වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් එල්ලවී ඇති දේශපාලන බලපෑම්වලට විරෝධය පාමින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින වෛද්‍ය ස්ථාන මාරුවීම් මණ්ඩල හතරේම සාමාජිකත්වයෙන් ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ අනුව සීමාවාසික වෛද්‍ය, පශ්චාත් සීමාවාසික වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය හා වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අදාළ ස්ථාන මාරුවීම් මණ්ඩලවලින් ඊයේ (10 වැනිදා) සිට තම සංගමය ඉල්ලා අස්වූ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය සංකල්ප මාරසිංහ මහතා දිවයිනට පැවසීය. මින් ඉදිරියට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අක්‍රමිකතා ඇතිවුවහොත් එහි වගකීම තම සංගමය භාර නොගන්නා බවද හෙතෙම පැවසීය.
ඊයේ (10 වැනිදා) පැවැති වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී වෛද්‍ය ස්ථාන මාරුවීම් මණ්ඩලවලින් ඉවත්වීමේ තීරණය ගෙන තිබිණි.
Divaina 2012.01.11
No comments:
Post a Comment