Tuesday, January 17, 2012

ගැටලු රැසක්‌ නිසා බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමලා රෝගීන් රැසකගේ ජීවිත අනතුරේ

සොරණාතොට - ජනක විඡේනායක
බදුල්ල මහ රෝහලේ ඇති නව දැඩිසත්කාර ඒකකය මේ වන විට වසා දමා ඇති බැවින් අසාධ් තත්ත්වයෙන් පසුවන රෝගීන් රැසකගේ ජීවිත අනතුරේ පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට මෙම රෝහලේ ඇති පැරැණි දැඩි සත්කාර ඒකකයේ ඇත්තේ අවම පහසුකම් සහිත ඇඳන් හතරක්පමණි. මෙහි ප්රතිකාර කිරීම සඳහා අසාධ් ලෙඩුන් හතර දෙනකු තෝරාගැනීමේදී අනුගමනය කළ යුත්තේ කුමන නිර්ණායකයන්ද යන්න වෛද්යවරුන්ට ගැටලුවක්වී තිබේ.
හිටපු සෞඛ් අමාත් නිමල් සිරිපාල සිල්වා මහතා විසින් රුපියල් කෝටි ගණනක්වැයකර බදුල්ල මහ රෝහලේ සිව් මහල් ගොඩනැඟිල්ලක්තුළ ස්ථාපනය කර ඇති මෙම නව දැඩි සත්කාර ඒකකය හා ශල්යාගාරය ප්රයෝජනයට නොගෙන වසා දමා තිබීම පිළිබඳව පළාත්වාසීහු දැඩි කණස්සල්ල පළ කරති.
අම්පාර, මොනරාගල, මහියංගනය, වැලිමඩ, හපුතලේ, වැල්ලවාය, දෙහිඅත්තකණ්ඩිය, අක්කරපත්තුව, පොතුවිල් ආදී ඈත පළාත්වල සිට ප්රතිකාර ලබාගැනීමට බදුල්ල මහ රෝහලට එන බොහෝ රෝගීන් අසාධ් තත්ත්වයට පත්වන අවස්ථාවල දැඩි සත්කාර ඒකකය ඉතා ප්රයෝජනවත් වේ. එහෙත් එය මේ වන විට වසා දමා ඇති බැවින් අසාධ් රෝගීන් බොහෝ දෙනකුගේ ජීවිත අනතුරේ බව රෝහල් ප්රකාශකයෙක්"දිවයින" පැවසීය.
මෙම දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ යන්ත් සූත් පද්ධතිය නඩත්තු කිරීමේදී ලංකා විදුලි බල මණ්ඩලය සමග ඇති වී තිබෙන ගැටලුවක්සහ මෙය පවත්වාගෙන යැම සඳහා පසුගිය කාලයේදී අනුග්රහය ලබාදුන් බදුල්ල සිංහ සමාජය දැනට එම අනුග්රාහක කටයුතුවලින් බැහැරවීම මෙය වසා දැමීමට එක්හෙතුවක්වී ඇතැයි විශ්වාසදායක කටයුතු දායක ආරංචි මාර්ගයකින් "දිවයින" දැනගන්නට ලැබී තිබේ.
මේ අතර මෙහි නිර්වින්දන වෛද්යවරුන් සහ හෙද හෙදියන්ගේ හිඟයද මෙයට බලපා ඇති තවත් කරුණක්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Divaina 2012.01.17

No comments:

Post a Comment