Saturday, October 26, 2013

පිළිකා රෝගී කිරිසප්පයන්ගේ ජීවිතවලින් ජාවාරම් කරන ඖෂධ මාෆියාවේ ලේ මාපිල්ලු

 බෙහෙත් පෙත්තක්‌, එන්නතක්‌ පාවිච්චි නොකළ කෙනෙක්‌ සිටීනම් එය විශ්මය දනවන්නකි. බෙහෙත්, එන්නත් ඒ තරමට මිනිස්‌ ජීවිතය හා සම්බන්ධවී තිබේ. අප මේ කතා කරන මොහොතේ අපේ රට තුළ කී දෙනෙක්‌ බෙහෙත්, එන්නත් නැතිනම් ඖෂධ භාවිත කරනවා ඇත්ද? දිනකට පාවිච්චියට ගන්නා ඖෂධ ප්‍රමාණය කොතරම්ද?

ඖෂධ ඒ තරමටම මිනිසාට වටිනා දෙයකි. ඇතැමුන් ජීවත්වන්නේ ඖෂධ නිසාය. එමෙන්ම තවත් අයගේ ජීවනෝපාය මාර්ගයද ඖෂධය. ඖෂධ වෙළෙඳාම තරම් ලාභදායි ව්‍යාපාරයක්‌ තවත් නැති තරම්ය. ඖෂධ අලෙවිය මාෆියාවක්‌ බවට පත්ව ඇත්තේද ඒ තරම් මුදල් උපයන මාර්ගයක්‌ තවත් නැති නිසාය. කොටින්ම ලෝකය මේ වනවිට නතු කරගෙන ඇති මනුෂ්‍ය ජීවිතයට සෘජු ලෙස සම්බන්ධ මාෆියා දෙක ඖෂධ මාෆියාව හා ආයුධ මාෆියාවය.

අපේ රටට ඖෂධ ගෙන්වන සමාගම් එම ඖෂධ රජයට අලෙවි කරති. රජය වෙනුවෙන් මේ ඖෂධ මිලට ගන්නේ වෛද්‍ය සැපයීම් අංශය විසිනි. ඖෂධ මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයීම් අංශය වෙත පැවරී තිබෙන වගකීම සුළුවෙන් තැකිය නොහැකිය. මිලට ගන්නා ඖෂධයේ ප්‍රමිතිය, ගුණය වටිනාකම ඇතුළු පිරිවිතරයන් කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය. ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් ඉහළ ගුණයෙන් යුත් ඖෂධ පමණක්‌ නොව වෛද්‍ය උපකරණ පවා අඩු මිලට ලබා ගැනීම වෛද්‍ය සැපයීම අංශයේ වගකීමකි. ඒ රෝගීන් වෙනුවෙන් මිලට ගන්නා ඖෂධ වෙනුවෙන් රජය ගෙවන්නේද ජනතාවගේම මුදල් නිසාවෙනි. එහෙත් රජය විසින් මිලට ගන්නා ඖෂධ පිළිබඳ කලක සිට අපට අසන්නට ලැබෙන්නේ එතරම් යහපත් පුවත් නොවේ. වීදුරු කටු සහිත එන්නත් කුප්පි ගැන විටෙක ඇසිනි. අපද්‍රව්‍ය සහිත සේලයින් බෝතල් ගැන තොරතුරු ලැබිණි. රජය එසේ නැතිනම් සෞඛ්‍ය අමාත්‍යංශය මෙවැනි ප්‍රමිතියෙන් තොර ඖෂධ සපයන දේශීය මෙන්ම විදේශීය සමාගම්ද අසාදු ලේඛනගත කළ බවට නිවේදන නිකුත් කෙරිණි. එහෙත් කෙටි කලකදී ඒ සමාගම් විසින්ම යළිත් බෙහෙත් ගෙන්වති. කලක්‌ ශල්‍ය අත්වැසුම් මිලට ගැනීම පිළිබඳවද විශාල ආන්දෝලනයක්‌ පැවැති අතර මේ ඖෂධ මාෆියාව නිසා තමාගේ ජීවිතයට පවා තර්ජන එල්ලවිය හැකි බව සෞඛ්‍ය ඇමැතිවරයා විටින් විට ප්‍රකාශ කළේය.

මේ සියල්ල අතර ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වූ සේනක බිබිලේ ප්‍රතිපත්තිය නීතිගත කරන බවට වසර ගණනාවක සිට බලධාරීහු කතා කරති. රජයේ රෝහල්වලට රුපියල් කෝටි සියයකට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ මිලට ගන්නා තාක්‍ෂණික ඇගයුම් කමිටුවට වසර විස්‌සකට ආසන්න කාලයක්‌ තිස්‌සේ එකම ජීවවිද්‍යා ඉංජිනේරුවරයකු පමණක්‌ සහභාගි වීමේ විශ්මිත පුවතක්‌ අනාවරණය වන්නේද මෙසේ ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව ගැන ඉතා ඕනෑකමකින් කතා කරන පසුබිමකදීය. වසර පහක්‌ ලියාපදිංචිය නොගත් ඖෂධ සමාගමක්‌ සෞඛ්‍ය අධිකාරිවරයාගේ අත්සන හොරට යොදා නව වසර සඳහා ලියාපදිංචිය ඉල්ලා පසුව ඒ වංචාව හෙළි වන්නේද පෙරකී පසුබිම තුළදීය.

වංචා කරමින් අපකීර්තිය විඳදරා ගනිමින් මේ ඖෂධ සමාගම් මේ නිරුවත් රංගනයේ යෙදෙන්නේ අහිංසක රෝගීන්ට ඇති ආදරය නිසා යෑයි සිතන්නට නම් අප ඔල්මොරොන්දම් විය යුතුය.

රෝගී වූ කල ඕනෑම කෙනෙක්‌ අසරණ වෙති. රෝගියා පමණක්‌ නොව ඔහුගේ පවුලේ අයද අසරණ වෙති. රෝගය දරුණු වෙද්දී මාරාන්තික වෙද්දී, මේ අය තව තවත් අසරණ වෙති. සියලු සේසත විකුණා හෝ රෝගියා ගොඩදා ගැනීමට මේ අසරණයෝ වළිකති.

මේ අසරණකම දඩමීමා කරගෙන කල දුටු කල වළ ඉහගන්නට වසළයෝ පිරිසක්‌ බලා සිටිති. හිතූ හිතූ ගණන්වලට රජයට ඖෂධ විකූණා තම මඩිය තරකර ගන්නට සැරසෙන ඇතැම් වසළ ඖෂධ මාෆියාකාරයෝ සමස්‌ත ඖෂධ වෙළෙඳාමම සිය ග්‍රහණයට හසු කර ගනිමින් සිටිති.

අපි අසරණ වන රෝගීන් ගැන කීවෙමු. මේ අය අතුරින් පිළිකාවට ගොදුරු වූවෝ අසරණ බවේ අන්තයටම පැමිණ සිටින්නේය. මහරගම පිළිකා රෝහලට යන ඕනෑම අයෙකුට ජීවිතය යනු අනිත්‍යයක්‌ම බව වටහා ගැනීමට වැඩි වේලාවක්‌ ගත නොවේ. පිළිකාවට ගොදුරුව ප්‍රතිකාර ලබන කුඩා දරුවන් දකිද්දී කඳුළින් තෙත් නොවන දෑසක්‌ තිබේද?

මේ අහිංසක දරු පැටවුන්ට ජීවිතයේ තවත් එක දවසක්‌ හෝ ලබා දෙන්නට අවංකව සිතන ඖෂධ ව්‍යාපාරිකයෝ වෙති. එමෙන්ම එවන් ව්‍යාපාරිකයන් ඖෂධ වෙළෙඳපොළෙන් තුරන් කර දැමීමට කුමන්ත්‍රණ දියත් කරන ඖෂධ මාෆියාකරුවන්ද සිටී.

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ට ලබාදෙන එන්නත් ජාවාරමක්‌ පිළිබඳ වූ පුවතක්‌ පසුගිය දිනවල මාධ්‍ය ඔස්‌සේ අනාවරණය විය.

දැන් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වති. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටද මෙම විමර්ශන භාරදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි පැවැසේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ලැබී ඇති නිර්නාමික පෙත්සමක්‌ මගින් මෙම ජාවාරම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇත. මෙය ඖෂධ සමාගම් දෙකක්‌ අතර ඇති ගැටුමක්‌ නිසා එක්‌ සමාගමක්‌ තවත් සමාගමකට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණයක කොටසක්‌ බවද පැවැසේ.

ලියුකේමියාව නැතිනම් ලේ පිළිකාව වැළඳුන කුඩා දරුවන් රැසක්‌ මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබති. "ඔන්කැස්‌පර්" (ධබජ්sච්ර) මේ දරුවන්ට ලබා දෙන එන්නතකි. මෙම එන්නත වෛද්‍ය සැපයීම් අංශය වෙත අළෙවි කරන්නේ පෞද්ගලික ඖෂධ සමාගම් දෙකක්‌ විසිනි. මොවුන් වෛද්‍ය සැපයීම් අංශය හරහා මහරගම පිළිකා රෝහලට ලබාදෙන මෙම එන්නත එකම වර්ගයේ, එකම වෙළෙඳ නාමය ඇති, එකම ආයතනයක නිෂ්පාදනය කරන්නකි. ටෙන්ඩර් ඉදිරිපත් කරමින් " ඔන්කැස්‌පර්" අලෙවි කිරීමට සමාගම් දෙකට අවසර ලැබී ඇත.

එහෙත් මේ එකම ඖෂධය මේ සමාගම් දෙක විසින් රජයට අලෙවි කරනුයේ මිල ගණන් දෙකක්‌ යටතේය. එක්‌ සමාගමක්‌ මෙම එන්නත අලෙවි කරනුයේ එකක්‌ රුපියල් 2,37,000 ක මිලකටය. අනෙක්‌ සමාගම එය රුපියල් 3,25,000 ක මිලකට රජයට සපයයි. එකම ඖෂධය මිල ගණන් දෙකක්‌ යටතේ රජය විසින් මිලදී ගැනීම පිළිබඳව වෙනම පරීක්‍ෂණයක්‌ කළ යුතු වුවත් මෙතෙක්‌ එවැන්නක්‌ ගැන දැන ගන්නට නැත.

කෙසේ වෙතත් වැඩි මිලට ඔන්කැස්‌පර්" අලෙවි කරන සමාගම මේ වන විට එන්නත් 32 ක්‌ රජයට අලෙවි කර ඇත. ඒ අනුව ඔවුන් අනෙක්‌ සමාගමට වඩා රුපියල් අසූ අට දහසක්‌ බැගින් එන්නත් කුප්පි 32 ක්‌ සඳහා රුපියල් විසි හතර ලක්‍ෂ පනස්‌ එක්‌ දහසක පමණ මුදලක්‌ වැඩිපුර ලබා ගෙන තිබේ. මේ වන විට ඔවුන් විසින් වැඩි මිලට අලෙවි කිරීම සඳහා තවත් මෙවැනි එන්නත් කුප්පි පනහකට ආසන්න ප්‍රමාණයක්‌ ගෙන්වා ගබඩාකර ඇතැයිද අනාවරණය වේ.

මේ අතර අඩු මිලට "ඔන්කැස්‌පර්" එන්නත රජයට අලෙවි කරන සමාගම මේ වනවිට එන්නත් කුප්පි 31 ක්‌ වෛද්‍ය සැපයීම් අංශය වෙත අලෙවි කර ඇත. ඊට අමතරව ඔවුන් තවත් එන්නත් කුප්පි හතරක්‌ පෞද්ගලිකවම රෝගීන් වෙත ලබාදී ඇති අතර තවත් එන්නත් කුප්පි හතරක්‌ නොමිලේ මහරගම පිළිකා රෝහල වෙත සපයා ඇත.

ඕනෑම ව්‍යාපාරිකයෙක්‌ වෙළෙඳපොළ තුළ තම ඒකාධිකාරය පවත්වාගෙන යැමට කැමැත්තක්‌ දක්‌වයි. ඖෂධ ව්‍යාපාරිකයන්ද එසේමය. එකම ඖෂධය තමන්ට වඩා අඩු මිලට අලෙවි කරන ව්‍යාපාරිකයෙක්‌ ක්‍ෂේත්‍රයේ සිටී නම් ඔහු වෙළෙඳපොළෙන් ඉවත් කර තමන්ගේ ඖෂධය වැඩි මිලට අලෙවි කිරීමට විවිධාකාර කුමන්ත්‍රණ දියත් කරන ඖෂධ ජාවාරම්කරුවෝද සිටිති. ඒ ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වන එක්‌ ක්‍රමයකි. ලියුකේමියාවෙන් පෙළෙන දරුවන්ට "ඔන්කැස්‌පර්" නමැති එන්නත අඩු මිලට අලෙවි කරන ඖෂධ සමාගමට එරෙහිවද ක්‍රියාත්මක වන්නේ මෙවැනි කුමන්ත්‍රණයක්‌ නොවේ යෑයි සිතිය හැකිද?.

මේ සමාගම විසින් නොමිලේ පිළිකා රෝහලට ලබා දුන් එන්නත් කුප්පි මෙතෙක්‌ රෝගී දරුවන් වෙනුවෙන් භාවිත කර නැත. ඒ මේ සමාගමට එරෙහිව පරීක්‍ෂණ පවත්වන නිසාය. වෛද්‍ය සැපයීම් අංශය විසින් මෙම සමාගමෙන් මිලට ගන්නා " ඔන්කැස්‌පර්" එන්නත් මහරගම පිළිකා රෝහලට සැපයූ පසු යළිත් එම සමාගමට වෙනම වෙනත් මාර්ගයකින් එම එන්නත් ලබා දීමේ ජාවාරමක්‌ ඇතැයි පවසන පෙත්සමක්‌ ඔස්‌සේ මෙම පරීක්‍ෂණය සිදු කෙරේ.

මෙම පරීක්‍ෂණය නිසා වටිනා එන්නත් කුප්පි කිහිපයක්‌ දරුවන් වෙනුවෙන් භාවිත නොකර පසෙක තබා ඇත. ඒවා අදාළ සමාගම විසින් නොමිලේ සැපයූ එන්නත්ය. දැන් එම එන්නත් කුප්පිවල කාලය ඉකුත් වීමටද ආසන්නය.

සාමාන්‍යයෙන් ඕනෑම ඖෂධයක්‌ වෛද්‍ය සැපයීම් අංශයට අලෙවි කළ පසුව භාණ්‌ඩ ලබා ගැනීමේ රජය පිළිගත් ක්‍රමවේදය අනුව කටයුතු කෙරේ. ඖෂධයේ ප්‍රමාණය, නිවැරදි ලාංඡන පිළිබඳ පරීක්‍ෂණ කර එම පිරිවිතයන් අනුකූල නොවන්නේ නම් වෛද්‍ය සැපයීම් අංශය විසින් අදාළ ඖෂධය ප්‍රතික්‍ෂේප කරනු ලබයි.

මේ පිරිවිතරයන්ට අනුකූල බැවින් වෛද්‍ය සැපයීම අංශය විසින් අඩු මිලට අදාළ සමාගමෙන් " ඔන්කැස්‌පර්" මිලට ගෙන මහරගම පිළිකා රෝහලට යවා ඇත. මහරගම පිළිකා රෝහලද අදාළ එන්නත් කුප්පි ලද පසු එහි ලේබලය මත සිය රෝහලේ මුද්‍රdව යෙදීම සිදු කරයි. ඉන් පසු එම මුද්‍රdව සහිත ඖෂධ බාහිර කිසිම ස්‌ථානයක අලෙවි කළ නොහැකිය.

පිළිකා රෝහලට වෛද්‍ය සැපයීම් අංශය විසින් ලබා දුන් පසුව රෝහලේ මුද්‍රdවද තැබූ එන්නත් කුප්පි යළිත් එම සමාගම විසින් ලබාගෙන වෛද්‍ය සැපයීම් අංශයට නැවතත් අලෙවි කරන්නේ කෙසේද? මහරගම පිළිකා රෝහලේ මුද්‍රdව සහිත එන්නත් කුප්පි වෛද්‍ය සැපයීම අංශය විසින් යළිත් මිලට ගත්තා නම් වරදකරුවා කව්ද? මෙම එන්නත් කුප්පි ඉතා ස්‌වල්ප ප්‍රමාණයක්‌ පමණක්‌ මිලට ගන්නා බැවින් වෛද්‍ය සැපයීම් අංශයට ඒවා එකින් එක පරීක්‍ෂා කිරීමේ අපහසුවක්‌ නැත. එම නිසා මෙම සමාගමට එරෙහිව කරන චෝදනාව පිළිගත හැකිද? අඩු මිලට ඖෂධ සපයන සමාගමකට එරෙහිව වැඩි මිලට ඖෂධ සපයන ව්‍යාපාරික මාෆියාවේ කුමන්ත්‍රණයක්‌ වන්නට බැරිද? ඒ පිළිබඳ ස්‌ථීර අදහසක්‌ ප්‍රකාශ කිරීමට නොහැකි මුත් සාධාරණ විමර්ශනයකදී සත්‍ය හෙළිවීම වැළැක්‌විය නොහැක.

අපි මේ පිළිබඳව මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතාගෙන්ද විමසීමක්‌ කළෙමු.

පිළිකා රෝහලේ ලියුකේමියාව වැළඳුණු දරුවන් එකසිය විසි දෙනෙක්‌ විතර ඉන්නවා. ඒ අතුරින් කිහිප දෙනෙකුට තමයි ඔය ඔන්කැස්‌පර් එන්නත ලබා දෙන්නේ. අපේ රෝහලට වෛද්‍ය සැපයීම් අංශය මාර්ගයෙන් වැඩි මිලකට සහ අඩු මිලකට මේ එන්නත සමාගම් දෙකක්‌ විසින් අලෙවි කරනවා. අඩු මිලට බෙහෙත් සපයන සමාගම රුපියල් හත්ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ වටිනා එන්නත් තොගයක්‌ නොමිලේ රෝහලේ ඖෂධවේදීන් වෙත ලබා දී තිබෙනවා රෝගීන්ට භාවිත කරන්න කියලා. ඒත් විමර්ශනය නිසා මේ බෙහෙත් දරුවන්ට ලබා දෙන්න නොහැකිව තිබෙනවා. බෙහෙත භාවිත කර හිස්‌ කුප්පි විතරක්‌ මේ විමර්ශනයට යොදා ගන්න බැරි ඇයි?

කෙසේ වෙතත් රජයට අඩු මිලට ඖෂධ සපයන සමාගම් වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ කලක සිට ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙයද එහි එක්‌ දිගුවක්‌ විය හැකිය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වංචාව, දූෂණය පිටුදකින ඖෂධ මාෆියාවට එරෙහිව අත් ඔසවන ඇමැතිවරයෙකි. එම නිසා ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණවලින් අවංක ඖෂධ ව්‍යාපාරිකයන් රැකගැනීම ඇමැතිවරයා හමුවේ ඇති අභියෝගයකි.


අජිත් අලහකෝන්




http://www.divaina.com/2013/10/27/nimna01.html

නොවැම්බර් 01 වෘත්තීය ක්‍රියාමාර්ගයට සියළු සංගම් වලට ආරාධනා




හෙද සිසුන් බිලීබා ගැනීමේ කුමන්ත‍්‍රණක්





අමාත්‍යාංශයේ අනුග‍්‍රහයෙන් වංචනිකව හෙද සිසුන් බීලි බා ගැනිමක් සිදු වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ වැඩමුලූ පවත්වන මුවාවෙන් හෙද සිසුන් වරින් වර අභයරාමයට කැදවා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග‍්‍රහයෙන් හෙද සිසුන් තම සංගමයට බීලිබා ගැනිමේ කුමන්ත‍්‍රණකාරි වැඩපිලිවෙලක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මේ මොහොතේ කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ 2013 ඔක්. 21 දින සිට 25 දින දක්වා එක දිනකට එක් හෙද විදුහලක් බැගින් තෝරාගෙන එම විදුහලේ පුහුණුව අවසන් කල හෙද සිසුන් වැඩමුලූ පැවැත්විමට යයි අභයරාමයට කැදවා ඇති බවයි. මෙලෙස කල කැදවිම් අතර ඔක්. 23 දින මහනුවර හෙද විදුහලේ ළමුන්ද, ඔක්. 24 දින ජයවර්ධනපුර හෙද විදුහලේ ළමුන්ද කැදවා ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබේ. මෙම සිසුන් කැදවා වැඩමුලූ පවත්වන මුවාවෙන් ඔවුන්ට එක්සත් හෙද සංගමයේ සාමාජික අයදුම්පත ලබාදී බලහත්කාරයෙන් පුරවාගෙන ඇත.

ජයවර්ධනපුර හෙද විදුහලේ සිසුන් අයදුම්පත් පුරවාදීම ප‍්‍රතික්ෂේප කලවිට එම ළමුන්ට දැඩි ලෙස බලපෑම් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ. මෙම කුමන්ත‍්‍රණකාරි වැඩසටහන සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වාහන සපයාදී ඇති අතර අමාත්‍යාංශ නිලධාරින් අභයරාමයේ දේශන සදහාද සහභාගිවී ඇති බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙලෙස අධ්‍යාපන වැඩමුලූවක් මුවාවෙන් හෙද සිසුන් කැදවා බලපෑම් කිරිම හා බලහත්කාරයෙන් එවැනි සාමාජිකත්වයට බදවා ගැනිම බරපතල වැරැද්දකි. එවැනි කුමන්ත‍්‍රණකාරි වැඩ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය උඩගෙඩි දීම ද බරපතල වරදක් බවයි.

එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ අද සෞඛ්‍ය අමාත්‍යංශය නිතීයක් නැති අම්බලමක් වැනි තත්වයට පත්ව තිබීම අතිශය කනගාටුවට කරුණකි. හෙද සිසුන්ට තමා කැමති සංගමයක් තෝරා ගැනිමේ අයිතිය තිබිය යුතු අතර මෙලෙස එම අයිතිය කොල්ලකෑම පිලිකුලෙන් යුතුව හෙලා දකින බව ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 http://www.lakpuvath.lk/news-news/item/7270-2013-10-26-06-59-55

Wednesday, October 23, 2013

හෙද-පරිපූරක-අතුරු වෛද්‍ය සේවා නොවැ: 1දා දීපව්‍යාප්ත වැඩවර්ජනයක


ටෙෂාරි නලින්දිකා කරනායක

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ගේ දීමනා, වැටුප් හා වෘත්තීයමය වරප්‍රසාද කප්පාදුවට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ලබන මස පළමුවැනිදා රට පුරා එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කරයි.

රාජකාරි බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා ලෙස මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදීම, වෛද්‍ය සේවාවට දැනට ගෙවන අතිකාල දීමනාවට සමානුපාතිකව ආරම්භක ශේ‍ර්ණියේ දීමනාව රුපියල් 200ක් වන ලෙස අතිකාල දීමනා වැඩිකිරීම, පළමු හා විශේෂ ශේ්‍රණියේ නිලධාරීන්ට රුපියල් 4000ක සන්නිවේදන දීමනාවක් ලබාදීම, පළමු හා විශේෂ ශේ‍ර්ණි නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම, වැටුප් විසමතා වහා නිවැරැදි කිරීම යන ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ ඉකුත් 14 පැවැති සාකච්ඡාවෙන් පසු පවතින ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ඔවුහු පෙන්වා දෙති.

එක්දින සංකේත වැඩ වර්ජනයට හෙද නිලධාරීන්, වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ නිලධාරීන්, ඔෟෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, භෞත චිකිත්සක නිලධාරීන්, වෘත්තීය චිකිත්සක නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, කීට විද්‍යා සහකාර නිලධාරීන්, දන්ත ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පීන්, ඛන්තු රේඛන ශිල්පීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්, වාග් චිකිත්සක නිලධාරීන්, පාසල් දන්ත චිකිත්සක නිලධාරීන් යනාදී වෘත්තීය සේවාවන්ට අයත් නිලධාරීන් එක්වීමට නියමිතය.

මේ මස 30 වැනිදාට පෙර තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් එම සංකේත වැඩ වර්ජනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීයමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.



http://www.mawbima.lk/34-39601-news-detail.html

Thursday, October 17, 2013

කවුරු කෙසේ කොයි ආකාරයෙන් බාධා කළත් දුම්වැටි පිළිබඳ ගැසට්‌ නිවේදනය අනාගතේ ක්‍රියාත්මක කරන්න වේවි - ඇමැති මෛත්‍රීපාල සිරිසේන

කවුරුන් කෙසේ කොයි ආකාරයෙන් බාධා කළත් දුම්වැටි, සිගරැට්‌ පිළිබඳ ගැසට්‌ නිවේදනය මුළු මහත් ජනතාවගේ කැමැත්තෙන් අනාගතයේ දවසක ක්‍රියාත්මක කිරීමට සිදුවේයෑයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා (14දා) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ජගත් විශිෂ්ටතා සම්මානයෙන් පුද ලැබූ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාට පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය සේවයේ නිලධාරීන් විසින් උපහාර පිරිනැමීම නිමිත්තෙන් පොළොන්නරුව ගල්ලෑලේ පිහිටි පුලතිසි අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවැති උත්සවයක්‌ අමතමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය ආයතන තුළ සහ ඉන් බැහැරව දුම්වැටි භාවිතයට එරෙහිව කටයුතු කරන බවට ප්‍රතිඥ දීමක්‌ද මෙහිදී සිදුකෙරිණි.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා -

සිගරැට්‌ පැකැට්‌ටුවේ මේ අවවාදාත්මක ඡායාරූප ඇතුළත් විය යුතුයි කියලා මම ගැසට්‌ නිවේදනය සකස්‌ කරලා අත්සන් කළා. මම අත්සන් කළ ගැසට්‌ නිවේදනය දැනගත් වහාම තායිලන්තයේ සෞඛ්‍ය ඇමැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඊළඟ සතියේ ඔවුන් ගැසට්‌ කළා තායිලන්ත රටේ සිගරැට්‌ පැකැට්‌වල සියයට අසූපහක්‌ මේ අවවාදාත්මක ඡායාරූප ඇතුළත් කළ යුතුයි කියලා. දුම්කොළ සමාගම මේ ගැසට්‌ නිවේදනයට අපිට නඩු දැම්මා. තායිලන්තයේ ගැසට්‌ නිවේදනයටත් අද නඩුවක්‌ විභාග වෙනවා තායිලන්ත අධිකරණයේ. ඒවගේම නේපාල් රටේ මේ වන විට මේ ගැසට්‌ නිවේදනයට විරුද්ධව නඩුවක්‌ විභාග වෙනවා. මේ අධිකරණයේ විභාග වෙන නඩුවලදී අභියාචනාධිකරණයේදී අපිට ජයග්‍රහණය ලැබුණත් මේ ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක නොකළ යුතුයි කියන අධිකරණ තීන්දුවක්‌ දියයුතුයි කියල තමයි දුම්කොළ සමාගම අධිකරණයට ගියේය අභියාචනාධිකරණය එය වළක්‌වමින්, ඊට හේතු ඉදිරිපත් කිරීමට ඉඩ දුන්නා. ඒ අතර අපි තාවකාලික ජයග්‍රහණයක්‌ ලැබුවත් දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්‌ ඉදිරිපත් කරලා දැන් නඩු දින හයක්‌ ඉවර කරලා තිබෙනවා. පසුගිය මාසයේ විසිවෙනිදා මම අලුත්කඩේ උසාවියේ ඒ නඩු දිනය දවසම ගත කළා. බංකුවක්‌ උඩ ඉඳගෙන. විභාග වෙන නඩු මම අහගෙන හිටියා. විනිශ්චයකාරවරු තුන්දෙනෙක්‌ හිටියා. අවසානයේ තුන්දෙනාගෙන් දෙදෙනෙක්‌ අපේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා. ඊවා වනසුන්දර විනිශ්චයකාරතුමිය බොහොම පැහැදිලිව අත්සනක්‌ නිකුත් කළා එතුමිය මේ ගැසට්‌ නිවේදනයට පක්‍ෂයි කියලා.

සාමාන්‍යයෙන් උසාවිවල අහන බොහෝ ප්‍රධාන නඩුවලදී විනිශ්චයකාරවරු අහනවා තමන්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගෙන් නඩුව කතා කරන ඊළඟ නඩු දිනයක්‌ පිළිබඳව. විනිශ්චයකාරවරුන් සාමාන්‍යයෙන් කරන්නේ දිනපොත පෙරලලා නීතිඥයන්ගෙන් අහනවා මේ මේ දින තියෙනවා කොහොමද ඉදිරි දින කියලා. නමුත් මේ නඩුවේ දැක්‌ක විශේෂත්වය තමයි කිසිම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්‌ගෙන් එහෙම විමසීමක්‌ කරන්නේ නැතිව විනිශ්චයකාරතුමන්ලා එක පාරටම කිව්වා මේ නඩුව 2014 මැයි 07 වැනිදා දක්‌වා කල්දානවා කියලා.

ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබන අවුරුද්දේ මැයි මස හත්වෙනිදාට මේ නඩුව කල්දැම්මා. මම ඇත්තටම පුදුමයට පත් වුණා. මම කිව්වේ මේක මුළු මහත් ජාතියක්‌ සඳහා මුළු මහත් ජාතික අනාගතය සඳහා මුළු මහත් රටක්‌ බලාගෙන ඉන්න ගැසට්‌ නිවේදනයක්‌ කියලා. නමුත් මම විශ්වාස කරනවා. මේ ගැසට්‌ නිවේදනය නිකුත් කිරීම, මෙහි අරමුණු ක්‍රියාත්මක කිරීම පිළිබඳව කොහෙන් හෝ බාධා ඇතිවන්නේ නම් ඒ තුළ සිදුවන්නේ දවසින් දවස මේ රටේ ජනතාව ඒ බාධාවන්වලට එරෙහිව එකතු වීමයි කියලා මම විශ්වාස කරනවා. මම ඇමතිවරයා විදියට ඉන්න කාලය තුළ මේ ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමට මම අත්සන් කළා වගේම එය ක්‍රියාත්මක කිරීමට යම් කිසි විදියකින් ඉඩ අවස්‌ථාවක්‌ නොලැබුණොත් මගේ කාලයේදී මම විශ්වාස කරනවා මේ රටේ මේ පිළිබඳව උවමනාවක්‌ තිබෙන, කැමැත්තක්‌ තිබෙන ඕනෑකමක්‌ තිබෙන මේ රටේ සමස්‌තයක්‌ පොදු මහජනතාව ඒ සටන අතට ගනීවි කියලා. ඒ නිසා සියලු දේවල්වල අවසාන තීරකයා ජනතාවයි කියලා මම විශ්වාස කරනවා. ජනතාවගේ තීන්දු අනෙක්‌ සියල්ලන්ගේ තීන්දුවලට ප්‍රබලයි.

ඒ නිසා දුම්වැටිය, සිගරැට්‌ පිළිබඳව මේ ගැසට්‌ නිවේදනය පිළිබඳව තීරණයක්‌ මේ රටේ ලෝක ඉතිහාසයේ අනෙක්‌ රටවල්වල සිද්ධවුණා වගේම ජනතාවාදී සටන් සහ අරගලවල ජනහිතකාමී, මානවවාදී කාර්යයන් සඳහා මුළුමහත් ජනතාවගේ කැමැත්තෙන් අනාගතයේ දවසක කවුරුන් කෙසේ කොයි ආකාරයෙන් බාධා කළත් ක්‍රියාත්මක කිරීමට සිදුවේවි කියා මම විශ්වාස කරනවා.

පොළොන්නරුව - කරුණාරත්න ගමගේ


http://www.divaina.com/2013/10/18/provin06.html
 

රඡයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රිය මහතා




රඡයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති  සමන් රත්නප්‍රිය  මහතා ඹක්තෝබර් 17 දින කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති රැස්වීමේදී කළ කතාව 



පරිපූරක වෛද්යප සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් සමන් ඡයසේකර මහතා







පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් සමන් ඡයසේකර මහතා ඹක්තෝබර් 17 දින කරාපිටිය ශික්ෂණ රෝහලේ පැපති රැස්වීමේදී කළ කතාව  





හෙද හෙදියන් අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි




2013-10-16
[අතුල බණ්ඩාර]
හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමට සූදානම් වනවා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා සඳහන් කළේ ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇති බවයි. අනුරාධපුරයේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
 
 
 
 http://www.nethfm.com/site/%E0%B7%84%E0%B7%99%E0%B6%AF_%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A_%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9_%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7_%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92-1--24118.html

දීමනා ලබා ගැනීමට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති 15ක් දීප ව්‍යාප්ත වර්ජනයකට අරඅ`දී

සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ සේවය කරනු ලබන හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගම් පහළොවක් එකමුතුව තම දීමනා ලබා ගැනීම සදහා මේ මස අවසානයේ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප‍්‍රකාශකර සිටියේ හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීමේ අනුරාධපුර පැවති පළමු පළාත් සම්මේලනයට සහභාගි වී  ඉකුත් (15) පස්වරුවේ අනුරාධපුර ගොඩගේ මාවතේ පිහිටි ක්‍රෙස්ටන් පාර්ක් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකට එක් වෙමින්ය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා අපගේ ඉල්ලම් පහක් තිබෙනවා. හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීන්වල නිරත නිලධාරීන්ගේ රාජකාරි බටා හා ප‍්‍රවාහන දීමනා ලෙස  රුපියල් 10000 ක දීමනාවක් ලබා ගැනීමයි. ඊට අමතරව ආරම්භක ශ්‍රේණියේ අතිකාල දීමනා ලෙස රුපියල් 200 ක් වන ලෙස  වැඩිකර ගැනීම පළමු සහ විශේෂ ශ්‍රේණි නිලධාරීන්ට සන්නිවේදන දීමනා ලෙස  රුපියල් 4000 ක් ලබා ගැනීමයි. ඊට අමතරව වැටුප් විෂමතාවන් නිවැරදි කර ගැනීම හා පළමු පියවර ලෙස පළමු හා විශේෂ ශ්‍රේණි නිළධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබා ගැනීමයි.
සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් බලවේගයන්ට අවනත වෙමින්  ආරම්භක වෛද්‍යවරයකු සදහා වූ රාජකාරි බටා හා ප‍්‍රවාහන දීමනාව ලෙස 1992 වර්ෂය වන විට ලබාදුන් රුපියල් 2000ක දීමනාව 2013 වර්ෂය වන විට රුපියල් 25000ක් දක්වා ඉහළ දැමුවා.  අනෙකුත් වෘත්තීය සේවාවන්වල නියුතු නිලධාරීන්ගේ දීමනාවන් සමාන්තර ලෙස වැඩි කිරීමට කටයුතු නොකිරීම නිසා මෙවැනි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට යොමු වීමට අපට සිදුවී තිබෙනවා යැයි සභාපතිවරයා පැවසීය.

සෞඛ්‍ය සේවාව වෘත්තීය සේවාවන් රැුසක එකතුවක්. අපේ රටේ සෞඛ්‍ය සේවයේ නියුතු හෙද පරිපුරක අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් සංඛ්‍යාව 45000 කට අධික වෙනවා. අනුයාත වැටුප් පියවරයන් සහිත අප සේවාවන් සමාන වෘත්තීයමය ගැටලූ අසාධාරණකම් හා අසමාන සැලකුම් වලට ලක්ව තිබෙනවා. මීට ප‍්‍රධාන හේතුව තමයි වැටුප් දීමනා වරප‍්‍රසාද සහ පහසුකම් එක් සේවාවකට පමණක් ලබාදීමත් අප සේවාවන්ට එම පහසුකම් ලබා නොදීම බරපතළ අසාධාරණයක් හා නොසැලකීමක් බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය පර්යේෂණාගාර තාක්‍ෂණ විද්‍යාඥ සංගමයේ සභාපති ජානක නිශාන්ත මහතා කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන් තම ඉල්ලීම් ඉදිරියේදී ලබා දීමට අපොහොසත් වුවහොත් තම වෘත්තීය සමිති බලමණ්ඩලය දීපව්‍යප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට තීරණය කර තිබෙනවා. 

මෙසේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට සියලූ පළාත් ආවරණය කරමින් තම සංගම්වල සාමාජික,සාමාජිකාවන් දැනුවත් කර සූදානම් කිරීමේ පළමු වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කළා.  ඉදිරියේදී ගාල්ල  කරාපිටිය, රත්නපුර, කළුබෝවිල, මහනුවර, කුරුණෑගල, රාගම සහ කොළඹ ජාතික රෝහල දක්වා මෙම දැනුවත් කිරීම් ව්‍යාප්ත කරන බවද ඒ මහතා පැවසීය. 

මෙහිදී අදහස් දැක්වූ රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් පී. තිලකරත්න මහතා තම සාමාජික,සාමාජිකාවන්ට සිදුව ඇති අසාධාරණය පෙන්වා දී මේ මස තිස් එක්වෙනි(31*දිනට පෙර සෞඛ්‍ය බලධාරීන් විසින් තම වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට අපොහොසත් වුවහොත් තම වෘත්තීය සමිති බලමණ්ඩලය තීරණය කරනු ලබන නුදුරු දිනයකදී දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කිරීමට තම සංගමය ක‍්‍රියාකරන බව ඔහු මෙහිදී  අවධාරණය කළේය.

විජය බුද්ධික - අනුරාධපුර


 http://www.rivira.lk/

ඉල්ලීම් නොදුන්නොත් 30දායින් පසු දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා හෙද පරිපුරක අතුරු වෛද්‍ය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

රාජකාරි බාධා හා ප්‍රවාහන සඳහා මාසික ගෙවිමී සහ අතිකාල දීමනා ඇතුළු තම ඉල්ලීම් ලබා නොදුන්නොත් ලබන 30දායින් පසු දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදු කිරීමට සුදානම් බව හෙද පරිපුරක අතුරු වෛද්‍ය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරයි.

රජයේ ඹෟෂධවේදින්ගේ සංගම‍යේ ප්‍රධාන ලේකම් අජිත් පී තිලකරත්න, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යා සංගමයේ සභාපති ජානක නිශාන්ත, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා සවස පැවති මාධ්‍ය හමුවේදි මේ බව සදහන් කළේය.

මෙහිදි රාජකාරී බාධා හා ප්‍රවාහන දීමනා ලෙස මාසිකව රුපියල් 10000 දිමනාවක් ලබා ගැනීම, ආරම්භක ශ්‍රෙණියේ අතිකාල දීමනාව පැයකට රුපියල් 200ක් ලෙස වැඩිකිරිම, පළමු විශේෂ ‍ ශ්‍රේණියේ සන්නිවේදන දීමනා ලෙස රුපියල් 4000ක් ලබාගැනිම මෙන්ම‍ පළමු හා විශේෂ ශ්‍රේණි‍යේ නිලධාරින්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාගැනීම, වැටුප් විසමතා නිවැරැදි කරන ලෙසත් එම සංගමය ඉල්ලීම් කර සිටී.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය හා අදාළ අංශ නිලධාරින් දැනුවත් කර ඇති නමුත් තවමත් සිය ඉල්ලිම් ඉටු නොවු බවත් මේ බව සිය සාමාජිකයන් දැනුවත් කිරීම පළාත් මට්ටමින් ආරම්භ කර ඇතැයි රජයේ ඹෟෂධවේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පී තිලකරත්න මහතා සදහන් කරයි.

ඒ අනුව පළමු පියවර ලෙස උතුරු මැද පළාතේ ‍රෝහල්වල සාමාජිකයින් දැනුවත් කිරිම පෙරේදා අනුරාධපුරයෙන් ආරම්භ කළ අතර ඉදිරියේදි ගාල්ල, රත්නපුර, කළුබෝවිල, මහ නුවර, කුරුණැගල, රාගම, හා කොළඹ ජාතික රෝහලේදි සිදු කිරිමට කටයුතු යොදා ඇත .

 http://www.dinamina.lk/2013/10/17/_art.asp?fn=n13101713&p=1

හෙද-පරිපූරක-අතුරු වෛද්‍ය සේවා දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක


අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කොට තිබෙන සිය වෘත්තීය ඉල්ලීම් පහක් සම්බන්ධයෙන් මේ මස 30 වැනිදාට පෙර විසඳුම් නොලැබුණහොත් රජයේ රෝහල්වල සේවයෙහි නියුතු හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධව රටපුරා දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කොට ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවැසීය. මේ මස 21 වැනිදා වන විට තම ඉල්ලීම් ක්‍රියාත්මක තලයකට ගෙන ඒමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගතහොත් අදාළ වැඩවර්ජනය ක්‍රියාත්මක කරනු ලබන දිනය එදින ප්‍රකාශයට පත්කරන බවද ඒ මහතා කීය. හෙද-පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අදාළ තීරණය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කරනු ලැබීම සඳහා පෙරේදා (15දා) අනුරාධපුර, ගොඩගේ මාවතේ ක්‍රිස්ටල් පාර්ක් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවැසීය.

පසුගිය කාලය පුරාම රජයේ රෝහල්වල වෘත්තීමය සේවාවන්ට අදාළ වෘත්තීය සමිති මඟින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම්වලට සාධාරණය ඉටුකිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත්වීමේ ප්‍රතිඵලයක් ලෙසට වෘත්තීය අරගලයකට පිවිසීම සඳහා හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය නමින් බල මණ්ඩලයක් පවා ගොඩනැඟීමට සිදුවූ බවත් සමන් රත්නප්‍රිය මහතා කීය.

මේ අනුව හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාළ වෘත්තීන්වල සේවයෙහි නියුතු සියලු දෙනාට මසකට රුපියල් දස දහසක රාජකාරි බාධා හා ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම ආරම්භක ශේ්‍රණිවල අතිකාල දීමනාව, රුපියල් දෙසීයයක් දක්වා වැඩි කර ගැනීම, පළමු හා විශේෂ ශේ්‍රණිවලට මසකට රුපියල් හාරදහසක සන්නිවේදන දීමනාවක් සහ තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 7/2007 මඟින් ක්‍රියාත්මක කළ වැටුප් සංශෝධනය නිසා අනෙකුත් සේවාවන්ට බලපා තිබෙන වැටුප් විසමතාව වහා නිවැරැදි කර ගැනීම යන යෝජනා තම බලමණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කරනු ලැබූ බවත් ඒ මහතා කීය.

මේ අතර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අතර පසුගිය 14 වැනිදා පැවැති තීරණාත්මක සාකච්ඡාවේදී වෛද්‍ය සේවාවට සාපේක්ෂව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීමය සේවාවන් සඳහා සාධාරණ විසඳුමක් ලබා දෙන මෙන් තම නියෝජිතයන් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.


 http://www.mawbima.lk/86-38922-news-detail.html

Monday, October 14, 2013

කිරිපිටි අර්බුදය සහ නියාමකයන්ගේ වගකීම


කිරිපිටි අර්බුදය සහ නියාමකයන්ගේ වගකීම යන තේමාව යටතේ ඊයේ කොළඹ පැවති සංවාදයකට එක්වෙමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා සඳහන් කලේ කිරිපිටි සම්බන්ධයෙන් පසු ගියදා ගත් තීරණ සම්බන්ධයෙන් ගැටලූ පවතින බවයි 


කිරිපිටි අර්බුදයට විසදුම



Wednesday, 09 October 2013 16:43

දියරකිරි හැකි ඉක්මණින් මෙරට ප්‍රචලිත කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.
එම සංගමය මේ බව පැවසුවේ ඊයේ (08)ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ ශ්‍රවණාගාරයේ පැවති "කිරිපිටි අර්බුදය සහ නියාමකයන්ගේ වගකීම "යන තේමාව යටතේ පැවති විද්වත් සංවාදයට එක් වෙමිනි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින් ද සොයිසා මහතා කිරිපිටි ආනයනය කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිව් වන ස්ථානයේ පසුවන බවත් ,පෝෂණ ප්‍රතිපත්තියක් අප රට තුළ පැවතුණද කිරිපිටි වලට මෙවැනි ස්ථානයක් හිමිවිම කණගාටුවට කරුණක් බව වැඩිදුරටත් කියා සිටියා. 2016දි දියර කිරි ප්‍රචලිත කරනවා යැයි සඳහන් කල මේ රජයේ අමාත්‍යාංශවල නිළධාරීන් මෙතෙක් මේ වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙල කුමක්ද ?සහ මේ අමාත්‍යාංශ නිදියගෙන කටයුතු කරනවාද? යනුවෙන් නවින් ද සොයිසා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියා.

දේශපාලනිකයන් හැම විටම කටයුතු කරන්නේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට බවත් නමුත් අපේ පරම්පරාවට කිරි පිටි පොවනවා යැයි කියමින් වස පෙවීම අපට බලා සිටිමට නොහැකි බවයි නවින් ද සොයිසා මහතා මෙහිදී පෙන්වා දුන්නේ. ඖෂධ ප්‍රතිපත්තිය අද වන විට මුදලට විකිණී ඇති බවත්,1986දි ගෙනා ඖෂධ පනත මේ වන විටත් සංශෝදනය නොකරන්නේ කුමන හේතුවක් නිසාද යනුවෙන් නවින් ද සොයිසා මහතා මෙහිදි ප්‍රශ්න කර සිටියා. දියර කිරි ප්‍රවර්ධනයට ,මව්කිරි ප්‍රවර්ධනයට ආහාර අධිකාරිය ඇතුළු අංශ ගණනාවට නොහැකිවීම මේ වන විට අපටද ගැටළුවක්ව ඇතිවී තිබෙන බවයි නවින් ද සොයිසා මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ. ආහාර පිළිබද ඇති පනත වහාම සංශෝදනය විය යුතු බවත් එසේ කිරීමට බළධාරින් ඉදිරිපත් නොවීම පිළිබද සැකයක්ද පවතින බවයි වෛද්‍ය නවින් ද සොයිසා මහතා මෙහිදි අවධාරණය කර සිටියේ.

මෙම විද්වත් සාකච්ඡාව සඳහා එක්ව සිටි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා සඳහන් කලේ කිරිපිටි සම්බන්ධයෙන් පසු ගියදා ගත් තීරණ සම්බන්ධයෙන් ගැටලූ පවතින බවයි. 2012 වර්ෂයේ කිරිපිටි ගෙන්වීම සඳහා රුපියල් මිලියන 35,000 වැය වී ඇති බවත් දියරකිරි ප්‍රවර්ධනය කළ යුතුයි කියා ප්‍රකාශ කරන මේ ආණ්ඩුව මේ ආකාරයට ජනතා මුදල් නාස්ති කිරිම එතරම් සුභ නොවන බවයි සමන් රත්නප‍්‍රිය මහතා පෙන්වා දුන්නේ. කිරිපිටි අප ශරිරයට අත්‍යවශ්‍ය නොවන බවත් ,ආණ්ඩුව දියර කිරි ප්‍රවර්ධනය කරන තුරු දැවැන්ත වශයෙන් මේ ආකාරයෙන් විරෝධතාවය දක්වන බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.


 http://www.lakpuvath.lk/news-news/item/6890-2013-10-09-11-14-17