Tuesday, January 17, 2012

ඇමතිවරයා කළ පත්වීමකට එරෙහි වර්ජනයක් - වෛද්‍ය නිලධාරීන්

2012 ජනවාරි 17 වෙනි අඟහරුවාදා, 08:56


අමාත්‍යවරයා විසින් වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ලෙස වෛද්‍ය ඈෂ්ලි හේරත් පත් කිරීමට එරෙහි දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයකට සුදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

විශේෂ විධායක කමිටු රැස්විම 17 වැනි දා පැවැත්වෙන අතර එහි දී ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබඳ අවසන් තීරණය ගනු ලබන බව සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර සඳහන් කරයි.

වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක් බවත් එයට සාමාජිකයින් පත් කිරීමේ දී කිසිදු දේශපාලන බලපෑමකින් තොර ව ඔවුන් පත් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි. 

asianmirror.lk

No comments:

Post a Comment