Thursday, January 12, 2012

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දෙකඩ වේ

January 11, 2012 at 9:34 am | Lanka C News.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු රාශියක් ඉන් ඉවත්වීමට යන බව වාර්තා වේ. මේ තත්වයට මූලික හේතුව වී ඇත්තේ සංශෝධනය කරමින් පවතින සේවා ව්‍යවස්ථාවට අදාල ගැටළුවකි.
එම සංශෝධනය තුල විශේෂඥ වෛද්‍යවරුන්ට වැඩි වාසියක් හා වරප‍්‍රසාදයක් ලැබෙන පරිදි කටයුතු කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ක‍්‍රියාකර ඇති බවත් එහෙයින් සාමාන්‍ය වෛද්‍යවරුන්ට අසාධාරණයක් වී ඇති බවත් මෙම පිරිසගේ මතය වී ඇත.
මෙහි මූලික පියවර ලෙස ජාතික රෝහල්වල සේවය කරන නවසියයකට අධික සාමාන්‍ය වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් ඉවත් වී වෙනම සංගමයක් පිහිටුවීමට යන බව වාර්තා වේ.


No comments:

Post a Comment