Monday, January 9, 2012

රජයේ සේවකයන්ට තවත් ලෙඩක්

රජයේ සේවකයන්ට උසස්‌වීම් දීමේදී "කාර්යක්‍ෂමතාවට" වැඩි සැලකීමක්‌ ·
අජිත් අලහකෝන්
මින් ඉදිරියට රජයේ සේවකයන්ට උසස්‌වීම් ලබාදීමේදී ඔවුන්ගේ කාර්යක්‍ෂමතාව සැලකිල්ලට ලක්‌ කිරීමට කටයුතු කරන බව ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා "දිවයින" ට කීවේය.
මේ පිළිබඳ යෝජනාව මේ වනවිට කැබිනට්‌ අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇත. අදාළ අමාත්‍ය මණ්‌ඩල සංදේශයට ඉදිරි දිනකදී කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගන්නා බව ද ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
දැනට රාජ්‍ය සේවකයන්ට උසස්‌වීම් පිරිනමන්නේ අධීක්‍ෂණ නිලධාරියාගේ රෙකමදාරුව මත බව කී ඇමැතිවරයා ඒ වෙනුවට ඒ ඒ සේවකයාගේ කාර්යක්‍ෂමතාව පිළිබඳ සලකා සේවා උසස්‌වීම් ලබා දීම සුදුසු වනු ඇතැයිද කීය. රජයේ සේවකයන්ගේ කාර්යක්‍ෂමතාව මනින මිනුම් දඬු පිළිබඳව මේ දිනවල අධ්‍යයනය කරමින් සිටී.

Divaina 2012.01.10
 

No comments:

Post a Comment