Thursday, January 19, 2012

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු එක් දින සංකේත වැඩවර්ජනයක අද (20) නිරත වීමට පියවර ගෙන ඇත.
අද (20) උදෑසන 8 සිට හෙට (21) උදෑසන 8 දක්වා මේ සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් මේ සඳහා රෝහලේ වෛද්‍යවරු 1200 ක් පමණ සහභාගි වන බවත් එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් ශාඛාවේ සාමාජික වෛද්‍ය ශෙහාන් අෂීස් මහතා පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නුසුදුසු සාමාජිකයන් පත්කිරීම හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දුෂ්කරතා, රැඳී සිටීමේ හා ප්‍රවාහන දීමනා අවුරුදු හතරක සිට ලබානොදීම යනාදි කරුණු දෙක මුල් කර ගනිමින් මේ සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඒ මහතා පැවැසීය.

මේ වැඩවර්ජනයේදී රෝහලේ වෛද්‍යවරු සාමාන්‍ය සේවාවලින් ඉවත්වීම සිදු කරන අතර අත්‍යවශ්‍ය හදිසි සේවාවලට පමණක් වාර්තා කිරීම සිදුකෙරේ. රෝහලේ සියලුම සායනික සේවාවලින් ඉවත්වීම, බාහිර රෝගී අංශයේ කටයුතුවලින් ඉවත්වීම, වාට්ටුවල සාමාන්‍ය සේවාවලින් ඉවත් වීම මේ එක් දින වැඩවර්ජනයේදී සිදුකරන බව ද වෛද්‍ය අෂීස් මහතා පැවැසුවේය.
.
Dinamina 2012.01.20

No comments:

Post a Comment