Monday, December 10, 2012

අද දහවල් සෑම රෝහලකම හෙද නිලධාරීන් උද්ඝෝෂණක


රජයේ හෙද නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම රජය දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් එයට විරෝධය දක්වමින් රජයේ සියලුම රෝහල්වල හෙද හෙදියෝ අද (7දා) දහවල් 12.00 සිට 1.00 දක්වා කෑම පැයේදී රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙති.

ඔක්තෝබර් මස නිකුත් කළ අංක 1779 ගැසට් පත්‍රය අවලංගු කිරීම, හෙද සේවා අතිකාල දීමනා, ඉන්වෙන්ට්‍රි දීමනා වැඩිකිරීම, සියලු හෙදියන්ට අනතුරු දීමනාවක් ලබාදීම, පැරැණි ව්‍යවස්ථාව අනුව ශේ‍ර්ණිගත උසස්වීම් ලබාදීම, දින 5 සතිය ක්‍රියාත්මක කිරීම, හෙද උපාධිධාරීන් හෙද සේවාවට බඳවා ගැනීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් මොවුහු මේ විරෝධතාවේ නිරත වෙති.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය මහතා සඳහන් කෙළේ මේ විරෝධතාවෙන් පසුවත් සිය සංගමයේ ඉල්ලීම් ලබාදීම රජය මඟහරී නම් ලබන 19 වැනි දා දීපව්‍යාප්තව හෙද හෙදියෝ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළීමට තීරණය කර ඇති බවයි.

http://www.puvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=2446:doctor-strick&catid=36:social&Itemid=68

No comments:

Post a Comment