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ (14) පැවැති ‘ජාත්‍යන්තර හෙද දින සැමරුම - 2012’ උළෙල අමතමිනි. පර්යේෂණ තුළින් ඔප් නැංවුණ ගුණාත්මක හෙඳ සේවාවකින් පරතරය පියවමු යන්න තේමාව කරගත් මේ සැමරුම් උළෙල රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය විසින් සංවිධානය කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අඳහස් දැකුවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් රජය රටේ ජනතාවට සහන සැළසීමේ අරමුණින් වැඩි වියදමක් දරමින් ජනතාවට අවම මිල ගණන් යටතේ පරිභෝජනය සඳහා අවස්ථාව සළසා දෙන බවයි.
වසර ගණනාවක සිට මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සහනාධාරය ලබාදෙන බව සිහිපත්කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතැමුන් මේ තත්ත්වය අවබෝධ කරගෙන නොමැති බවද රට සංවර්ධනය කිරීම සඳහා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවද ප්‍රකාශ කළේය.

රට සංවර්ධනය නොකර රැකියා පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ ඒ මහතා සුබ සාධන පහසුකම් සළසාලමින් රටේ ජනතාව වෙනුවෙන් සමෘද්ධි සහනාධාරය ලබාදෙන බවද ජනතාවට නොමිලයේ මෙන්ම අවම මිල ගණන් යටතේ ලබාදෙන සහන රැසක් පවතින බවද පැවසීය.

විදේශ රටවලින් පැමිණ අපේ රට සංවර්ධනය නොකරන බව කී ජනාධිපතිවරයා හෙට උපදින දරුවන් වෙනු‍වෙන් ආඩම්බරයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාව බවද ඒ සඳහා යුතුකම් රැසක් අපවෙත පැවරී තිබෙන බවද කීවේය.
හෙඳ හෙඳියන් වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවාව හරහා ඉහළ සේවාවක් ඉටුකරන බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ක්ෂේත්‍රයේ පිරිසට පවතින ගැටළු සඳහා සාකච්ඡාවෙන් විසඳුම් සොයාගත හැකි බවද එලෙස සාකච්ඡාකර යම් ගැටළුවක් විසඳා ගතහැකි පිරිසක් වත්මක් රජය නියෝජනය කරන බවද පෙන්වා දුන්නේය. හෙඳ හෙදියන් වෙත බැංකු පහසුකම් හදුන්වා දෙමින් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් ආයතනයේ බැංකු ගිණුම් පිරිනැමීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගය කරමින් රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ තිළිණයක්ද පිරිනැමූහ.
ඊට අමතරව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සුවය සඟරාවේ පිටපතක්ද පිරිනැමිණිනි. රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී සූරියප්පෙරුම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

. http://www.dinamina.lk/2012/05/15/_art.asp?fn=n1205151

තෘතීයික වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ තනතුරට සුදුස්‌සකු පත් කරන්න - සෞඛ්‍ය ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලයි

ඒමන්ති මාරඹේ

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ වැදගත් කාර්යභාරයක්‌ ඉටුකරනු ලබන තෘතීයික වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ තනතුරෙහි වැඩ බැලීම සඳහා පත්කර සිටින වෛද්‍ය නිලධාරිවරයාට පරිපාලන ශ්‍රේණියේ තනතුරක්‌ දැරීමට සුදුසුකම් නැති බැවින් එම තනතුරෙන් ඔහු ඉවත්කර ඒ සඳහා වෙනත් සුදුස්‌සෙකු පත් කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකවරුන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන සංගම් විසින් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිත ඉල්ලීමක්‌ කර තිබේ.

අදාළ අධ්‍යක්‍ෂ ධුරයෙහි වැඩ බැලීම සඳහා පත්කර ඇති වෛද්‍ය නිලධාරිවරයා මේ වනවිට වසර දෙකක කාලයක්‌ මුළුල්ලේ එම තනතුරෙහි වැඩ බලන බව පෙන්වා දෙන එම වෛද්‍ය සංගම්, ඔහු පරිපාලන ශ්‍රේණියේ තනතුරක්‌ දැරීමට වෛද්‍ය පරිපාලකයින්ගේ 2007 සේවා ව්‍යවස්‌ථාව යටතේ තිබිය යුතු වසර 3 ක කාලයක්‌ නියෝජ්‍ය වෛද්‍ය පරිපාලකයකු ලෙස සේවය කර තිබීමේ සුදුසුකම සපුරා නොමැති බව අවධාරණය කරයි.

දිවයිනේ සියලු රජයේ මහ රෝහල් හා ශික්‌ෂණ රෝහල් කටයුතු මෙන්ම සියලු රජයේ රෝහල් වෛද්‍ය පරිපාලන හා විශේෂඥ වෛද්‍යවරුන් මෙම තෘතීයික වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ තනතුර යටතට ගැනේ.

සුදුසුකම් සපුරා නොමැති තවත් වෛද්‍ය නිලධාරීන් ඇතැම් රෝහල්වල පරිපාලන තනතුරුවලට පත්කර ඇති බව ද මේ සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මැයි 24 වැනිදා පැවැත්වෙන සිය සංගමයේ මහ සභා රැස්‌වීමේදී තීරණයක්‌ ගන්නා බව ද ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකවරුන්ගේ සංගමය පවසයි.

http://www.divaina.com/2012/05/13/news03.html

රජයේ වෛද්‍යවරුන්ට පමණක්‌ දීමනා වැඩි කිරීම ගැන සලකා බැලීමෙන් සෞඛ්‍ය බලධාරීන් තම වෘත්තීන්ට දැඩි අසාධාරණයක්‌ සිදු කරනවා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති රැසක්‌ කියයි

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍යවරුන් සඳහා පමණක්‌ මෙම වසරේ මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අතිකාල දීමනා වැඩි කිරීම හා ප්‍රවාහන දීනාව වැඩි කිරීමට සළකා බැලීම හරහා සෞඛ්‍ය බලධාරීන් තම වෘත්තීන්ට දැඩි අසාධාරණයක්‌ සිදුකර ඇතැයි හෙද, පරිපූරක වෛද්‍ය වෘත්තික හා අතුරු වෛද්‍ය වෘත්තීන් යන සේවාවන් නියෝජනය කරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ යන වෘත්තීය සමිති අවධාරණය කර සිටී.

මෙම තත්ත්වය මත වෛද්‍යවරුන්ගේ දීමනාවන්ට සමාන්තරව තම දීමනා වැඩි කිරීමට අදාළ සේවා ඉල්ලීම් 3 ක්‌ සඳහා ඉදිරි සතිය තුළදී සාකච්ඡාමය විසඳුමක්‌ ලබා නොදෙන්නේ නම් වහාම ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ කරා යැමට තීරණය කර ඇතැයි එම වෘත්තීය සමිති පවසති.

ඉහළ දැමු ඉන්ධන හා ප්‍රවාහන ගාස්‌තු ප්‍රතිශතයන්ට අනුව හා එයට සමාන්තරව වෛද්‍යවරුන්ට දැනට ගෙවනු ලබන දීමනාවට සාපේක්‍ෂව ප්‍රවාහන දීමනාවක්‌ ලබාදීම, සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් නිවැරදි කිරීම වෙනුවෙන් මාසිකව රුපියල් 4,000 ක උපරිමයට යටත් වූ දීමනාවක්‌ ලබාදීම හා වෛද්‍යවරුන්ට දැනට ගෙවනු ලබන අතිකාල දීමනා වැඩි කිරීමේ ප්‍රතිශතයට සමානුපාතිකව හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන් සඳහා ද අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම්වලට ඉදිරි සතිය තුළදී විසඳුම් ලබාදිය යුතු බව එම වෘත්තිය සමිති කියා සිටිති.

http://www.divaina.com/2012/05/12/news26.html

වෛද්‍ය වර්ජනය දෙකට බෙදෙයි

ඒමන්ති මාරඹේ, කළුතර - විජයසිරි විද්‍යාසේකර, නාත්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (11 දා) ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය සඳහා ඇතැම් රජයේ රෝහල් වෛද්‍යවරුන් සහභාගි වුවද රෝහල් බහුතරයක වෛද්‍යවරුන් වර්ජනයට සහභාගි නොවීම හේතුවෙන් සාමාන්‍ය පරිදි රෝහල් කටයුතු සිදුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ පිරිසක්‌ "දිවයින"ට පැවැසූහ.

වර්ජන නියෝගය නොතකමින් තම රාජකාරි කටයුතුවල නිරත වූ වෛද්‍යවරුන් අතර කොළඹ හා ප්‍රාදේශීය ප්‍රධාන රෝහල් ගණනාවක සේවය කරන වෛද්‍යවරුන් සිටින බව ඔවුහු සඳහන් කළහ. මෙම තත්ත්වය මත රජයේ වෛද්‍යවරුන් වර්ජනයට පක්‍ෂ හා විපක්‍ෂ වශයෙන් කොටස්‌ දෙකකට බෙදී ගොස්‌ තිබූ බව පැහැදිලි විය. රජයේ රෝහල් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන බාධාවීමේ, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් පහළොස්‌ දහසේ සිට රුපියල් විසිනවදහස දක්‌වා වැඩි කරන ලෙස ඉල්ලමින් ඊයේ (11 දා) උදැසන 8.00 සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබිණි.

2008 වසරේදී රජය විසින් පොරොන්දු වූ ප්‍රකාරව මෙම දීමනා වැඩිවීම රජයේ වෛද්‍යවරුන්ට ලබාදිය යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙහිදී අවධාරණය කර තිබිණි. එහෙත් අදාළ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා බලධාරීන්ට බලපෑම් කරන මෙන් එම සංගමයේ සාමාජිකත්වය විසින් කලකට පෙර කරන ලද ඉල්ලීමට විධායක කමිටුව එම දිනවල යහපත් ප්‍රතිචාර නොදැක්‌වීම හේතුවෙන් තමන් වර්ජනයට සහභාගි නොවූ බව වර්ජනය ප්‍රතික්‍ෂේප කළ වෛද්‍යවරු පිරිසක්‌ "දිවයින"ට පැවැසූහ.

මේ අතර කරාපිටිය, මහනුවර ශික්‍ෂණ හා කළුතර, පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ඇතැම් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් එම රෝහල්වල බාහිර රෝගී අංශ, සායන, සාමාන්‍ය සැත්කම් හා ප්‍රතිකාර කටයුතු අඩාලව පැවැති බවයි. බාහිර හා නේවාසික රෝගීන් මෙම තත්ත්වය මත අසීරුතාවට පත්ව සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව පවසනුයේ ඊයේ (11 දා) ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සාර්ථක වූ බවය.

http://www.divaina.com/2012/05/12/news12.html

ජාත්‍යන්තර හෙද දිනය අද ජාතික උත්සවය 14 දා අරලියගහ මැදුරේ දී

අජිත් අලහකෝන්

ජාත්‍යන්තර හෙද දිනය අදට (12 වැනිදාට) යෙදී ඇත. හෙද සේවාවේ නිර්මාතෘවරිය වන µaලෝරන්ස්‌ නයිටිංගේල් ගේ ජන්ම දිනයද අද වන අතර ඊට සමගාමීව සෑම වසරකම මැයි 12 වැනිදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස නම්කර තිබේ.

ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (14 දා) පෙරවරු 9.00 ට අරලියගහ මැදුරේ දී පැවැත්වේ.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ ජාතික උත්සවය සංවිධානය කරනු ලබන්නේ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසිනි.

හෙද හෙදියන් පන්දහසකට අධික පිරිසක්‌ සහභාගි වන මෙම සැමරුම් උළෙලේ මෙවර තේමාව වී තිබෙන්නේ "පර්යේෂණ තුළින් ඔප්නැංවුණ ගුණාත්මක හෙද සේවාවකින් පරතරය පියවමු" යන්න බව මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ "දිවයින"ට පැවසූහ.

මෙම තේමාව අනුව යමින් රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයද ධනාත්මක චින්තනය තුළින් ගුණාත්මක හෙද පරපුරක්‌ බිහිකරලීමේ සංකල්පය තුළ සමස්‌ත හෙද කාර්ය මණ්‌ඩලය දැනුවත් කරලීමේ වැඩසටහන සැලසුම් කර ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

මීට අමතරව ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයද අද (12 දා) පෙරවරු 10.00 ට කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේ දී සැමරුම් උත්සවයක්‌ පවත්වයි. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ප්‍රමුඛ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේ සමරු දේශනය විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රමුදිතා මාධවී මහත්මිය විසින් සිදු කරනු ලබයි. මෙහිදී රචනා, පෝස්‌ටර් තරග ජයග්‍රාහකයන්ට පදක්‌කම් පිරිනැමීම, සත්කාර සඟරාව එළිදැක්‌වීම, නයිටිංගේල් උපහාර ගීතය සහ හෙද දින ගී ප්‍රසංගයක්‌ද පැවැත්වෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින" ට කීවේය.

http://www.divaina.com/2012/05/12/news07.html

Wednesday, May 16, 2012

දීපව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාවක්‌ - වෛද්‍ය නිලධාරී සංගමයේ ජාතික රෝහල් ශාඛා

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍යවරුන්ගේ බාධාවීම්, පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 29,000 දක්‌වා වැඩි කරන ලෙස ඉල්ලමින් මෙම මස 21 වැනිදා සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාවක්‌ ඊයේ (15 දා) පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛා රැස්‌වීමේදී සම්මත කර ගත් බව ජාතික රෝහල් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියකු "දිවයින" ට පැවැසීය.

මෙම වර්ජන යෝජනාව ලබන ඉරිදා (20 දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් තනතුරුලාභී නිලධාරීන් විසින් කැඳවීමට යන සංගමයේ මහ සභා රැස්‌වීමේදී සාමාජිකත්වය වෙත ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ප්‍රධානීන් විසින් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සාමාජිකත්වයේ අනුමැතියක්‌ නොමැතිවම නතර කර දැමීම පිළිබඳව ඊයේ පැවැති රැස්‌වීමට සහභාගි වූ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 400 ක්‌ පමණ දෙනා පැමිණ සිටි සංගමයේ ප්‍රධාන නිලධාරිවරයකුට තදින් දෝෂාරෝපණය කර ඇති අතර ඇතැම් වෛද්‍යවරුන් ඔහුට හූ මිටි තැබීම නිසා රැස්‌වීමෙහි උණුසුම්කාරී තත්ත්වයක්‌ හට ගෙන තිබේ.

ඉකුත් වැඩවර්ජනය අසාර්ථක වුවද අනතුරුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් සියල්ලෙහි සහභාගිත්වයෙන් මහ සභා රැස්‌වීමක්‌ කැඳවීමට සංගමයේ ප්‍රධානීන් කටයුතු නොකිරීම පිළිබඳ වෛද්‍යවරුන් අදාළ නිලධාරිවරයාට තම අප්‍රසාදය පළ කර ඇති අතර එකී වැඩවර්ජනය කිසිදු විසඳුමක්‌ ලබා නොගෙන හා වර්ජනය පැවැත්වීම වළකාලමින් උසාවි වාරණ නියෝගය නිකුත් කිරීමටත් පෙර නතර කිරීම පිළිබඳ සංගමය විධායක කමිටුවට චෝදනා කර තිබේ.

මෙහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමස්‌ත සාමාජිකත්වයේ කැමැත්ත පරිදි කටයුතු කළ නොහැකි නම් විධායක කමිටුව වහා ගෙදර යා යුතු බව සහභාගි වූ ඇතැම් වෛද්‍යවරුන් පැවැසූ බව අදාළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

http://www.divaina.com/2012/05/16/news21.html

වැටුප් ගැටලුවලට කඩිනම් විසඳුම් නැතිනම් වැඩ වැරුමක්‌ දියත් කරන බව දන්ත වෛද්‍යවරු කියති

ඒමන්ති මාරඹේ

වෛද්‍ය සේවයෙහි වැටුප් හා දීමනා ගැටලු විසඳීම සම්බන්ධයෙන් රජය කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරි දින කිහිපය ඇතුළත දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ දියත් කරන බව රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙහිදී සිය ඉල්ලීම් මුල්කරගෙන වෛද්‍ය සේවය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ඇද දැමීමේ හා ඒ නිසා ඇතිවන සියලු ප්‍රතිවිපාකයන් සම්බන්ධ වගකීම බලධාරීන් විසින් භාර ගත යුතු බව එම සංගමය කියයි.

වෛද්‍ය සේවයෙහි පවතින වැටුප් හා දීමනාවන්, පවතින ජීවන වියදම, උසුලන වගකීම හා කාර්යභාරය මත සංශෝධනය විය යුතු බවත් මේ පිළිබඳව වසර ගණනාවක සිට තම සංගමය ඇතුළු සහෝදර වෘත්තීය සමිති විසින් රජයට පෙන්වා දුන්නද එය සිදු කිරීමේදී බලධාරීන් නිද්‍රdශීලී හා අත්තනෝමතික පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටින බව දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

http://www.divaina.com/2012/05/16/news18.html

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය

හෙට දිනයේ ඉපදෙන්න ඉන්න දරුවන්ට වඩා හොඳ රටක්‌ නිර්මාණය කළ යුතුයි
- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

පළමුව යුතුකම් ඉටුකර දෙවනුව අයිතීන් ලබාගන්නට යා යුතුයි
මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි

අනුර බාලසූරිය

ලොව සුබසාධන පහසුකම් ලබාදෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළම ස්‌ථානයක සිටින බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේදී ඊයේ (14 දා) පැවැති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

ජනාධිපතිවරයා එහිදී මෙසේ ද කීවේය.

හෙද සේවයේ ගුණාත්මකභාවය පිළිබඳ අප සැමදාම කථා කරනවා. හෙද සේවය අල්ලසට යට නොවුණු සේවයක්‌. හෙද හෙදියන් ප්‍රියවචන කතාකරනවා වගේම ඒ අයගේ හිනාවත් රෝගියාට වටිනවා. නමුත් අපට දැන් පැමිණිලි එනවා හෙද සේවයේ සමහරු සමහර තැන්වලදී ලෙඩෙකුට කථා කරනවිට, සාත්තු කරන විට ඔවුන් දක්‌වන ප්‍රතිචාර එදාට වඩා වෙනස්‌ කියලා. හොඳ මට්‌ටමක නැහැ කියලා. හැබැයි ඒ කියන්නේ කීප දෙනකු ගැන. ඒ කීප දෙනාත් වටහා ගන්න ඕන හෙද සේවය කියන්නේ වැටුපකට කරන රැකියාවක්‌ නොව සේවයක්‌ කියන බව. රෝගීන් වෙනුවෙන් කරන සේවය රටක්‌, ජාතියක්‌ වෙනුවෙන් කරන සේවයක්‌. අපට යුතුකමක්‌ තියෙනවා අසනීපයෙන් සිටින රෝගියා අපේ දෙමාපියෙක්‌, හිතවතෙක්‌, ඥාතියෙක්‌, ලාංකිකයෙක්‌ බව සිතා ඔවුන්ට සලකන්න. අපිට විශ්වාසයි ඔබ ඒ යුතුකම ඉටුකරනවා කියලා.

හෙද සේවයේ ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක්‌ නැති කෙනෙක්‌ නැහැ. ප්‍රශ්න හැමෝටම තියෙනවා. රාජ්‍ය සේවය ලක්‍ෂයකට අඩුකිරීමේ වැඩපිළිවෙළක්‌ පසුගිය කාලයේ තිබුණා. රාජ්‍ය සේවයේ පිරිස ලක්‍ෂ හයක්‌ දක්‌වා අඩුකරලා තිබුණා. නමුත් දැන් එම පිරිස ලක්‍ෂ 13 ක්‌ දක්‌වා අපි වැඩිකරලා තියෙනවා. දැන් හැමදාම වගේ රැකියා ලබාදෙන බව ඔබ දන්නවා. සෞඛ්‍ය සේවයේත් බොහෝ පෙදෙස්‌වල රැකියා ලබා දෙනවා. නමුත් මොනතරම් රැකියා අවස්‌ථා අපි ලබාදුන්නත් එහි අවශ්‍යතාව අනුව ලබාදෙන්න ඕන. නමුත් සමහරු කියනවා ප්‍රමිතියට අනුව 45,000 ක්‌ හෙද සේවයේ ඉන්න ඕන ඒ වුණාට ඉන්නේ 26,000 ක්‌ විතරයි කියලා. ඒ අතරේ සමහරු කියනවා මේ සඳහා බඳවා ගන්න ඕන විද්‍යා විෂයන් හදාරපු අය පමණයි. කලා විෂයන් හදාරපු අය බඳව ගන්න බැහැ කියලා. කලා විෂයන් ඉගෙන ගත් අයට හෙද සේවයට ඇතුළු වෙන්න බැරිද? මේවා ගැන අලුතෙන් සිතිය යුතුයි.

අපි නිතරම කියනවා වෘත්තීය සමිති නායකයෙක්‌ වශයෙන් අපේ ස්‌වාමීන් වහන්සේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගැටලු විසඳන්න අපි සමඟ සාකච්ඡා කරලා කටයුතු කරනවා. හොඳ තීන්දු තීරණ ගන්නවා. වෛද්‍යවරුන්ට පවා අපි සමඟ සාකච්ඡා කරලා අවශ්‍ය තීරණ, විසඳුම්වලට එන්න අද පුළුවන්. අපි ඒ විසඳුම් ලබා දුන්නා. වෛද්‍යවරු අප සමඟ කෑම මේසයේදී සාකච්ඡා කර ගැටලු විස¹ගත්තා. කියන පරක්‌කුවෙන් අපි ඉල්ලීම් ලබාදී තිබෙනවා. සුහදව සාකච්ඡා කර ගැටලු විසඳගන්න පුළුවන්. එහෙම නොවුනාම ටිකක්‌ දුර දිග යනවා. සුහදව ඕනෑම ප්‍රශ්නයක්‌ විස¹ගත හැකියි. අවබෝධයක්‌ තිබෙන කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ඉන්නවා.

අද අපි ඉන්ධන මිලදී ගන්නවා සෞදියෙන්, ඉරානයෙන්. ඒ ඉන්ධනවලට අපි ගෙවන මුදලට වඩා අඩු මුදලට ඉහළම ධනපතියන්ගේ සිට මේ රටේ හැමෝටම ඉන්ධන ලබා දෙන්නේ. අපි අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය ආදී ක්‍ෂේත්‍රවලට සුබසාධනය ලබාදෙන රටවල් අතර ඉහළම තැනක ඉන්නේ. මේ බව බොහෝ දෙනෙක්‌ අවබෝධ කරගෙන නැහැ. ආණ්‌ඩුව වැඩියෙන් ගෙනැල්ලා අඩු මිලට ජනතාවට දෙනවා. බර ඉසිලිsය හැකි ප්‍රමාණයක්‌ රජයකට තිබෙනවා.

අපි මේ රට සංවර්ධනය කරන්න ඕන. රැකියා ලබා දෙනවා වගේම ඒ අයගේ වැටුප් වැඩිකරන්න ඕන. ලක්‍ෂ 13 ක්‌ වන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න, විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න, සමෘද්ධි සහනාධාරය ලබාදෙන්න මේ හැම ක්‍ෂේත්‍රයක්‌ සම්බන්ධයෙන්ම අපි කටයුතු කරන්න ඕන. බලන්න මේ රටේ කොපමණ දේවල් නොමිලයේ දෙනවාද කියලා. අඩු මිලට දෙනවද කියලා. මේ සියලු දේවල් සිදුකරන්නේ ආණ්‌ඩුවෙන්. ආණ්‌ඩුව කියන්නේ ඔබ. අපි මේ රටේ මාර්ග, රෝහල් හදන්න ඕන. පාසල් හදන්න ඕන. අපේ දරුවන්ට අපි හොඳ රටක්‌ ගොඩනඟන්න ඕන. මේ අපේ රට. පිටරටවල් ඇවිත් අපේ රට හදලා දෙන්නේ නැහැ. මේ රට හදන්න ඕන අපි. අපිට වගකීමක්‌ තියෙනවා අදට වඩා හෙට ඉපදෙන්න ඉන්න දරුවන්ටත් අපේ රට කියලා ආඩම්බර වෙන්න පුළුවන් රටක්‌ නිර්මාණය කරන්න. අපි මේ රට නිදහස්‌ කරගත්තා. අපිට ආපස්‌සට යන්න පුළුවන් කමක්‌ නැහැ. මේ නිදහස්‌ කරගත් රට අපි අනාගත පරපුරට භාර දෙනකොට රට වෙනුවෙන් අපෙන් විය යුතු යුතුකම් රාශියක්‌ තියෙනවා. අපි අද ඒ දේ සිදු නොකළොත් කවදහරි මේ රටේ ඉපදෙන දරුවා අපට සාප කරාවි.

අපි ඒ සාපයට ලක්‌විය යුතු නැහැ. අපේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් වැඩකරන්න අපට යුතුකමක්‌ තියෙනවා. ඒ යුතුකම, වගකීම අපි ඉෂ්ට කරනවා. හෙද හෙදියන් වශයෙන් ඔබ රැකගෙන ඉන්න නාමය, ගෞරවය ඉදිරියටත් රැකගැනීම ඔබ සැමගේ යුතුකමක්‌.

උතුරු නැගෙනහිරෙන් අද මෙහි පැමිණි අය ඇතුළු ඔබ සියලු දෙනාටම මම මගේ සුබපැතුම් පිරිනමනවා.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා

ජාත්‍යන්තර හෙද දිනය අද සමරන්නේ ඓතිහාසික මේ අරලියගහ මන්දිරයේදී. හෙද සේවය මුළු මහත් රාජ්‍ය සේවයේ කාගේත් ගෞරවයට පැසසුමට ලක්‌වූ සේවාවක්‌. අපේ නිදහස්‌ සෞඛ්‍ය සේවාව තුළ අප රජය විසින් ලබාදුන් භෞතික හා මානව සම්පත් අතිවිශාලයි. මේ වර්ෂයේ රුපියල් බිලියන 100 ක්‌ පමණ වෙන්කර තිබෙනවා මේවාට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ මිතුරු රාජ්‍යයන් වාර්ෂිකව විශාල මුදලක්‌ සෞඛ්‍ය සේවය වෙනුවෙන් ලබා දෙනවා.

වෛද්‍ය, හෙද සේවය ඇතුළු සියලු අංශවලට මානව සම්පත් ඉතා ඉහළින් ලබාදී තිබෙනවා. 2001, 2003 වසරවල හෙද සේවයට බඳවා ගැනීම් සීමා කරලා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර කර තිබුණේ. නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජ්‍ය පාලන කාලයේ රාජ්‍ය සේවය ශක්‌තිමත් වුණා. රාජ්‍ය සේවයේ අද වනවිට ලක්‍ෂ 13 ක්‌ සෞඛ්‍ය සේවයේ විවිධ වෘත්තීන්වලට මාස්‌පතා බඳවා ගන්නවා. මේ සියලු අංශවලට වාර්ෂිකව විශාල පිරිසක්‌ බඳවා ගන්නවා.

සෞඛ්‍ය අංශයේ මානව සම්පත් වර්ධනය තරම් වෙනත් කිසිම සේවයක නෑ. නිරෝගී ජනතාවක්‌ බිහිකිරීමේදී ප්‍රමිතීන්ට අනුව කටයුතු කිරීම අප කාගේත් බලාපොරොත්තුවයි. ගුණාත්මක සෞඛ්‍ය සේවයක්‌ සඳහා ඔබ ඔබේ වගකීම ඉටුකරනවා. ඔබ ඉල්ලීමක්‌ කළා නම් ජනාධිපතිතුමා ඒ සියලු දේ ලබා දී තිබෙනවා.

අද මේ ස්‌ථානයට ලංකාවේ හතර දිග් භාගයෙන් හෙද හෙදියන් 5000 ක්‌ පමණ පැමිණ තිබෙනවා. මේ සියලු දෙනා කොළඹට එනවිට රටේ සිදුවී තිබෙන සංවර්ධනය දකින්න ඇති. සංවර්ධනයේ මොනතරම් වෙනසක්‌ වෙලාද? රජයේ අරමුණ නිරෝගිමත් සමාජයක්‌ ගොඩනැගීමයි.

රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිපාණෝ

අපි අද අනුස්‌මරණය කරන්නේ නූතන හෙද සේවයේ නිර්මාතෘ නයිටින් ගේල් ජන්ම දිනයයි. අපි කෙනෙක්‌ අනුස්‌මරණය කරන්නේ නාමිකව නොවෙයි. ඉන් බලාපොරොත්තු වන්නේ ඔහුගේ ඇයගේ ගුණ සමුදායක්‌ තිබුණා නම් ඒ මාර්ගයේ ගමන් කිරීමයි.

නයිටින් ගේල් මැතිනිය ධනවත් පවුලක උපන් කෙනෙක්‌. ඇය ඒ ධනවත්කම වංශවත්කම සියල්ල පසෙක දමා තෝරාගත්තේ අහිංසක රෝගීන්ට උපස්‌ථාන කිරීමයි. බුදුන් වහන්සේත් ප්‍රථමයෙන් පෙන්නුවේ මේ ගුණාංගයයි.

නයිටින් ගේල් ආර්යාව නමින් රෝගීන් වෙනුවෙන් දිවා රාත්‍රී කැපවී කටයුතු කරන නයිටින් ගේල් දියනියන්, පුතුන් මෙතන ඉන්නේ. ඔබේ සේවය ජනතාව අගයන්නේ නම් එයයි නයිටින් ගේල් ආර්යාවට කරන හොඳම ගරුත්වය.

හෙද සේවය නිර්දන පංතිය වෙනුවෙන් සදාකල් ඇතිවේවා. එක්‌තරා සංවිධානයක්‌ ජාත්‍යන්තර හෙද දිනය අනුස්‌මරණය කර ඇති ආකාරය හරිම කනගාටුයි. ඔවුන් එය අනුස්‌මරණය කර තියෙන්නේ අනතුරු ඇඟවීමක්‌ කරමින්. අපි අපෙන් ඉටුවිය යුතු යුතුකම පළමුව ඉටුකර, දෙවනුව අයිතීන් ලබාගන්නට යා යුතුයි.

මෙම අවස්‌ථාවට වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ද එක්‌වූහ.

මෙම අවස්‌ථාවට උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත්වලින් හෙද හෙදියන් 5000 ක්‌ පමණ පැමිණ සිටියහ.

මෙහිදී හෙද සංගමය විසින් ජනාධිපතිවරයාට විශේෂ තිළිණයක්‌ද ප්‍රදානය කළේය


http://www.divaina.com/2012/05/15/news20.html

දීමනාව වැඩිකර ගැනීමට අඛණ්‌ඩ වෛද්‍ය වර්ජනයක්‌

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍යවරුන්ගේ බාධාවීම්, පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 29,000 දක්‌වා වැඩි කර ගැනීම සඳහා ඉදිරියේදී දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ කරා යැමට පෙරේදා (13 දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහා සභා රැස්‌වීමේදී තීරණය වූ බව එම සංගම් ආරංචි මාර්ග පැවසීය. අදාළ දීමනාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ මෙම මහ සභා රැස්‌වීමට සහභාගි වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය ශාඛාවන් කිහිපයක්‌ ලෙඩ නිවාඩු දැමීමේ ක්‍රියාමාර්ගයක්‌ ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබිණි. අවසානයේදී අඛන්ඩ වැඩවර්ජනයක්‌ කරා යැමට සාමාජිකත්වය එකඟ වූ බව එම ආරංචි මාර්ග කීවේය.

කොළඹ රජයේ වෛද්‍යවරුන්ගේ සංගම් මූලස්‌ථානයේදී මෙම මහ සභා රැස්‌වීම පැවැත්විණි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීම වළක්‌වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගිය සිකුරාදා (11 දා) නිකුත් කර තිබූ වාරණ නියෝගය ඊයේ (14 දා) වන විට ද තමනට නොලැබුණු බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය. මෙම තත්ත්වය මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ කරා යැමට මේ වන විට තම සංගමයට බාධකයක්‌ නොමැති බවත් එවැනි වාරණ නියෝගයක්‌ පවතී නම් එය ඉවත් කරලීමට අවශ්‍ය නීතිමය පියවර මේ වන විට ගනිමින් සිටින බවත් ඔහු කීවේය.

වෛද්‍ය වරජනයට එරෙහිව වාරණ නියෝගයක්‌ ඉල්ලා උසාවියට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලෙහි පවතින ඇතැම් ව්‍යාජ කරුණුවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරගෙන යන බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර පසුගිය සිකුරාදා රජයේ වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව සම්බන්ධව මුදල් හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීමට නිසි එකඟත්වයක්‌ පළ නොවූ බව ද වෛද්‍ය පාදෙනිය අවධාරණය කළේය. ඊයේ (14 දා) වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.


http://www.divaina.com/2012/05/15/news07.html

සෞඛ්‍ය සේවාවේ වර්ජන රැල්ලක් අත ළගයි. රජය බිහිරි අලියෙක් සේ නිහඩයි

http://www.lankacitizen.com/index.php/en/inside/local/1196-2012-05-11-02-51-23

සෞඛ්‍ය සේවාවේ වර්ජන රැල්ලක් අත ළගයි. රජය බිහිරි අලියෙක් සේ නිහඩයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැතිකඩ ගණනාවක නොවිසදුණු ප්‍රශ්න රැසක් මේ වන විට අර්බුද බවට පත්වෙමින් පවතින ලකුණු පහළ වී ඇත. ඒ අනුව මෙම කරුණු කෙරෙහි වත්මන් සංධාන ආණ්ඩුව කල්මරන ලද විසදුම් රැසක් ක්‍රියාවට නැගිය යුතුව ඇතැයි ද ඒ ඒ ක්ෂේත්‍රයන්හි වෘත්තීය සමිති රැසක් මේ වන විට චෝදනා නගමින් ද සිටී.
එහෙත් රජයේ පාර්ශවයෙන් දිස්වෙනුනේ සුපුරුදු ඇල් මැරුණු නිහඩ පිළිවෙතකි. මෙහි ප්‍රතිඵලය වන්නේ වර්ජන කරා අදාළ අංශ යොමු වීම බව පැහැදිලිය.
වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රවාහන දීමනා ගැටලුව සහ හෙද හෙදියන්ගේ වැටුප් වර්ධක ගැටලුව මෙහි ප්‍රමුඛව පවතී. එම ගැටලු සදහා විසදුම් ලබා නො දුන හොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමු වන බව මේ වනවිට අදාල ක්ෂේත්‍රයන් හි වෘත්තීය සමිති නායකයින් රටම දන්වා ඇත.

මෙහි එක් පියවරක් ලෙස අද (2012 මැයි 11) උදැසන 8 සිට රජයේ රෝහල්වල දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ අතර, තම ගැටලු සදහා නිසි ක්‍රියා මාර්ග නො ගන්නේ නම් සහ හෙද සේවාවේ වැටුප් ප්‍රශ්නය දිගින් දිගටම විසදන්නේ නැතිව කල් දමන තත්ත්වයක් ඇති බැවින් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවට හෙද සේවක සංගමය ප්‍රකාශ කරයි.
මෙම තත්ත්වයට අදාළ සවිස්තරාත්මක වාර්තා 2 ක් අපි පහතින් පළ කරමු.
රු.15,000 දීමනාව 29,000 ක්‌ කරන්නැයි ඉල්ලා වෛද්‍යවරු අද වැඩ වර්ජනයේ

රජයේ වෛද්‍යවරුන්ට ගෙවනු ලබන බාධාවීමේ, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 29,000 දක්‌වා වැඩිකර දෙන ලෙස ඉල්ලමින් අද (11 දා) උදැසන 8 සිට රජයේ රෝහල්වල දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දැනට රජයේ වෛද්‍යවරුන්ට ගෙවනු ලබන රුපියල් 15,000 ක්‌වූ අදාළ දීමනාව රුපියල් 29,000 දක්‌වා වැඩි කිරීමට රජය විසින් 2008 වසරේදී වූ පොරොන්දුව මෙතෙක්‌ ඉටුනොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය කියයි.
මෙම දීප ව්‍යාප්ත වැඩවර්ජනය සඳහා බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා, කාසල් වීදිය කාන්තා, ද සොයිසා, මහරගම පිළිකා යන රෝහල්වල වෛද්‍යවරුන් සහභාගි කර නොගන්නා බවත් වර්ජනය ක්‍රියාත්මක වන සෙසු රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවාවන් පමණක්‌ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින් ආරියරත්න මාධ්‍යයන්ට පැවැසීය.

රජයේ වෛද්‍යවරුන්ට බාධා වීමේ, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව පොරොන්දු වූ ප්‍රකාරව වැඩිකර දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දී තිබූ දින 10 ක කාල සීමාව අදින් (11 දා) අවසන්වීම නිසා ඊයේ (10 දා) රැස්‌ වූ සංගමයේ විධායක කමිටුව මෙම වර්ජන තීරණය ගත් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

වැටුප් වැඩි කිරීම් ප‍්‍රමාද කළහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් - හෙද සේවක පිරිස්
හෙද සේවාවේ වැටුප් ප්‍රශ්නය දිගින් දිගටම විසදන්නේ නැතිව කල් දමන තත්ත්වයක් ඇති බැවින් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවට හෙද සේවක සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ පුකාශය පහත දැක්වේ:

හෙද සේවාවේ දීමනා වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම් සලකා බැලීම සඳහා භාණ්ඩාගාර ලේකම් විසින් 2012 මාර්තු පළමු සතියේ පස්දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කරන ලද අතර, එහි භාණ්ඩාගාර ලේකම්, රාජ්‍ය පරිපාලන ලේකම් හා සෞඛ්‍ය ලේකම් යන අය සාමාජිකයන් වෙති.

මූලික වශයෙන් හෙද සේවාවේ අතිකාල දීමනා, ඉන්වෙන්ටි‍්‍ර දීමනා හා අනතුරු දීමනා මෙම කමිටුව තුළ සලකා බැලීමට නියමිත වන අතර, එහි වාර්තාව මාස 02 කින් ලබා දෙන බව ප‍්‍රකාශ කරන ලදි. මෙම කමිටුව පත්කිරීමට පෙරම උක්ත දීමනාවලට අදාළව අප සංගමයේ නිර්දේශ සෞඛ්‍ය ලේකම් වෙත 2012.02.27 දින අප විසින් ලබා දෙන ලදි.
මෙම කමිටුව රැස්වී සාකච්ඡා කිරීමට දින යොදාගත්ත ද ඒවා දිගින් දිගටම කල් දමමින් දීමනා ගැටලුව මගහැර යන තත්ත්වයක් දක්නට ඇත. අපේ‍්‍රල් 19 දින පැවැත්වීමට යෝජිතව තිබූ සාකච්ඡාව අපේ‍්‍රල් 23 දිනට කල් දැමූ අතර, එහෙත් එම සාකච්ඡාව ද දැනට දින නියමයක් නොමැතිව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කල් දමමින් ඇත.
හෙද සේවාවේ අතිකාල, ඉන්වෙන්ටි‍්‍ර හා අනතුරු දීමනා 2001 න් පසු වැඩිවී නොමැති අතර, සෞඛ්‍ය සේවාවේ වෙනත් සමහර සේවාවන් වල අදාළ දීමනා 2012 දී ත් වැඩිකර ඇත. මෙම තත්ත්වය තුළ මාස 02 ක් ගත වී ඇතත් වාර්තාව ලබා නො දීම හා කමිටුව රැස් නො වීම තුළ උක්ත කමිටුව විසින් හෙද සේවාව නො සලකා හැර ඇති බව පැහැදිලිය. ඉදිරි සති දෙක තුළ කමිටු නිර්දේශ ලබා දී උක්ත දීමනාව වැඩි නොකළහොත් අප සංගමය දීප ව්‍යාප්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළ බව මෙයින් අවධාරණය කරන්නෙමු

lankacitizen.com

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

http://www.hirunews.lk/sinhala/34010

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්.

2012 මැයි 10 බ්‍රහස්පතින්දා- පස්වරු 01:54


හෙද දීමනා ඉහළ නොදැමුවහොත් ඉදිරි සති දෙක ඇතුළත දීප ව්‍යාප්තව වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වීමට රජයේ හෙද නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. හෙද හෙදියන්ට ලබා දෙන අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනා ඉහළ දැමීම සම්බන්ධයෙන් සලකා බැලීමට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීයි. එහෙත් මේ දක්වා තම ඉල්ලීම්වලට නිසි විසඳුමක් ලැබී නැතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කළා. මේ නිසා අදාළ වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය කියා සිටියේ.

Hirunews.lk

දීමනා වැඩි කරන්නැයි හෙද නිලධාරීන් උද්ඝෝෂණයක

http://mail.asianmirror.com/index.php/news/9880-2012-05-10-17-40-00

දීමනා වැඩි කරන්නැයි හෙද නිලධාරීන් උද්ඝෝෂණයක

2012 මැයි 10 වෙනි බ්‍රහස්පතින්දා, 17:37

හෙද සේවාවට අයත් දීමනා වහා වැඩි කරන ලෙස ඉල්ලා රජයේ හෙද නිලධාරීන් දීපව්‍යප්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

සිය ඉල්ලීම් ලබාදෙන ලෙසට කළ ඉල්ලීම් සලකා බැලීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස පළමු සතියේ විශේෂ කමිටුවක් පත් කළ ද මේ වනතෙක් එම ඉල්ලීම් ලබා දී නොමැති බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කර තිබේ.

හෙද සේවාවේ දීමනා වසර 2001 සිට ඉහළ නංවා නොමැති අතර ඉදිරි දෙසතිය තුළ කමිටු නිර්දේශ ලබා දී දීමනා වැඩි නොකළහොත් උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කරන බව සංගමය අවධාරණය කරයි.

asianmirror.com

වැටුප් වැඩි කිරීම් ප‍්‍රමාද කලහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් - හෙද සේවක පිරිස්

http://2.yukthiya.com/index.php?option=com_content&view=article&id=921:2012-05-10-10-31-59&catid=39:2012-01-22-10-47-55

වැටුප් වැඩි කිරීම් ප‍්‍රමාද කලහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් - හෙද සේවක පිරිස්

10 May 2012 Last Updated on 10 May 2012 editor+




හෙද සේවාවේ වැටුප් ප්‍රශ්නය දිගින් දිගටම විසදන්නේ නැතිව කල් දමන තත්ත්වයක් ඇති බැවින් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවට හෙද සේවක සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ සභාපති විසින් නිකුත කරන ලද සම්පූර්ණ පුකාශය පහත දැක්වේ:
හෙද සේවාවේ දීමනා වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම් සලකා බැලීම සඳහා භාණ්ඩාගාර ලේකම් විසින් 2012 මාර්තු පළමු සතියේ පස්දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කරන ලද අතර, එහි භාණ්ඩාගාර ලේකම්, රාජ්‍ය පරිපාලන ලේකම් හා සෞඛ්‍ය ලේකම් යන අය සාමාජිකයන් වෙති.
මූලික වශයෙන් හෙද සේවාවේ අතිකාල දීමනා, ඉන්වෙන්ටි‍්‍ර දීමනා හා අනතුරු දීමනා මෙම කමිටුව තුළ සලකා බැලීමට නියමිත වන අතර, එහි වාර්තාව මාස 02 කින් ලබාදෙන බව ප‍්‍රකාශ කරන ලදි. මෙම කමිටුව පත්කිරීමට පෙරම උක්ත දීමනා වලට අදාලව අප සංගමයේ නිර්දේශ සෞඛ්‍ය ලේකම් වෙත 2012.02.27 දින අප විසින් ලබාදෙන ලදි.
මෙම කමිටුව රැස්වී සාකච්ඡා කිරීමට දින යොදාගත්ත ද ඒවා දිගින් දිගටම කල් දමමින් දීමනා ගැටළුව මගහැර යන තත්ත්වයක් දක්නට ඇත. අපේ‍්‍රල් 19 දින පැවැත්වීමට යෝජිතව තිබු සාකච්ඡාව අපේ‍්‍රල් 23 දිනට කල්දැමු අතර, එහෙත් එම සාකච්ඡාවද දැනට දින නියමයක් නොමැතිව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කල් දමමින් ඇත.
හෙද සේවාවේ අතිකාල, ඉන්වෙන්ටි‍්‍ර හා අනතුරු දීමනා 2001 න් පසු වැඩිවී නොමැති අතර, සෞඛ්‍ය සේවාවේ වෙනත් සමහර සේවාවන් වල අදාල දීමනා 2012 දීත් වැඩිකර ඇත. මෙම තත්ත්වය තුළ මාස 02 ක් ගතවී ඇතත් වාර්තාව ලබානොදීම හා කමිටුව රැස් නොවීම තුළ උක්ත කමිටුව විසින් හෙද සේවාව නොසලකා හැර ඇති බව පැහැදිලිය. ඉදිරි සති දෙක තුළ කමිටු නිර්දේශ ලබාදී උක්ත දීමනාව වැඩි නොකළහොත් අප සංගමය දීප ව්‍යාප්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කල බව මෙයින් අවධාරණය කරන්නෙමු.
ස්තූතියි.
මෙයට විශ්වාසි,

සමන් රත්නප‍්‍රිය
(සභාපති)
yukthiya.com

වෙද හෙද නොසැළකිල්ලෙන් මව්පිය යුවළක නෙත් තෙත් වෙයි

http://nethfm.com/site/%E0%B7%80%E0%B7%99%E0%B6%AF_%E0%B7%84%E0%B7%99%E0%B6%AF_%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A_%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA_%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A_%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A_%E0%B6%AD%E0%B7%99%E0%B6%AD%E0%B7%8A_%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92-1--6628.html

වෙද හෙද නොසැළකිල්ලෙන් මව්පිය යුවළක නෙත් තෙත් වෙයි

2012-05-07
[ශකිලා දිසානායක]

ගම්පහ මහ රෝහලේ සිදුවූ මළ දරු උපතකට හේතුව වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ල බවට චෝදනා නැගෙනවා. එලෙස චෝදනා නගන්නේ වේයන්ගොඩ නිල්දියලන්ද වත්තේ පදිංචි අනුර කුමාර වීරරත්න සහ ප‍්‍රියාණී අනුරුද්ධිකා යුවලයි. ගර්භණීව සිටි ප‍්‍රියාණී අනුරුද්ධිකා මහත්මියට දරු ප‍්‍රසූතිය සදහා රෝහල්ගත වන්නැයි ඉකුත් මස 27 වනදාට දින ලබාදී තිබුණා. අනුව, එදින ඇය රෝහල් ගත කෙරුණත් වෛද්‍යවරුන් හෝ හෙද කාර්ය මණ්ඩලය ප‍්‍රමාණවත් උනන්දුවකින් ඇයට සත්කාර නොකළ බවයි අනුර කුමාර වීරරත්න මහතා පවසන්නේ.

මව් කුසෙහි සිටි දරුවා මියයාමට හේතුව ද පවා නිවැරදිව නොදැක්වූ බව ද ප‍්‍රකාශ කෙරුණා.

සිදුවූ අතපසු වීම ප‍්‍රසිද්ධියට පත්වීම වළක්වා ගැනීම සඳහාද ඇතැම් උත්සාහයන් ගැනුණු බව අනුර කුමාර වීරරත්න මහතා පවසනවා. මව රෝහලෙන් පිට කිරීමේදී ඉදිරි පරීක්ෂණ සිදු කරවා නොගන්නා බවට ලිපියකට අත්සනක්ද ගත් බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මෙම අනාවරණයෙන් පෙනී යන්නේ සිදුවූ මළ දරු උපත සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. වරදක් සිදුව ඇත්නම් ඊට වගකිව යුත්තන්ට නිසි දඬුවම් පැමිණ වීමෙන් එවැනි වැරදි යළි යළිත් සිදුවීම වළක්වාලිය යුතු වනවා.

nethfm.com

රාජ්‍ය ආයතනවල වංචා දූෂණවලට වෘත්තීය සමිති නායකයෝත් හවුල්

http://www.divaina.com/2012/05/07/news04.html

රාජ්‍ය ආයතනවල වංචා දූෂණවලට වෘත්තීය සමිති නායකයෝත් හවුල්



අජිත් අලහකෝන්

රාජ්‍ය ආයතනවල රුපියල් කෝටි ගණන් වටිනා වංචා සහ දූෂණ සිදුවන්නේ ඇතැම් වෘත්තීය සමිති නායකයන්ගේද එකඟත්වය ඇතිව බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපති, ඇමැති ඩිව් ගුණසේකර මහතා "දිවයින"ට පැවැසුවේය. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් බොහෝ දෙනෙකු වෘත්තීය සමිති නායකයන්ට මෝටර් රථ ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදී ඇතිබවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ඩිව් ගුණසේකර මහතා කීවේය.

සමහර රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇමැති මණ්‌ඩලයේ හෝ භාණ්‌ඩාගාරයේද අනුමැතියකින් තොරව විවිධ වරප්‍රසාද භුක්‌ති විඳින අතර එම වරප්‍රසාද වෘත්තීය සමිති නායකයන්ටද බෙදී යන බව කී ඇමැතිවරයා මේ නිසා දූෂණ වංචා හමුවේ වෘත්තිය සමිතිද නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන බව කීවේය.

රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ සහ වංචා පිළිබඳව සාමාන්‍යයෙන් මාධ්‍යයන් වෙත කරුණු හෙළි කරනුයේ වෘත්තීය සමිති විසින් බව කී ඇමැති ඩිව් ගුණසේකර මහතා අද ජනමාධ්‍ය ඔස්‌සේ වංචා සහ දූෂණ පිළිබඳ කරුණු අනාවරණය නොවන්නේ වෘත්තීය සමිති නායකයන්ද මෙම වංචා සහ දූෂණවලට හවුල් නිසා යෑයි කීය.

Divaina 2012.05.07

Tuesday, May 15, 2012

International nurses’ day ceremony -2012-GNOA – 2012-05-15 at public library hall

හාත්පස සැරසූ නයිටිංගේල් මැත්ණියගේ විශාල ඡායාරූප

Monday, May 7, 2012

වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනයට එරෙහිව ජගත් කම්කරු සම්මේලනයට පැමිණිල්ලක්

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3563:2012-05-05-09-47-16&catid=81:europe&Itemid=457

වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනයට එරෙහිව ජගත් කම්කරු සම්මේලනයට පැමිණිල්ලක්

2012 මැයි 05 වෙනි සෙනසුරාදා, 17:46
ශ්‍රියානි විජේසිංහ

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්දනය කිරීම සඳහා රජය අධිකරණ ක්‍රියා මාර්ග යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට වෘත්තීය සමිති මහා සම්මේලනය තීරණය කර ඇත. රජය ගෙන යන මෙම මර්දනකාරී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධිකරණ හා කම්කරු ඇමැතිවරුන්-ගෙන් ලිඛිත ඉල්ලීම් කළද එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බව සම්මේලනයේ ‍ලේකම් සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

වෘත්තීය සමිතියක් විසින් ඇති කරනු ලබන කාර්මික ආරවුලකට එරෙහිව සිවිල් උසාවියක නඩු පැවැරිය නොහැකි බව 1935 පාර්ලිමේ-න්තුවේදී සම්මත වූ වෘත්තීය සමිති ආඥා පනතෙහි පැහැදිලිව දක්වා ඇති බවත් එම පනතේ 21 වන වගන්තිය අනුව යම් අයෙකු එවැනි නඩුවක් පැවැරුවහොත් කිසිම උසාවියක් එය භාර නොගත යුතු බවත් සඳහන් කර ඇතැයි රත්නප්‍රිය වැඩි දුරටත් කීය.

ටෙලිකොම් වෘත්තීය සමිති එකතුව රජයේ වෛද්‍ය නිලධාරී-න්ගේ සංගමය, වාණිජ හා කාර්-මික සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, පරිසර වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජන උසාවි නියෝග මත තහනම් කිරීම මගින් වෘත්තීය සමිති නිදහස බරපතළ ලෙස සීමා කර ඇතැයි වෘත්තීය සමිති මහා සම්මේලනය අවධාරණය කර සිටියි.

lakbima.lk

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අකුරට වැඩ කරන්න යති

http://www.divaina.com/2012/05/02/news31.html

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අකුරට වැඩ කරන්න යති

ඒමන්ති මාරඹේ

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රධාන සේවා ඉල්ලීම් තුනක්‌ සඳහා මෙතෙක්‌ විසඳුම් නොලැබීම සම්බන්ධව විරෝධය පාමින් රජයේ රෝහල්වල දීප ව්‍යාප්ත අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක්‌ දියත් කිරීමට තීරණය කර ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්‌ඩලය පවසයි.

මෙම ක්‍රියාමාර්ගය දියත් කරනු ලබන දින වකවානු පිළිබඳව තීරණය කිරීම සඳහා එම බල මණ්‌ඩලයේ විධායක කමිටුව හෙට (03 වැනිදා) දහවල් රැස්‌වීමට නියමිතව ඇත.

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්.එල්.ටී.), භෞතවේදී චිකිත්සකයන් හා වෘත්තීයවේදී චිකිත්සකයන් යන වෘත්තිකයන් සඳහා වැඩිකර නොමැති දීමනා වැඩිකිරීම, රැකියා විරහිත පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම හා එම වෘත්තිකයන්ගේ ප්‍රමාද වී ඇති උසස්‌වීම් ලබාදීම යන ඉල්ලීම් මුල් කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්‌ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

සිය ඉල්ලීම් සඳහා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් අප්‍රේල් 28 වැනිදා තෙක්‌ කල් ඉල්ලාගත් නමුදු මෙතෙක්‌ එම විසඳුම් ලබාදීමට ක්‍රියා කර නැතැයි ඔහු සඳහන් කළේය.

Divaina 2012.05.02

Friday, May 4, 2012

ලෙඩුන් බේරා ගන්න දොස්තර ලේ දෙයි

http://www.lankadeepa.lk/index.php/articles/40170

ලෙඩුන් බේරා ගන්න දොස්තර ලේ දෙයි

2012 මැයි මස 03 10:35:52 | පි‍්‍රයානි මංගලිකා

නිකවැරටිය රෝහලේ ලේ හිඟයක් ඇති වුයේය වෛද්‍යවරු ද හෙදියෝ ද ලේ දන් දන් දුන්හ .
විශෙෂඥ වෛද්‍ය උදය ගුණසේකර මහාතා ද ලේ දන් දුන්නේය




lankadeepa.lk

වෛද්‍ය පාදෙනියට එරෙහි පැමිණිල්ල ඉවත දමයි

http://www.divaina.com/2012/05/04/news15.html

වෛද්‍ය පාදෙනියට එරෙහි පැමිණිල්ල ඉවත දමයි

චමින්ද සිල්වා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට එරෙහිව ලැබී ඇති පැමිණිල්ල විභාග නොකර ඉවත දැමීමට අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර ඇත.

වෛද්‍ය පාදෙනිය මහතාට එරෙහිව ලැබී තිබෙන පැමිණිල්ල විභාග කිරීමට තරම් අවශ්‍ය කරුණු එම පැමිණිල්ලේ ඇතුළත්ව නොතිබීම එය ඉවත දැමීමට තීරණය කිරීමට හේතුවූ බව එම කොමිසමේ උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා විශේෂඥ වෛද්‍ය උපාධිය සඳහා එංගලන්තයේ විශ්වවිද්‍යාලයකට ගොස්‌ නියමිත කාලයට පෙර මෙරටට පැමිණ එම රටේ සිටියදී ලැබෙන වැටුප් හා දීමනා ලබා ගැනීමෙන් මූල්‍යමය වංචාවක්‌ සිදුකර ඇතැයි අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර තිබිණි.

Divaina 2012.05.04

කොළඹ දන්සල් 100 ක පවිත්‍රතාව සෙවීමට සෞඛ්‍ය සේවකයන් යොදවයි

http://www.divaina.com/2012/05/04/news06.html

කොළඹ දන්සල් 100 ක පවිත්‍රතාව සෙවීමට සෞඛ්‍ය සේවකයන් යොදවයි

ඒමන්ති මාරඹේ

මෙවර වෙසක්‌ උත්සවය නිමිත්තෙන් කොළඹ මහ නගර සභා සීමාව තුළ පමණක්‌ දන්සල් 100 ක්‌ පමණ ඉදිකර තිබෙන බව කොළඹ මහ නගර සභා මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දන්සල් පිහිටා තිබෙන ස්‌ථානවල පවිත්‍රතාව, ඒවායේ පිළියෙල කරනු ලබන ආහාරවල සෞඛ්‍යාරක්‍ෂිත බව හා ආහාර පාන පිළියෙල කරන සේවකයන්ගේ පවිත්‍රතාව පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (3 දා) සිට කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 6 ක සෞඛ්‍ය සේවකයන් එම දන්සල් 100 පරීක්‍ෂා කිරීමේ කටයුතු සිදුකරන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින"ට පැවසීය.

කොළඹ නගරයේ දන්සල් සඳහා නගරයේ මෙන්ම කොළඹින් පිටත ජනතාවද විශාල වශයෙන් පැමිණීම නිසා ඒවායෙන් පිළිගැන්වෙන ආහාර පාන සෞඛ්‍යාරක්‍ෂිතව පිළියෙල කර යුතු බව දන්සල් සංවිධායකයන් වෙත දැනුම් දී ඇතැයි වෛද්‍ය කාරියවසම් මහතා කීවේය.

දන්සල්වලින් පිළිගැන්වෙන බත්, නූඩ්ල්ස්‌ වැනි ආහාර උණුවෙන් පිළිගන්වන ලෙසත්, තේ, කෝපි, සිසිල් බීම වැනි පාන වර්ග භාවිත කර ඉවතලන ප්ලාස්‌ටික්‌ කෝප්පවල පිළිගන්වන ලෙස හා එම ආහාර පාන මැස්‌සන් නොවසන සේ ආවරණය කර තැබීම සම්බන්ධයෙන් විශේෂයෙන් උපදෙස්‌ දී ඇතැයි හෙතෙම සඳහන් කළේය. මෙවර කොළඹ නගරයේ ඉදිකර ඇති දන්සල් 100 ක බහුතරය තේ, කෝපි, අයිස්‌ක්‍රීම් වැනි සුළු දන්සල් බව අනාවරණය වී තිබේ.

Divaina 2012.05.04

Thursday, May 3, 2012

කරාපිටිය රෝහලේ දවස්‌ 24 ක්‌ හිටියත් මහත්තයාව ස්‌කෑන් එකට ගත්තේ නෑ ඌරගහ පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා කතා කළත් වැඩක්‌ වුණේ නෑ පිළිකාවකින් මියගිය ඌරගහ පොලිස්‌ කොස්‌තාපල් ජගත්ගේ බිරිඳ කියයි

http://www.divaina.com/2012/05/03/news19.html

කරාපිටිය රෝහලේ දවස්‌ 24 ක්‌ හිටියත් මහත්තයාව ස්‌කෑන් එකට ගත්තේ නෑ ඌරගහ පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා කතා කළත් වැඩක්‌ වුණේ නෑ පිළිකාවකින් මියගිය ඌරගහ පොලිස්‌ කොස්‌තාපල් ජගත්ගේ බිරිඳ කියයි


ඌරගස්‌මංහන්දිය - රංග අසංක පතිරණ

"පොලිසිය ඇතුළේදී කාගේවත් ප්‍රශ්නයක්‌ නැති, මහත්තුරුන්ගෙන් කවදාවත් බැනුම් අහපු නැති, තමන්ගේ පාඩුවේ සද්ද බද්ද නැතුව වැඩ ටික කරගෙන හිටපු හරිම අහිංසක මනුස්‌සයෙක්‌ තමයි නැතිවුණු ජගත් රාළහාමි. හරිම සංවේදී හිතක්‌ තිබුණු හෙමින් කතා කරපු කෙනෙක්‌. ඒ හොඳ ගතිගුණ නිසාම එයාට ගමේ අයත් ගොඩක්‌ ආදරෙයි. පොලිසියෙ අපේ අයත් ජගත් අයියගේ ලෙඩේ වෙනුවෙන් හුඟාක්‌ මහන්සි වුණා." යෑයි පොලිස්‌ සහායක නිලධාරී පුබුදු ප්‍රේමනාත් මහතා පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ දකුණු අතෙන් පටන්ගෙන සුසුම්නාව දක්‌වා වර්ධනය වූ පිළිකා රෝගයකින් මාස 09 ක්‌ පමණ බලවත් සේ පීඩා විඳ පසුගියදා මරණයට පත්වූ පොලිස්‌ කොස්‌තාපල්වරයකු වූ (පො. කො. 58468 දරණ) ජගත් චන්දන (38) මහතාගේ මතකයන් තම අදහස්‌ ලෙස ගොනු කරමිනි.

එක්‌දරු පියකු වූ ඌරගස්‌මංහන්දිය, බොරළුතැටිය පදිංචිව සිටි ජගත් චන්දන මහතා මිය යනවිට ඌරගස්‌මංහන්දිය පොලිස්‌ ස්‌ථානයේ සේවය කරමින් සිටියේය. මීට වසර 05 කට පමණ ඉහතදී දකුණු අතේ කැක්‌කුමකින් හටගත් රෝග තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී පිළිකාවක්‌ බවට හැරී ඇති අතර පසුව ඔහුගේ දකුණු අත කපා ඉවත් කරන්නට සිදුව ඇත්තේ මීට මාස පහකට පමණ පෙරය.

"මහත්තයාගේ දකුණු අතේ ඇතිවුණු කැක්‌කුම නිසා ඒක පරීක්‍ෂා කරන්න ගියාම දොස්‌තර මහත්වරුන් කිව්වේ ස්‌නායු ඇදීමක්‌ වෙලා තියෙනවා කියලයි. ඒ සඳහා පොලිස්‌ රෝහලෙන් දිගට බෙහෙත් කරනකොට යම් සුවයක්‌ ආවා.

ඒත් ඊට අවුරුදු දෙකකට විතර පස්‌සේ ආයෙත් අතේ කැක්‌කුම ඇවිත් කොළඹ රෝහලට ගෙන ගොස්‌ ස්‌කෑන් පරීක්‍ෂාවකුත් කළා. එතැනදි කිව්වා අතේ ගෙඩියක්‌ තියෙනවා කියලා. තවදුරටත් පරීක්‍ෂා කරන් යද්දී තමයි අඳුනාගත්තේ මහත්තයාගේ අතේ පිළිකාවක්‌ තිබෙන බව.

පිළිකාව දියවෙන්න කියලා සති දෙකෙන් දෙකට එයාට බෙහෙත් විදින්න ගත්තා. ඒත් පහුවෙනෙකාට දොස්‌තරලා නියම කළා. එයාගේ අත කපලා ඉවත් කරන්න.

මියගිය ජගත් චන්දන (38) මහතාගේ බිරිය වන ටී. එච්. විනීතා (38) මහත්මිය සැමියාගේ වියෝව පිළිබඳ තතු එසේ පැවසුවාය.

අනෙක්‌ අය මෙන්ම සැපවත් ජීවිත ගතකරන අනාගතයක්‌ කරා පියමනින්නට වසර කීපයකට පෙර ඔවුනොවුන් එක්‌ව ආ ගමනෙහි මැවූ සුබ සිහින බොඳව ගියේ කිසිවෙකුත් නොසිතූ විරූ අයුරිනි.

විනීතා මහත්මියගේ එකම සැනසීම ලෙස ඉතිරිව ඇත්තේ සැමියාගේ සොඳුරු දායාදය වූ දේවින්දි සඳුනිකා (08) පුංචි දියණියයි.

මහත්තයාගේ අත කපලා මාස ගණනක්‌ යද්දී දකුණු කකුළ පණනැති වෙලා ගියා. ඊට පස්‌සේ අපි එයාව කරාපිටිය රෝහලට අරගෙන ගියා.

එහේ දවස්‌ 24 ක්‌ තියාගෙන හිටියා. ස්‌කෑන් පරීක්‍ෂණයට ගන්නවා කියලා දවසක්‌ම කෑම නැතුව තියාගෙන හිටපු මහත්තයාව ඒකට ගත්තේ නෑ. ප්‍රමාද වෙනකොට ඌරගස්‌aමංහන්දිය පොලිසියේ ස්‌ථානාධිපතිතුමත් කෝල් කරලා රෝහලට කිව්වත් වැඩක්‌ වුණේ නැහැ.

මහත්තයා දුර්වල වෙනවා තව තවත් බලන් ඉන්න බැරිම තැන අපි බලෙන් ටිකට්‌ කප්පවාගෙන එයාව කොළඹ පෞද්ගලික රෝහලකට අරගෙන ගියේ.

එතැනට ගෙවලා කරපු පරීක්‍ෂණයෙන් පස්‌සේ තමයි කිව්වේ පිළිකාවේ කොටසක්‌ රෝගියාගේ සුෂුම්නාවටත් බලපාලා තියෙනවා කියලා.

පසුව කළයුතු ප්‍රතිකාර සඳහා අපි ආයෙම මහත්තයාව කරාපිටියට ගෙනිච්චා. ප්‍රතිකාර කළ යුතු ආකාරය විමසා බලමින් සිටිනවා කියලා සතියක්‌ විතර තියාගෙන හිටියා. කරන්ට්‌ එක අල්ලලා ප්‍රතිකාර කරනවා කියලා මුලින් කිව්වත් එහෙම දෙයක්‌ සිදු වුණේ නැහැ. සුෂුම්නාවට හානි වෙලා නිසා කියලා තමයි එහෙම කළේ." යෑයි බිරිඳ විනිතා ජගත්ගේ මරණය සිදුවූ රෝගයට අදාළව මුහුණ පෑ සියල්ල අපට විස්‌තර කළාය.

රෝහලේ ප්‍රතිකාර පිළිබඳ තැබූ අවසන් බලාපොරොත්තු ද වියෑකුනු සිතින් ජගත්ව ගෙදර ගෙන ආ බිරිඳ ඇතුළු ඥාතීන් තවදුරටත් ආයුර්වේද ප්‍රතිකාරයන්ටද යොමුවූයේ ඔහු කෙසේ හෝ ජීවත් කරවා ගන්නටය.

එහෙත් ජගත් මහතා ඒ වනවිට ද සයනාසනව අසාධ්‍ය මට්‌ටමේ එක්‌තැන්ව පසුවූයේය. විශේෂයෙන් ඔහු පිළිබඳ නිවැසියන් හැරුණුවිට සොයා බැලීමට වැඩිපුර ඥතීන් මේ වනවිට නොසිටියත් ශාන්ත, චමින්ද, ජගත් සරත් වැනි පොලිසියේ ඔහුගේ මිතුරු කැළ රෝගී ජගත්ගේ ඕනෑ එපාකම් ගැන හැකි හැමවිටම සොයා බැලූහ.

ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි ක්‍රියාත්විත ප්‍රදේශවලද, කොළඹ හා තවත් පොලිස්‌ ස්‌ථානවලද සේවය කළ ජගත් 1995 වර්ෂයේ දී සේවයට බැඳී රටට සමාජයට සේවය කළේය.

මිනිසුන් කුමන පුහු ආටෝපයන්ගෙන් ගත සරසා කෙළිකම් කළද, කවර රස බොජුනයන්ගෙන් රස නහරයන් පිනවුවද නිමක්‌ නැති රුදුරු රෝග පීඩාවන්ට ගොදුරුව නියමිත වයසටත් පෙරාතුව අකල් මරණයට පත්වන මිනිස්‌ කයෙහි අනිත්‍යභාවය මනාකොට පසක්‌ කරමින් සියල්ල හැර දා ජගත් අවසන් ගමන් ගියේය.

අධ්‍යාපනය, රැකියාව, ආදරය, විවාහය, බිරිඳ, දරුවන් නිවහන යන සියලු පැතුම් ජයගෙන අවසානයේ මරණය ළඟ නතර විය.

Divaina 2012.05.03

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයෙන් ජාතික ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බාධා

http://www.divaina.com/2012/05/03/news26.html

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයෙන් ජාතික ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බාධා

ඒමන්ති මාරඹේ

නීතිමය තත්ත්වය විමසීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්ත-මේන්තුව වෙත ඉදිරිපත් කර ඇති ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබුණු පසු එය පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම මෙතෙක්‌ ප්‍රමාද වූයේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවනු ලැබූ එම ප්‍රතිපත්තිය මෙතෙක්‌ නොලැබීම බව ඇමැතිවරයා කීවේය.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඊයේ (02 දා) පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාසික ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව පසුගිය වසරවලදී වැඩිදියුණු කිරීම හේතුවෙන් මෑතකදී සිට ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩුවී ඇතැයි සඳහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව අමතා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂක වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ශාන්ති ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ද කථා කළහ.

Divaina 2012.05.03

වීදුරුකටු ඇතුළේ තිබෙද්දී රෝගියාගේ අතට මැහුම් දාලා

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

වීදුරුවකට අතකැපී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව එම රෝගියාගේ අතට දමනු ලැබූ මැහුම් කැපීමට ඊයේ (30 වැනිදා) කරාපිටිය රෝහලට ගිය රෝගියාගේ අතෙහි තිබී අඟල් දෙකක පමණ වීදුරු කැබැල්ලක්‌ හා තවත් වීදුරු කැබැල්ලක්‌ ද සොයාගෙන ඇත.

පසුගිය අප්‍රේල් 14 වැනි දින වීදුරුවකට අත කැපීමට ලක්‌වූ කරාපිටිය ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජයන්ත ප්‍රේමලාල් නමැති අය කරාපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇත.

මෙසේ වාට්‌ටු අංක 5 හි ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා රෝහලෙන් පිටව ගොස්‌ නැවත තුවාලයට බෙහෙත් දැමීමට පැමිණි අවස්‌ථාවේ තුවාලකරුගේ අතෙහි තුවාලයේ තිබූ වීදුරු කැබැලි දෙක සොයාගෙන ඇත.

පසුගිය 14 වැනිදා ප්‍රතිකාර ලැබීමට යැමේදී වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් වීදුරු කැබැලි දෙක තිබියදීම තුවාලවලට බෙහෙත් දැමීම නිසා මෙම තත්ත්වය උදාවූ බව මෙම තත්ත්වයට මුහුණ පෑ රෝගියා අප සමඟ පැවැසීය.

Divaina 2012.05.01

පශ්චාත් වෛද්‍ය උපාධියට යළි පෙනී සිටීමේ ගාස්‌තු දෙගුණයකින් නංවයි

ඒමන්ති මාරඹේ

පශ්චාත් වෛද්‍ය උපාධි විභාගයන් සඳහා නැවත පෙනී සිටින (රිපිටර්ස්‌) වෛද්‍යවරුන්ගෙන් අය කරනු ලබන විභාග ගාස්‌තු පසුගියදා සියයට 100 කින් වැඩි කිරීමට කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය පියවර ගැනීම හේතුවෙන් නැවත පශ්චාත් වෛද්‍ය උපාධි විභාග සඳහා පෙනී සිටින එම වෛද්‍යවරුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වෛද්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම නව විභාග ගාස්‌තු වැඩි කිරීම යටතේ නැවත විභාගයට පෙනී සිටීම සඳහා රුපියල් 70,000 ක්‌ ගෙවනු ලැබූ අයෙකුට මින් ඉදිරියට එම විභාගය සඳහා දෙගුණයක මුදලක්‌ එනම් රුපියල් එක්‌ලක්‍ෂ හතළිස්‌ දහසක මුදලක්‌ ගෙවීමට සිදුව ඇතැයි එම අංශ කියා සිටී.

මෙම වසර සඳහා වන රජයේ වෛද්‍යවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය හා අතිකාල දීමනා වැඩිවීම ලැබී නොමැති මොහොතක නැවත පශ්චාත්a වෛද්‍ය උපාධි විභාග සඳහා පෙනී සිටින වෛද්‍යවරුන්ගෙන් මේ සා විශාල විභාග ගාස්‌තුවක්‌ අය කිරීම බලවත් අසාධාරණයක්‌ බව පෙන්වා දෙන එම වෛද්‍යවරු පවතින ආර්ථික තත්ත්වය යටතේ වෛද්‍යවරුන්ගෙන් බහුතරයකට මෙම විභාග ගාස්‌තු ගෙවීම අසිරුවී ඇති බව සඳහන් කර සිටිති.

පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් පවත්වනු ලබන විභාග සඳහා වාර්ෂිකව වෛද්‍යවරුන් 5000 ක්‌ පමණ පෙනී සිටින අතර එක්‌ විභාගයක්‌ සඳහා අවම වශයෙන් 200 දෙනකු පෙනී සිටින බව වාර්තා වේ. මෙසේ එක්‌ විභාගයක්‌ සඳහා පෙනී සිටින වෛද්‍යවරුන් 200 දෙනාගෙන් 185 ත් 190 ත් අතර පිරිසකට නැවත විභාගයට පෙනී සිටීමට සිදුවන බව ද අනාවරණය වී තිබේ.

Divaina 2012.05.01

රජයේ රෝහල් රැසක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්‌

ඒමන්ති මාරඹේ

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රජයේ රෝහල් ගණනාවක දියවැඩියා රෝගය සඳහා ලබාදෙන "මෙට්‌ෙµdaමින්" ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග රැසක්‌ මෙම දිනවල හිඟව පැවැතීම නිසා එම රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. ඇතැම් රෝහල්වල දියවැඩියා රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය එන්නතක්‌ වන "ඉන්සියුලින් එන්නත් පවා හිඟව පවතින බව වාර්තා වේ. මෙම දිනවල රජයේ රෝහල්වල දියවැඩියා සායනවලට යන රෝගීන්ට වෛද්‍යවරුන් බෙහෙත් වර්ග 8 ක්‌ නිර්දේශ කළහොත් ඒවායින් බෙහෙත් වර්ග 4 ක්‌ හෝ 5 ක්‌ පෞද්ගලික ඔසුසල්වලින් මිල දී ගැනීමට සිදුව ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම තත්ත්වය මත එම බෙහෙත් වර්ග පෞද්ගලික ඔසු සල්වලින් මිල දී ගැනීමට පෙළඹී ඇත්තේ රෝගීන් සුළුතරයක්‌ වන අතර රෝගීන් වැඩි දෙනකු ආර්ථික දුෂ්කරතා මත රජයේ රෝහල් සායනයෙන් නිකුත් කරන බෙහෙත් පමණක්‌ ලබා ගැනීමට පෙළඹී ඇතැයි එම ආරංචි මාර්ග කීවේය.

මෙසේ දියවැඩියාව සඳහා නිර්දේශ කරනු ලබන බෙහෙත් වර්ග සියල්ල නොගැනීමෙන් රෝගීන්ගේ රෝගී තත්ත්වය වර්ධනය වීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ අතර මෙසේ රජයේ රෝහල් දියවැඩියා සායනවල හිඟව පවතින ඇතැම් බෙහෙත් වර්ග වෛද්‍ය සැපයුම් අංශයේද පවතිනුයේ සීමිත තොගයක්‌ වන අතර සෙසු වර්ග එම අංශයේද හිඟව පවතී.

Divaina 2012.05.01

Grade I EB Exam