Tuesday, May 20, 2014

derana wada pitiya සම සෞඛ්‍ය ගැටළුව

derana wada pitiya සම සෞඛ්‍ය ගැටළුව

ලක්ෂ දහයක් අත්සන් සොයා

(අනුරාධපුර- බුද්ධික මහේෂ් විජේසූරිය)

සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය තෙවසරක් දක්වා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් හා සම සෞඛ්‍ය උපාධිය වෙනුවෙන් හඩ නගන සිසුන්ට රජය විසින් මැර ප්‍රහාර එල්ල කර අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ  පෙත්සමට අත්සන් ලබා ගැනීම අඟහරුවාදා(20) දහවල් අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.






පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බළ මණ්ඩලය විසින් මෙම පෙත්සමට අත්සන් ලබා ගැනීම 18 වනදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ බවත්, ඊට සහය දක්වමින් අනුරාධපුර දිස්තක්කයේ අත්සන් ලබා ගැනීම සඳුදා(19) ආරම්භ කළ බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පී තිලක රත්න මහතා පැවසීය.අනුරාධපුර ශීක්ෂණ රෝහල ඉදිරිපිට පිහිති ජයිකා ගොඩනැගල්ල ඉදිරිපිට මෙම පෙත්සමට අත්සන් ලබා ගැනීම ආරම්භ කළ අතර හෙද නිළධාරීන්, නිළධාරිනියන් හා රෝහලට පැමිණි පුද්ගලයින් මෙම පෙත්සමට අත්සන් තබා සහය දක්වන අයුරු ජායා රූපයේ දැක්වේ.

http://lakbima.lk/index.php?option=com_content&view=article&id=36853%3A2014-05-20-09-27-30&catid=37%3Aslider

රෝගීන් ඇපයට තබා ප්‍රශ්න බේරන ක්‍රම


හිත හොඳ දොස්‌තර කෝ !



වෛද්‍යවරයකු ඉසිවරයෙක්‌ ලෙස පැරැන්නන් හඳුන්වාදී ඇත්තේ එම වෘත්තියේ ඇති සේවය සහ ගෞරවය නිසයි. නමුත් අද සමාජයේ එවැනි ඉසිවරුන් සිටින්නේ නම් ඒ අතළොස්‌සකි. අප කාටත් ජීවිතයේ කවර හෝ දිනක වෛද්‍යවරයකුගේ සේවය අවශ්‍ය වේ. එබැවින් සමාජයේ බොහෝ දෙනෙක්‌ වෛද්‍යවරුන්ගෙන් කෙතරම් වැරදි සිදුවුණත් ඔවුන් විවේචනයෙන් වැළකී සිටිති. නමුත් ඇත්තෙන්ම විවේචනය ඔවුන්ට අත්‍යවශ්‍ය දෙයකි. නැතහොත් ඔවුන්ද ඔවුන් කරන සෑම කාර්යයක්‌ම නිවැරදි යෑයි සිතා කටයුතු කරනු ඇත.

අපේ රටේ වෛද්‍යවරු සිතන්නේ තමන් සමාජයේ සුපිරි කොටසක්‌ කියාය. වරද නොපිළිගැනීම සහ විවේචනය නොඉවසීම අපේ ලාංකික වෛද්‍යවරුන්ගේ පොදු ලක්‍ෂණයකි. පසුගිය වකවානුව තුළ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මියගිය ජීවිත ගණන බොහෝය. නමුත් කිසිම වෛද්‍යවරයකු තවමත් දඬුවම් ලැබූ බවට නම් අරංචියක්‌ නැත. කිසිම වෛද්‍යවරයකු තම වරද නොපිළිගන්නා අතර අනෙකුත් වෛද්‍යවරුද තම සගයා බේරා ගැනීමට ඕනෑම බොරුවක්‌ කියනු ඇත.

අද වෛද්‍යවරයකුට රු. ලක්‍ෂයකට ආසන්න වේතනයක්‌ ලැබේ. එයට අමතරව තීරුබදු රහිත වාහන අවු. 5 න් පහට ලබාගත හැක. මීට අමතරව තවත් පහසුකම් රැසක්‌ රජයෙන් ලබාදී තිබේ. එය හොඳ දෙයකි. ඔවුන්ගේ සේවයට සරිලන වේතනයක්‌ ඔවුන්ට දිය යුතුය. එලෙසම ඔවුන්ද ඒ වේතනයට සරිලන සේවයක්‌ කළ යුතුය.

වෙනත් රටවල් සහ සංසන්දනය කරන විට අපේ රටේ තරම් අහංකාර උද්ධච්ඡ ගති පැවතුම් ඇති වෛද්‍යවරුන් නැති තරම්ය. ආසියානු රටවලටත් වඩා යුරෝපීය රටවල වෛද්‍යවරු ඉතා කාරුණිකය. සමහරවිට මෙයට හේතුව අපේ රටේ සමාජයේ වඩාත් පිළිගත් වෘත්තියක්‌ වනුයේ වෛද්‍ය වෘත්තිය නිසාය. මේ නිසාම සෑම දෙමවුපියකුටම අවශ්‍ය වන්නේ තම දරුවා වෛද්‍යවරයකු කිරීමටය. අද දිවයිනේ සෑම පළාතකින්ම සිසුහු වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙති. එය ඉතා අගනේය. එහි ගෞරවය හිමිවිය යුත්තේ දිවංගත සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියටය. දිස්‌ත්‍රික්‌ක අනුව තෝරා ගැනීම් සිදු කිරීම නිසා ඈත දුෂ්කර පළාත්වල සිසුන්ටත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළුÊවීමට මග පෑදුණි.

නමුත් ප්‍රශ්නය නම් මහජන මුදලින් ඉගෙනගෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වී වසර හතරක්‌ ගත වන විට බොහෝ දෙනකුට ඒ බව අමතක වීමය. අද සමහර වෛද්‍යවරු චැනල් සේවාව මුවාවෙන් අහිංසක රෝගීන් සූරා කති. අද වනවිට සමහරු රෝගියෙක්‌ බැලීමට රු. 2500 සිට 7500 දක්‌වා මුදල් අය කරති. අනෙක අපේ රටේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ඉතා අත්තනෝමතික ලෙස වැඩකරන සංගමයක්‌ බවට පත්වී ඇත. ඔවුන් තම සේවාවේ අත්‍යවශ්‍යභාවය ආයුධයක්‌ කර ගනිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සෑම අංශයකටම ඇඟිලි ගසමින් සිටින අතර මෙතරම් කලක්‌ සුහදව සේවය කළ හෙදියන් වින්නඹු මාතාවන් සහ සාත්තු සේවකයන් අතර ගැටුම් ඇති කිරීමට මුල්වී ඇත්තේද මෙම වෛද්‍යවරුන්ය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා දීම ප්‍රතික්‌ෂේප කිරීම මෙයට ප්‍රධාන හේතුවයි. එක්‌ අවස්‌ථාවක රජයේ වෛද්‍ය නිලධාරීනAගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ හෙදියන් නැති වුවත් තමන්ට සාත්තු සේවකයන් සමග වැඩ කළ හැකි බවයි. මෙවැනි උද්ධච්ඡ ප්‍රකාශවලින් වන්නේ නැති ප්‍රශ්න ඇති වීමයි. රෝහලක රෝගීන්ට මේ සෑම සෞඛ්‍ය සේවාවක්‌ම අත්‍යවශ්‍යය. ඔවුන් අතර ගැටුම් ඇතිවීමෙන් හානිය සිදුවන්නේ අහිංසක රෝගීන්ටය.

එලෙසම වෛද්‍ය ඉසිවරයන් ගැනද යමක්‌ කිව යුතුය. තම පඩිය පවා වියදම් කරමින් අහිංසක දුප්පත් ජනතාවට සේවය කරන වෛද්‍යවරුද සිටිති. චැනල් සේවයට නොගොස්‌ හැකි පමණ රෝගීන්ටම සේවය කරන විශේෂඥ වෛද්‍යවරුද සිටිති. මා දන්නා එක්‌තරා විශේෂඥ වෛද්‍යවරයෙක්‌ සතියකට වරක්‌ තම ගමේ රෝගීන් සඳහා නොමිලයේ සේවාව සපයයි. ජනතාව එවන් වෛද්‍යවරු හිත හොඳ දොස්‌තර ආදී විවිධ නම්වලින්ද හඳුන්වති. ඔවුන්ට මුළු ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.

*  ශ්‍රියානි ද සේරම්
 


 http://www.divaina.com/2014/05/20/feature04.html

වකුගඩු ජාවාරම පිටුපස ශ්‍රී ලංකාව ?



රෝගියකු වෙනුවෙන් වකුගඩුවක්‌ හෝ ලේ බිඳක්‌ දන් දීම අතීතයේ සිට සැලකෙනුයේ මහා පුණ්‍යකර්මයක්‌ ලෙසිනි. මෙය මෙතෙක්‌ කල් පැවැතියේ රෝගියකු වෙනුවෙන් තවත් අයකු විසින් සිය කැමැත්තෙන්ම වකුගඩුවක්‌ හෝ ලේ දන් දීමේ සම්ප්‍රදායකි. එහිදී පරිත්‍යාග කරන්නා තමන් විසින් පරිත්‍යාග කරන දැ සඳහා කිසිදු මුදලක්‌ අය කර නොගන්නා අතර එය හුදෙක්‌ පරිත්‍යාගයක්‌ පමණක්‌ ලෙස සැලකේ. මෙතෙක්‌ කල් ශ්‍රී ලංකාවේ පැවැතියේ මෙවැනි තත්ත්වයකි. එහෙත් මෑතකදී ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මහා පරිමාණ වකුගඩු ජාවාරමක්‌ ක්‍රියාත්මක වන බවට හා එහි මහ මොළකරු ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු බව අනාවරණය වීමත් සමගම ඉහත කී පරිත්‍යාගශීලී සම්ප්‍රදාය වෙනස්‌ වෙමින් පවතින්නේද යනුවෙන් සැකයක්‌ මතුව ඇත.

සාමාන්‍යයෙන් ඉන්දියාව තුළ නම් තම වකුගඩුව පමණක්‌ නොව ලේ බිඳ පවා මුදලට අලෙවි කරන්නන් මෙන්ම ඒවා මුදලට ලබාගෙන අලෙවි කරන වෛද්‍යවරුන් එමට සිටින බව අනාවරණය වී ඇත්තේ බොහෝ කලකට පෙරදීය. ඇතැම් රෝගීන් වෙනත් පරීක්‍ෂණයකට හෝ සැත්කමකට රෝහල්ගත වූ විටදී ඔවුන්ගේ වකුගඩු හොර රහසේම ඉවත් කර ගත් සිද්ධීන්ද ඉන්දියාවෙන් වාර්තා වී ඇත. එහෙත් ලංකාව තුළ මෙතෙක්‌ එවැනි රෝගියාටත් නොදන්වා වකුගඩු ඉවත් කිරීමේ සිද්ධීන් වාර්තා නොවීය.

මෙවන් වාතාවරණයක්‌ තුළ ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු මුල් වී සිදුකළ බව කියන මෙම වකුගඩු ජාවාරම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකිය.

මෙම වකුගඩු ජාවාරම පිළිබඳව මෙරටට තොරතුරු පළමුව ගලා ආවේ ඉන්දීය ජනමාධ්‍යයන් හරහාය. ඉතා ඉහළ මිලකට තම වකුගඩුවක්‌ අලෙවි කිරීමට එකඟ වූ ඉන්දීය ජාතිකයකු මෙරටට ගෙන්වා පුද්ගලික රෝහලකදී සැත්කමට භාජනය කිරීමෙන් පසු ඔහු මිය යැමත් සමගම මෙම ජාවාරමෙහි සුල මුල අනාවරණය විය.

එකී මියගිය පුද්ගලයාගේ ෙµaස්‌බුක්‌ පිටුව තුළ පළවූ තොරතුරු මත මෙම ජාවාරම පිළිබඳ දැනගත් පසු ඉන්දීය පොලිසිය විසින් ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත් වූ අතර එම ජාවාරමෙහි මහ මොළකරු ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු බව හෙළිකරගත් බව මෙරට බලධාරින්ටද දැනුම් දුන් බවට ඉන්දීය ජනමාධ්‍යයන් විසින් වාර්තා කර තිබිණි.

එහෙත් එවැනි දැනුම් දීමක්‌ කළ පසුද මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ඒ සම්බන්ධව මුනිවත රකිමින් එවැනි ජාවාරමක්‌ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට හෝ උනන්දු නොවූ බව පෙනෙන්නට තිබිණි. ඒ අනෙකක්‌ නිසා නොව මෙම ජාවාරම මෙරට ක්‍රියාත්මක වීම සඳහා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරින්ද සහාය දක්‌වා තිබීම නිසා බව මේ වන විට අනාවරණය වී තිබේ.

මෙම වකුගඩු ජාවාරම කුමක්‌ද? එය සිදුකළ පුද්ගලයන් හා තිරයෙන් පිටුපස සිට ඔවුනට උපකාර කළ නිලධාරීන් පිළිබඳවද තොරතුරු මේ වන විට වෛද්‍ය ක්‌ෂේත්‍රය තුළම ඔවුනොවුන් අතර හුවමාරු වෙමින් පවතී.

මෙම වකුගඩු ජාවාරම යටතේ මුදලට තම වකුගඩු, වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට පෙනී සිටින රෝගියකුට ලබා දීමට කැමැත්තක්‌ දක්‌වන ඉන්දීය ජාතිකයන් හා එම රෝගීන් ශ්‍රී ලංකාවට ගෙන්වා අදාළ සැත්කම් මෙහි කිරීම සිදුවේ. මෙහිදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්‌ සඳහා ඉන්දියාවේදී අධික මුදලක්‌ වැය කිරීමට සිදුවන නිසාත් ශ්‍රී ලංකාවේ එයට වඩා අඩු මුදලකට එවැනි සැත්කමක්‌ සිදුකර ගත හැකි බවත් වකුගඩුව ලබා දෙන්නන්ට හා එය බද්ධ කරන රෝගියාට ඒත්තු ගන්වා ඔවුන්ව මෙරටට ගෙනැවිත් ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ඉන්දියාවේ සිට වකුගඩු අලෙවි කිරීමට කැමැත්තක්‌ දක්‌වන්නන් හා එම වකුගඩු බද්ධ කිරීමට නියමිත රෝගීන් මෙරටට ගෙන්වීමට ඉන්දිය ජාතික වෛද්‍යවරුන් හා ව්‍යාපාරිකයන් පිරිසක්‌ මුදල් වැය කර ඇති බවත් එම වකුගඩු ජාවාරමෙහි මෙරට සම්බන්ධීකරණ කටයුතු ඉන්දීය වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු විසින් සිදුකළ බව මේ වන විට ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව ඇත.

මෙහිදී මෙරටට ගෙන ආ වකුගඩු ලබාදෙන හා බද්ධ කරන අය සඳහා වන සැත්කම් ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ගණනාවක සිදුකර ඇති බවද තොරතුරු අනාවරණය වී තිබේ. එහිදී මෙරට ක්‍රියාත්මක පටක බද්ධ කිරීමේ පනත යටතේ එම සැත්කම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය කමිටුවක්‌ හරහා අනුමැතිය ලබාගත යුතු අතර මෙම කටයුත්තේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයාගේ අනුමැතිය එම සැත්කම් සඳහා හිමිව ඇති බව වාර්තා වී තිබේ.

මෙහිදී අනාවරණය වී ඇති වැදගත්ම තොරතුරු නම් මෙම වකුගඩු ජාවාරම සම්බන්ධීකරණය කරන ලද ශ්‍රී ලාංකීය වෛද්‍යවරයා මෙරට වෛද්‍යවරුන් නියෝජනය කරනු ලබන ප්‍රබල වෘත්තීය සමිතියක මධ්‍යම කාරක සභා සාමාජිකයකු වීමත් ඔහුට ඉන්දියාවෙන් මෙරටට ගෙනා වකුගඩු ලබා දෙන හා බද්ධ කරන අයගේ සැත්කම් කිරීමේ කටයුතුවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට උපකාර කර ඇත්තේ එම සංගමයේම ප්‍රධානියකු බවට ලැබී ඇති තොරතුරයි.

කොටින්ම මෙරට වෛද්‍ය සභාවේ මෙන්ම ඉන්දීය වෛද්‍ය සභාවේද ලියාපදිංචිය හිමි මෙම ශ්‍රී ලංකා - ඉන්දීය වකුගඩු ජාවාරමෙහි මහ මොළකරු වන වෛද්‍යවරයා ඉහත කී වෛද්‍ය සංගම් ප්‍රධානියාගේ සංගම් නිලවරණවලට පවා වියදම් කර ඇති අයෙකු බව හෙළි වී ඇත. එමෙන්ම වෛද්‍යවරුන්ට ලැප්ටොප් වැනි උපකරණ මිලදී ගැනීමේ වැඩපිළිවෙල්වලදී එම කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේද මොහු විසිනි.

මෙම සියලු කටයුතු සඳහා ඉහත කී වෛද්‍යවරයා වැය කරන්නට ඇත්තේ වකුගඩු ජාවාරමෙන් උපයාගත් මුදල් බවට කිසිදු සැකයක්‌ නොමැත. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වනු ලබන වකුගඩු ලබා දෙන්නන්ගෙන් ඉවත් කර ගන්නා වකුගඩු බද්ධ කරන රෝගියකුගේ එක්‌ සැත්කමක්‌ වෙනුවෙන් මෙම වෛද්‍යවරු රුපියල් ලක්‍ෂ පහක මුදලක්‌ ලබා ගෙන ඇති අතර මසකට එවැනි සැත්කම් 10 ක්‌ පුද්ගලික රෝහල්වල සිදුකර එම සැත්කම්වලින් රුපියල් ලක්‍ෂ 50 ක මුදලක්‌ ඔහු උපයා ගෙන ඇති බව වෛද්‍ය ක්‌ෂේත්‍ර ආරංචි මාර්ග හෙළිදරව් කර තිබේ.

මෙම වෛද්‍යවරයා වකුගඩු ජාවාරම හරහා උපයා ඇති එම මුදලින් රුපියල් ලක්‍ෂ 10 ක්‌ පමණ ඔහු සාමාජිකත්වය දරන ප්‍රබල වෘත්තීය සමිතියක ප්‍රධානියාට ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙම සැත්කම් මෙරට සිදු කිරීම සඳහා අනුමැතිය ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ටද අනිවාර්යයෙන්ම මෙම මුදලින් කොටසක්‌ හිමි වන්නට ඇත.

කරුණු එසේ නම් මේ සා මිනිස්‌ අවයව ජාවාරමක්‌ මෙරට ක්‍රියාත්මක වූ බවට තොරතුරු අනාවරණය වී තිබියදීත් මෙරට බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක්‌ විධිමත් පරීක්‍ෂණයක්‌ අරඹා නැත්තේ මන්දැයි ගැටලුවකි.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ එම වකුගඩු ජාවාරම පිළිබඳ පැමිණිල්ලක්‌ ලැබී නොමැති නිසා පරීක්‍ෂණයක්‌ ඇරැඹීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු නොකරන බවකි. එහෙත් මෙම ජාවාරම යටතේ වකුගඩුවක්‌ ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගත් ඉන්දීය ජාතිකයකු මියගිය පසු ඔහු වෙනුවෙන් ඔහුගේ ඥතීන් එම වකුගඩුව ලබා ගැනීමේ සැත්කම සිදුකළ පුද්ගලික රෝහලින් වන්දි මුදල් ඉල්ලා ඇති බවටද වාර්තා වී තිබිණි. එවැනි තත්ත්වයක්‌ යටතේ හෝ මෙම ජාවාරම පිළිබඳ තමන් කිසිදු දෙයක්‌ නොදන්නා බව පවසා දැත්a සෝදා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට නොහැකිය.

අනෙක්‌ අතට මෙවැනි වකුගඩු ජාවාරමකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ද සම්බන්ධ බවට මත පළවීම නිසා අමාත්‍යාංශයේම නිලධාරීන් මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පත් කිරීම සොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි වූ ක්‍රියාවක්‌ බවට රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් විසින් ප්‍රකාශ කර තිබිණි.

මෙම වකුගඩු ජාවාරම සම්බන්ධව ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාජිකයකුද නොවන වෛද්‍යවරයකු ද නොවන රජයේ ඉහළ නිලධාරියකු පත්කළ යුතු බවටද මුරුත්තෙට්‌ටුවේ හිමියෝ ඉල්ලීම් කර තිබිණි.

කරුණු මෙසේ නම් මිනිසත්කමටද නිගාවක්‌ වූ මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ මෙරට සැකකරුවන් වෙනත් රටක්‌ විසින් පරීක්‍ෂණ පැවැත්වීමට ඉල්ලා සිටින තෙක්‌ බලා නොසිට ඒ පිළිබඳ ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ පැවැත්වීම බලධාරීන්ගේ වගකීමකි.

මෙම වකුගඩු ජාවාරම පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ඉන්දීය පොලිස්‌ අංශ මෙරටට පැමිණීමට නියමිත බවටද ඉන්දීය ජනමාධ්‍යයන් විසින් වාර්තා කර තිබිණි.

මෙම ජාවාරමෙහි තොරතුරු අනාවරණය වී තිබියදීත් මෙරට වෛද්‍ය වෘත්තීය සමිති ඒ පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ නොකොට මුනිවත රැකීමද ගැටලුවකි. විශේෂයෙන්ම තමන්ට අවාසිදායක ප්‍රවෘත්ති ජනමාධ්‍යයන්හී පළකරන බවට කලින් කලට මාධ්‍යයන්ට දොaෂාරෝපණ එල්ල කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍යවරයා මෙම වකුගඩු ජාවාරම හෙළිදරව් වී සති කිහිපයක්‌ ගතවී තිබියදීත් ඒ පිළිබඳව මුනිවත රැකීම ගැටලුවකැයි සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටිති.

කෙසේ හෝ මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වා එහිදී වරදකරුවන් බවට හෙළිවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් ලබාදීම නොපමාව සිදුකළ යුතු බවට බලධාරීන්ට අවධාරණය කර සිටින්නෙමු. එවැනි ක්‍රියාමාර්ගයක්‌ නොගන්නේ නම් මෙවැනි වංචනික ජාවාරම්වලින් මෙරට සමාජය තවත් වෙලා ගැනීම නොවැළැක්‌විය හැකි වනු ඇත.

ඒමන්ති මාරඹේ 


http://www.divaina.com/2014/05/20/feature01.html