Friday, March 16, 2012

කළුබෝවිල නොමේරූ ළදරු ඒකකය හෙට යළි විවෘත වේ

ඒමන්ති මාරඹේ

බැක්‌ටීරියාවක්‌ පැතිර යැම නිසා තාවකාලිකව වසා දමා තිබෙන කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකය හෙට (17 දා) යළි විවෘත කෙරෙන බව රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා "දිවයින" ට පැවැසීය.

මේ වනවිට එම නොමේරූ ළදරු ඒකකය තුළ බැක්‌ටීරියාව පැතිර යැම සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර එහි ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ද නිම වෙමින් පවතින බව ඔහු කීවේය. බැක්‌ටීරියාව පැතිර යැමට පටන්ගත් පසු එම ළදරු ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටි ළදරුවන් ඉන් මුදා හැර කළුබෝවිල රෝහලේ පවතින අනෙක්‌ නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

Divaina 2012.03.16

No comments:

Post a Comment