කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුවක රෝගියකුට ලබාදීමට නියමිතව තිබූ ''ක්ලොක්සසිලින්' ප්රතිජීවක එන්නත් දියර කුප්පියක් තුළ සිටි මැස්සකු ඊයේ (11 දා) සොයා ගැනුණු බව එම රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
ආසාධනයන් සඳහා ලබා දෙන මෙම එන්නත් දියර කුප්පිය එහි සිටි මැස්සාද සමග පරීක්ෂාව සඳහා ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යෑවූ බවද පැවැසේ. මෙම එන්නත් දියර කුප්පිය සම්බන්ධව වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කිරීමට රෝහල් අංශ ඊයේ (11 දා) දහවල් පියවර ගෙන තිබූ අතර එන්නත් දියර කුප්පිය අයත් කාණ්ඩයට අයත් දියර කුප්පි තාවකාලිකව හෝ භාවිත කිරීම නතර කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැත.
2011.11.12 divaina


No comments:
Post a Comment