Saturday, February 8, 2014

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්‌

නිලන්ත මදුරාවල

ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගත යුතු බවට වූ අත්‍යවශ්‍ය කොන්දේසිය උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉවත් කරනු ලැබීමට එරෙහිව වෛද්‍ය ඉංජිනේරු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර දැඩි ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.

එම කොන්දේසිය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේ වන විට ලිත දැනුම්දීමක්‌ද කර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමගද සාකච්ඡා කිරීමට සම්මේලනය සූදානමින් සිටියි.

පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍ය බවට පසුගිය අගෝස්‌තු මස 22 වැනිදා නිකුත් කර තිබූ ගැසට්‌ නිවේදනයේ 31 වැනි වගන්තිය සංශෝධනය කරන උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මින් ඉදිරියට පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභා අනුමැතිය අත්‍යවශ්‍ය නොවන බව සඳහන් කර තිබේ.
  


http://www.divaina.com/2014/02/09/news03.html

සූතිකා පුහුණුවට ප්‍රෝඩාකාරී වෛද්‍ය කමිටුවක් - මානසික හෙද පුහුණුවට තහනම් ලිපියක්