Tuesday, January 24, 2012

හිතුමතේට පෙරසිටමෝල් භාවිතය අද බරපතළ ගැටලූවක්‌ වෙලා - ඖෂධ අධිකාරියේ සභාපති

සීගිරිය - සරත් එරමිණිගම්මන

ශ්‍රී ලංකාවේ රෝහල්වලට වාර්තා වන ඖෂධ විෂවීමට ලක්‌ව සිදුවන මරණවලින් වැඩිම ප්‍රමාණයක්‌ පැරසිටමෝල් ඖෂධය අධි මාත්‍රාවලින් භාවිත කිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ඖෂධ අධිකාරියේ සභාපති හේමන්ත බෙනරගම මහතා සඳහන් කරයි.

වේදනා නාශකයක්‌ ලෙස විවිධ වෙළෙඳ නාමයන් ගණනාවක්‌ යටතේ බහුලව වෙළෙඳපළේ වෛද්‍ය නිර්දේශයෙන් තොරව පැරසිටමෝල් ඖෂධය මිලදී ගත හැකිවීම මීට ප්‍රධාන හේතුව බව ද ඒ මහතා අවධාරණය කරයි.

වෛද්‍ය නිර්දේශයන්ට අනුව පැරසිටමෝල් ඖෂධය පැය හයකට හෝ අටකට වරක්‌ පුද්ගලයකුගේ බර ප්‍රමාණය අනුව ලබාගත යුතු වුවත් බොහෝ දෙනකු පවතින ප්‍රචාරක උපක්‍රමවලට රැවටීමෙන් තම හිතුමතේ මෙම ඖෂධය භාවිත කිරීමට පුරුදුව සිටීම බරපතළ තත්ත්වයක්‌ බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

1984 අංක 34 දරන රෙගුලාසිවලට අනුව පැරසිටමෝල් සහ විටමින් ඒ යන ඖෂධ වර්ග මහජනතාව වෙත නිකුත් කිරීමේදී සහ වෙළෙඳ ප්‍රචාරණවලදී මෙම ඖෂධ වර්ග අධි මාත්‍රාවක්‌ ගැනීම අනතුරුදායක බව සඳහන් කිරීම අනිවාර්ය කර ඇත.

පැරසිටමෝල් ඖෂධය අධි මාත්‍රාවක්‌ ගැනීම හේතුවෙන් මිනිස්‌ සිරුරේ අක්‌මාවට බරපතළ හානි සිදුවීමෙන් මරණයන් සිදුවේ.
Divaina 2012.01.24

No comments:

Post a Comment