ජාතික සෞඛ්‍ය සංවර්ධන සැලැස්‌ම ජනපතිට භාර දෙයි
අනුර බාලසූරිය
පස් අවුරුදු ජාතික සෞඛ්‍ය සංවර්ධන සැලැස්‌ම පෙරේදා (11) පස්‌වරුවේ සෞඛ්‍ය ඇමැති
මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාරදෙන ලදී.
ඉදිරි වසරේ (2013) සිට ඉදිරි පස් අවුරුදු කාලය තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධන
කටයුතු, සේවා වැඩිදියුණු කිරීම යන කරුණු හඳුනාගෙන ජාතික ප්‍රමුඛතාව පදනමින් මෙම
පස් අවුරුදුÊසැලැස්‌ම සකස් කර ඇත.
මහින්ද චින්තන ඉදිරි දැක්‌මෙහි ඇතුළත් කරුණු පාදක කරගෙන උපාය මාර්ග 24 ක් හඳුනාගෙන
ඒවා සාක්‌ෂාත් කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සවිස්‌තරාත්මකව මෙහි ඇතුළත් කර ඇත.
මෙම අවස්‌ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඇතුළු
නිලධාරීහු පිරිසක් එක්‌වූහ.
http://www.divaina.com/2012/12/13/provin01.html
No comments:
Post a Comment