Sunday, November 18, 2012

Nurses picture their woes








Nurses staged a token strike on Thursday and held demonstrations to protest over the Government's failure to meet their demands including overtime payments and risk allowances. Some nurses are seen using their cameras and phones to take pictures of their own protest held opposite the Health Ministry in Colombo. Pic by Susantha Liyanawatte. 

http://www.divaina.com/2012/11/16/news04.html

Nurses picture their woes





Nurses staged a token strike on Thursday and held demonstrations to protest over the Government's failure to meet their demands including overtime payments and risk allowances. Some nurses are seen using their cameras and phones to take pictures of their own protest held opposite the Health Ministry in Colombo. Pic by Susantha Liyanawatte. 

http://www.divaina.com/2012/11/16/news04.html

Friday, November 16, 2012

ප්‍රධාන රෝහල්වල සේවා සාමාන්‍ය පරිදි ඊයේ හෙද වර්ජනයෙන් ශල්‍යාගාර කටයුතුවලට බාධා


ඒමන්ති මාරඹේ

හෙද වෘත්තීය සමිති 2 ක්‌ විසින් ඊයේ (15 දා) ක්‍රියාත්මක කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් ප්‍රාදේශීය රෝහල් ගණනාවක ශල්‍යාගාර කටයුතුවලට බලපෑම් ඇති වී තිබූ අතර ප්‍රධාන රෝහල් සියල්ලේම පාහේ රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය බව රෝහල් ප්‍රධානීහු පවසති.

සමස්‌ත ලංකා හෙද සංගමය හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය යන සංගම් විසින් ක්‍රියාත්මක කර තිබූ මෙම හෙද වැඩවර්ජනය හේතුවෙන් මාතලේ, දඹුල්ල, කෑගල්ල, කරාපිටිය ඇතුළු ප්‍රාදේශීය රෝහල් කිහිපයක ශල්‍යාගාරවල සිදු කෙරෙන සාමාන්‍ය සැත්කම් අඩාල වී තිබුණු අතර රෝගීහු ඒ හේතුවෙන් අපහසුතාවයකට පත්ව සිටියහ.

කෙසේ වුවද වාට්‌ටුවල හා සෙසු අංශවල සේවය කරනු ලබන හෙද හෙදියන් බහුතරය සේවයට වාර්තා කිරීම හේතුවෙන් රෝගී සත්කාර කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන ගිය බව එම අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.

කොළඹ ජාතික, කළුබෝවිල ශික්‍ෂණ, නයනාරෝග්‍ය ශාලාව, මහනුවර, පේරාදෙණිය, කරාපිටිය, මහමෝදර, අනුරාධපුරය ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවක හෙද හෙදියන් බහුතරය ඊයේ සේවයට වාර්තා කර සිටියහ.

හෙද සේවාවේ අතිකාල දීමනා වැඩි කිරීම, හෙද සේවාවේ බඳවා ගැනීම් පළාත් සභාවලට පැවැරීමේ ගැසට්‌ පත්‍රය අවලංගු කිරීම ඇතුළු සේවා ඉල්ලීම් 5 ක්‌ මුල් කර ගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බව පෙන්වා දෙන හෙද සංගම් වර්ජනය ඉතා සාර්ථක අයුරින් පැවැති බව සඳහන් කරයි.

රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් සඳහන් කර සිටියේ දිවයිනේ රජයේ රෝහල් හෙද හෙදියන් බහුතරය නියෝජනය කරන තම සංගමයේ සාමාජිකත්වය මෙම වර්ජනයට සහභාගි නොවූ බවයි.

මෙම තත්ත්වය මත රෝහල් සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යැමට හැකි වූ බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ පැවැසූහ.

හෙද සංගම් 2 ක්‌ විසින් ක්‍රියාත්මක කළ බව කියන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පදනම් වූ ඉල්ලීම් බොහොමයක්‌ සඳහා මහා භාණ්‌ඩාගාර ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් තම සංගමය විසඳුම් ලබාගෙන ඇති අතර දැනට සිදු කිරීමට ඉතිරිව ඇත්තේ එම විසඳුම් සෞඛ්‍ය ලේකම්වරයා හරහා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ක්‍රියාත්මක කිරීම පමණකැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.

වර්ජනය සංවිධානය කළ සමස්‌ත ලංකා හෙද සංගමයේ හෙද නිලධාරීහු පිරිසක්‌ ඊයේ දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූහ.
 

http://www.divaina.com/2012/11/16/news04.html

divaina 2012-11-16









ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් රජයේ හෙද නිලධා රීන්ගේ සංගමය විසින් ඊයේ
(15 දා) විරෝධතාවක්‌ පවත්වන ලදී. විරෝධතාකරුවන් ජාතික රෝහල ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්‌වා පා ගමනක නිරත වූ අයුරු මෙහි දැක්‌වේ. ඡායා - සුජාතා ජයරත්න