Monday, March 19, 2012

සුව සේවා කනිටු සේවකයෝ 21දා වැඩ වරති

අනුර ප්‍රෙමලාල්

සෞඛ්‍ය සේවයේ යෙදී සිටින කනිෂ්ඨ සේවකයන්, තම ඉල්ලීම් පිළිබඳ බලධාරීන් ඇහුම්කන් නොදීම නිසා මෙම 21 දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි.
ම් වන විට නිල ඇඳුම් වෙනුවෙන් වෙනත් ශ්‍රේණීන්ට ලබාදෙන දීමනා නොලැබීම, දින පහේ වැඩ සතිය අහිමි වීම, නිල නිවාස නොලැබීම, දුරකතන වියදම් දීමනා නොලැබීම, සීමාවකින් තොරව අනෙකුත් අයට ලබා දෙන දීමනා හා විවේක දින කරනු ලබන සේවාවන්වලට සිදු කරන ගෙවීම් නොලැබීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ගනු ලබන බව ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පෙන්විා දෙයි.

ඒ අනුව උතුරු නැෙඟනහිර පළාත් ඇතුළු දිවයින පුරා සිටින රෝහල් හා සෞඛ්‍ය ආයතනවල කනිෂ්ඨ සේවකයන් ලිඛිත විරෝධතා දක්වමින් 21 දින සේවයෙන් බැහැර වීමට ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවට අයත් වෘත්තීය සමිති එකොළහක් ඒකමතිකව තීරණය කර තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රිජ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහරගම පිළිකා රෝහල යන ආයතනවල සේවකයන් මානුෂීය හේතුන් මත මෙයට සම්බන්ධ කර නොගැනේ.
මේ සම්බන්ධයෙන් “දිනමිණ” වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ඩබ්ලියු. ඒ. ඩී. විමලරත්න මහතා, කනිෂ්ඨ සේවකයන්ට බලධාරීන් වහලුන් මෙන් සැලකීම නිසා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව පැවැසීය.

මීට අමතරව දහවල් එකොළහට ලිප්ටන් වටරවුමේදී සියලු සාමාජිකයන් එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් ද පවත්වන බව දන්වා සිටියේය.

Divaina 2012.03.19

No comments:

Post a Comment