Tuesday, November 1, 2011

දොස්‌තර ඝාතනයට මුල "චැනල් සෙන්ටර්" තරගය

කරන්දෙණිය කැළඹූ කොන්ත්රාත්තුව හෙළිවෙයි


හේමන්ත රන්දුණු සහ අමල් ප්රියංකර
කරන්දෙණිය දිගාසි වෛද් මධ්යස්ථානය වෙත රෝගීන් විශාල ප්රමාණයක්පැමිණීම තම ආදායම පහත වැටීමට හේතු වූ නිසා ප්රියංක ප්රසාද් ජයසිංහ මහතා ඝාතනය කිරීමට යුද හමුදාවේ කපිතාන්වරයෙකුට තමන් කොන්ත්රාත්තුවක්ලබා දුන් බව කරන්දෙණිය රෝහලේ වෛද්යවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු රහස්පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
මෙම ඝාතන කොන්ත්රාත්තුව ලබා ගත් යුද හමුදා කපිතාන්වරයා මේ වන විට රහස්පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතන කොන්ත්රාත්තුව ලබා දුන් පුද්ගලයා කරන්දෙණිය ප්රදේශයේම පෞද්ගලික වෛද් මධ්යස්ථානයක්පවත්වාගෙන යන අයෙකි.
වෛද්යවරියක වන මොහුගේ මවද එම වෛද් මධ්යස්ථානයේ සේවය කරන අතර වෙනත් වෛද්යවරුන්ද එම මධ්යස්ථානය වෙත ගෙන්වා රෝගීන්ට ප්රතිකාර කිරීම කරගෙන ගොස්ඇත.
වෛද් ප්රියංක ප්රසාද් රණසිංහ මහතා පවත්වාගෙන යන "දිගාසි" වෛද් මධ්යස්ථානය ආසන්නයේම පිහිටි අතර ඊට රෝගීන් විශාල වශයෙන් ගොස් තිබේ.
මේ හේතුව නිසා ප්රධාන සැකකරු පවත්වාගෙන ගිය පෞද්ගලික වෛද් සායනයට රෝගීන් පැමිණ ඇත්තේ සුළු වශයෙනි. දිනෙන් දිනම තමන්ට ලැබෙන ආදායම අඩුවීම නිසා මෙම සැකකරු වෛද් ප්රියංක ප්රසාද් රණසිංහ සමඟ දැඩි වෛරයකින් පසු වූයේය.
පසුව මොහු කිට්ටුවන්තම හිතවතකු වන හමුදා කපිතාන්වරයාට මේ බව පවසා තමන්ට උපකාරයක්කරන ලෙස ඉල්ලා තිබේ.
අනුව වෛද් ප්රියංක ප්රසාද් මහතා ඝාතනය කිරීමට මොවුන් සැලසුම් කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
කපිතාන්වරයා රාජකාරි කරන කඳවුරේම සෙබළුන් දෙදෙනකු මෙම ඝාතනය සඳහා යොදාගෙන ඇති අතර පසුව ඔවුන්ට මුදලක්ලබා දීමට පොරොන්දු වී තිබේ.
මෙම සෙබළුන් දෙදෙනා එක කුස උපන් සොහොයුරන් දෙදෙනෙකි. කපිතාන්වරයාගේ උපදෙස්මත වෛද් ප්රියංක ප්රසාද් මහතා කරන්දෙණිය මහඒදණ් "දිගාසි" වෛද් මධ්යස්ථානය ඉදිරිපිට සිටියදී එහි පැමිණි හමුදා සෙබළුන් දෙදෙනා ටී 56 ගිනි අවියකින් වෙඩි තබා වෛද්යවරයා ඝාතනය කර පලා ගොස්තිබිණි. ඝාතනය සඳහා ආයුධ ලබාදී ඇත්තේද කපිතාන්වරයාම බව අනාවරණය විය.
මෙම ඝාතනය සිදු වූයේ ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා රාත්රි කාලයේදීය.
වෛද්යවරයාට වෙඩි තබා ඝාතනය කර පලා ගිය හමුදා සෙබළුන් වන සොහොයුරන් දෙදෙනා මේ වන විට අතුරුදන්ව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස්පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඝාතනය සඳහා යොදාගත් බවට සැකකරන ගිනි අවි තුනක් රහස්පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ ප්රධාන සැකකරු අධිකරණය වෙත ඊයේ (31 දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අසරණ රෝගීන්ට ඉතාම සාධාරණ මුදලක්ලබාගෙන වෛද් ප්රතිකාර කිරීම නිසා මෙම වෛද්යවරයා කරන්දෙණිය ප්රදේශයේ ජනතාව අතර ඉමහත් ප්රසිද්ධියට ලක් සිටියේය.
මාසයක්තිස්සේ රහස්පොලිසියේ විශේෂ කණ්ඩායම් කීපයක්කරන්දෙණිය ප්රදේශයේ කළ පරීක්ෂණවලින් අනතුරුව මෙම ඝාතනයේ සුල මුල හෙළිදරව් කරගෙන ඊට සම්බන්ධ ප්රධානම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්කියා සිටියේය.
රහස්පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙනයයි.

Divaina 2011.11.01http://www.divaina.com/2011/11/01/news05.html


picture preview


No comments:

Post a Comment