රාජකාරි බාධා හා ප්‍රවාහන සඳහා මාසික ගෙවිමී සහ අතිකාල දීමනා ඇතුළු තම ඉල්ලීම්
ලබා නොදුන්නොත් ලබන 30දායින් පසු දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදු කිරීමට
සුදානම් බව හෙද පරිපුරක අතුරු වෛද්‍ය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය
අවධාරණය කරයි.
රජයේ ඹෟෂධවේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පී තිලකරත්න, වෛද්‍ය
රසායනාගාර කාර්මික විද්‍යා සංගමයේ සභාපති ජානක නිශාන්ත, රජයේ හෙද
නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය යන මහත්වරුන්ගේ
ප්‍රධානත්වයෙන් පෙරේදා සවස පැවති මාධ්‍ය හමුවේදි මේ බව සදහන් කළේය.
මෙහිදි රාජකාරී බාධා හා ප්‍රවාහන දීමනා ලෙස මාසිකව රුපියල් 10000 දිමනාවක්
ලබා ගැනීම, ආරම්භක ශ්‍රෙණියේ අතිකාල දීමනාව පැයකට රුපියල් 200ක් ලෙස
වැඩිකිරිම, පළමු විශේෂ ශ්‍රේණියේ සන්නිවේදන දීමනා ලෙස රුපියල් 4000ක්
ලබාගැනිම මෙන්ම පළමු හා විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ට තීරු බදු රහිත වාහන
බලපත්‍ර ලබාගැනීම, වැටුප් විසමතා නිවැරැදි කරන ලෙසත් එම සංගමය ඉල්ලීම් කර
සිටී.
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය හා අදාළ අංශ නිලධාරින් දැනුවත් කර ඇති නමුත් තවමත්
සිය ඉල්ලිම් ඉටු නොවු බවත් මේ බව සිය සාමාජිකයන් දැනුවත් කිරීම පළාත් මට්ටමින්
ආරම්භ කර ඇතැයි රජයේ ඹෟෂධවේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පී තිලකරත්න
මහතා සදහන් කරයි.
ඒ අනුව පළමු පියවර ලෙස උතුරු මැද පළාතේ රෝහල්වල සාමාජිකයින් දැනුවත් කිරිම
පෙරේදා අනුරාධපුරයෙන් ආරම්භ කළ අතර ඉදිරියේදි ගාල්ල, රත්නපුර, කළුබෝවිල,
මහ නුවර, කුරුණැගල, රාගම, හා කොළඹ ජාතික රෝහලේදි සිදු කිරිමට කටයුතු යොදා ඇත .
http://www.dinamina.lk/2013/10/17/_art.asp?fn=n13101713&p=1
No comments:
Post a Comment