________________________________________
හිපොක්ර ටීස් පරපුරටත් නිගා දෙවන අනේ මෙහෙමත් දොස්‌තරලා...
එක් සත්ය් කතාවක්
අද අපේ රටේ වැඩිම මුදලක් උපයන ජීවන වෘත්තිය වෛද්ය වෘත්තිය යෑයි මා කිවහොත් ඔබ සිතන්නේ කුමක්‌ද... ඔබ එය විශ්වාස කරන්නෙහිද...?
නිසැකවම මේ රටේ වැඩි දෙනෙක් ඒ කතාවට මා සමග එකඟ නොවනු ඇති. මන්ද මේ රටේ සුවහසක් වෛද්ය්වරු කොළඹින් ඈත පිටිසර ගම්බද ලොකු කුඩා රෝහල්වල දුක් කරදර හිරිහැර පීඩා මැද දිවා රෑ මහන්සි වෙමින්, ජනතාව වෙනුවෙන් ඉටුකරන මාහැඟි සේවාවේ ප්රිමාණය මට වඩා හොඳින් ඔබ දන්නා නිසාය. හිපොක්රඉටීස් පරපුරේ ගෞරවය සුරකිමින් මේ මහා ජීවකයෝ ගම්බද ජනතාව වෙත සලසන අනල්ප සේවාව අවතක්‌සේරුවට ලක් කිරීම යුක්‌තිගරුක ජනතාවකට තරම් නොවන නිසාය.
සැබෑය... අපේ රටේ තවමත් ඒ ගෞරවය සුරැකිව ආරක්ෂාන කරමින් ජනතාවට සේවය කරන වෛද්යීවරු සිටින බව සැබෑය.
වෛද්යී වෘත්තිය නම් ජනතා සේවාවේ වැඩිපුරම සිටින්නේ එවන් උතුම් සේවාවක් රටට සලසන "මහත්වරු" බව කියමින්ම මම මේ කතාව ලියන්නේ ඒ උතුම් ජීවක කුලකයට අබමල් රේණුවක තරම්වත් අවමානයක් නොවනු පිණිස වගබලා ගනිමිනි. එබැවින් මේ කතාව කිසිසේත්ම ඔවුන්ට අදාල නැත.
මා මේ කියන ආකාරයේ වෛද්යයවරු රටේ සිටින්නේ ඉතාම සීමිත පිරිසකි. රටේ ජාතික ධනයෙන් ඉගෙන ගෙන ශිෂ්යදත්ව ලැබ පිටරට ගොස් උසස් පශ්චාත් උපාධි ලැබ නැවත රට පැමිණ, විශේෂඥ වෛද්යත සේවාවට එක්‌වී දවසින් ටික කලක් රජයේ රෝහල්වලත්, ඒ වගේ දෙතුන් ගුණයක කාලයක් පුද්ගලික රෝහල්වලත් සේවය කරමින්, සිත් පිත් නැති රොබෝවරු පිරිසක් මෙන් ජනතා මුදල් ගසා කමින් රටේ ජනතාවගේ දුක මත වැජඹෙන මේ සීමිත පිරිස අතරිනුත් මෙවන් අදමිටුවන් ඇත්තේ කීයෙන් කී දෙනෙක්‌ද...
මේ වූ කලී හිපොක්රරටීස් පරපුරටත් නිගාදෙන එවන් අදමිටුවන් විශාල පිරිස අතුරින් එක් පව්කාරයකුගේ අචල කෙළි අතරිනුත් අල්ප මාත්රනයකි.
අපේ කතාවේ කතා නායකයාට අපි සමන්ත යෑයි කියමු. සමන්ත ගුරුවරයෙකි. සිය බිරිඳ සමදරාත් කුඩා දරුවන් දෙදෙනාත් සමග සමන්ත ජීවත් වූයේ මාතර නගරයට නුදුරු ගම් පියසක් වූ තෙජිඡ්ජවිල ප්රතදේශයේය.
සිය පවුලේ තුන්වන දරු ප්රෙසූතිය සඳහා සූදානම්ව සිටි සමදරා වෛද්ය උපදෙස් ලබා ගැනීමට ගියේ මාතර රෝහලේ සේවය කරන ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්යවවරයෙකු ළඟටය. ගිය පළමු දිනයේම ඕ ආපසු ගෙදර ආවේ මුහුණ රතුකරගෙන කඳුළින් පිsරි දෙනෙතින් යුතුවය.
අනේ සමන්ත මට ආයෙත් නම් බැහැ ඒ දොස්‌තර ළඟට යන්න. ඉස්‌සෙල්ලා දරුවෝ දෙන්නම සීසර් කරපු නිසා තුන්වැනි දරුවෙක් හදන්න එපා කියලනේ එයා කියන්නේ. මට මහ නරක විදියට බැන්නා... එයා අවදානම භාර ගන්නෙ නැහැ කිව්වා.
හරි හරි ඕකට අඬන්න ඕනද ඔච්චර. ඊළඟ පාර අපි යමු වෙන දොස්‌තර කෙනෙක් ළඟට. ඔය ඕන තරම් ඉන්නේ සර්ජන්ට්‌ලා.
සමදරා ඉකි ගසයි. ඇගේ දැස් තුළ ගුලි වූ කඳුළු බිඳු ඇහි පියවලට දරාගත නොහැකිව රූරා කඩා හැලෙයි. සමන්ත සිය ඇඟිලි තුඩුවලින් කඳුළු බිඳු පිසලමින් ඇය අස්‌වසාලන්නට වූයේය.
ඊළඟ වතාවේ සමන්ත සමදරාව රැගෙන ගියේ දකුණු ලක අගනුවර සිටින ප්රලකටම ප්රිසව හා නාරිවේද වෛද්ය්වරයෙක් ළඟටය. පුද්ගලික වෛද්යල මධ්ය්ස්‌ථානයකට එන මේ වෛද්යේවරයාට අපි ගුණසූරිය යෑයි කියමු. ඔහු ඉතා සතුටින් සමදරාගේ වගකීම භාර ගත්තේය.
ඔහුගේ උපදෙස් අනුව සති 2 කට වරක් සමදරා ඔහුට පෙන්විය යුතුය. උදරය ස්‌කෑන් කිරීමට රු. 800 කි. වෛද්යක ගාස්‌තු 600 කි. ඊට අමතරව අමතර එන්නත් වර්ග විදීමටද ගාස්‌තු අය කළේය. එම අවස්‌ථාවලදී ද ස්‌කෑන් කර රු. 800 ක් ලබා ගැනීම ඔහුගේ සිරිත විය. මුලදී සති 2 කට වරක් සමදරාව බැලූ ගුණසූරිය දින ළං ළංවත්ම සතියකට වරක් බලන්නටත් අන්තිම දින කිහිපය තුළ සතියකට දෙවරක් බලන්නටත් පටන් ගත්තේය. ඒ සෑම අවස්‌ථාවකදීම පරීක්ෂාි කිරීමට හා ස්‌කෑන් කිරීමට රු. 1400 බැගින් ලබා ගැනීමට ඔහු අමතක නොකළේය. එම වෛද්ය මධ්යහස්‌ථානයේ සේවකයෝ පවා ගුණසූරිය වෛද්යගවරයාගේ මේ මුදල් ගරා ගැනීම ගැන මවිතය පළ කරමින් සිටියහ.
නියමිත කාල වකවානුවට අනුව සමදරාව දකුණු ලක අගනුවර "සැමට උපකාර කරන" රෝහලට ඇතුළත් කරන්නට වෛද්යසවරයා උපදෙස් දුන්නේය. වෛද්ය් ගාස්‌තු හා රෝහල් ගාස්‌තු වශයෙන් රු. 100,000 (ලක්ෂනයක්) පමණ හදා ගන්නැයි රෝහලේ පාලකවරියක් සමන්තට කීවාය.
එදින රාත්රි්යේ සමදරාව ශල්යාවගාරය වෙත ගන්නා බව වෛද්යර ගුණසූරිය සමන්තට කීවේය.
මේක තුන්වැනි සිසේරියන් එක. ටිකක් අමාරු කේස් එකක්. ඒත් ඔයා බය වෙන්න එපා. මම ඉන්නවනේ.... දොස්‌තර ගුණසූරිය සමන්තව අස්‌වසාලමින් කීවේය. ඒ වන විට සමන්ත ද සිටියේ දෙලොවක් අතරය.
සැත්කම සාර්ථකව කෙරිණි. සමදරා හා බිලිඳු දරුවා වාට්‌ටුව වෙත යොමු කෙරිණි... කුඩා බිලි¹ගේ තත්ත්වය යහපත් වුවද සමදරාගේ තත්ත්වය එතරම් සතුටුදායක නොවන බව සමන්ත තේරුම් ගත්තේය. ඒ අතර වෛද්ය ගුණසූරියගෙන් සමන්තට දුරකථන ඇමතුමක් ලැබුණි.
ඔයාගේ පේෂන්ට ප්ර ශ්නයක් නැහැ. ඔයාට තව දවස් 2 කින් ගෙදර යන්න පුළුවන්. හෙට රෑ 9.30 ට විතර මම එනවා. ඔයා රෝහල් ගාස්‌තුවලට අමතරව රු. 60,000 ක් ලෑස්‌ති කරලා තියන්න. මොකද ඔපරේෂන් එකට උදව් කළ දොස්‌තරලාට මම ගෙවන්න තියෙනවා.
දොස්‌තරගේ මේ ප්රදකාශයෙන් සමන්ත අන්ද මන්ද වී ගියේය. මේ ගාස්‌තුව මොකක්‌ද? එතකොට හොස්‌පිටල් එකටත් ආයෙත් ගෙවන්න ඕනෑද. සමන්ත අන්දමන්දව කල්පනා කරන්න පටන් ගත්තේය. එහෙත් ඔහු ඒ කිසිවක් සමදරාට නොකියන්නට වග බලා ගත්තේය.
අනේ සමන්ත.... මට ඉන්න බැහැ වෙන කවරදාවත් මට මෙච්චර අමාරුවක් දැනිලා නැහැ. මට මොනවද වීගෙන යනවා වගේ දැනෙනවා.
සමරදාගේ මේ වේදනාවන් සමන්ත සැලකුවේ ශල්‍යකර්මයට පසුව එන සාමාන්යට වේදනාවක් ලෙසය. "ඕවා ඔහොම තමයි. ලොකු ඔපරේෂන් එකක්‌නේ. ඕවට අවශ්යබ බෙහෙත් විදිනවා. ඉක්‌මනින් වේදනාව ඇරිලා යාවි". හෙදි සහෝදරියෝ කියන්නට වූහ.
සමන්තට ගාස්‌තු ප්රනශ්නය මහත් වදයක් විය. ඔහු ඒ "සැමට උපකාර කරන" රෝහලේ සභාපතිවරයා හමුවන්නට ගියේය. වෛද්යනවරයාගේ ගාස්‌තු ප්රකශ්නය සමන්ත ඔහුට කීවේය.
ඕවා අපට අදාළ නැහැ. ඔය දොස්‌තර මිනිස්‌සුන්ගෙන් සල්ලි ගන්නේ ඔළුවට පිස්‌තෝලයක් තියලා සල්ලි ගන්නවා වගේ. ඒක මට විසඳන්න බැහැ. අපිට අදාළ රෝහල් ගාස්‌තු විතරයි. සභාපතිවරයා කීවේය.
සමන්ත රෝහලේ බිල්පත ඉල්ලා ගත්තේය. එහි වෛද්යව ගාස්‌තු ලෙස රු. 80,000 ක් සටහන් කර තිබිණි. රෝහලේ ගාස්‌තු ලෙස යොදා තිබුණේ රු. 39,795 ක මුදලකි. එය සාධාරණ මුදලකි. ඒ දෙකටම අමතරව 60,000 ක් වෙනම වෛද්ය5 ගුණසූරිය වෙත ගෙවිය යුතුව ඇත. ඒ අනුව මුළු සැත්කමට ම ඔහු අයකර ඇති මුදල රු 1,20000 කි. සමන්තට කරන්නට දෙයක් නැත. ඔහු ලියුම් කවරයක බහාලු 60,000 ක මුදල දොස්‌තර අතට දුන්නේය. ඉතිරි බිල ලෙස 1,19,795 ක්‌ද රෝහල වෙත ගෙව්වේය.
සමදරා හා දරුවා ගෙදර රැගෙන ගියාට සමදරාගේ තත්ත්වයෙහි වෙනසක් නොවීය. සමදරාගේ තත්ත්වය දුර්වල වන බව දුටු සමන්තට කරන්නට දෙයක් නැති තැන නැවත වෛද්යගවරයාට දුරකථනයෙන් කථා කළේය.
මම සෙන්ටර් එකට එනවා. දැන්ම මගේ මෙඩිකල් සෙන්ටර් එකට ලෙඩාව ගෙනත් ඇතුළු කරන්න වෛද්යඑවරයා කීවේය.
නැවත වරක් සමදරාව වෛද්යදවරයාගේ වෛද්ය් මධ්ය්ස්‌ථානය වෙත ගෙනාවේය.
"මෙයාව අපි අලුත් ලෙඩෙක් විදියටයි ඇතුළත් කරන්නේ. ඒකට අදාළ ගාස්‌තු ගෙවන්න ඕන..." එතැන පාලකවරිය කීවාය.
අපි දොස්‌තරට 1,40,000 ක් ගෙව්වා. තවත් ගෙවන්නේ මොකටද සමන්ත තර්ක කළේය.
වෛද්යො ගුණසූරිය පැමිණියේය. ඔහු නැවතත් තම ස්‌කෑන් යන්ත්රවය ක්රිතයාත්මක කර බැලීය.
ස්‌කෑන් එකෙන් නම් ඇතුලේ හානියක් වෙලා බව පේන්නේ නැහැ. නමුත් අපි කෝකටත් වෛද්යො ඇන්ටන් ප්රමනාන්දුටත් පෙන්නමු.
ඇන්ටන් ප්ර.නාන්දු මහතා පැමිණ සමදරාව පරීක්ෂා් කළේය. පරීක්ෂා් කර බැරෑරුම් බැල්මෙන් යුතුව සයනය වටේ කැරකී රෝහල් පාලිකාවට කතා කළේය. රෝගියා වෙනුවෙන් ඔහුට දෙන ගාස්‌තුව ආපසු රෝගියාගේ පාර්ශ්වයටම දෙන්නැයි නියෝග කළ ඔහු ආපසු ගියේය.
වෛද්යා ඇන්ටන් ප්ර නාන්දු පරිණත වෛද්යයවරයෙකි. ඔහු ප්රගකටව සිටියේ වන සිවු පාවුන් වැනි මිනිසුන් සිටින ලොවේ ඔවුන් අතර සිටින දෙව් දේවතාවෙකු ලෙසටය. වන සිවුපාවුන් අතර දෙව් දේවතාවන් ද සිටිති.
වෛද්යෙ ඇන්ටන් ගිය පසු එම මධ්ය්ස්‌ථානය භාර දොස්‌තර ගුණසූරිය කීවේ තව දින 2 ක් රෝහලේ තබා තත්ත්වය සලකා බැලිය යුතු බවය. අවශ්යව වුවහොත් තුවාලය නැවත විවෘත කිරීමට පවා තමාට සිදුවන බව වෛද්යඅවරයා කීවේය.
"අනේ සමන්ත... මට නම් බැහැ මොහොතක්‌වත් මෙතන ඉන්න. මට හොඳටම අමාරුයි. අපි මෙතනින් ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලෙකට යමු..."
සමදරාගේ ඇවිටිල්ල මත තීරණයක් ගත් සමන්ත සමදරාගේ ටිකට් කප්පවා ගත්තේය. ඉන්පසු ඇයව කෙළින්ම ඇතුළත් කළේ දකුණු ලක අගනුවර මහ රෝහලේ 27 වන වාට්‌ටුවටය.
එම රෝහලේදී සමදරාගේ වගකීම භාර ගත්තේ වෛද්යග ඇන්ටන් ප්ර2නාන්දුය. නාසයෙන් බට ඇතුළත් කොට ආමාශයේ ඇති ආහාර ඉවත් කර පරීක්ෂනණ පටන් ගත්තේය. සමන්තගේ සිතට සහනයක් වූයේ බුදුවරයෙකු බඳු ඇන්ටන් ප්ර නාන්දු සමදාරාගේ වගකීම භාර ගැනීමය.
සමදරාගේ ශල්යමකර්මය කළ ගුණසූරිය වෛද්යඇවරයාද කලබලයෙන් පැමිණියේය. සමදරා ශල්යාගගාරය වෙත ගැනිණි. සැලකිය යුතු වේලාවකට පසු සමදරාව නැවත වාට්‌ටුවට යවා තිබිණි.
ඔයාගෙ ලෙඩාගේ කුසේ ගර්භාෂය ළඟ ලේ කැටියක් හිරවෙලා තිබුණා. එහෙම වෙනවා සාමාන්යෙයෙන්. අපි ඒක ඉවත් කරලා කුස ක්‌ලීන් කළා. දැන් ඕකේ. බය වෙන්න එපා කියමින් වෛද්යා ගුණසූරිය නික්‌ම ගියේය.
එහෙත් රෝහලේ ආරංචි මාර්ග හෙළි කළේ වෙනත් ආරංචියකි. සමදරාගේ කුස තුළ තිබුණේ ලේ කැටියක් නොව, ලෙයින් තෙත් වූ ගෝස් කැබැල්ලක් බව එම ආරංචියයි. ගෝස් කැබැල්ලක් කුස තුළ ඉතිරි කර තුවාලය මහනවා යනු එක්‌කෝ නොසැලකිල්ලය. එහෙම නැතිනම් කපටිකමය.
කපටිකමක් වන්නේ එවන් ලෙඩෙකුට නැවත ශල්යිකර්මයක් කිරීමට මෙසේ කෘත්රිැමව හේතුවක් සැලසීම නිසාය. එම ශල්ය්කර්මය තුළින් ද අදාළ වෛද්යරවරයා ලබා ගන්නේ හැට හැත්තෑදාහේ මුදල් කුට්‌ටිය. එබඳු කපටිකම් කර රෝගීන්ගේ ජීවිත සමග කෙළි සෙල්ලම් කර මුදල් හරිහම්බ කිරීම අද මේ ගණයේ වෛද්යිවරුන්ට හොඳට පුරුදුය. වෛද්යෙ වෘත්තිය අද උතුම් රස්‌සාවකි. උතුම් සේවයකි. එය ඔබින්නේ ඇන්ටන් ප්රෛනාන්දුලා වැනි උතුම් ගති ගුණ ඇති මිනිස්‌සුන්ට මිස ගුණසූරියලා බඳු මස් මුදලාලිලාට නම් නොවේ.
එහෙත් කරුමය වී ඇත්තේ අද ගුණසූරියලා සිටින්නේද ඇන්ටන් ප්ර නාන්දුලා සිටින ගොඩේම වීමය. හොඳ මිනිසෙකුට වුව අද එහි ඉඩක් නැත්තේ ඒ නිසාය.
වෛද්ය වෘත්තිය මේ නිසා අද මුළුමනින්ම මාෆියාවකි. මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්‌ලාගේ අධිරාජ්ය යකි. ජනතා මුදලින් ඉගෙන ජනතා මුදලින් ශිෂ්යලත්ව ලබා ලොකු පුහුණුවක් ලැබ මොවුන් කැප වන්නේ ජනතාවටම සේවය කිරීමටය. එහෙත් අද ඔවුන් නොකරන්නේද ජනතාවට සේවය කිරීමය. අද ඔවුන්ගේ ජීවන අරගලයේ සියලු ඉලක්‌ක යොමු වී ඇත්තේ හම්බ කිරීමටය. සමහර දොස්‌තරලාගේ දවසේ ආදායම මනින්නේ ලක්ෂන ගණනිනි. හරියට භාරයක් වී ඇති සේය. ඔවුන් හම්බ කරන්නේ දෙවියන්ට වූ භාරයක් ඉෂ්ට කරන්නාක් සේය... අනේ මේ උතුම් හිපොක්රේටිස් පරපුරකට ගිය කලක් යෑයි අප කියන්නේ ඒ නිසාය.
නම් ගම් මනඃකල්පිතය.
මින් ටික කලකට ඉහත දක්ෂියණ ලංකාවේ සිදු වූ සත්ය පුවතක් ඇසුරින් සකස් කළේ
බුලිත ප්රකදීප් කුමාර
ඔබේ පළාතේ සිදුවූ මෙවන් පුවතක් ඇත්නම් ලියා එවන්න අප වෙත.
එක් සත්යද කතාවක්,
ඉරිදා දිවයින,
උපාලි පුවත්පත් සමාගම,
223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.
divaina 2012.01.15
No comments:
Post a Comment