Wednesday, April 4, 2012

රෝහල් කනිටු සේවකයන් 4 කගේ වැඩ තහනමට විරෝධය පෑමක් අද

අනුර ප්‍රේමලාල්

රෝහල් කනිටු සේවකයන් සිව් දෙනකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පෑමේ මුල් පියවර ලෙස අද (3) පැය දෙකක විරෝධතාවක් දක්වන බව ජනරජ සෞඛ්‍ය සේවා සංගමය දන්වා සිටියි.
මේ සම්බන්ධයෙන් දිනමිණ වෙත අදහස් දැක්වූ ඒ සංගමයේ ප්‍රධාන ලේකම් ඒ. ඩී. විමලරත්න මහතා හම්බන්තොට රෝහලේ තුන්දෙනකු හා කුරුණෑගල රෝහලේ එක් අයකු ලෙස සේවිකාවන් සිව්දෙනකුගේ වැඩ තහනම් කර තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කාලයක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් නිලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා ඉකුත් (21) දින සිදුකළ එක්දින වැඩ වර්ජනය හේතුවෙන් මේ වැඩ තහනම සිදුකොට ඇත.

Dinamina 2012.04.03

No comments:

Post a Comment