සිදු වූ සහ තවදුරටත් සිදුවෙමින් පවතින දේ පිළිබඳ අංශු මාත්‍රයක මවිතයක් අප තුළ උපදවන්නේ නැත. බොහෝ දේ සිදු වූයේත් සිදු වෙමින් ඇත්තේත් සිදුවිය යුතු දේට වඩා ගව්ගාණක් එපිටිනි. වගකිව යුත්තන් සිය අප්‍රතිහත වෙර වීරියෙන් දුන් "තල්ලුව" දඩමීමා කරගනිමින් තවදුරටත් රුපියල් කෝටි ගණනින් සූරා කන්නට ඉඩකඩ විවර වී තිබේ. පුදුමය නම් ඒ ඉඩහසර විවර වන්නේ පූර්ණ දේශපාලන අනුග්‍රහය මත වීමය.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තරම් මෑත කාලයේ දැඩි කතාබහට ලක්‌වූ උසස් අධ්‍යාපන ආයතනයක් තවත් නැත. එම වෛද්‍ය විද්‍යාලය පටන් ගැන්මම වංචාවක් යෑයි අපි මීට පෙර කියා තැබුවෙමු. දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යායතනය (SAITM) ලෙස හඳුන්වන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුලින්ම හඳුන්වා දුන්නේ දකුණු ආසියානු තාක්‍ෂණ හා කළමනාකරණ ආයතනය වශයෙනි. අද වෛද්‍ය පාඨමාලා ද පවත්වන මෙම ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයෙන් 2008 වසරේදී මුලින්ම අනුමැතිය ලබාගෙන ඇත්තේ තොරතුරු තාක්‍ෂණ හා කළමනාකරණ පාඨමාලා සඳහාය. වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කළ යුතු යෑයි පසුව ගත් තීරණයට සියල්ලන්ම ලිතව හා වාචිකව අනුමැතිය දී තිබිණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය ද ඒ අතර වෙයි. කළමනාකරණ ආයතනයක් ක්‍ෂණිකවම වෛද්‍ය විද්‍යා ආයතනයක් බවට පරිවර්තනය වීමේ සිට මේ දක්‌වාත් ඒ අතරතුර කාල වකවානුවක් එම ආයතන පරිපාලන යාන්ත්‍රණය විසින් මෙරට දරුවන් සිය ග්‍රහණයට නතුකර ගැනීම සඳහා අපූරු රංගනයක නිරතවන බව නොරහසකි. SAITM සිය වෙබ් අඩවියෙන් කියා සිටියේ තමන් විදේශීය ආයතනයක් බවය. එහෙත් රටට ප්‍රකාශ කළේ තමන් සියයට සීයක්‌ම දේශීය ආයතනයක් බවය. මුල සිටම එහි පරිපාලන අංශ විසින් ක්‍රියාවට නගන ලද සටකපට ක්‍රියාමාර්ග හේතුවෙන් දරුවන් පමණක් නොව දෙමව්පියෝද මේ වනවිට දැඩි අපහසුතාවකට පත්ව සිටින්නාහ. අද, හෙට, සතියකින්, මාසයකින්, මාස කිහිපයකින් ආදී ලෙසින් අදටත් ශේෂයක්‌ව පවතින එහි වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රජයේ පමණක් නොව පෞද්ගලික රෝහලක් හෝ සොයා ගැනීමට ඔවුන් දැරූ ප්‍රයත්නය මුළුමනින්ම අසාර්ථක විය. මෙම ආයතන සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රජයේ රෝහලක් ලබා ගැනීමට ආයතන බලධාරීන් දැරූ ප්‍රයත්නය අසාර්ථක කිරීමේ පුරෝගාමියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයය. එම සංගමය එකහෙළාම ඊට විරුද්ධ වූයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියක් හෝ නොමැතිව කිසිදු ප්‍රමිතියකින් තොරව ආයතනය පවත්වාගෙන යන නිසාය. එවැනි ආයතනයක සිසුන්ට සායනික පුහුණුව සඳහා රජයේ රෝහලක් ලබා දීමට බලධාරීන් ගත් උත්සාහයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වනබවට තර්ජනයක්‌ද කර තිබිණි. SAITM ආයතනයේ ප්‍රමිතිය පමණක් නොව එහි සිසුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ද දැඩි විවේචන එල්ල විය. පරිපාලන අංශ එම විවේචන ප්‍රතික්‍ෂේප කළ අවස්‌ථාද තිබිණි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ද ආයතනය නීතිගත කර පවත්වා ගැනීම වෙනුවෙන් දැරූ වෙහෙස සුළුපටු නොවේ. 2008 වසරේ SAITM ආරම්භ කර මේ මොහොත දක්‌වා කර ඇති අපූරු නාඩගම පිළිබඳ යථාර්ථය දැන් හෙළි වී ඇත. ඒ බව හෙළි වන්නේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කරන ලද පංච පුද්ගල කමිටුවේ නිරීක්‍ෂණ අනුවය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට වෛද්‍ය එච්. ආර්. යූ. ඉන්ද්‍රසිරි, මහාචාර්ය ජයන්ත ජයවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන් යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති නිලධාරිනී ඒ. ආර්. අහමඩ් මහත්මිය ද අයත් වූවාය.
දකුණු ආසියානු තාක්‍ෂණික හා කළමනාකරණ ආයතනය එක්‌වරම දකුණු ආසියානු වෛද්‍ය විද්‍යා ආයතනය බවට පරිවර්තනය වීමේ සිට මේ දක්‌වා ආයතනය ක්‍රියාකාරීත්වය මනා නිරීක්‍ෂණයකට ලක් කර ඇති කමිටුව ඉදිරිපත් කර ඇති කරුණු ආයතනය ආරම්භයේ සිටම මාධ්‍ය මගින් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එල්ල කළ චෝදනා සනාථ කිරීමක් යෑයි පැවසීම අතිශයෝක්‌තියක් නොවේ. එම කමිටු වාර්තාවට අනුව ආයතනය වෛද්‍ය පාඨමාලාවට පළමු ශිෂ්‍ය කණ්‌ඩායම් ද්විත්වය බඳවාගෙන ඇත්තේ සෞඛය අමාත්‍යාංශයේ හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හෝ අනුමැතියකින් තොරවය. මෙම ආයතනයට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය අනුමැතිය දී ඇත්තේ සෞඛ්‍ය විද්‍යාවට අදාළ ඕනෑම පාඨමාලාවක් ආරම්භයට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බවට වන කොන්දේසිය මතය. එම කොන්දේසිය උල්ලංඝනය කරමින් ආයතනය කටයුතු කළේ කෙසේද යන්න හා කුමන ආකාරයේ අනුග්‍රහයක් මතද යන්න සොයා බැලීම වැදගත්ය. පංච පුද්ගල කමිටුවේ නිරීක්‍ෂණයන්ට හසු වූ තවත් ඉතා බරපතළ කරුණ නම් සෞඛ්‍ය අමාත්‍යාශයේ හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හෝ අනුකූලතාවකින් තොරව 2009 වසරේ සිට 2011 දක්‌වා ශිෂ්‍ය කණ්‌ඩායම් හතරක් බඳවාගෙන ඇති නමුත් එම කණ්‌ඩායම්වල උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලැබීම පිළිබඳ තත්ත්වය තවමත් අස්‌ථාවරය යන්නය. මෙය එම සිසුන්ගේ අනාගතය ගැන ප්‍රශ්නයකි. උසස් පෙළ සාමාන්‍ය සාමර්ථ තුනක් මත අවම සුදුසුකම් හෝ නොමැතිව SAITM වෛද්‍ය උපාධිය හදාරන සිසුන්ට නම් එය ගැටලුවක් විය නොහැකි නමුත් සුදුසුකම් සහිතව පාඨමාලාව හදාරන දරුවන් සිය අනාගත අවිනිශ්චිතතාව සම්බන්ධයෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව නොසිටින්නේ යෑයි කිව හැකිද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කිසිදු අනුමැතියක් ලබා නොදුන් වාතාවරණයකදීත් එහි අනුමැතිය උපාධිය සඳහා ලැබී තිබෙන බවට එම ආයතනය පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කළ විට ඇත්ත තත්ත්වය එසේ නොවන බවද SAITM වෛද්‍ය උපාධිය සඳහා කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවද වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීම් මගින්ම මහජනතාවට කළ දැනුම්දීම පිළිගත්තේ නම් වර්තමානයේ මෙවන් තත්ත්වයකට මුහුණපෑමට ඔවුන්ට සිදු නොවන්නට ඉඩ තිබිණි.
ශිෂ්‍ය කණ්‌ඩායම් හතරක් නිරායාසයෙන් ම ග්‍රහණයකට නතුව සිටින අවස්‌ථාවක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ද ආයතනය නීතිගත කිරීමට අවශ්‍ය මාර්ගය සකසමින් කඩිමුඩියේ ම අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළේය. මෙම ගැසට් පත්‍රය නිකුත් කළේ පසුගිය වසරේ අගෝස්‌තු මස 30 වැනිදාය. එම නිවේදනය බලාත්මකවීමේ දින සිට මාස 6 ක් ඇතුළත සපුරාලිය යුතු කොන්දේසි රැසක් ඊට අන්තර්ගත කර ඇත. උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද එම ගැසට් නිවේදනයේ කොන්දේසි ඉටුකර තිබේද යන්න පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පසු විපරමක් කර තිබේද යන්න ගැටලුවකි. එම කොන්දේසි ඒ ඒ කාලවකවානුවලදී සපුරාලීමට අපොහොසත් වන්නේ නම් හෝ අපොහොසත් වී සිටී නම් හෝ අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ද? කොන්දේසි සපුරාලීමේ පදනම මත පසුගිය වසරේ අගෝස්‌තු මස 30 වැනිදා සිට ආයතනයට උපාධි ප්‍රදාන අවසරය හිමිකර දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් පළ කිරීමෙන් දුන් "තල්ලුව" කොළේ වසා ගැසීමක්‌ද යන්න දැඩි කතාබහට ලක්‌ව ඇත. මන්ද එම ගැසට් නිවේදනය බලාත්මක වන නිශ්චිත දිනය පිළිබඳ ගැටලුව නිසාය. ආයතනය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පංච පුද්ගල කමිටුවද එම ගැසට් නිවේදනයේ අපැහැදිලිතාව නිරීක්‍ෂණය කර තිබේ. කමිටුව ප්‍රකාශ කරන්නේද ගැසට් නිවේදනය වලංගු වන්නේ කවර දින සිටදැයි සඳහන් නොවන බැවින් එය සැලකිය යුත්තේ "උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපාධි ප්‍රදානය කරනු පිණිස අනාගතයේදී අවසර දෙනු ලබනු ඇත" යනුවෙනි. ගැසට් නිවේදනය වලංගු වන්නේ කවර දිනක සිටදැයි සඳහන් නොකිරීමෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්‍ෂා කළේ වැල යන අතට මැස්‌ස ගැසීමටදැයි ප්‍රශ්න කළ යුතුය.
පංච පුද්ගල කමිටුව තවත් වැදගත් කරුණක් අවධාරණය කරයි. එනම් තත්ත්වය අධ්‍යයනය කර ගැටලු විසඳන තෙක් වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා නොගන්නා ලෙස සෞඛය අමාත්‍යාංශ ලේකම්වරයා පුවත්පත් දැන්වීම් මගින් SAITM ආයතනයට අවවාද කර තිබියදීත් පස්‌වැනි ශිෂ්‍ය කණ්‌ඩායම බඳවා ගැනීම සඳහා ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමය. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ කොන්දේසි නොතකා හරිමින් මුල් ශිෂ්‍ය කණ්‌ඩායම් දෙක බඳවා ගනිමින් ඔවුන් නන්නත්තාර කිරීමෙන් නොනැවතී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවවාද නොතකමින් පස්‌වැනි ශිෂ්‍ය කණ්‌ඩායම බඳවා ගැනීමට තරම් "හයියක්" ආයතනයට හිමි වූයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ "තල්ලුව" නිසා ද යන්න සැකසහිතය. ඒ කෙසේ වුවද දෙනු ලබන නියෝග නොතකා හැරීම පිළිබඳ සෞඛය අමාත්‍යාංශය හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආයතනයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්න දැනගැනීමට දෙමව්පියගේද යුහුසුලුව සිටිති. ආයතනය නීතිගත කිරීම සඳහා කඩිමුඩියේ ගැසට් නිවේදන ප්‍රසිද්ධ කළ හැකි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නියෝග නොතකා හැරීම ගැන ආයතනයට එරෙහිව කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔවුහු ප්‍රශ්න කරති.
පංච පුද්ගල කමිටුවට හසුවූ සුවිශේෂී කරුණක් ගැනද සඳහන් කළ යුතුය. එනම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නියම කරන ලද අවම සුදුසුකම් නොමැති දෙදෙනකු ආයතනයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටින බවය. වෛද්‍යවරයකු යනු මිනිසුන්ගේ ජීවිත පිළිබඳ තීරණය කරන ජීවකයෙකි. උසස් පෙළත් අසමත් චරිත මිනිසුන් ජීවත් කරවීමේ ජීවකයන් බවට පත් කිරීම සඳහා ආයතනය ගන්නා ප්‍රයත්නය කෙතරම් ආශ්චර්යය දනවන ප්‍රාතිහාර්යයක් දැයි සඳහන් කළ යුතුය. රුපියල් ලක්‍ෂ හැත්තෑවකට අලෙවි වන SAITM වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය ගැන තවදුරටත් කතා කිරීමේ අවශ්‍යතාවක් නැත. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නීතිගත කිරීමට නහුතයක් වලිකන්නේ ප්‍රමිතියෙන් තොර මෙතරම් බාල මට්‌ටමේ උපාධියක් දැයි දෙමව්පියෝ ප්‍රශ්න කරති. උසස් පෙළ විභාගය හෝ සමත් වීමට නොහැකි පුද්ගලයන් උපාධිධාරීන්, විශේෂඥ වෛද්‍ය උපාධිධාරීන් බවට පත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ කරන්නේ ක්‍ෂිතිජයෙන් එපිට ලොවක් දකින දරුවකු බිහි කිරීමේ අරමුණෙන්දැයි ප්‍රශ්න කළ යුතුය.
උසස් අධයාපන ආයතනවලට උපාධි ප්‍රදානය කිරීමේ අවසරය පිරිනැමීමේ වගකීම හා හැකියාව මෙතෙක් ලැබී තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ය. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයකුගෙන් හා සාමාජිකයන්ගෙන් සමන්විත ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව තිබූ බලතල එස්. බී. දිසානායක උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් නිසිබලධරයකු යටතට පත්කරනු ලැබ ඇත. එනම් අමාත්‍යාංශ ලේකම්වරයාට පවරනු ලැබ ඇත. ඒ.... පසුගිය පෙබරවාරි මස 22 වැන sදා තමන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයෙනි. මෙහි විශේෂත්වය නම් උසස් අධ්‍යාපන ආයතනවලට උපාධි ප්‍රදානය කිරීමේ නිසි බලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා පත් කිරීම ගැන මෙතෙක් බලධාරියාව කටයුතු කළ ප්‍රතිපාදන කොමිෂන් සභාව නොදැන සිටීමය.
සිය දරුවන්ට නියමිත කාලයේදී විභාග පැවැත්වීමට SAITM ආයතනය කටයුතු නොකිරීමට එරෙහිව දෙමව්පියෝ පිරිසක් පසුගිය දා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. ඉහළින් දෙනු ලැබූ නියෝග කඩ කිරීම ගැනද එම ආයතනයට චෝදනා ඉල්ල වී තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ කොන්දේසි නියමිත කාලයේදී සපුරාලීමට ආයතනය අපොහොසත් වී ඇතැයිද යන්න නොරහසකි. ඇතැම් දෙමව්පියෝ සිය දරුවන් පාඨමාලාවෙන් ඉවත් කරගෙන සිටිති.
ඉදින්, නිසි බලධාරී වගකීම වන්නේ පොරෝ කෙටියෙන් කපා හළ හැකි ගසක් අතු ඉතිලා වැඩෙන්නට ඉඩදී "බකංනිලා" සිටීමද? මහත්වරුනි, ඔබ මේ පසක් කරන් සිටින්නේ දැයේ දුවාදරුවන්ගේ අනාගතය පිළිබඳ හොටු පෙරාගෙන හඬ නැගීමේ අවංක වුවමනාව ද යන්න ප්‍රශ්න කළ යුතුය.
නිලන්ත මදුරාවල
Divaina 2012.04.08
Thursday, April 12, 2012
ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි - කැබිනට් අනුකාරක සභාව කියයි
අජිත් අලහකෝන්
මෙරට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බව ඇමැතිවරුන් තිදෙනකුගෙන් යුත් කැබිනට් අනුකාරක සභාව නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම, විද්‍යා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්‌ස විතාරණ සහ විදුලි බල හා බලශක්‌ති ඇමැති පාඨලි චම්පික රණවක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කැබිනට් අනුකාරක සභාවේ වාර්තාව අමාත්‍ය මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි ද මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ඖෂධ මිලට ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ තමන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමෙන් පසුව එකී ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් අනුකාරක සභාව පත් කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය. ඖෂධ හැර රසායනාගාර ද්‍රව්‍ය සහ ශල්‍ය ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගත යුතු බව මෙම කැබිනට් අනුකාරක සභාව නිර්දේශ කර ඇතැයි කී ඇමැතිවරයා මේ නිසා වසරකට පිටරටට ඇදී යන රුපියල් කෝටි ගණනක මුදලක් මෙරට ඉතිරිවන බවද කීය.
වසරකට ශල්‍ය ද්‍රව්‍ය සහ රසායනාගාර ද්‍රව්‍ය අයිතමයන් 23000 ක් පමණ මෙරටට ගෙන්වන බවද ඒ සඳහා වාර්ෂිකව ටෙන්ඩර් මණ්‌ඩල 450 ක් කැඳවිය යුතු බවද පැවසූ සෞඛ්‍ය ඇමැතිවරයා කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ අනුව වසර දෙක තුනක කාලයක් සඳහා දේශීය නිෂ්පාදකයන්ගෙන් ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය එකවර මිලට ගැනීමේ හැකියාව ඇතැයිද කීය.
ශ්‍රී ලංකාව වසරකට ඖෂධ වර්ග 1400 ක් මිලට ගන්නා නමුත් ඒ අතර අතව්‍යශ ඖෂධ තිබෙන්නේ වර්ග 284 ක් පමණක් බවද කී ඇමැතිවරයා සෙසු ඖෂධ විවිධ වෙළෙඳ නාමයන් යටතේ මෙරට අලෙවි වන බව කීය.
ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 284 පිළිබඳ ලැයිස්‌තුවක් ඉදිරියේදී ජනමාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කර ඇතැයි කී ඇමැතිවරයා සෑම රෝහලකටම මෙම අත්‍යාවශ්‍ය ඖෂධ වලින් ප්‍රතිකාර ලබාගත හැකි බවද කීය.
කැබිනට් අනුකමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්‌ඩලය විසින් අනුමත කළ විගස ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.

Sunday, April 8, 2012
ලෝක සෞඛ්‍ය දිනය අද
Created on Saturday, 07 April 2012 10:15
ලෝක සෞඛ්‍ය දිනය අදට යෙදී තිබේ. ''යහ සුවසෙත නිති සලසයි - ජීවය පිරි දිගු ගමනක්'' මෙවර ලෝක සෞඛ්‍ය දිනයේ තේමාවයි.
1948 ආරම්භ කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවත්සරය අනුස්මරණය කිරීම සඳහා සෑම වසරක ම අප්‍රේල් 7 වැනි දා ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබයි.
වර්ෂ 2012 ලොක සෞඛ්‍ය දිනයේ තේමාව ලෙසින් ''වයස්ගත වීම සහ සෞඛ්‍ය'' දක්වා ඇත්තේ ''යහ සුවසෙත නිති සලසයි-ජීවය පිරි දිගු ගමනක්'' යන පණිවුඩය තේමා කරගෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ ජාතික විශේෂඥ උපදේශිකා විශේෂඥ වෛද්‍ය සරෝජිනී මානික්‍යරත්නම් මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසුවා ය.
මෙහිදී සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩිහිටි පුරුෂයින් වැඩිහිටි කාන්තාවන් තෘප්තිමත් හා ඵලදායි දිවි පෙවතකට ආධාර වන අයුරින් ඔවුන්ගේ පවුල් ඒකකවලට හා ප්‍රජාවට සම්පත් දායකයකු ලෙසින් දායක වීම පදනම් කොට ගැනීම විමසුමට ලක්කෙරෙයි. වියපත් වැඩිහිටියන්ගේ නිරෝගී හෙට දවස වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇප කැප වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය දිනය තේමා කරගනිමින් පසුගිය දිනවල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බවත් එහිදී වැඩිහිටියන්ගේ අත්කම් භාණ්ඩ ප්‍රදර්ශන, බෝනොවන රෝග පිළිබඳ ව දැනුවත් කිරීම වැනි වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක් ව ක්‍රියාත්මක කොට තිබේ.
මීට සමගාමී ව ලබන 24 වැනි දින පාසල් සහ විවෘත අංශ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඡායාරූප ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු කර ඇතැයි මානික්‍යරත්නම් මහත්මිය සඳහන් කළාය.
sinhala.news.lk

රෝගීන් ගසාකෑම දැන්වත් නවතන්න
ඇතැම් වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවාවේ නියුතු ඇතැමුන් පෞද්ගලික ලාබ ප්‍රයෝජන තකා රෝගීන් ගසාකෑම දැන්වත් නතර කළ යුතු යැයි මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා කියයි.
ලංකාවේ සෙසු වෘත්තීන් අතරින් සෞඛ්‍ය වෘත්තිය ශ්‍රේෂ්ඨතම වෘත්තියක් යැයි කී මහාචාර්යවරයා එය මුදලට පාවා දෙන තත්ත්වයකට පත් නොකළ යුතු යැයි ද කීය.
වෛද්‍ය සමරසිංහ මහතා ඒ කරුණු පවසා සිටියේ ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති බෝ නොවන රෝග හා පෝෂණය පිළිබඳ ‘මිහිමෙත් සුවසර’ ජාතික සෞඛ්‍ය වැඩසටහන ආරම්භ කරමිනි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය.
Silumina 2012.04.08

අවුරුදු සමයේ බත් අනුභවය සීමා කරන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය
2012 අප්‍රේල් 06 වෙනි සිකුරාදා, 11:30
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ රස කැවිලි වැඩිපුර ආහාරයට ගන්නා බැවින් බත් අනුභව කරන ප්‍රමාණය අවම කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.
රස කැවිලි වැඩි වශයෙන් ආහාරයට ගන්නා අතුර බත් ප්‍රමාණය ද වෙනදා මෙන් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පූර්ව අවස්ථාවේ පසුවන පුද්ගලයින් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ බරපතල අවදානමක් පවතින බව ඇය සඳහන් කරයි.
පැණි රස හා තෙල් අධිකව ආහාරයට ගන්නා අවුරුදු සමයේ දී හැකිතාක් පයින් ගමන් බිමන් යාම සහ අවුරුදු ක්‍රීඩාවල නියැලීම යනාදී කටයුතු කරන්නේ නම් ශරීරයේ අධික මේදය දහනය කර ගැනීමට හැකිවනු ඇතැයි වෛද්‍යවරිය පවසයි.
බෝනොවන රෝගවලින් වැළකීමට හැකිතාක් කය වෙහෙසා කටයුතු කළ යුතු යැයි ද ඇය පෙන්වා දෙන්නීය.
asianmirror.com

සුව සේවයේ කම්කරු රැකියා හොරට ලබාගෙන - වැඩ බාර ගන්නට යද්දී අත්අඩංගුවට
* නැ’හිර පළාත් ඇමැතිවරයකුගේ පුද්ගලික ලේකම් පත්වීම් දෙන්න ලක්‍ෂ 2ක් ගත් බවට චෝදනා
අම්පාර දිසා විශේෂ – එල්. දෙහිගොල්ල
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සනීපාරක්‍ෂක කම්කරු පත්වීම් දෙකක් ලබාගෙන අම්පාර මහ රෝහලේ වැඩ බාර ගැනීමට යාමේදී එම පත්වීම් ව්‍යාජ ඒවා බවට ඔප්පු වීම නිසා අම්පාර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් පත්වීම්ලාභීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
වෙල්ලාවලි ප්‍රදේශයේ පදිංචි ඩී. එල්. සිවකුමාර් හා කළවංචිකුඩි පදිංචි ටී. රදිකා යන එම දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අම්පාර අතිරේක මහේස්ත්‍රාත් එම්. එස්. පි‍්‍රමිති මහත්මිය නියෝග කළාය.
නැඟෙනහිර පළාත් සභාවේ ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු මෙම පත්වීම් ලබාදීමට රුපියල් ලක්‍ෂ 2ක මුදලක් ලබාගෙන ඇති බව පත්වීම්ලාභීන් පවසා තිබේ. අම්පාර මහ රෝහලේ පරිපාලන නිලධාරියාට මෙම පත්වීම් පිළිබඳව ඇතිවූ සැකය මත මේ සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එවැනි පත්වීම් නුදුන් බවත් ඔවුන් පොලිසියට ඉදිරිපත් කරන ලෙසත් දන්වා තිබේ. මෙම පත්වීම්වලට අස්සන තබා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්‍ෂවරියක් බවත්, එවැනි නිලධාරිනියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොමැති බවත් කරුණු අනාවරණය වේ.
කූඨ ලෙස මෙම පත්වීම් ලිපි සාදා ඇති බවට පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නැගෙනහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් වන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසත්, තවත් මෙවැනි පත්වීම් ලබාදී ඇත්ද යන්න සොයා බැලීමට පරීක්‍ෂණ පවත්වන ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
Dinamina 2012.04.07

බෝ නොවන රෝගවලින් ජනතාව බේරාගන්න ජාතික ධනයෙන් වැඩි කොටසක් වැය කිරීමට සිදුවෙලා -- ජනපති මහින්ද රාජපක්ෂ
ධනුෂ්ක ගොඩකුඹුර
මැලේරියා වැනි වසංගත රෝග පරාජය කළත් ජාතික ධනය ඉතිරි කර ගැනීමට නොහැකි වී ඇත්තේ බෝ නොවන රෝග රට තුළ පැතිර ඇති බැවින් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ නිසා එදා වසංගත රෝග ජයගත් ආකාරයටම බෝ නොවන රෝගත් ජය ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී පැවති මිහිමෙත් සුවසර වැඩසටහනට පෙරේදා (04) එක් වෙමිනි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී මෙසේ ද පැවසීය.
ලෝක සෞඛ්‍ය දිනය සමරන්න මටත් අවස්ථාවක් ලැබීම ගැන සන්තෝස වෙනවා. අද මේ ඇවිල්ලා ඉන්න සියලු දෙනාම මා ඉතසිතින් පිළිගන්නා අතරම, අරලියගහ මන්දිරයේ මෙම උත්සවය පැවැත්වීමට තීන්දු කිරීම ගැන ද මා සතුටු වෙනවා.
අපට මොන තරම් යුද්ධ තිබුණත්, ලෝක ආර්ථික අවපාතයන්ට මුහුණ දුන්නත්, වාර්ෂිකව රුපියල් මිලියන දස දහස් ගණනක් සෞඛ්‍යය සඳහා වෙන් කළා. ඒ සඳහා හැම අයවැයකින්ම මුදල් වෙන් කරපු නිසා තමයි අද සෞඛ්‍ය සේවය පිළිබඳව ආසියාව ඉදිරියෙන් ඉන්නෙ.
‘පෝෂණය හා බෝ නොවන රෝග, පෝෂණයෙන් ක්‍රියාශීලි බවෙන් පිරි සෞඛ්‍යමත් ජීවිතයක්’. මෙවර අපි ගත් තීන්දුව වැදගත් කියලා මම හිතන්නේ. අපි මෙතෙක් කල් කතා කළේ බෝවන රෝග ගැන. මැලේරියාව වැනි රෝග. වසංගත රෝග මර්දනයට සෞඛ්‍ය අංශ නිලධාරීන් වෙහෙසුණා. දැන් වසංගත රෝගවලින් අපේ රට මිදිලා තියෙනවා.
මට ඇමැතිතුමා කිව්වා පසුගිය අවුරුදු පහ තුළ අලුතින් පෝලියෝ හැදුණු රෝගයකු සොයා ගන්න බැරි වුණා කියලා.
ඒ කාලේ මැලේරියා රෝගය විශාල වශයෙන්, හම්බන්තොට, රත්නපුරය, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල තිබුණා. අපි අද මැලේරියා රෝගය පරාජය කරලා තියෙනවා. මෙයට වැය කළ ජාතික ධනය අපට ලංකාවේ ඉතිරි කරගන්න පුළුවන් වුණා ද? බැහැ. දැන් ධනය වැඩියෙන්ම වැය කරන්නෙ බෝ නොවන රෝගවලට. එයට යන වියදම ඊට වඩා විශාලයි කියලයි මම විශ්වාස කරන්නේ. ඒ රෝගවලින් ජනතාව මුදා ගන්නයි අපිට වෙලා තියෙන්නේ.
දියවැඩියාව, රුධිර පීඩනය , පිළිකා වේවා ඒ රෝග අපේ සමාජය රෝගියකු බවට පත් කරන තත්ත්වයක් අද උද්ගතව තියෙනවා. ඉස්සර නම් අපි කථා කරන කොට දියවැඩියාව තියෙන කෙනෙකු හමු වුණත් එහෙම නැතිනම් අධික රුධිර පීඩනය ඇති කෙනකු හමු වුණත් ඒ කොළඹ කෙනෙක් වෙන්නැති කියලා කියනවා. ඔවුන් සමාජෙ කාලා බීලා ගෙදර ගිහින් නිදා ගන්න එක තමයි කරන්නෙ. ඒ හැර වැඩිදෙයක් කරන්නේ නැහැයි කියලා කියනවා. නමුත් අපි හිතන් හිටියේ එහෙමයි. නමුත් දැන් බැලුවහම ගම් මට්ටමේ අයටත් මේ රෝග තියෙනවා.
අපි වසංගත වැනි රෝගවලින් ජයගත්තා වගේම, බෝ නොවන රෝගවලට මුහුණ දෙන්න ඕනේ. ජනතාව ආරක්ෂා කරගන්න කාර්ය අපි දැන් පටන් අරගන්නවා. අතීතයේ මුතුන් මිත්තෝ ගත කළ සම්ප්‍රදායික ජීවන රටාව ගැන අපි හිතන්න ඕනේ. එදා අපේ ඇත්තෝ කිව්වේ අඩහ කෑම දහසක් වටී. ඇවිද්ද පය දහස් වටී. අද තියෙන සෞඛ්‍ය ගැටලුවලටත් මෙය ගැළපෙනවා.
අඩහ කෑම යනු බාගයක් කෑම නොවෙයි. පමණට ආහාර ගන්න. ධම්ම පදයෙත් කියලා තියෙනවනේ. රස මුසු කෑමට ගිජු වීමේ අදීනව. මේ ගැන බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවා. අපේ බාල පරම්පරාවට අද මොනවද කන්න දෙන්නේ. එක්කෝ කැන්ටිමෙන් ඇවිල්ලා ක්ෂණික කෑම දෙනවා. එහෙම නැතිනම් අම්මා, තාත්තා ගිහිල්ලා කෑම වේලට යමක් ගෙනත් දෙනවා. මවුපියෝ නොදැනුවත්වම තමන්ගේ දරුවාට කරන විශාල විපතක් වශයෙනුයි මම එය දකින්නේ. අපි විදේශවලින් ගේන ආහාරවලට ජාතික ධනය වියදම් කරනවා. විශාල සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීලා අපිට ඒ සඳහාත් වියදම් කරන්න සිදුවෙලා තියෙනවා.
මේ නිසා තමයි අපි දිවි නැගුම වගේ වැඩපිළිවෙළ දියත් කළේ. ගෙවත්තේ එළවළු ටිකක් පලතුරු ටිකක් වවා ගන්න දිරි දුන්නේ. නිරෝගී වෙනවා වගේම නිවහල් මිනිසෙකු බවට පත් කරන්නත් අපි බලාපොරොත්තු වුණා. සමබර ආහාර වේලක් ගැනීමේ වැදගත්කම මේ කතිකයෝ හැමෝම කිව්වා. මොළය වැඩෙන හැටිත් කිව්වා.
අපේ අමාත්‍ය මණ්ඩලයත්, හුඟාක් දෙනෙක් දැන් ශාරිරික ව්‍යායාමවල යෙදෙනවා. මේක ජාතික අවශ්‍යතාවක් බවට පත්වෙලා. ජනතාව ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. දියවැඩියාව සියයට පනහකින් ඉහළ යනවලු. අද තියෙන ගානටත් වඩා. මේවාට අපිට නීති පනවන්න පුළුවන්කමක් නැහැ. මේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ හැකි කාර්යයන් වේගවත් කළ යුතුයි. එය ජනතාවගේ කැපවීමත් සමඟ කළ යුතුයි.
අපි මේ කාලේ ගම්පහ ප්‍රදේශයටත් ගියා ඇවිදින්න ශරීර සුවතා මන්තීරු දැන් ඇති කරගෙන යනවා දැන් හැම නගරයකම, ගම්වලත් හැදෙනවා. ගම්පහ, කොළඹ පාර්ලිමේන්තුව පැත්තට ගියාම අපේ ජනතාව මොනතරම් උනන්දුවක් දක්වනවාද කියා අපට පේනවා. හවසට මේ ස්ථානවල ඇවිදමින් ගත කිරීම ගැන කල්පනා කරන කොට, එතකොට තමයි අපිට දැනෙන්නේ ඇවිද්ද පය දහස් වටී කියලා කියන කියමන සනාථ වෙන බව.
මේවා ජනමාධ්‍යයෙනුත් මෙහි වැදගත්කම පෙන්වන්න ඕනේ. මේවාට පහර ගහන එක නොවෙයි. සමහර පුවත්පත්වල ඒ දවස්වල ඇවිදින කොට ටොරින්ටන් එකේ එක් එක්කෙනාගේ පින්තූර අරගෙන පහර ගහලා තිබුණා. වැඩියෙන් කාලා දිරවගන්න බැරිව ඇවිදිනවා කියලා. ජනමාධ්‍යයත් ඇවිදින අය දිහා බැලුවේ වෙනත් ආකාරයකින්. ඒ නිසා මේවා ගැන තවත් ජනතාව උනන්දු කළ යුතුයි.
දරුවා පොතට පතට පමණක් සීමා කරන්න එපා. ක්‍රීඩාවලටත් දරුවා උනන්දු කරවන්න. ක්‍රීඩාවලට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෝ උනන්දු කළොත් පමණයි දරුවා වඩාත් මේ ක්‍රීඩාවලට යොමුවන්නේ. ජය පරාජය භුක්ති විඳින්න. හොඳ සෞඛ්‍යයක් ඇති කර ගන්න. ඒවායින් ශක්තිමත් ජනතාවක් ගොඩනැඟෙනවා. නිරෝගීමත් දරුවෝ බිහි වෙනවා. මේවා තමයි අද සමාජයට අවශ්‍ය වන්නේ. ක්‍රීඩාංගණ හා ඒවාට අවශ්‍ය පහසුකම් සියල්ලම මේ සඳහා ලබා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අද කරන මේ වැඩපිළිවෙළ අපි සැමටම ප්‍රයෝජනවත්.
දරුවා ඉපදුන දවසේ සිටම පැහැදිලි ලෙස ආහාර ගන්නා ක්‍රමය සතුටින් සිටීම. මේවා සියල්ලම දරුවෙකුගේ වැඩීමට උපයෝගී වෙන බව. ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා දැනුම දෙමව්පියන්ගේ සිටම ඉහළට පහළට දරුවෝ දක්වා ගෙන යා යුතුයි. අද නායකත්වය දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, විතරක් නොමෙයි අනෙකුත් අමාත්‍යාංශයත් උනන්දු වෙනවා. එළවළු පලතුරු ගැන කතා කරනවා. පලතුරු කන්න, ඒ සඳහා පලතුරු වැවීමට උනන්දු කරවන්න. අඩු මුදලට ගන්න ජනතාවගේ් මේසයට ගේන්න පුළුවන් මට්ටමට ගේන්න අපි පුරුදු කළ යුතුයි.
මේ හැම අමාත්‍යාංශයක් හරහාම ඒ සඳහා කටයුතු කරන්නට පියවර ගන්න සූදානම්. මවුපියන් තම දරුවන් පිළිබඳවත්, ඒ වගේම වැඩිහිටියන් දරුවන්ට ආදර්ශයක් වන්නටත්, නායකත්වය දරුවන්ට ආදර්ශයක් වීමටත්, කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නට ඕනේ. ඒ නිසා ආහාරවේල පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරලා මේ ක්ෂණික ආහාරවලින් මිදිලා රට ගැන අවබෝධ කරගෙන දේශීය ආහාරත් එක්ක වඩා හොඳ සමබර ආහාර වේලක් අරගෙන දරුවන්ට ලබාදෙන වැඩපිළිවෙළට අපි යාමට සූදානම් විය යුතුයි.
ඒ නිසා මේ කටයුත්තට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීම ගැන ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙමින් ඔබ මේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ගැනත් සන්තෝස වෙමින්, ස්තුතිවන්ත වෙමින්, මේ රටේ සෑම ජනකොටසකටම ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දෙන්නට අද වැනි දිනක අපි සූදානම් වෙමු කියලා ආරාධනා කරමින් ඔබ සියලු දෙනාටම නිරෝගිමත් ජාතියක් ගොඩනගන්නට ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු ෙදනාටම තෙරුවන් සරණයි.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා
අද අපි අප්‍රේල් 07 වනදාට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය මුල් කරගෙන මේ අරඹන්නේ දීප ව්‍යාප්ත ජාතික වැඩසටහනක්. එය අවසන් වන්නේ පුළුල් වැඩසටහනක ආරම්භයක් ලෙසයි. එදා අප සහභාගී වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවේ තේමාව වූයේ බෝ නොවෙන රෝග යන්නයි. ඒ අනුව මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ අද අරඹනවා.
මීට වසර එකහමාරකට පෙර අපි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෝෂණය පිළිබඳ ජාතික සභාව ආරම්භ කළා. එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී එදා සාකච්ඡා කළේ බෝ නොවන රෝග සෑම රටකටම ගැටලුවක් වී තිබෙනව බවයි. අපේ රටේ සියයට 60ක් මිය යන්නේ බෝ නොවන රෝග නිසයි. අප විසින් අප විනාශ කර ගැනීමයි මෙයට හේතුව.
මම දවසේ වඩාත්ම සතුටු වන කාලය තමයි මා ව්‍යායාම කරන කාලය. පසුගිය දිනෙක මම උදෑසන ආහාර ගන්නා විට පැමිණි රාජ්‍ය නිලධාරියෙක් මගෙන් අහනවා මේවද කන්නේ කියලා. මම කොට කලිසමක් ඇඳගෙන, සෙරෙප්පු නැතුව කිලෝමීටර් තුන හතරක් පයින් පාසලට ගියෙත් පොල් සම්බෝල සමඟ බත් කාලා. අද සෞඛ්‍ය ඇමැතිවරයා ලෙසත් මම කන්නේ ඒ ආහාර තමයි.
පෝෂණය හා බෝ නොවන රෝග ජනතාවගේ සෞඛ්‍ය දර්ශකයේ වැදගත් අංගයි. රට කොතරම් ලස්සන කළත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නැති නම් රටේ සංවර්ධනය අත්විඳින්නට බැහැ. මේ සියලු වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වෙනවා මීට පෙර සිදු නොවන ආකාරයේ කාර්යක්ෂමභාවයකින්. මේ සඳහා අපි සියලු දෙනා එක් වෙමු.
මලල ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ මහත්මිය
බෝ නොවන රෝගවලින් දරුවන් මුදා ගැනීමට ව්‍යායාම වැදගත් වෙනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය මේ බෝනොවන රෝග අතරට වැටෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට වෛද්‍යවරයකු අවශ්‍ය නැහැ. කායික හෝ මානසික සුවයෙන් සිටීමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියන්නේ. අප එදිනෙදා කරන දේ මේ සඳහා බලපානවා.
ලෙඩ වූ පසු දුක් වී පලක් නැහැ. ඒ නිසා අපි අද සිටම ව්‍යායාම අරඹමු. මගේ ගම මැල්සිරිපුර, රාගෙදර කියන කුඩා ගම්මානය. මම පාසල් ගියේ පයින්. මම පාසල් යන විට කෑවේ කොස්, දෙල්, මඤ්ඤොක්කා වගේ දේවල්. ක්‍රීඩා පිටියට ගිහින් සෙල්ලම් කරනවා. අද මම කොළඹ පදිංචි. අවාසනාවට මගේ දුවටත් ඒ කාලය නැහැ. මේ තත්ත්වය නැති වුණේ විභාග පාදක අධ්‍යාපන ක්‍රමය නිසයි.
නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක,ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එෆ්.ආර්.මෙහෙතා මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.
Dinamina 2012 .04.06

Subscribe to:
Posts (Atom)