Saturday, September 21, 2013

පරිපූරක වෛද්‍ය සේවා පුරප්පාඩු 1000 යි ඉල්ලුම්පත් 310 යි


ඒමන්ති මාරඹේ

රජයේ රෝහල්වල රැකියා ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් මෙතෙක්‌ රජයේ විශ්වවිද්‍යාලවලින් පිට වූ පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීහු 605 දෙනාගෙන් 295 දෙනකුම පෞද්ගලික අංශයේ හා විදේශීය රැකියාවට ගොස්‌ ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා පැවසීය.

මේ අනුව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ රෝහල්වලට බඳවාගැනීම සඳහා අයෑදුම්පත් කැඳවීමේදී ඒ සඳහා අයෑදුම් කර ඇත්තේ පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීන් 310 දෙනකු පමණක්‌ වන අතර මෙම සංඛ්‍යාව දැනට රජයේ රෝහල්වල පවතින 1000 කට අධික පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ හිඟය මඟහැරවීමට ප්‍රමාණවත් නොවන බව ජයසේකර මහතා කීවේය.

ඖෂධවේදය, වෛද්‍ය රසායනාගාර කාර්මිකවේදය (එම් එල් ටී), විකිරණවේදය හා භෞතවේදී චිකිත්සාව යන ක්‍ෂේත්‍රයන්ගෙන් රජයේ විශ්වවිද්‍යාලවල පරිපූරක වෛද්‍ය සේවා උපාධිය හැදෑරූ උපාධිධාරීන් 605 දෙනාහට රජයේ රෝහල්වලට පත්වීම් ලබාදීම කැබිනට්‌ මණ්‌ඩලය විසින් අනුමත කරන ලද්දේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. එහෙත් එම උපාධිධාරීන් පිරිස රජයේ සේවයට බඳවාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් ඔවුන්ගෙන් වැඩි පිරිස පෞද්ගලික අංශයේ හා විදෙස්‌ රැකියාවලට යොමු වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

යාපනය, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර හා රුහුණ යන විශ්වවිද්‍යාලවලින් පරිපූරක වෛද්‍ය සේවා උපාධිය හැදැරූ මෙම එකී උපාධිධාරියකු වෙනුවෙන් රජය රුපියල් ලක්‍ෂ 3 ක පමණ මුදලක්‌ වැය කර ඇති බව ද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්‌ඩලයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 
http://www.divaina.com/2013/09/22/news06.html

No comments:

Post a Comment