Monday, January 16, 2012

කොල්ල කල්ලියක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ලෙස පෙනීසිටිමින් කප්පම් ගැනීමක් හෙළිවෙයි

2012 ජනවාරි 16 වෙනි සදුදා, 16:28 පුවත් - පොදු පුවත් 2
 (කොළඹ, ලංකාපුවත්) එක්තරා සංවිධානාත්මක කොල්ල කණ්ඩායමක් මහජන සෞඛ් පරීක්ෂකවරු ලෙස පෙනී සිටිමින් හෝටල් සහ ආපනශාලා හිමියන්ගෙන් කප්පම් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි මහජන සෞඛ් පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පැවසීය.

එම කොල්ල කල්ලිය හෝටල් හිමියන්ට දුරකථනයෙන් කතා කර බැංකු ගිණුම් අංකයන් හා මුදල් තැන්පත් කරන ලෙස දැනුම් දී ඇත.
එසේම ජංගම දුරකථන අංක ලබා දී ඒවාට රුපියල් දහසේ හෝ දෙදහසේ පෙර ගෙවුම් ලබා දෙන ලෙසටද දැනුම් දී තිබේ.

රත්නපුර, කෑගල්ල හා නුවර යන දිස්ත්රික්කවල හෝටල් හිමියන්ගෙන් එම කොල්ල කල්ලිය කප්පම් ලබා ගැනීම දිගින් දිගටම සිදු කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇතැයි සෙනරත් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
lankapuvath.lk

No comments:

Post a Comment