Tuesday, November 29, 2011

ශ්‍රී ලංකා වෛද්‍ය සභා සභාපති ධුරය පිටස්‌තරයකුට දෙනවාට විරෝධය

ඒමන්ති මාරඹේ
ශ්රී ලංකා වෛද් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සභාපති ධුරය සඳහා වෛද් ක්ෂේත්රය තුළ ගැටලු ඇති වීමට හේතුවන විවාදාත්මක චරිතයකින් හෙබි වෛද් ක්ෂේත්රයන් බාහිර පුද්ගලයකු පත් කිරීමේ උත්සාහයක්පවතින බවට රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
වෛද් සභාවේ හිටපු සභාපතිනී මහාචාර්ය ලලිතා මෙන්ඩිස්මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති මොහොතක මෙසේ වෛද් ක්ෂේත්රය පිළිබඳ හසල දැනුමක්නොමැති එම ක්ෂේත්රයෙන් බැහැර පුද්ගලයකු අදාළ තනතුරට පත්කිරීමට රජය පියවර ගතහොත් එයට එරෙහිව රජයේ වෛද්යවරුන් දැඩි වෘත්තීය සමිති ක්රියාමාර්ගයක්කරා යොමුවන බව වෛද් නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද් උපුල් ගුණසේකර මහතා පැවැසීය. මෙම තත්ත්වය මත වෛද් සභාවේ සභාපති ධුරයට සුදුස්සෙකු තෝරා පත්කර ගන්නා තෙක්සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ලලිතා මෙන්ඩිස්මහත්මියව එම තනතුරට පත් කරන ලෙස සෞඛ් ඇමැතිවරයාගෙන් එම සංගමය ඉල්ලා ඇති බව කී වෛද් ගුණසේකර සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර මෙම සිකුරාදා (25 වැනිදා) වනවිට විසඳුමක්ලබා දෙන බවට ඇමැතිවරයා පොරොන්දු වී ඇතැයි සඳහන් කළේය.
මහාචාර්ය මෙන්ඩිස්මහත්මිය විසින් භාර දුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ් ඇමැති මෛත්රීපාල සිරිසේන මහතා විසින් භාරගෙන ඇතිමුත් වෛද් සභාව රාජ් ව්යවසායකයක්ලෙස සලකා කටයුතු කරන බව දක්නට ඇතැයි වෛද් සභාව යනු වෛද් සේවයේ ප්රමිතිය ආරක්ෂා කරන ස්වාධීන ආයතනයක්මිස දේශපාලන පත්වීම් ලබා දෙන ආයතනයක්නොවන බව මතක තබා ගත යුතු බව වෛද් ගුණසේකර අවධාරණය කළේය.
කොළඹ රජයේ වෛද් නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක්අමතමින් වෛද් ගුණසේකර මෙම කරුණු ප්රකාශ කළේය.
 

Divaina 2011/11/29

No comments:

Post a Comment