Monday, January 16, 2012

අඩියක් ආපස්සට ගැනීම

[Sunday, January 15, 2012]
පෞද්ගලික විශ්වවිද්යාල පනත ඉදිරිපත් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ. පෞද්ගලික විශ්වවිද්යාල රමයක් රටට අවශ් නැතැ යි කිව නොහැකිය. එහෙත් එය රියාවට නගන්නට උත්සාහ කැරුණු ආකාරය රශස්ත නැත. විශ්වවිද්යාල ගුරු රජාවගේද ශිෂ් රජාවගේ හා මහජනයාගේ සහාය ලබාගැනීමට දරන බලවත් උත්සාහයකින් තොරව එය හිතුවක්කාරී ලෙස රියාවට නගන්නට දරන ලද උත්සාහය තුළ සඳහා මුලදී තිබුණු වාසිදායක වටාපිටාවද නැතිකර ගත්තේයැ යි කිව හැකිය. පළමුව සඳහා විශ්වවිද්යාල රජාව හා මහජනයා අතර විශ්වාසයක් ඇති කිරීමට අසමත්වීමය. සිදුවූ ඊළඟ වැරැද්ද ලෙස සැලකිය හැක්කේ අත්හදා බැලීමක් වශයෙන් හෝ පළමුවෙන් කරළියට ගන්නට ගිය වෛද් විද්යාලය නිසි රමිති තත්ත්වයක් ඇති වෛද් විද්යාලයක් නොවීමය.

පෞද්ගලික විශ්වවිද්යාල රමයක් රියාවට නැගීමේ පිළිවෙතේ වරදක් තිබුණා සේ කුණුවී තිබුණු ආයතන රමයේද වරදක් තිබුණි. ආයතන රමය කොතරම් කුණුවී තිබෙනවාද කියනවා නම් එය තිබෙන්නේ කිසිදු හොඳ වැඩසටහන් පවා සාර්ථකව රියාවට නැගිය නොහැකි තත්ත්වයකය.

මෙව අවුල විශ්වවිද්යාල අධ්යාපනයට පමණක් සීමාවී නැත. පාසල් අධ්යාපනය තුළ ඇත්තේ අවුලකි. උසස් පෙළ විභාග රතිඵල ආරාවුල එම අර්බුදයේම තවත් අලූත් රතිඵලයක් ලෙස සැලකිය හැකිය. විභාග රතිඵල ආරාවුල සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීමටද එම අර්බුදයට විසඳුමක් වී ඇති බවක් පෙනෙන්නට නැත. දැන් සූතරය හඳුන්වා දුන් මහාචාර්යවරයා කියන්නේ මෙවර අගය සකසා තිබෙන ආකාරය වැරදි බවය.

මෙම අවුල අධ්යාපන රමයේ පමණක් නොව, අන් හැමතැනම පවත්නා තත්ත්වයක් බව කිවහැකිය. ආණ්ඩුවේ රෝහල් සඳහා ඖෂධ මිලදී ගැනීම් සඳහා වැය කැරෙන මුදල් ඉතා විශාල වුවත් එම මුදලේ අගයෙන් 50%ක් වටිනාකමටත් ඖෂධ මිලදී ගැනෙන්නේ නැත. ඉතිරි සියලූ මුදල් යන්නේ සෞඛ් අංශය වසාගෙන තිබෙන මාෆියාවේ සාක්කුවලටය. මෙම අධ්යාපනය, සෞඛ් යන අංශවල පමණක් නොව, අන් හැම තැනකම දක්නට ලැබෙන තත්ත්වයකි.

රභාකරන් පරාජය කිරීමෙන් පසුව කුණුවී තිබෙන දේශපාලන රමය පුළුල් රතිසංවිධානයකට ලක්කිරීම අවශ් බව අප පුන පුනා කියන්නේ දැන් රට තිබෙන්නේ එවැනි රතිසංවිධානයකින් තොරව ඉදිරියට යාහැකි තත්ත්වයක නොවන නිසාය. රභාකරන්ගේ රස්තවාදය පවතින තෙක් දේශපාලන රමයේ රතිසංස්කරණයකට ඉඩක් නොතිබුණි. ඓතිහාසික අවස්ථාව රටට උදාවී ඇත්තේ රභාකරන්ගේ රස්තවාදය පරාජය කිරීමෙන් පසුවය. උගත් පාඩම් කොමිසම දන්වා තිබෙන නිර්දේශ රියාත්මක කළ හැකිවනු ඇත්තේද දේශපාලන රමය රතිසංවිධානය කැරෙන වැඩසටහනකින් පමණය.

එක් අතකින් යුද්ධය නිසා දෙමළ ජනතාවගේ හදවත්වල ඇතිවී තිබෙන බිඳීම සුව කළ යුතුය. එයද රතිසංවිධාන වැඩපිළිවෙළක න්යාය පතරයට ඇතුළත් විය යුතුව තිබෙන රධාන අංගයකි. සමග මුළු මහත් ආයතන රමයම වසාගෙන තිබෙන පිළිකා වර්ග දෙකක් ලෙස සැලකිය හැකි දේශපාලනකරණය හා දූෂණය ජයගත යුතුව තිබේ. විශේෂයෙන්ම දේශපාලන බලපෑම්වලට යටත් නැති දූෂණයෙන් තොර ස්වාධීන අධිකරණ රමයක් ඇති කරගත යුතුය. හිටපු අගවිනිසුරුවරයකු වූ සරත් නන්ද සිල්වා අධිකරණයේ ගමන් මග මුළුමනින් ආපසු හැරවූයේය. ඉන්පසු තනතුරට මේ දක්වා නව අගවිනිසුරුවරුන් දෙදෙනකු පත්වුවද සිදුවී තිබුණු බරපතළ වැරදි නිවැරදි කිරීමක් සිදුවූයේ නැත. විශාල ලෙස අපිරිසිදු වී තිබූ තැනක් පිරිසිදු කිරීමකින් තොරව පාවිච්චි කරන විට එය සැලකිය යුත්තේ පිරිසිදු තැනක් ලෙස නොව, අපිරිසිදු තැනක් ලෙසය. අධිකරණ රමය පමණක් නොව, දේශපාන රමයද කුණුවී තිබෙන තරම අනුව බලන විට අධිකරණයේ අනුපරාප්තික නායකයන්ට දේශපාලන රමය මුළු මහත් වශයෙන් ගෙන කරන රතිසංවිධානයකින් තොරව අධිකරණය පමණක් තනිව ගෙන පිරිසිදු කිරීමේ හැකියාවක්ද නොතිබුණේයැ යි කිව හැකිය. මෙම කුණුවීමේ රියාවලිය දේශපාලන පක්ෂ රමයටද අදාළය.

මේ තත්ත්වය ජනාධිපති රමුඛ ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂයද බැරෑරුම් ලෙස සලකා බලන තැනකට යායුතුය. පක්ෂ භේදයෙන් තොරව එකට එකතු වී රට පූර්ණ රතිසංවිධානයකට ලක්කිරීමේ අවශ්යතාව ගැන බැරෑරුම් ලෙස සලකා බලන තැනකට යායුතුය.



Sunday, January 15, 2012 - Ravaya Publication

No comments:

Post a Comment