Tuesday, December 6, 2011

රුධිර සාම්පලයක් ගන්න ගිය දරුවාට ජලභීතිකා එන්නත විදපු හෙදිය

ඉකුත් 10 වැනිදා උණ රෝගය නිසාවෙන් රුධිර සාම්පලයක් ලබාගැනීමට ගිය ගිය හය හැවිරිදි දරුවකුට අනුරාධපුර රෝහලේ හෙදියක වෛද්‍යවරයා සටහන් කර දුන් පත්‍රිකාව කියවා බලා ජලභීතිකා එන්නතේ එක් මාත්‍රාවක් දරුවාගේ එක් අතකට එන්නත් කිරීමේ සිද්ධියක් ගැන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දොස්තර ඒ.එස්. කරුණාරත්න මහත්මිය පරීක්‍ෂණ අරඹා ඇත.
පසුව දෙවැනිවර අනෙක් අතට මේ එන්නත විදීමට සැරසෙද්දී මව කලබලයට පත් වී හෙදියගෙන් විමසීමක් කළ අවස්ථාවේ වැරැදීමක් වූ බව පවසා ඇත.
තම දරුවාට ඇය වරදවා ජලභීතිකා එන්නත ලබා දුන් බවට ලිඛිතව සටහන් කර දෙන ලෙස ඇය ඉල්ලා සිටියත් ඔවුන් ඊට එකඟ වී නැත. පසුව දරුවාගේ මව වන අනුරාධපුර පොතානේගම පදිංචි රෝහිණි කුමාරි මහත්මිය මේ බව රෝහල් අධ්‍යක්‍ෂවරයාට පැමිණිලි කර ඇත.
 http://www.puvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=551:nurse-in-anuradhapura-hospital&catid=36:social&Itemid=1

No comments:

Post a Comment