Thursday, January 19, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තික සංකේත වර්ජනය නිසා රෝහල් අඩපණ වේ

 Lakbima 2012 ජනවාරි 19 වෙනි බ්රහස්පතින්දා, 03:12
ශ්රියානි විජේසිංහ
වැදුම්: 95

බාහිර රෝගීන්ගේ පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලින්
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් දිවයින පුරා රෝහල්වල හා සෞඛ් ආයතනවල පරිපූරක වෛද් වෘත්තිකයින් ඊයේ (18) ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු බොහෝ දුරට අකර්මන් වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශයේ ඖෂධ නිකුත් කිරීම රසායනාගාර පරීක්සණ කටයුතු, එක්ස් කිරණ පරීක්ෂණ භෞත චිකිත්සක හා වෘත්තීය චිකිත්සක කටයුතු මුලුමනින්ම නතර වී ඇත. එමෙන්ම ශල්යකර්මවලටද සැලකිය යුතු බලපෑමක් එල්ල වූ බව කොළඹ ජාතික රෝහලේ ‍‍‍ජ්යෙෂ්ඨ ප්රකාශකයෙක් සඳහන් කළේය. අපි මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් සියලු දෙනාටම වෛද්යවරුන් නියම කළ ඖෂධ ඔසු සල්වලින් ලබාදීමට කටයුතු කළ අතර එක්ස් කිරණ ඡායාරූප හා රසායනාගාර පරීක්ෂණ කටයුතු පෞද්ගලික රෝහල් වෙත යොමුකර ලබාදීමට කටයුතු කළ බවකි. මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් කළුබෝවිල, රාගම, කරාපිටිය, මාතර හා නාගොඩ රෝහල් අධ්යක්ෂවරුන්ගෙන් විමසූ කල ඔවුහුද සඳහන් කළේ ප්රතිකාර සඳහා බාහිර රෝගී අංශයන්ට පැමිණි රෝගීන් වෛද්යවරු පරීක්ෂා කර නිර්දේශ කළ ඖෂධ ඔසුසල් වලින් ලබා ගැනීමට කටයුතු සැලැස් වූ බවයි. පරිපූරක වෛද් වෘත්තිකයින්ගේ සංගමයේ උපලේකම් ජානක නිශාන්ත මහතා සිය සංකේත වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම වැඩ වර්ජනයට දිවයින පුරා රෝහල්වල තම සංගම් සාමාජිකයින් 5000 ආසන්න පිරිසක් සහභාගි වූ බැවින් රෝහල් කටයුතු සැලකිය යුතු ලෙස බිඳ වැටුණු බවකි. තම වාත්තීය ක්රියාමාර්ගය සම්බන්ධයෙන් සෞඛ් අමාත්යංශය දක්වන ප්රතිචාර අනුව ඉදිරි ක්රියාමාර්ග තීරණය වන බවද හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment