Saturday, December 8, 2012

වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි



වකුගඩු ආශ්‍රිත ගල් මිනිස්‌ ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක්‌ නම් ඊජිප්තුවේ ඇති 'මමී' තුළ මෙවැනි ගල් ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්‍රතිකාර කළ බවට සාක්‍ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත.

වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට වන්නටය. එක්‌ වකුගඩුවක්‌ අඟල් හතරක්‌ පමණ දිග වන අතර අඟල් දෙකක්‌ පමණ පළල් වේ. මෙය අඹ ගෙඩියක හැඩය ගන්නා අතර කොඳුඇට දෙසට හැරී පවතින වක්‍රව පෘෂ්ඨයෙන් ඇතුළට ගිලිණු කුහරයක්‌ වෙයි. මෙම කුහරය නැවත නැවත බෙදී වකුගඩුවේ පටක තුළට කි¹බැස දොaනා වැනි කුහර කීපයකින් අවසන් වේ. වකුගඩුවේ මෙම කුහරයේ මුඛයෙන් පිටතට බෑගයක්‌ වැනි කොටසක්‌ වේ. මෙය වකුගඩුවේ ශ්‍රොaණිය ලෙස හඳුන්වනු ලැබේ. එහි පහළ කෙළවරෙන් මුත්‍ර ප්‍රනාලය පටන්ගෙන අඟල් දහයක්‌ පමණ කොඳුඇට පෙළ දෙපසින් පහළට ගමන් කොට මුත්‍රාශයට එකතු වේ. මුත්‍ර ප්‍රනාලයේ පළල මි. මී. 4 ක්‌ වේ. මුත්‍රා ගල් ඇතිවීම සිදුවන්නේ ඉහත කී වකුගඩුවේ ශ්‍රොaණිය තුළයි. ගල් ඇතිවීමට ඉවහල් වන යම් ද්‍රව්‍යයක්‌ අධිසාන්ද්‍රණයෙන් මුත්‍රා තුළ ඇතිවිට ඒවා ශ්‍රොaණියේ විශේෂිත ස්‌ථානවල තැන්පත්වීමට පටන්ගනී. වකුගඩු පටක තුළ ශ්‍රොaණියට ආසන්නව ඇති කුඩා නාල තුළින් කැල්සියම් පොස්‌පේට්‌ නම් ද්‍රව්‍යය ගමන් කරන විට ඒවා සෛල අතරින් ශ්‍රොaණි බිත්තියට ගමන් කොට එහි යම් යම් ස්‌ථානවල කුඩා පලක (Randal Plaques) ලෙස තැන්පත් වේ. මෙම පලක අධිසාන්ද්‍ර ද්‍රව්‍ය තැන්පත්වී ගල් ඇතිවීමට ඉතා හොඳ මතුපිටක්‌ ඇති කරයි.

සියයට හැත්තෑපහක්‌ 75% පමණ ගල් කැල්සියම් ඔක්‌සලේට්‌ ලවණය නිසා ඇතිවේ. මුත්‍රා තුළ කැල්සියම් අධික වීමට හේතු රාශියක්‌ ඇත. අඩුවෙන් ජලය පානය කිරීම නිසා මුත්‍රා ප්‍රමාණය අඩුවී සාන්ද්‍රවීම එක්‌ හේතුවකි. ආහාර මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස කැල්සියම් උරාගෙන ඒවා අධික ලෙස මුත්‍ර මගින් පිටවීම තවත් හේතුවකි. එසේම රුධිරයේ කැල්සියම් ප්‍රමාණය පාලනය කරන පැරාතයිරොයිඩ් හෝමෝනය පැරාතයිරොයිඩ් ග්‍රන්ථියෙහි අධික්‍රියාකාරිත්වය නිසා ඉහළ යැමෙන් අස්‌ථිවල ඇති කැල්සියම් රුධිරයට එකතුවී මුත්‍රා තුළ කැල්සියම් ඉහළ යැම තවත් හේතුවකි. කැල්සියම් වැඩිපුර ආහාරය සමග ගත්තද අධිකව අවශෝෂණය වීම සෑම දෙනාගේම සිදු නොවන බව කිව යුතුය. රුධිරයේ කැල්සියම් ප්‍රමාණය සාමාන්‍ය වුවද සමහරුන්ගේ වකුගඩුවලින් අසාමාන්‍ය ලෙස කැල්සියම් මුත්‍රාවලට පිටවේ. මෙය වකුගඩු මගින් කැල්සියම් "ලීක්‌" වීමක්‌ ලෙස හඳුන්වයි. මොවුන්ගේද ගල් ඇතිවීම සිදු වේ.

වකුගඩුවේ ශ්‍රොaණියේ ගල් ඇතිවීම පාලනය කරන මැග්නීසියම් සහ සිට්‌රේට්‌ යන ද්‍රව්‍ය මුත්‍ර තුළ අඩුවීම කැල්සියම් අඩංගු ගල් ඇති වීමට එක්‌ හේතුවකි. මේවා ගල් ඇතිවීම වළක්‌වන ද්‍රව්‍ය ලෙස සොයාගෙන ඇත. මෙසේ හේතු රාශියක්‌ නිසා මුත්‍රා තුළ කැල්සියම් වැඩිවී ඒවා කැල්සියම් ඔක්‌සලේට්‌ ලෙස තැන්පත් වී ගල් ඇතිවේ.

සියයට 15% ක්‌ පමණ ගල් මැග්නීසියම්, ඇමෝනියම්, පොස්‌පේට්‌ නමැති සංඝටකය ඉහත කී රැන්ඩල් ප්ලාක්‌ස්‌ මත තැන්පත්වීම සිදු වේ. මේ ආකාරයට ගල් ඇතිවනුයේ කාලීන මුත්‍රා ආසාදන නිසා මුත්‍රවල ආම්ලික බව අඩුවීම නිසාය.

සියයට 6% ක්‌ පමණ ගල් යුරික්‌ අම්ලය ඝනීභවනය වීමෙන් සෑදේ. ගවුට්‌ නමැති සන්ධි ආබාධය ඇති රෝගීන්ගේ සියයට 25% කට පමණ මෙම වර්ගයේ ගල් ඇතිවේ. ඒ ඔවුන්ගේ රුධිරයේ සහ මුත්‍රවල මෙම ද්‍රව්‍යය ඉහළ යැම නිසාය. සියයට දෙකක්‌ 2% පමණ ගල් ඇතිවන්නේ 'සිස්‌ටින්' නමැති ද්‍රව්‍යය නිසාය. යුරික්‌ අම්ල සහ සිස්‌ටීන් ගල් ඞ කිරණ ඡායාරූපවලට හසු නොවේ. නමුත් මෙම වර්ගයේ ගල් මුත්‍රාවල ආම්ලික බව අඩු කිරීමෙන් දියකර හැරිය හැකි නමුත් මෙය කල්ගතවන ක්‍රමයකි. කැල්සියම් අඩංගු ගල් දියකර හැරීමට නොහැක.

වකුගඩුවල ඇතිවන මිලිමීටර් හතරට වඩා අඩු ප්‍රමාණයේ ගල් ඉබේම ඉවත් වී යන අතර මි.මී. 4 ත් 10 ත් අතර ගල් මුත්‍රා ප්‍රනාලයේ ස්‌වභාවයෙන්ම සිහින් වී ඇති ස්‌ථානවල සිරවීම සිදුවේ. මේ අවහිර වීම නිසා ඇතිවන මුත්‍රප්‍රනාලයේ පළල්වීම සහ අධික සංකෝචන හේතුවෙන් ඉතා තදබල උදර වේදනාවක්‌ ඇති වේ. මෙම වේදනාව කොතරම් බලවත්ද කිවහොත් එය ප්‍රසූත වේදනාවටත් වඩා වේදනාකාරීය. නොනැවතීම වේදනාව පවතින අතර වරින් වර අඩු වැඩිවීම් ඇති වේ. අවහිර වූ පැත්තේ ඉනේ සිට යටි බඩ දෙසට සහ වෘෂණ කෝෂ දෙසට වේදනාව විහිදී යයි. රෝගියා ඒ මේ අත හැරෙමින් යම් සහනයක්‌ බලාපොරොත්තු වේ. බොහෝ විට වේදනාව සමඟ ඔක්‌කාරය සහ වමනය ඇති වේ. වේදනාවෙහි ප්‍රමාණය තීරණය වන්නේ ගලෙහි ප්‍රමාණය මත නොව අවහිර වූ ස්‌ථානය සහ අවහිර වූ ප්‍රමාණය මතයි. මේ අවස්‌ථාවේ වේදනාව අඩු කිරීමට ප්‍රබල වේදනා නාශක ඖෂධ දිය යුතුය.

කෙසේ වෙතත් පැය 24 ක්‌ තුළදී වේදනාව නැති වී යයි. ගල නිසා සිදු වූ මුත්‍ර ප්‍රනාලයේ අවහිරය ඉවත් වූ බව මෙයින් අදහස්‌ නොකරයි. අවහිර වූ වකුගඩුවේ මුත්‍රා නිපදවීම අඩුවීම සහ මුත්‍ර ප්‍රනාලයේ තදබල සංකෝචන නතරවීම මෙයට හේතුවයි.

අවහිර වූ ස්‌ථානය, ගලෙහි ප්‍රමාණය සහ වකුගඩුවල තත්ත්වය පරීක්‍ෂා කිරීමට හොඳම පරීක්‍ෂණය නම් ක්‍ෂණිකව Cඔ පරීක්‍ෂණයක්‌ සිදුකිරීමයි. එහෙත් බොහෝ රෝහල්වල දැනට සිදුවන්නේ ඞ කිරණ ඡායාරූපයන් සහ අල්ට්‍රාසවුන්ඩ් පරීක්‍ෂණයක්‌ කිරීමයි.

සිර වී ඇති ගල්වලින් සියයට 80 ක්‌ පමණ පසුවදී පහවී යයි. එහෙත් සෙ.මී. 1 ට වඩා විශාල ගල් කිසිසේත්ම පහ වී නොයයි.

සියයට 20 කට පමණ ගල් ඉවත් කිරීමට ශල්‍යකර්මයක්‌ අවශ්‍ය වේ. යම් ගලක්‌ අවහිර වී මසකට වැඩි කාලයක්‌ බලා සිටීම සුදුසු නොවේ. මෙසේ වූ විට ක්‍රමයෙන් එම වකුගඩුව අක්‍රීය වීමට පටන් ගනී. ශරීරය කැපීමකින් තොරව ගල් ඉවත් කිරීම දැන් බොහෝ රෝහල් තුළ සාර්ථකව සිදු වේ.

මුත්‍රා ගල් ඇති වූවන්ට ඒවා නැවත නැවත ඇතිවීමේ සම්භාවිතාව වැඩිය. සියයට පනහකට පමණ වසර පහක්‌ තුළ නැවත ගල් ඇතිවන බව සොයා ගෙන ඇත. මෙයට හේතුව ඔවුන්ගේ ගල් ඇතිවන හේතුකාරකයන් සොයාගැනීමක්‌ හෝ වැළැක්‌වීමේ ප්‍රතිකාර යෙදීමක්‌ සිදු නොවීමයි.

මේ සඳහා පැය විසිහතරක්‌ තුළ පිට කළ මුත්‍රවල ඇති සංඝටක සහ මුත්‍ර ප්‍රමාණය ද රුධිරයේ යම් යම් සංඝටක හෝ පැරාතයිරොයිඩ් හෝමෝනවල වෙනසක්‌ ඇතිදැයි පරීක්‍ෂා කළ යුතුය. එසේ ඇත්නම් ඒ සඳහා විශේෂිත වැළැක්‌වීමේ ක්‍රම යෙදිය යුතුය. වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට මුත්‍ර ගල් ඇතිවේ නම්, එක්‌ ගලකට වැඩි ප්‍රමාණයක්‌ ගල් ඇති වේ නම් වකුගඩු දෙකෙහිම ගල් ඇතිවේ නම් රෝගියාට ඇත්තේ එක්‌ වකුගඩුවක්‌ පමණක්‌ නම් මෙවැනි වැළැක්‌වීමේ ප්‍රතිකර්ම යෙදීම අනිවාර්ය වේ.

කැල්සියම් ඔක්‌සලේට්‌ ගල් මේ ආකාරයට ඇතිවන්නේ නම් එයට හේතුව අනුව ප්‍රතිකාර කළ යුතුය. කෙසේ වුවද කුමන වර්ගයේ ගල් ඇති වුවද ජලය වැඩියෙන් පානය කිරීම, සිට්‌රේට්‌ අඩංගු දෙහි දොඩම් වැනි දේ නිතර ගැනීම, ආහාරයේ ලුණු අඩු කිරීම, ගල් ඇතිවීම වැළැක්‌වීමට සුදුසුය. කැල්සියම් ප්‍රමාණය අඩුකිරීම එතරම් සුqදුසු නැත. කැල්සියම් ගැනීම අඩු කළ විට ඔක්‌සලේට්‌ ආහාර මාර්ගය තුළින් වැඩිපුර උරා ගැනීමක්‌ සිදු වේ. අනවශ්‍ය ලෙස කැල්සියම් අඩු කිරීමෙන් අස්‌ථි දුර්වල වීම ද සිදු විය හැක.


වෛද්‍ය ආනන්ද දිසානායක
මහ රෝහල රත්නපුර


http://www.divaina.com/2012/12/09/nimna04.html
 

No comments:

Post a Comment