Thursday, January 5, 2012

අප (නි)රෝගී ජාතියක්‌ ද?

බොහෝ රටවල ක්ෂය රෝගයට නැති තැනක්ශ්රී ලංකාවේ තිබෙන බව පෙනෙන්නට තිබේ. ඊයේ (05) දිවයිනේ සිව්දෙස අතිරේකයේ අගනුවර මුද්රණයට අනුව අවුරුද්දකට ක්ෂය රෝගීහු 10000 බැගින් අලුතින් සොයා ගැනෙති. වසර 2010 දී ක්ෂය රෝගීන් වැඩිම ගණනක්හමුවුණ ශ්රී ලාංකික දිස්ත්රික්කය වන්නේ කොළඹ බව පුවතේ සඳහන් වී ඇත. මේ අනුව ශ්රී ලංකාව ක්ෂය රෝගයෙන් ස්වයංපෝෂණය වීමේ අවදානමක්හට ගෙන ඇත. වසරකට මෙතරම් ප්රමාණයක්ක්ෂය රෝගීන් රට තුළ ඇතිවන්නේ නම් මේ රටේ සෞඛ්යය ඉතා නරක ලෙස රෝගී වී ඇති බව අප පිළිගත යුතුය. ඒ ගැන සංවාදයක්ගොඩ නඟා සුවපත් කළ යුතු තැන්වලට වහා බේත් විද්ද යුතු ය.
නවීන විද්යාව බෙහෙවින් දියුණුවට පත්ව ඇති මෙබඳු යුගයක මිනිසා කිසිදු රෝගයක්ගැන බිය විය යුතු නැත. ඒඩ්ස්ප්රතිදේහයේ පැතිර යැම අත්හිටුවන ප්රතිජීවක ඖෂධයන් පසුගියදා සොයා ගන්නා ලදී. එසේ නම් ක්ෂය රෝගය හෝ ලාදුරු ගැන කිසිදු ආකාරයක බියක්අප ඇති කර ගත යුතු නැත. පිළිකාව පවා මූලික අවධියේදී සුවපත් කරනු ලැබේ. දියවැඩියාව, ඇදුම යන රෝග නිසි පරිදි කළමනා කරගත හොත් රෝගියාට ඉරණම මගින් ප්රදානය කෙරුණු ආයු කාලය සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ හැකි ය. මේ රටේ මිනිසුන් හා ගැහැනුන් වැඩි දෙනා රෝගී වන්නේ ආහාර කෙරෙහි ඇති පෙරේතකම, අපිරිසිදුකම, නොසැලකිල්ල යන කාරණා නිසා ය. ලාංකිකයා පිරිසිදුකම පිළිබඳ මූලික පාඩම් නොදනිති. රෑ නිදා ගන්නට කලින් ළමයින් දත් නොමදින්නේ වැඩිහිටියන් විසින් පුරුද්ද - පුරුදු කර නැති නිසා ය. වැඩිහිටියා පොළෙන් ගෙනා වේවැල පාවිච්චි කර රාත්රි කාලයට දත් මදින ලෙස දරුවන්ට අණ දෙන්නට පටන් ගන්නා විට ළමයින්ගේ දත්වල හොඳ හරිය දිරා ගොස්"පණු කොට" නමැති අප්රිය සහගත නාමය ලැබ අවසන් ය. දත් පරෙස්සම් කරගන්නැයි දරුවන්ට අවවාද දිය හැකි පණුවන් කෑ දත් නැති වැඩිහිටියන් කී දහසක්මේ රටේ සිටිත්ද? ශ්රී ලංකාවේ මුඛ සෞඛ්යය ඉතා පහත් අඩියක පවතී. දත් මදින්නට දත් බෙහෙත් හා දත් බුරුසු අවශ් නැත. දැහැටිවලින් දත් මැදීම අපේ පැරැණි සෞඛ් මූලධර්මවලට අනුකූලය.
අප අපිරිසිදු වන්නේ පරිසරය නිසා ය. අප පරිසරය සමඟ ගැටෙන විට පරිසරය අප කිලුටු කරයි. පිටකොටුවේ පැයක්හිටගෙන සිටින කෙනකුට අඩුම ගණනේ කාබන්ඩයොක්සයිඩ් මිලිග්රෑම් 1 ක්වත් පෙණහලු තුළට වද්ද ගැනීමට සිදු වේ. නාගරිකයේ පානීය ජලය තුළ අවම වශයෙන් 10% ක්වත් මල ද්රව් ඇත. එය සිදුවන්නේ කෙසේ ? වැසිකිළි වළවල් අසළ පොළොව යටට ගසන නළ ළිං වලිනි. කොළඹින් මාසයක් බත් කා පණ බේරා ගන්නා එකාට ඌරු කොටුවක ඌරන් සමඟ ජීවත් වෙමින් ඌරන් කන දෙයම කා බී උන් සමඟ සහජීවනයෙන් චිරාත් කාලයක්ජීවත් විය හැකි ය. ඒ තරමට දරුණු ප්රතිශක්තිකරණයක් මිනිසා තුළ හට ගන්නේ ය. එහෙත් මෙය හොඳ අතට ඇතිවන ප්රතිශක්තිකරණයක්නොවේ. ඒ මිනිහා මැරෙන විට කවර ලෙඩකින් මළේ යන්න සොයා ගැනීමට බැරි වන්නේ ය. එය එතරම් සංකීර්ණ තත්ත්වයකි.
අපේ රටේ මිනිසුන්ට ලෙඩ ගැන දැනීමක්ඇතත් එය අනිත් මිනිසාට හැදුණු විට හට ගන්නා තත්ත්වය ගැන දැනීමක් නැත. මේ නිසා විවිධ බෝවන රෝග සහිත ජනයා ජන සමාජයේ හැසිරෙති. ක්ෂය රෝගියෙක්හෝටලයකට හෝ වෙනත් පොදු ස්ථානයකට ගොස්පොදුවේ පාවිච්චි කරන වීදුරුවකින් ජලය හෝ තේ පානය කිරීම මනුෂ්යත්වයට එරෙහිව කරන වරදකි. එහෙත් නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා බොහෝ දෙනා මේ වරද නොපැකිළ හා අනලස් සිදු කරති. ඇස්රෝගයකින් පෙළෙන කෙනකු කළු කණ්ණාඩි දෙකක් දමාගෙන ප්රසිද්ධියේ හැසිරීමෙන් රෝගය බෝ නොවෙතැයි සිතුවොත් එය ඉතාම පහත් මට්ටමේ මෝඩකමකි. මේ මෝඩකම පල දරන විට රෝගියා වටා සිටින තවත් තිස්හතළිස්දෙනකුට රෝගය බෝ වී අවසන් ය. උණක්‌, හෙම්බිරිස්සාවක්ගැන වුවත් තත්ත්වය මෙයමය. රෝගයක්යනු පැතිරෙන යමක්බව සිතන්නට අධ්යාපන ක්රමය විසින් හුරු කරනු ලැබ නැත. එය Z ස්කෝර් ක්රමය බඳුවම මිනිසුන්ට හුරු නැත.
ක්ෂය රෝගය යනු ඉතාම පහසුවෙන් සුව කළ හැකි ළය රෝගයකි. ක්ෂය රෝගියෙක්ප්රසිද්ධ තැනකට විත් කහින විට විෂබීජ කෝටි ගණනක් වාතයට නිකුත් වේ. ක්ෂය රෝගය සුව කිරීම පටන් ගත යුත්තේ එය බෝවන ආකාරය ගැන ජනයා දැනුවත් කරමිනි. රෝගය මිස එය බෝවන හැටි කියා දීම සෞඛ් බලධාරීන්ගේ යුතුකමය.

Divaina 2012.01.06
 

No comments:

Post a Comment