Thursday, July 19, 2012
ලියාපදිංචිය අවලංගු කළ විදේශීය වෛද්‍යhවරුන්ගෙන් බලධාරීන්ට බලපෑම්
ඒමන්ති මාරඹේ
Tuesday, July 17, 2012
හෙද සේවයේ නිරත සංගීතඥයා
උපුල් පෙරේරා
උපුල් ජයශාන්ත පෙරේරා කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද නිලධාරියෙකි. මෙම හෙද නිලධාරියා තුළ දක්ෂ සංගීතඥයකු ද ජීවත් වේ. ගී පද රචනයට මෙන්ම ගී තනු නිර්මාණය කිරීමට ද ඔහු තුළ ඇත්තේ නිසග දක්ෂතාවයක්. හෝකන්දර ප්‍රදේශයේ හැදී වැඩුණු උපුල් ජයශාන්ත අධ්‍යාපනය ලැබුවේ කොට්ටාව උතුර ධර්මපාල විදුහලෙන් සහ ඩී.එස්.සේනානායක විදුහලෙන්. පාසල් සමයේ පටන් සංගීතයට ඇල්මක් දැක්වූ උපුල් පාසලේදී තම සංගීත හැකියාවන් මනාව ඔපමට්ටම් කරගත්තේය.
හෙද නිලධාරියකු ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹීමෙන් පසුව ද ඔහු තම සංගීත ඥානය දියුණු කරගැනීමට උනන්දු විය. ප්‍රවීණ මෙන්ම නවක ගායක ගායිකාවන් රැසකටම මේ වන විට ගීත රචනා කර තනු නිර්මාණය කර ඇති ඔහු කොළඹ ජාතික රෝහලේ සිදු කෙරෙන සංගීතමය කටයුතු සඳහා සක්‍රීයව දායක වන්නෙකි. කොළඹ ජාතික රෝහලේ “වින්දන කවය” මඟින් නිකුත් කළ ”සුව ගී” සංයුක්ත තැටියේ අඩංගු ගීත 10ක පමණ පදරචනා සහ ගී තනු නිර්මාණ උපුල් ගේ ය.
උපුල් තම සංගීත ජීවිතය තුළ තමා නිර්මාණය කළ ගී තනු නිර්මාණ අතරින් වැඩි කැමැත්තක් දක්වන්නේ හෙද සේවයේ නිර්මාතෘ නයිටිංගේල් මෙනෙවිය සමරනු පිණිස තමා නිර්මාණය කළ ගී තනුවටය. එම ගීතයේ පද රචනා කර ඇත්තේ ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහයන් ය.
”සරේ” සංගීත සඟරාව මඟින් පවත්වන ලද ගීත රචනා තරගයකදී ගී පද රචනා දහස් ගණනක් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට උපුල් ජයශාන්ත රචනා කළ “දුක දුරින් තියා” නම් ගීතයට හැකිවිය. පසුව එම ගීතය කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ගායනා කරන ලදී.
සංගීත ක්ෂේත්රයේ සාර්ථක ගමනක් යාමට බලාපොරොත්තු වන උපුල් තමන් පද රචනා කර තනු නිර්මාණය කර ඇති ගීත ප්‍රවීණ සහ නවක ගායක ගායිකාවන් වෙත ලබාදීමට සූදානමින් සිටී.
ඔහුගේ ලිපිනය - නො. 60, හෝකන්දර දකුණ, හෝකන්දර.
ගාමිණී සුසන්ත
Monday, July 16, 2012
ඇමැති-ලේකම් එක මතයකට ආවොත්අරමුණ ජය ගැනීම ඉතා පහසුයි-සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන
ශිරාන් රණසිංහ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරම් කැලෑ පත්තර ගැහිල්ලක් වෙන කිසිම ආයතනයක නැතැයිද කැලෑ පත්තර ගැහිල්ල, ගැලවිල්ල අපට ගැළපෙන දේවල් නොවේ යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඊයේ (16 වැනිදා) වැඩභාරගත් අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදී තවදුරටත් කථා කළ ඇමැතිවරයා මෙසේද පැවැසීය. සෞඛ්‍ය ඇමැති, සෞඛ්‍ය ලේකම් යන තනතුරු දෙක පුද්ගලයන් දෙන්නෙක්. ඒ වුණත් මේ පුද්ගලයන් දෙදෙනා එක අරමුණක්, එක මතයකට ආවොත් විතරයි අපිට අරමුණු ජය ගන්න පුළුවන් වෙන්නේ. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මම ඒ බව අත්විඳපු කෙනෙක්.
සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ, සෞඛ්‍ය ක්ෂේත්රය කියන්නේ අමාරු ක්ෂේත්රයක් නොවෙයි.
සෑම කෙනෙක්ම තම තමන්ගෙ වගකීම, යුතුකම ඉෂ්ට කළ යුතුයි. රාජ්‍ය සේවයෙන්, දේශපාලනයෙන් අනෙකුත් සෑම ක්ෂේත්රයකමත් කණ්ඩායම් හතරක් ඉන්නවා.
සෞඛ්‍ය ක්ෂේත්රයේ තරම් කැලෑ පත්තර ගහන තැනක් වෙන නැතුව ඇති. පිරිසක් අලවගෙන යනකොට තව පිරිසක් ගලවනවා. රාජකාරියි, පෞද්ගලික ජීවිතයි පටලවා ගෙන. වෙන ආයතනවල මෙහෙම නෑ. ඒ මොන දේ වුණත් සෞඛ්‍ය ක්ෂේත්රය නඟාසිටුවන්න නම් මේ සියලු දෙනා එකට එකතු වෙලා වගකීමෙන් සිය කටයුතු කළ යුතුයි.
http://www.divaina.com/2012/07/17/news27.html

අනුරපුර රෝහලේ හෙද වර්ජනයක්
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක කාන්තා හෙද නිලධාරිනියන්ගේ සාද නිවාසවල නේවාසිකව සිටින සෑම හෙද නිලධාරිනියකගේම මාසික වැටුපෙන් රුපියල් අටසියයක් බැගින් විදුලි ගාස්තුවක් අයකිරීමට විරෝධය පළකරමින් එම රෝහලේ හෙද කාර්ය මණ්ඩල ඊයේ (16 දා) පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ නිසා එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය, පිsළිකා සහ ළමා වාට්ටු හැර අනෙකුත් සියලුම වාට්ටු සහ ප්‍රතිකාර ඒකකවල සේවාවන් අඩාල විය.
මේ හේතුවෙන් රෝගීන් විශාල පිරිසකට දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවිය.
එම රෝහලේ අවිවාහක කාන්තා හෙද නිලධාරිනියන්ගේ සාද නිවාසවල එක් කාමරයක හෙදියෝ දෙදෙනා බැගින් නේවාසිකව සිටිති. ඒ සෑම අයකුගෙන්ම අසාධාරණ ලෙස මාසික වැටුපෙන් රුපියල් අටසියයක් බැගින් විදුලි ගාස්තුවක් අයකරන බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ අනුරාධපුර ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක අනුර දිසානායක මහතා "දිවයින" ට පැවසීය.
2010 වර්ෂයේ සිට පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට උත්සාහ කළද, ඊට මේ දක්වා නිසි විසඳුමක් නොලැබීම නිසා මෙලෙස වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ද හෙතෙම කීය.
මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් සුබවාදී විසඳුමක් නොලදහොත් අඛණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවත් අනුර දිසානායක මහතා කීවේය.
මේ පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න මෙනවියගෙන් කළ විමසුමකදී කියා සිටියේ හෙද වැඩවර්ජනය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර සේවාවන්වලට බාධා එල්ල වී ඇති බවයි.
හෙද නිලධාරිනියන්ගේ සාද නිවාසවල විදුලි බිල්පත්වල මාසික එකතුව එම නිවාසවල නේවාසිකව සිටින අය අතර බෙදා අය කරගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන අමත්‍යාංශය මගින් චක්‍රලේඛයක් එවා ඇති බවත් ඒ අනුව ඔවුන්ගෙන් මාසිකව රුපියල් අටසියය බැගින් විදුලි ගාස්තුවක් අයකරන බවත් ඇය වැඩිදුරටත් කීවාය.
http://www.divaina.com/2012/07/17/news14.html
ඖෂධ දූෂණ ගැන දූෂණ කොමිසමේ පැමිණිල්ලක්
2012 ජූලි මස 10 11:49:44 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
සෞඛ්‍ය සේවාවේ
පරිපාලකයින් හා විවිධ අධ්යක්ෂවරුන් විසින් කරන ලදැයි කියන ගනුදෙනු සම්බන්ධයෙන්
හා ඖෂධ හා වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේදී සිදුවූ දූෂණ වංචා පිළිබඳ වහා සොයා බලා
පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අද අල්ලස් හා දූෂණ
වංචා කොමිසමට පැමිණිල්ලක්
ඉදිරිපත් කළේය.
තමන් මෙම
පැමිණිල්ල ලිඛිත සාක්කිද සමග ඉදිරිපත් කරන බව රජයේ මුදල් මෙලෙස නාස්ති කිරීම
නිසා අසරණ රෝගීන්ට ලැබිය යුතු සහන නැතිවී ගිය බවත් සම්මේලනය කියයි.
සෞඛ්‍ය සේවා
වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් හරේන්ද්‍ර කුරුප්පු, නජිත් සුමනසේන, උදේනි දසනායක, පී.එච්.ජී. දයානන්ද ඇතුළු මහත්වරු
පිරිසක් පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණියහ.
http://www.lankadeepa.lk/index.php/articles/52541
Sunday, July 15, 2012
රෝහල් අඩු පාඩු සොයන කමිටුවට මාධ්‍යවේදීනුත්
නෝමන් පලිහවඩන
බස්නාහිර පළාතේ රෝහල් 150 ක අඩුපාඩුකම් ඇතුළු රෝගීන් මුහුණ පාන ගැටලු පිළිබඳ විශේෂ විමර්ශනයක් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් සැදුම් ලත් කමිටුවක් ළඟදීම පත් කිරීමට තීරණය කර ඇතැයි බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය අධ්යක්ෂ දොස්තර අමල් හර්ෂ ද සිල්වා මහතා "දිවයින"ට පැවැසීය.
මෙම මාධ්‍ය කමිටුව දෙනු ලබන තොරතුරු මත එම ප්‍රශ්න සොයා බලා ඒවා විසඳීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බවද කී දොස්තර අමල් හර්ෂ ද සිල්වා මහතා මේ සඳහා මාධ්‍ය කමිටුවක් පත් කිරීමට තීරණ කළේ ඇත්ත ඇති සැටියෙන්ම ඔවුන් ගෙන් තොරතුරු ලබා ගැනීමට හැකි වෙන නිසා. වැඩිදුරටත් පැවසීය.
රෝහල් ආපන ශාලාවල අඩුපාඩු, මිල ගණන්, රෝහල් බෙහෙත් හිඟය අපවිත්‍රකම යනාදී සෑම කරුණක්ම සොයා බැලීමට මෙම මාධ්‍ය කමිටුවට හැකි වෙනු ඇත.
මාධ්‍ය කමිටුව මෙම විමර්ශන කටයුතු සෞඛ්‍ය වෛද්‍ය අධ්යක්ෂ දොස්තර අමල් හර්ෂද සිල්වා මහතාගේ පෞද්ගලික අධික්ෂණය යටතේ සිදු කෙරෙනු ඇත.
http://www.divaina.com/2012/07/15/news13.html

Subscribe to:
Posts (Atom)