Pages

Tuesday, January 31, 2012

රට පුරා හෙද උද්ඝෝෂණ


අද දින දහවල් 12.00-1.00 පැයේ රට පුරා රෝහල් වල හෙද හෙදියන් විරෝධතා උද්ඝෝෂණ වල නියැළුනි. රඡයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් වෘත්තීය සමිති බේදයකින් තොරව හෙද හෙදියන් උද්ඝෝසණ වල නිරත වූයේ සිය සේවාවට බලපාන නොව්සඳුනු ඉල්ලීම් 17 ක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.



එහිදී විරෝධය දැක්වූයේ,
1. පැරණි ව්යවස්ථාවට අදාලව IIa ශ්රේණියේ උසස් වීම් වසර 5 සම්පූර්ණ වු හෙද නිළධාරීන්හට ලබා නොදීම
2.ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම
3.අධිසේවක පදනම මත I ශ්රේණියේ උසස් වීම් පැරණි ව්යවස්ථාවට අනුව වැටුප් තලය රු.21640 සම්පූර්ණ කල හෙද නිළධාරීන්හට ලබා නොදීම
4. පරිපූරක සේවාවට නිකුත් කල අකාරයට හෙද සේවාවේ මාණ්ඩලික ශ්රේණි නිශ්චය කල චක්රලේඛය නිකුත් නොකිරීම
5. වසර 12 න් ලබාදුන් I ශ්රේණිය - 1988.01.01. දක්වා පෙරදාතම නොකිරීම හා හිග වැටුප් ලබා නොදීම
6. නිල ඇදුම් දීමනාව 2012 ට යථාවත් කර රු.15,000/- ලෙස ලබා දීමට අදාල ක්රියාමාර්ග නොගැනීම
7.හෙද උපාධිධාරීන් රාජ්ය හෙද සේවයට බදවා නොගැනීම
8. වෛද්ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම
9. උපයන විට අයකරන බදු වෛද්ය සේවාවෙන් අය නොකර හෙද නිළධාරීන්ගෙන් පමණක් අය කිරීම
10. දින 05 සතිය හෙද නිළධාරීන්හට ක්රියාත්මක නොකිරීම
11. හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම
12. හෙද ව්යවස්ථාවට අප සංගමය ඉදිරිපත් කල සංශෝධන ක්රියාත්මක නොකිරීම
13. මූලික වැටුප ඉක්මවා කරන අතිකාල හා වෙනත් සේවා දීමනා කප්පාදු කිරීම
14. අනතුරු දීමනාව, ශල්යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම
15. නව පත්වීම්, හා උසස් වීම් කුසලතා පදනම මත ලබා දීමට ගෙන ඇති නිල ප්රතිපත්තිමය තීරණයට අදාලව චක්රලේඛයක් නිකුත් නොකිරීම
16. සෞඛ්ය ලේකම් 2012.01.02 දින නිකුත් කල චක්රලේඛ ලිපි අංක 02/19/2009(01) තාවකාලිකව අවලංගු කර 01(11/162008) ලිපිය නිකුත් කිරීමේ දී පොදුවේ ක්රියාකල යුතු තත්ත්වයන් උල්ලංඝණය කිරීම
17. පිරිමි හෙද නිළධාරීන්ගේ නිල ඇදුමට අදාලව නිකුත් කිරීමට එකග වු චක්රලේඛය නිකුත් නොකිරීම
18. 1 පියවර ලෙස හෙද විදුහල්පතිවරුන්, විශේෂ ශ්රේණියේ හෙද නිළධාරීන් හා හෙද අධ්යක්ෂවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්ර ලබා නොදීම
යන කරුණු වෙනුවෙනි.





















No comments:

Post a Comment