Thursday, January 5, 2012

රජයේ ආයුර්වේද වෛද්‍යවරු 9 වැනිදා ලෙඩ නිවාඩු දමති

ප්රභාත් විතාන
රජයේ ආයුර්වේද වෛද් නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් ලබන සඳුදා (09 වැනිදා) ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත් වන බව එම සංගමයේ ප්රධාන ලේකම් වෛද් ජී. හේවාගමගේ මහතා පවසයි.
දේශීය වෛද් ක්ෂේත්රයේ නියුතු වූවන් මුහුණපා සිටින ගැටලු පාලකයන් වෙත යොමු කර මේ වන විට වසර 03 කට අධික කාලයක්ගතවී ඇතත් සඳහා නිසි විසඳුම් නොලැබීම නිසා මෙසේ ලෙඩ නිවාඩු වාර්තා කරන බව වෛද් හේවාගමගේ මහතා කියා සිටී.

2011
හා 2012 අය-වැයෙන් විශේෂ වෘත්තිකයන් සඳහා ලබාදුන් දීමනා ඇතුළු ආයුර්වේද වෛද්යවරුන්ට හිමි දීමනා ලබා ගැනීම, පාරම්පරික වෛද්යවරුන්ට විශ්රාම වැටුපක්ලබා ගැනීම, ප්රජා සෞඛ් වෛද් සහකාර නිලධාරීන්ගේ වෘත්තිය ගැටලුව විසඳීම හා
රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ජාතික වැඩපිළිවෙළක්සකස්කිරීම ආදී ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කිරීමේ අරමුණින් මෙසේ ලෙඩ නිවාඩු වාර්තා කරන බවත් මහතා සඳහන් කරයි.
මීට සමගාමීව ප්රධාන නගරවල අත්පත්රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
 

Divaina 2012.01.06
 


No comments:

Post a Comment