Showing posts with label හෙද. Show all posts
Showing posts with label හෙද. Show all posts

Sunday, January 12, 2014

හෙද පරිපුරක සේවයේ ඉල්ලීම් ඉල්ලා උද්ඝොෂණයේ

හෙද පරිපුරක සේවයේ ඉල්ලීම් කිහිපයක් ලබා දෙන ලෙෂ ඉල්ලා ඊයේ (08) කොළඹ දී සෞඛ්‍ය සේවකයින් විසින් දැවැන්ත විරෝධතා පා ගමනක නියැලුනා.

එම විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ රාජකාරි බාධා හා ප‍්‍රවාහන දීමනාවක් ලෙස මාසිකව රු,10.000/ - දීමනාවක් ලබා ගැනිම, පැයක අවම අතිකාල දීමනාව රු: 200 ක් වන ලෙස වැඩි කිරිම, පලමු පියවර ලෙස පළමු හා විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ට රු 4000/- ක සන්නිවේදන දීමනාවක් ලබා ගැනිම, රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 07/2008 න් තාක්ෂණ සේවයේ වැටුප් ක‍්‍රමය සංශෝධනය විමෙන් හෙද නිලධාරින්ට බලපා ඇති වැටුප් විෂමතා වහා නිවැරදි කිරිම,

1994.07.01 දින සිට සෞඛ්‍ය සේවාවේ සමහර සේවාවන්ට ලබාදුන් පරිදි 1 ශ්‍රේණියේ නිර්බාධක උසස්විම්, වසර 9 කින් හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන් වලට ලබාදිම, පලමු පියවර ලෙස පළමු හා විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරින්ට තීරු බදු රහිත වාහන බලපත‍්‍ර ලබාදිම යන ඉල්ලිම්ය.