|
සඳුනි දේශප්‍රිය
හෙද සේවාවට බලපාන ඉල්ලීම් රැසකට අනුමැතිය ලබාදීමට මහා භාණ්ඩාගාරය තීරණය
කර තිබේ.
ඒ අනුව හෙද ව්‍යවස්ථාවට අන්තර්කාලීක සංශෝධන සිදුකිරීම, හෙද හෙදියන්ට ලබාදෙන අනතුරු දීමනා ඒකක ප්‍රමාණය 9 සිට 14 දක්වා වැඩි කිරීම, අතිකාල දීමනා සඳහා රේට් ක්‍රමය ක්‍රියාත්මක කිරීම, පළමුවන ශේර්ණියේ හෙද නිලධාරීන් සඳහා භාණ්ඩ බාරකාර දීමනා වැඩිකිරීම
හා කොළඹ පශ්චාත් හෙද අභ්‍යාස ආයතනය හෙද උපාධිය ලබාදෙන විශ්වවිද්‍යාල මණ්ඩලයක් බවට පත්කිරීම, ආදී ඉල්ලීම් 5 කට අනුමැතිය ලබාදීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් මහා
භාණ්ඩාගාරයේ එකඟතාව පළකර
ඇත.
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ ලියවිල්ල රාජ්‍ය සේවා
එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය
මුරුත්තෙට්ටුවේ
ආනන්ද ස්වාමීන්වහන්සේට පිළිගන්වනු ලැබීය.
|
|
2012-12-05
http://www.mawbima.lk/86-8678-news-detail.html
|
Friday, December 7, 2012
අපිට ඕන චක්රලේඛ
හෙද ඉල්ලීම් රැසකට මහා
භාණ්ඩාගාරයේ අනුමැතිය
මේ විදියට හාමුරුවො OT එක වැඩිකරනකං බලා හිටියොත් තවත් අවුරුදු 20ක් වත් යාවි
2012 දෙසැම්බර් 07 4.10 p.m
හෙද
සේවාව සඳහා උපාධි පිරිනැමීමට රංජය තීරණය කරයි. වසර 20 ට පෙර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ
සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයට කළ විශේෂ යෝජනාවකට අනුව රජය මෙම තීරණය ගෙන
ඇත.හෙද උපාධිය පිරි නැමීමට කොළඹ
පශ්චාත් හෙද අභ්‍යාස විද්‍යාලය හෙද උපාධි ලබා දෙන විශ්ව විද්‍යාල මණ්ඩපයක් බවට පත් කිරීමට රජය
පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පෙරේදා (05) පැවති විශේෂ සාකච්ඡාවක දී හෙලිවිය. උසස් පෙළ විද්‍යා
විෂයන් තුනක් සමතුන්ට
මෙම විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උපාධි ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
ශ්‍රියානි විජේසිංහ
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4920:2012-12-07-10-43-04&catid=64:2012-09-10-14-02-45&Itemid=87
Subscribe to:
Posts (Atom)
