Tuesday, January 10, 2012

විකල්ප වෘත්තිය සමිතියක්‌ පිහිටුවීමේ අරමුණින් ශ්‍රේණිගත වෛද්‍යවරු අද හමුවෙති

ඒමන්ති මාරඹේ
සිය සේවා ගැටුම්වලට විසඳුම් ලබා ගැනීම සඳහා රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමයෙන් වෙන් වී වෙනම වෘත්තීය සමිතියක්පිහිටුවා ගැනීමේ අරමුණින් කොළඹ ජාතික රෝහලේ සියලු ශ්රේණිගත වෛද්යවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට (12 දා) දහවල් එම රෝහලේ වෛද් නේවාසිකාගාරයේ හදිසි මහ සභා රැස්වීමක්පැවැත්වෙන බව ජාතික රෝහලේ ජ්යෙෂ්ඨ වෛද් නිලධාරිවරයකු "දිවයින" ට පැවසීය.
හෙට දහවල් 12.30 කැඳවා ඇති මෙම හදිසි මහ සභා රැස්වීමේදී ශ්‍රේණිගත වෛද්යවරුන් මුහුණ පා ඇති වැටුප් විෂමතා ප්රශ්නය ඇතුළු සේවා ගැටලු සම්බන්ධ පුළුල් අන්දමින් සාකච්ඡා කර වෙනම වෘත්තීය සමිතියක්පිහිටුවා ගැනීමට කටයුතු යොදා ඇතැයි එම වෛද් නිලධාරියා කීවේය. ජාතික රෝහලේ ශ්රේණිගත වෛද්යවරුන්ට වඩා විශේෂඥ වෛද්යවරුන්ට වැඩි වරප්රසාද හිමි වන අයුරින් වෛද් නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් නිලධාරීන් කටයුතු සකස්කර ගෙන තිබීම ශ්රේණිගත වෛද්යවරුන්ගේ කලකිරීමට හේතු වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Divaina 2012.01.11


No comments:

Post a Comment