Tuesday, February 28, 2012

එස්.බීට සුදුසු විනෝද කටයුතු අමාත්‍ය ධූරයයි – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

Written by Admin on 27 පෙබරවාරි 2012


උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක සුදුසු එම තනතුරට නොව විනෝද කටයුතු අමාත්‍ය ධූරයට බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි. ඔවුන් එසේ පවසන්නේ කවුරු විරුද්ධ වුනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන බවට එස්.බී සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි. එස්.බී හදන්නෙ අධ්‍යාපනය විනාශ කිරිමට බවත් ඒ කිසිදු දෙයකට තම සංගමය ඉඩ ලබා නොදෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අවධාරණය කරයි.

expresspuwath.com

ජයවර්ධනපුර රෝහල රජයේ මහ රෝහලක්‌ කරන්න - සමස්‌ත ලංකා සුව සේවා සංගමය ඉල්ලයි

සචිනි ගුණරත්න

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල රජයේ රෝහලක්‌ බවට පත්කරන ලෙස සමස්‌ත ලංකා සුවසේවා සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27 දා) සමස්‌ත ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතමිනි.

ජයවර්ධනපුර රෝහලේ වසර ගණනාවක්‌ තිස්‌සේ පවතින කළමනාකරණ සහ කාර්ය මණ්‌ඩල ගැටලු නිසා ජනතාවට නිසියාකාර සේවයක්‌ නොලැබෙන බව කුමාරසිංහ මහතා මෙහිදී කීය.

රෝහලේ අඩුපාඩු සොයා බැලීමට මහින්ද අමරවීර කමිටුව පත්කළද එය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

මහින්ද අමරවීර කමිටු වාර්තාවෙහි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කළමනාකරණය සහ පරිපාලනය බිඳවැටීම, රෝහලේ මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා සහ මුදල් දූෂණ, රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට නිසියාකාර ප්‍රතිකාර ලබාගැනීමට අවස්‌ථාවක්‌ නොලැබීම, කාර්ය මණ්‌ඩල වැටුප්, දීමනා දීමේදී සිදුවන අක්‍රමිකතා යන ආදිය ඇතුළත් වන බවද හෙතෙම පැවසීය.

මෙම කමිටුවෙන් හෙළිදරව් වන කරුණුවලින් 90% කට ලංකා සුවසේවා සංගමය එකඟතාව දක්‌වා ඇතැයි ඔහු කීය.

රෝහලේ පවතින සංවිධාන ව්‍යqහයට අනුව විවිධ අංශවලට අයත් සේවකයන් සිටියත් එය නිසියාකාරව විමධ්‍යගත කොට නැතැයි ලංකා සුවසේවා සංගමයේ ලේකම් කුමාරසිංහ මහතා රජයට චෝදනා කරයි.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සමස්‌ත ලංකා සුවසේවා සංගමයේ සභාපති චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරන්නේ ජයවර්ධනපුර රෝහලට අලුතින් පත්කළ අධ්‍යක්‌ෂ මණ්‌ඩලය කලින් සිටි අධ්‍යක්‌ෂ මණ්‌ඩලයට වඩා දුර්වල බවයි. එමෙන්ම මේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පත්කර ඇත්තේ දේශපාලන සබඳතා මත බව ඔහු පෙන්වාදෙයි. මේ කාරණාවලට විරුද්ධව සමස්‌ත ලංකා සුවසේවා සංගමය ඉදිරියේ දී දැවැන්ත උද්ඝෝෂණයක්‌ දියත් කරන බවද ඔහු වැඩිදුරටත්

Divaina 2012. 02. 28

පෞද්ගලික රෝහල් පනත සංශෝධනයට පියවර ගන්නවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන

කරාපිටිය - අජිත් නිරෝෂන්


පෞද්ගලික රෝහල් පනත සංශෝධනයට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඉකුත්දා (24දා) ගාල්ලේ දී පැවති දකුණු පළාත් වෛද්‍ය සමුළුව අමතමින් හෙතෙම මෙසේ ද කීය.


පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් තිබෙන පනත ඉතාමත් දුර්වල පනතක්‌. ඒ නිසා එම පනත සංශෝධනය කරනවා. පනත ශක්‌තිමත් කිරීම වාගේම රජයේ ප්‍රතිපත්ති පිළිගෙන පෞද්ගලික රෝහල් ශක්‌තිමත් විය යුතුයි. ඒ සඳහා සේවාවන් ලබාදිය යුතුයි. පනත සංශෝධනය කරනවා වාගේම අලුත් වැඩපිළිවෙළක්‌ මෙම වසරේ සිට ආරම්භ කරනවා. ඒ මාස හතරකට වරක්‌ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් හා ප්‍රවිණයන්, ප්‍රධානීන් ගෙනල්ලා සාකච්ඡා කරලා ගැටලු නිරාකරණයට පියවර ගන්නවා.


ඇතැම් රෝහල් ජනප්‍රිය වීමටත්, තවත් ඒවා, කඩාවැටීම් විවේචන එල්ලවීම්, ඇඟිලි ගැසීම් ඇති වීමට හේතුව තමයි එම ආයතනවලට දෙන නායකත්වය කළමනාකරණය කිරීමේ දක්‌ෂතාවය හා හැකියාවයි. නායකත්වය හා කාර්ය මණ්‌ඩලය සාමූහිකව කණ්‌ඩායමක්‌ විදියට වැඩ කිරීම මගින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නායකත්වයන්හි තිබෙන කැපවීම් හා දුර්වලතා නිසා පසුබෑම් ඇති වන අංශත් තිබෙනවා. මේ ක්‍ෂේත්‍රයේ සිටින සියලු දෙනා උගතුන්. එහෙත් බෙදීම්, කඹ ඇදීම්, අසමගිකම් නිසා අපි අපේක්‍ෂා කරන පොදු ඉලක්‌ක වෙත යන්න බැරිවෙනවා. නව පත්වීම් ලබන වෛද්‍යවරුන්ගෙන් ඇමැතිවරයා, ඉල්ලීමක්‌ද කළේය. පසුගිය වසරේ නවක පත්වීම් ලද වෛද්‍යවරුන් 72 ක්‌ පිටරට සේවයට ගිහිල්ලා. මෙලෙස යන අයගෙන් මා ඉල්ලනවා අඩුම ගානේ අවුරුදු 05 ක්‌ බැරි නම් 03 ක්‌ හරි ලංකාවේ සේවය කරන්න කියලා. මේ ගැන ආකල්පමය වෙනසක්‌ වෛද්‍ය පීඨවල සිටම ඇති කළ යුතුයි.

Divaina 2012. 02. 28

වෛද්‍යවරයාට එරෙහිව විනය ක්‍රියා

සරත් ධර්මසේන

රජයේ රෝහල්වල වෛද්‍යවරු ඊයේ (27 දා) වැඩ වර්ජනයක යෙදෙන බවට අසත්‍ය නිවේදනයක්‌ නිකුත් කළ කොළඹ මහ රෝහලේ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙනිය මහතා "දිවයින" ට පැවසීය.

වෛද්‍ය සේනාරත්න මහතාට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් නිවේදන නිකුත් කිරීමට බලය පවරා නැති බවත්, වෛද්‍යවරුන්ට බලපාන වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ මව් සංගමයේ ප්‍රධාන කමිටුව විසින් බවත් වෛද්‍ය පාදෙනිය මහතා කීය.

මින් ඉදිරියට එවැනි නිවේදන නිකුත් කිරීමෙන් වැළකිය යුතු යෑයි වෛද්‍ය සේනාරත්න මහතාට අවවාදාත්මක දැනුම් දීමක්‌ කළ බවද ඔහු කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියා කරන්නේ සංගමයේ ව්‍යවස්‌ථාවට අනුවයි. ප්‍රවාහන දීමනාවක්‌ ඇතුළු ඉල්ලීම් කීපයක්‌ සම්බන්ධයෙන් සංගමයේ ප්‍රධාන කමිටුව රැස්‌වී සාකච්ඡා කළා. රුපියල් 8,000 ක්‌ සමග නොමිලේ ඉන්ධන ලීටර් 120 ක්‌ හෝ රුපියල් 29,000 ක ප්‍රවාහන දීමනාවක්‌ මසකට ලබාදෙන්නැයි සංගමය රජයෙන් ඉල්ලීමක්‌ කළා. ඒ ඉල්ලීම ලබාදෙන්න රජය කැමැති වුවත් වහාම ඉටුකිරීමට පුළුවන්කමක්‌ නැතැයි කියා සිටිනවා යෑයි වෛද්‍ය පාදෙනිsය මහතා පªª

Divaina 2012.02.28

බලපත්‍ර රහිත කිරණ යන්ත්‍ර සොයා මෙහෙයුම් අරඹයි

Ada 2012.02 27  

ඡයවර්ධනපුර රෝහලේ නේවාසික භික්ෂූන් වහන්සේලාට ලබාදුන් විශේෂ ආහාර වේල නවතී.


Ada 2012.02 27  

එස්. බී. උසස් අධ්‍යාපන ඇමති නොවේ විනෝද කටයුතු ඇමති

Ada 2012.02 27