ඒමන්ති මාරඹේ
අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 9 කට සම්බන්ධ ඉල්ලීම් 8 කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් එම වෘත්තිකයන් මෙම 21 වැනිදා දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසයි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ අතුරු වෛද්‍ය සේවාවන්ට සමාන්තර සේවාවන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂත්වයක් දක්වමින් කටයුතු කිරීමෙන් අතුරු වෛද්‍ය සේවාව තුළ විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරුවකු වන නජිත් සුමනසේන මහතා මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා සමග පැවැත්වෙන සාකච්ඡාව අසාර්ථක වුවහොත් 21 වැනිදා දීප ව්‍යාප්ත වර්ජනයකට යොමු වන බව අවධාරණය කර සිටී.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, කීට විද්‍යා සහකාර නිලධාරීහු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීහු, අක්ෂි තාක්ෂණවේදීහු, දන්ත ශිල්පී, ඊ. ඊ. ජී. හා ඊ. සී. ජී. කාර්මිකයන් ඇතුළු අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් 9 කට අයත් වෘත්තිකයෝ 16,000 කට අධික පිරිසක් මෙම වැඩ වර්ජනය සඳහා සහභාගි වන බව ඔහු සඳහන් කළේය.
ප්‍රමාද වී ඇති අතුරු වෛද්‍ය සේවාවන්හි පළමු වැනි පංතියට හා විශේෂ ශ්‍රේණියට අදාළ උසස්වීම් ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම, එම සේවාවන් සඳහා ඩිප්ලෝමා සහතික නිකුත් කිරීම, අතුරු වෛද්‍ය වෘත්තීන්ට උපාධි පාඨමාලා ඇති කිරීම, පරිපූර්ණ වෛද්‍ය සේවාව යනුවෙන් බෙදා වෙන් කිරීම ඉවත් කිරීම ඇතුළු සේවා ඉල්ලීම් 8 ක් මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සුමනසේන මහතා වැඩිදුරටත් පැවසීය.
Divaina 2011.12.09
No comments:
Post a Comment