Wednesday, April 4, 2012

රාජ්‍ය සේවකයන්ගේ උත්සව අත්තිකාරම රු. 10,000 කරන්නැයි ඉල්ලයි

එමන්ති මාරඹේ

රජයේ සේවකයන් හට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් 5,000 ක උත්සව අත්තිකාරම් දීමනාව පවතින ජීවන වියදම හමුවේ ප්‍රමාණවත් නොවීම නිසා එය රුපියල් 10,000 ක්‌ දක්‌වා වැඩි කර දෙන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය රජයෙන් ඉල්ලීම් කරයි. වැඩිවූ ඉන්ධන මිලට සාපේක්‍ෂව ඉහළ ගොස්‌ ඇති භාණ්‌ඩ හා සේවා මිල හේතුවෙන් රජයේ සේවකයන්ට හිමි වන වැටුප සතියකින් හෝ දෙකකින් වියදම් වී අවසන් වන තත්ත්වයක්‌ උද්ගතව ඇතැයි පෙන්වා දෙන එම සම්මේලනය මෙම තත්ත්වය තුළ එළැඹෙන අවුරුද්ද සඳහා විශේෂ සහනයක්‌ වශයෙන් රජයේ සේවකයන්ගේ උත්සව අත්තිකාරම් දීමනාව වැඩි කළ යුතුව ඇතැයි අවධාරණය කර සිටී.

Divaina 2012.04.03

No comments:

Post a Comment