Friday, June 8, 2012

රජයේ වෛද්යැ නිලධාරින්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක!

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට නව පත්වීම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වුවහොත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව පවසයි.
මේ මස 12 වැනිදා එම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන අතර උතුරු නැඟෙනහිර ඇතුළු දුෂ්කර ප්‍රදේශවල සේවය කරන වෛද්‍යවරු මේ සඳහා සහභාගි වෙති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පවතින අකාර්යක්ෂමතාව නිසා සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දැනට මාස හතරක් තිස්සේ පත්වීම් නොලබා නිවෙස්වලට වි සිටින බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යා‍ලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරයා මේ බව ඊයේ (07) ප්‍රකාශ කළේය.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් උතුරු නැඟෙනහිර ඇතුළු දුෂ්කර ප්‍රදේශවල සේවය සඳහා යාමට කැමැත්ත පළ කර සිටියදීත් පත්වීම් ලබාදීම ප්‍රමාද නිසා එම ප්‍රදේශවල වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද ඔහු පැවැසුවේය.

එම ප්‍රදේශවල දැනට වසරකට වඩා දුෂ්කර සේවයේ යෙදී සිට ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකි නිසා වෛද්‍යවරු 200 ක් පමණ මේ අපහසුතාවට ලක්ව ඇති බවත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් එම ප්‍රදේශයේ සේවයේ යෙදීමට කැමැත්ත තිබියදීත් පත්වීම් ලබාදීම ප්‍රමාද කිරීම මීට හේතු වී ඇති බවත් වෛද්‍ය ආරියරත්න මහතා සඳහන් කළේය.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 800 කට අධික පිරිසක් නව පත්වීම් බලාපොරොත්තුවෙන් සිටින බව ද එම පත්වීම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තම සංගමයට කළ හැකි උපරිම සහාය අමාත්‍යාංශයට ලබාදී ඇති බව ද හෙතෙම කීය.

උතුරු නැඟෙනහිර ඇතුළු දුෂ්කර ප්‍රදේශවල රෝහ‍ල් ගණනාවක් මේ වන විට වසා ඇති බවත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට නව පත්වීම් ලබාදීමෙන් වසා ඇති රෝහල් විවෘත කර සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
 
http://www.dinamina.lk/2012/06/08/_art.asp?fn=n120608br_2

වෛද්‍යවරියගේ ඝාතනය පිළිබඳ වෛද්ය-හෙදි යුවලකගෙන් ප්‍රශ්න කරයි


Friday, 08 June 2012 05:02


බදුල්ල මහ රෝහලේ වාට්ටු අංක 1 හි සේවය කළ වෛද්‍ය ආර්.එම් ප්‍රියංගිකා කුමාරි ගුණසේකර (27) මෙනෙවියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු සහ හෙදි නිළධාරිනියකගෙන් බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
මෙම වෛද්‍යවරයා සහ හෙදි නිලධාරිනිය අඹු සැමි යුවලක් වන අතර දෙදෙනාම බදුල්ල මහ රෝහලේ සේවය කරයි.

වෛද්‍ය ප්‍රියංගිකා කුමාරි මෙනෙවිය මිය ගියේ පසුගිය 03 වෙනිදාය.මෙම අභිරහස් මරණය පිළිබඳව ඌව පළාත්භාර විශේෂ පොලිස් කණ්ඩායමක් තවදුරටත් පරීක්ෂණ මෙහෙයවයි


http://www.puvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=1725:badulla-hospital-lady-doctor-murder-questioning&catid=36:social&Itemid=68

ප්‍රධාන රෝහල් නියෝජනය වන පරිදි ලබන 11දා ඒකාබද්ධ විරෝධතාවක්


2012 ජූනි 09 වෙනි සෙනසුරාදා,


 ඉල්ලීම් රැසක් සඳහා මතෛක් විසඳුම් නොලැබිමට විරෝධය පාමින් පළාත්  මට්ටමින් ප්‍රධාන රෝහල් නියෝජනය වන පරිදි විරෝධතා ව්‍යාපාරයක් ලබන 11දා දවල් 12.00ට පැවැත්වීමට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබේ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ එක්ව මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරයි. ඒ අනුව මෙහි ප්‍රධාන උද්ඝෝෂ-ණය 11දා දවල් 12.00ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වේ. ඊට අමතරව බස්නාහිර පළාත නියෝජනය කරමින් රාගම ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, ගම්පහ මහ රෝහල, මීගමුව මහ රෝහල, මහරගම පිළිකා රෝහල, හෝමාගම මූලික රෝහල, අවිස්සාවේල්ල මූලික රෝහල හා උතුරු මැද පළාත නියෝජනය කරමින් ‍පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වේ.


මෙම වෛද්‍ය වෘත්තිකයන්ට රාජකාරි බාධා අනතුරු හා ප්‍රවාහන දීමනා ලෙස මාසිකව රුපියල් 5000 දීමනාවක් ලබාදීම, සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් නිවැරදි කිරීම වෙනුවෙන් මාසිකව රුපියල් 4000ක උපරිමයකට යටත්ව දීමනාවක් දීම, පැයකට මූලික වැටුපෙන් 1/90ක අතිකාශ දීමනාවක් ලබාදීම, වැටුප් විෂමතා නිවැරදි කිරීම යන ඉල්ලීම්වලට විසඳුම් දීම ප්‍රමාද කිරීමට විරෝධය පෑම සඳහා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වනු ලැබේ.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4484:------11--&catid=82:us-politics&Itemid=457


ආණ්ඩුව ලබ්බට තැබූ අත රජයේ වෛද්යo නිලධාරීන්ගේ සංගමයටත් තියලා




‍ජුනි 30 දින පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයේදී අක්‍රමිකතා ඇති වී තිබෙන බවට පැමිණිලි කෙරෙමින් තිබේ. 


මෙම නිලවරණයෙන් පසු පරාජිත පාර්ශ්ව විසින් යම් යම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යාමට පවා ඉඩ ඇති බවක් ඉඟි වී තිබේ. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 15,000ක සාමාජිකත්වය සහිත ප්‍රබල වෘත්තීය සමිතියකි. වෛද්‍යවරු සිය වෘත්තීය ශක්තිය, කේවෙල් කිරීමේ හැකියාව හා පංති සහයෝගිතා ක්‍රියාමාර්ග ඔස්සේ මේ රටේ වෙනත් වෘත්තීය සමිතිවලට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් අයිතිවාසිකම් දිනා ගෙන ඇත. 


දැන් රජයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද පාලනය අවශ්‍යව ඇති බව පෙනේ. මේ අවුල් ඒ සඳහා උපයෝගී කර ගනිමින් තිබේ. 


රජය හෙද සේවා වෘත්තීය සමිති ශක්තිය කඩාකප්පල් කළ අන්දම අධ්‍යයනය කිරීම මෙහිදී වැදගත් ය. අද බහුතර හෙද පිරිසක් සාමාජිකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රශ්න හමුවේ නිර්වින්දනය කර තැබීමට එහි නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව සමත් වී තිබේ. ඒ වෙනුවෙන් මුට්ට කාසි වංචා සම්බන්ධ පරීක්ෂණවලින් ආරක්ෂාව හා වෙනත් වරප්‍රසාද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන්ට ලැබේ. 


අද වන විට හෙද සේවයේ වෘත්තීය සමිති අතර තරගය ඇත්තේ ඉල්ලීම් දිනා ගැනීමට වඩා තම සම්මේලනයට සෞඛ්‍ය ඇමති ගෙන්වා ගැනීම වැනි නො වටිනා කරුණු අරභයා ය. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද බලයේ එල්ලී සිටින්නන් සාමාජිකයන්ට එරෙහිව රජයේ සහයෝගය ඉල්ලා සිටින දිනයක් උදා වුවහොත් එය වෛද්‍ය වෘත්තියට ද කණ කොකා හඬන දිනයක් වනු ඇත. 


http://w3lanka.blogspot.com/2012/05/blog-post_30.html

හෙද පුහුණු රෝහල් පරිශ්‍රයක්‌ හදන්න ඩොලර් මිලියන 50 ක්‌



හෙදියන් පුහුණු කිරීම සඳහා අංග සම්පූර්ණ පුහුණු රෝහල් පරිශ්‍රයක්‌ ඉදිකිරීමට සෞදි හෙල්ත් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ ආයතනය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන පනහක මුදලක්‌ පරිත්‍යාග කර තිබේ.

මෙම ශික්‌ෂණ රෝහල් පරිශ්‍රය ඉදිකිරීමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා සහ සෞදි හෙල්ත් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මොහොමඩ් හමීඩ් මහතා අතර සෞදියේ දී අත්සන් තබා ඇත.

ඒ අනුව අදාළ හෙද පුහුණු මධ්‍යස්‌ථානය ඉදිකිරීමට අක්‌කර පහක භූමි ප්‍රදේශයක්‌ අවශ්‍යව ඇති අතර

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා මේ වන විටත් නාගරික සංවර්ධන අධිකාරියට ඒ බව දන්වා තිබේ.

ඉදිරි මාස තුන ඇතුළත මෙම ශික්‌ෂණ රෝහල් පරිශ්‍රය ඉදිකිරීමට නියමිතව ඇති අතර හෙද පුහුණුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කිරීමට නියමිතය.

මෙලෙස පුහුණු වන හෙද නිලධාරීන් හා නිලධාරිනියන් ඇමරිකාවේ පිහිටි ප්‍රමුඛ පෙළේ රෝහල්වල රැකියාවලට යොමු කිරීමට අපේක්‍ෂා කරන බවත් අනෙකුත් සංවර්ධිත රටවල පවතින හෙද රැකියාවලට යොමු කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා "දිවයින" ට පැවසීය.

ශිරාන් රණසිංහ



http://www.divaina.com/2012/06/02/news14.html

ආයුර්වේදයටත් හෙද සේවයක්


2012 ජූනි මස 05 16:21:36 | .


ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද හෙද ඩිප්ලෝමාධරයෝ අද (5) විසිරැ ගියහ. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව, මහරගම නාවින්නේ ජාතික ආයතනයේ වසර එක හමාරක් ද, කඳාන හෙද විදුහලේ තෙවසරක පුහුණුවක් ද ලැබූ ඔවුහු ආයුරුවේද රෝහල්වල සේවයට යෙදාවනු ලබති.


ශ්‍රමාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රමාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි







ශ්‍රමාභිමානී ජාතික සංවිධානය විසින් 2012.06.03 දින 6 වන වරට BMICH හිදි පවත්වන ලද ශ්‍රමාභිමානී  වාර්ෂික සම්මාන උළෙලේ දී වැඩකරන පංතිය වෙනුවෙන් කල කැපකිරීම උදෙසා වසරේ වෘත්තීය සමිති නායකත්වයට හිමි සම්මානය රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති හා රාඡ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනයේ ලේකම් සමන් රත්නප්‍රිය සහෝදරයාට හිමිවිය.

එම සම්මානය ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා අතින් ලබාදුන් අතර එම උළෙලේ අවස්ථා කිහිපයක ඡායාරූප මෙහි දක්වා ඇත.