මෙතෙක් ශ්‍රී ලංකාවේ දානපතියන් විසින් රාජ්‍ය ආයතනයකට සිදු කරන ලද වැඩිම වටිනාකමකින් යුත් පරිත්‍යාගය ඉකුත් වසරේ දී මහර පදිංචි හේමලතා මාලනී ආරියරත්න මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබුවාය. ඒ අනුව ඇය සතුව තිබූ රුපියල් කෝටි 50 ක් පමණ වටිනා දේපළ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරනු ලැබූ අතර ඇය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේ තමන් මියයැමට පෙර තම නිවෙස රෝගීන් ට ප්‍රතිකාර කරන ස්ථානයක් වනු දැක්ම තම පරමාර්ථය බවයි.
ඒ අනුව එම පැවරීම සිදු කර වසරක් ගතවීමටත් මත්තෙන් එම නිවෙස බස්නාහිර පළාතේ තැලසීමියා රෝගයෙන් පීඩා විඳින දරුවන්ට ප්‍රතිකාර ලබාදෙන ඒකකය වශයෙන් විවෘත විය. එම ඒකකය හේමලතා ආරියරත්න මහත්මියගේ නමින්ම හේමාල්ස් තැලසීමියා ප්‍රතිකාර ඒකකය වශයෙන් නම් කරනු ලැබීය.
මෙම ඒකකය ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් දසලක්ෂ 25 ක් පමණ වැය කළ අතර රාගම ශික්ෂණ රෝහලට අනුබද්ධ කාර්ය මණ්ඩල හා උපකරණ මෙම ඒකකයේ ප්‍රතිකාර කටයුතු සඳහා යොදා ගනු ලබයි. මෙතෙක් රාගම රෝහලේ ප්‍රතිකාර පවත්වාගෙන යනු ලැබුයේ 10.10 කාමරයකය. නමුත් අද විවෘත වූ ඒකකයත් සමග මහල් 03 කින් සමන්විත නව ගොඩනැඟිල්ලක නව රෝහලක් වශයෙන් මෙම ඒකකය ඉදිවිණි.
රෝහල විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන, මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
2011.11.12 divaina
No comments:
Post a Comment