Wednesday, March 7, 2012

අනුරාධපුර රෝහලේ සිරින්ජර නෑ

March 7, 2012 07:58 am

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිරින්ජර හිඟයක් පවතින බව රෝහල් හෙද කාර්යය මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙන්ම බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට එන්නත් ලබා දීම සඳහා සිරින්ජර පිටතින් ගෙන ඒමට සිදුව ඇති බව වාර්තා වේ.

බාහිර රෝගී අංශයේ පැය ගණනක් ‍පෝලිම්වල රැඳී සිට වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර නියම කර ගෙන එන්නත් ලබා ගැනීමට ගිය පසු සිරින්ජර රැගෙන එන ලෙස රෝහල් කාර්යය මණ්ඩලය තමන්ට දැනුම් දෙන බව රෝගීහු පවසති.

මේ නියා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමක දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එම්.ටී.බී විජේකෝන් මහතා කියා සිටියේ වෛද්‍ය සැපයුම් ආයතනයෙන් සිරින්ජර ඇණවුම් කර තිබුණ ද මේ වන තෙක් රෝහලට එම ඇණවුම් ලැබී නොමැති බවයි.

adaderana.lk

No comments:

Post a Comment