Sunday, September 25, 2011

අඳුරු දිවිපෙත එළිය කළ සොඳුරු ගොවි කෙත

               silumina
               දිය බිඳු වැටෙත් පසට යටව තිබු බීජ දළුලමින් හිස ඔසවන්නට විය. ඒවා ක්රමයෙන් වැඩෙමින් සුළඟට සැලෙන අන්දම බලන්න ලස්සනය.
               මෙසේ ටිකෙන් ටික දිනෙන් දින උස් මහත් වෙන පැළෑටි දෙස බලා සිටින පිරිසකි. එක් අයෙක් දෙපෙත්ත ස්පර්ශ කොට සිනාසුණහ. තවත් කෙනෙක් වැඩුණු පැළයක් අතගා මොන මොනවදෝ කීය. එහෙත් දින සති මාස ගෙවෙත්ම ඔවුන්ගේ ජීවිත වගාව සමඟ ඒකාබද්ධ වී පිබිදෙන්නට පටන්ගත්තේය.
               දිය බිඳත් සමඟ පොළොවෙන් මතු පිටට දෙපෙති සහිත පැළෑටි සේ ඔවුන්ගේ ජීවිත තුළ සැඟවී තිබුණ කුසලතා මතුවන්නට පටන්ගෙන ඇත. එය සිහි කල්පනාව හෝ ප්රකෘති සිහිය ලෙසින් මම හඳුනා ගතිමි. ඔවුන්ගේ සැබෑ වෙනස ගහේ කොළේ ආත්මීය බව සමඟ ඇති වූවක් බව මම දනිමි. එය මනුෂ්යත්වයේ පිබිදීමක් ලෙස අර්ථ දැක්විය හැකිය.






                පැළෑටි සමඟ යළි උපන් ඔවුන්ගේ ජීවිත ගැන මෙසේ සටහන් කරන්නට පටන්ගත් මොහොතේ සිට මගේ ජීවිතයට අලුත් ප්රබෝධයක් කාන්දු වෙන බව මට දැනුණි. මෙතෙක් කලක් සැඟව තිබු ඔවුන්ගේ ආත්මීය සප්රාණකත්වය ක්රියාකාරකම් සමඟ ඒකාබද්ධ වනු මම දුටිමි. මේ ඔවුන්ගේ කතාවයි. නැවත ගස්වැල් සමඟ ආත්ම ගතවූ මුල්ලේරියාවේ අතරමැදි නිවහනේදී මට හමු වූ ඔවුන්ගේ කතාවයි. කොන් වී, හුදෙකලා වූ ජීවිතවලට නව ආරම්භයක් ගෙනාවේ මේ අලුත් වගා බිමයි.
               

              
                කටු පඳුරුවලින් වැසී ගිය අවට පරිසරය වගා බිමක් ලෙස යළි පණ ගන්වන්නට දායක වූයේ කොළඹ රාජකීය විදුහලේ සිසු දරුවන් ගෙනා කෘෂි දැනුමයි. මූකළන් කැළයක් වගා බිමක් බවට පත්කිරීමෙන් ඔවුනොවුන් අතර ඇතිවූ සුහදත්වය ඔවුන්ට මහත් අස්වැසිල්ලකි.
               වෙදකම පමණක් නොව හෙදකම ඔවුන්ගේ ජීවිතවලට නැතිවම බැරිය. ආදරය කරුණාව, මානසික සුවය මේ හැම දෙයක්ම ඔවුන් තුළ ජනිත කිරීම පහසු නොවේ. මලානික වූ පැළයක් යළිත් වතුර හා ජලයෙන් පෝෂණය කළ හැක්කක් ලෙස එය හඳුනා ගැනීමට හැකිය. මොවුන් වෙනුවෙන් නොයෙක් සැලැසුම් සෑදු ජාතික මානසික සෞඛ් විද්යායතනයේ අධ්යක්ෂ මුල්ලේරියා අතරමැදි නිවස්නෙහි මනෝ විශේෂඥ වෛද් ජයාන් මෙන්ඩිස් මහතා කීවේ මෙවැනි අදහසකි.
              “මේ වගා බිම අපි පටන්ගත්තේ ක්රමානුකූලව. මේ අයට මේ අයගේ සාමාන් ජීවිතය අමතක වෙලා තිබුණේ. එහෙම කට්ටියකට තමයි අපිට පරිසරය ගැන කියලා දෙන්න වුණා. මුලදී අපිට අභියෝග ආවා. ඒත් අභියෝගය අපි සතුටින් බාර ගත්තා. ගස්වල මල් පිපෙන කොට රැඳවියන් ඒවාට ගොඩක් ආසා කළා. වගේම වගාව ආරක්ෂා කළා. රාජකීය දරුවෝ අපිට ගොඩක් උදව් කළා. සමහර රැඳවියන්ට වගාව ගැන හැඟීමක් ඇතිවුණා. දැන් තමන්ට තියෙන වැඩ කොටස කරන්න උදේ හතහමාර වෙනකොට වගා බිමට එනවා. රෝගියෙක් පුනරුත්ථාපනය කිරීම තමයි අපේ මූලික අරමුණ.
                මේ තත්ත්වය හෙද හෙදියන්ට අවබෝධ කරලා දුන්නා. ඔවුන් උපරීම සහයෝගය ලබා දුන්නා. සමහරු මේ වගාව හොරෙන් නෙළාගෙන ගියා. සම්බන්ධව ක්රියා කරන්න පැකිලීමකින් තොරව හැමෝභ මැදිහත් වුණා. සියලුම රෝහල් සේවක සේවිකාවන්ගේ සහයෝගය නොමඳව ලැබුණා.
               රැඳවියන් වෙනුවෙන් නිර්මාණය වූ ව්යාපෘති ගණනාවකි. මින් වගා බිම සම්බන්ධ ව්යාපෘතිය භාරව කටයුතු කළේ, මනෝ වෛද් දීපිකා දමයන්ති මහත්මියයි. මේ ව්යාපෘතිය සම්බන්ධව ඇය අදහස් දැක්වූයේ මෙසේය. මුල් කාලයේදී රෝගීන් කිසිම ඵලදායි කාර්යයකට යෙදවූයේ නැහැ. අර්බුද රණ්ඩු සරුවල් වැඩියි. මේ තත්ත්වය බෙහෙත්වලින්ම විතරක් හොඳ කරන්න බැහැ. ඔවුන්ගේ මනසට සුවදායි ක්රියාකාරකම් අවශ් බව අපට වැටහුණා. මේ නිසා පෞද්ගලික වියදම් දරන්න වෙන්නේ රෝහලට. හැබැයි මේ වගා කටයුත්ත නිසා බොහෝ දෙනා තම පෞද්ගලික වියදම් දරා ගන්නවා. ඇත්තට මේ තත්ත්වය අපිට ලොකු සතුටක්. එක අතකින් ඔවුන් සුවය ලබනවා. අනිත් අතින් සමාජයට අනුගත වීමට සූදානම් වෙනවා.
                 කාලයක් තිස්සේ ගහක් කොළක් අතපත නොගා කුටියකට සිරවී සිටිය ඔවුන් සමඟම එක්ව වැඩ කිරීමට කැප වූයේ හෙදි නිලධාරිනී එම්. පී. පද්මා මාලනි මහත්මිය සහ හෙදි නිලධාරිනි නදීකාය. පද්මා මාලනී මහත්මිය ඇගේ අත්දැකීම් අප හා බෙදාගත්තේ මෙලෙසින්.
                  “මේ අය බොහෝම ආවේගශීලියි. කාලාන්තරයකින් ගෙදර පරිසරයට යොමු වෙලා තිබුණේ නැහැ. දීර්ඝ මතකයක් අවදි කරවන්න අපට සිදු වුණා. එකපාරට වැඩ කරන්න බැහැ. මුලින්ම අපි නොයෙක් ක්රියාකාරකම්වල යෙදෙව්වා. කණ්ඩායම් හැඟීමක් පෞද්ගලික ඉලක්කයක් මොවුන්ට තිබුණේ නැහැ. මේ වගා ව්යාපෘතියත් සමඟ ඔවුන් ඉලක්කයකට වැඩ කරන්න පුරුදු වුණා. ගස්කොළං සමඟ කළ ගනුදෙනුව නිසා අයට මානසික සුවය ලැබුණා. වගා බිමේ ආදායමෙන් 50% ක් ඔවුන් අතර බෙදා දුන්නා. අය වැඩ කළ වරු ගණන අනුව තමයි බෙදීම සිද්ධ වුණේ. දැන් ඒගොල්ලො රෝගීන් නෙවෙයි සේවාලාභීන්. සමාජයත් සමඟ හරි හරියට ගැටෙන්න බැරි වුණත්, අඩුවක් පාඩුවක් නැතුව තමන්ගේ වැඩ ටික වුණත් කරගන්න ඔවුන්ට පුළුවන්. මේ අය බලන්න ඥාතින් පැමිණෙනවා අඩුයි. සමහර අයගේ ඇත්තෙම නැහැ. එකපාරටම ආයුධ දෙන්න බයයි.


                  ඒත් අපිට ඒක ක්රමයෙන් කරන්න හැකි වුණා. මුලදී වල් පැළ කියලා හොඳ පැළත් ගලවලා දානවා. ඒත් අපි අධෛර්යමත් වුණේ නැහැ. විශේෂඥ වෛද් ජයාන් මෙන්ඩිස් මහතාගේ සහයෝගය අපිට උපරීමයෙන් ලැබුණා. වගේම රාජකීය විදුහලේ පුතාලාගේ සහයෝගයත් ලැබුණා. මුලදී ඇවිල්ලා එළවළු පැළ හිටවලා අපිට උපදෙස් දුන්නේ දරුවෝ තමයි. අදටත් අපට අවශ් දේවල් ඔවුන් සම්පාදනය කරනවා. අවශ් හැම වෙලාවකම දරුවො අපිත් එක්ක සිටීම අපිට ලොකු ශක්තියක්. හත්සියයක් පමණ සිටි රෝගීන් පන්සීයක් වෙන්න වගා බිම බෙහෙවින්ම බලපෑවා. පළතුරු වගාව තමයි අපි මුලින්ම ආරම්භ කළේ. දැන් ගොඩක් ජාති අපේ වගා බිමේ තියෙනවා.
                 අතරමැදි නිවසේ විශේෂ ශ්රේණියේ හෙද නිලධාරිනී හේමා බාලසූරිය මහත්මිය වගා බිම ගැන කීවේ මෙහෙමයි. මේ අයට මුදල් ගැන අමතක වෙලා තිබුණේ. එදා රුපියල් දහයෙන් කළ දේවල් අදත් කරන්න පුළුවන් කියලා තමයි මේ අය හිතන්නෙ. මේ වගා බිම ආරම්භ කළ නිසා අයට මුදල් ගැන නැවත වැටහීමක් ඇති වුණා. ගහට කොළට ආදරය කරන මිනිස්සු අතර ආරවුල් අඩුයි. මොවුන් අතර සමගිය සමාදානය ඇති වුණා. හැම දේම ඇති වුණේ වගා බිම නිසා. මේ අයගේ දීමනා මුදලින් හෙට්ටිවීදියෙන් කරාබු ගන්නත් අපි එක්කගෙන ගියා. අයට ඒකත් සතුටක්. සතුට ලැබෙන විදිහට වැඩ කිරීමෙන් තමයි මේ අයට සුවය ලැබුණේ. රාජකීය විදුහලේ ආදි ශිෂ් වෛද් ශානක කරුණාරත්න මහතාගෙන් ලැබුණ සහයෝගයත් අපිට අමතක කරන්න බැහැ. මල්ක පුතා වගේ හැම දරුවෙක්ම අපිට සහාය ලබලා දුන්නා.
                 කොළඹ රාජකීය විදුහලේ කෘෂි සංගමයේ සභාපති චරිත පෙරේරා, ලේකම් ගතීෂ ජාගොඩආරච්චි මෙන්ම හිටපු සභාපති මල්ක දෙනෙත්, බුවනිල තරූෂ, පූර්ණ කණහැරආරච්චි, තිස්ස දෙනෙත්, අතරමැදි නිවෙස්නට ගිය චාරිකාවේදී අප හා එක්වුණා.
                 මෙවැනි රාජකීය දරුවන් මෙහෙයවීමේ සත්ක්රියාවේ යෙදුණේ රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතාය. තම පාසලේ දරුවන්ගේ මේ විශිෂ්ට ක්රියාව ගැන ඔහු අදහස් දැක්වූයේ මෙලෙසිනි. අපේ ඉස්කෝලෙ දරුවෝ නොයෙක් ව්යාපෘති කරනවා. සමහර වෙලාවට විදුලි බලය නිපදවීම, අපහසුකම් ඇති පාසල්වල දරුවන්ට උපකාර කිරීම, අධ්යාපනික වශයෙන් දරුවන් දිරිමත් කිරීමට සම්මත්න්රණ පැවැත්වීම, වෙනත් පාසල්වල දරුවන්ගේ ශිෂ් නායක හැකියා වර්ධනය කිරීම. මේ වගේ වැඩපිළිවෙළ රාශියක් කෙරෙනවා. පිටරටවල සිසු දරුවන් මෙවැනි සමාජ සත්කාර බොහෝමයක් කරනවා. මීට පෙර මුල්ලේරියාව අතරමැදි නිවස්නෙහි අවුරුදු උත්සව වගේම වෙසක් පොහොයට පහන් කූඩු තරග පැවැත්වූවා. අවශ් අමුද්රව් සැපයූවේ පාසලෙන්මයි. එක වරක් පාසලේ ගුරුවරියක් ගිහිල්ලා චිත් අඳින්න කියා දුන්නා. රැඳවියන් මේ දේවල් සතුටට පත්වුණා. ඇත්තටම මට අපේ පාසලේ දරුවෝ සමාජ සත්කාරවලට හුරු කරන්නයි අත්දැකීම ඔවුන් දැන්ම ලබාගැනීම ගැන හරි සතුටුයි.
                2008 දී මුල් වරට ඇරැඹි මුල්ලේරියාව අතරමැදි නිවස්නෙහි ගොවි බිම රැඳවියන්ගේ සුරතින් සුරැකේ. ආදායමක්, අත්දැකීමක්, ජීවිත වෙනසක් කරන ගොවිබිමේ මසක ආදායම ලක්ෂ දෙක ඉක්මවන තරම්ය.
               එදා රාජකීය කෘෂි විද්යා ගුරුතුමිය ස්වර්ණා පේරමතිලක මහත්මිය හා මල්ක දෙනෙත්ති සිසුවා සමඟ කෘෂි දරුවන් ඇරැඹි මේ කෘෂි සංග්රාමය බොහෝ ක්ෂේත්රවලට ආලෝකයක් බඳුය.
රූපාන්ති බුලත්සිංහල
සේයාරූ සුදම් ගුණසිංහ
 

No comments:

Post a Comment