Monday, January 9, 2012

හෙද සේවාවේ කොන්ද තවත් වරක් කැඩේ

නව වසරට කොන්ද කැඩූ රාජ්‍ය සේවයක්
16 Dec
කැබිනට් මණ්ඩලය තුළ පසුගිය කාලයේ විශේෂ කථාබහට ලක් වූ ආයතනයක් වූයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවය. ඒ රාජ්‍ය සේවයට පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් නිර්දේශ කිහිපයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප‍්‍රතික්ෂේප කිරීමය. මේ ප‍්‍රතික්ෂේප කිරීම් සඳහා පියවරක් ගත යුතු බව කැබිනට් නියෝජිතයෝ එම කථාබහවලදී අවධාරණය කර තිබුණි. මේ කථාබහවලට ආසන්නම සිදුවීම වූයේ අතිබහුතරයක් දේශපාලන පත්වීම්ධාරීන් වූ වැඩබලන විදුහල්පතිවරුන් 4500ක් පමණ සුදුසුකම් නොසලකා එම තනතුරුවල ස්ථිර කරන ලෙස කැබිනට් මණ්ඩලය දුන් නිර්දේශය ප‍්‍රතික්ෂේප කිරීමය.

මේ ආරෝව අවසන් කරමින් කැබිනට් මණ්ඩලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පියවරක් ගෙන ඇත. ඒ නොවැම්බර් මස 16 දින පැවති කැබිනට් මණ්ඩල රැඑස්වීමේදීය. පියවර වී ඇත්තේ රාජ්‍යසේවා කොමිෂන්සභාව සතු රජයේ නිලධාරින් සම්බන්ධයෙන් වූ පත්කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ විනය පාලනය කිරීමේ හා සේවයෙන් පහකිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ඔවුන් විසින් බලය පවරන රජයේ නිලධාරීන්ට පැවරීමය.

මේ බලතල පැවරීම ගැන දොසක් නොනඟා හිතසිතින් එම බලතල පවරා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇති අතර ඊට අදාළ කැබිනට් නිවේදනය රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණයෙන් පිටවූයේ දෙසැම්බර් 06 වැනිදා ය. නමුත් එම ගැසට් පත‍්‍රයේ සඳහන් නිල දිනය වන්නේ 2011 නොවැම්බර් 25 වැනිදාය. අති විශේෂ ගැසට් පත‍්‍රයේ අංකය 1733/25 ය.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව දක්වා ඇති පරිදි 57 වැනි ව්‍යවස්ථාව ප‍්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලතල පැවරීම එහි උධෘතයය.

අදාළ කරුණ ගැසට් පත‍්‍රයේ සරලව හකුලා දක්වා ඇත්තේ මෙසේ ය. මෙහි උපලේඛනයේ , තීරුවේ නිශ්චිතව නියම කරනු ලැබ ඇති රජයේ නිලධරයන් සම්බන්ධයෙන්, මෙහි උපලේඛනයේ ,,, තීරුවෙහි නිශ්චිතවම නියම කරනු ලැබ ඇති එම නිලධරයන් පත්කිරීම, උසස් කිරීම ස්ථාන මාරු කිරීම, ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීම සහ සේවයෙන් පහකිරීම පිළිබඳව එකී කොමිෂන් සභාව සතු බලතල, එම උපලේඛනයේ ,, තීරුවෙහි නිශ්චිතවම නියම කරනු ලැබ ඇති රජයේ නිලධරයන් වෙත, අමාත්‍ය මණ්ඩලය විසින් 2011-11-16 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නිශ්චිතවම නියම කරනු ලැබ ඇති පරිදි එකී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මෙයින් පවරා දෙනු ලැබේ.
ඒ අනුව දීප ව්‍යාප්ත සේවාවන් වන ශී‍්‍ර ලංකා පරිපාලන සේවය, ශී‍්‍ර ලංකා ඉංජිනේරු සේවය, ශී‍්‍ර ලංකා විද්‍යාත්මක සේවය, ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥ සේවය, ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශී‍්‍ර ලංකා ගණකාධිකාරී සේවය, ශී‍්‍ර ලංකා ක‍්‍රම සම්පාදන සේවය, ශී‍්‍ර ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවය, ශී‍්‍ර ලංකා වෛද්‍ය සේවය, ශී‍්‍ර ලංකා දේශීය වෛද්‍ය සේවය, ශී‍්‍ර ලංකා මිනින්දෝරා සේවය, ශී‍්‍ර ලංකා කෘෂිකාර්මික සේවය යන සේවාවල , පන්තියට හෝ , ශ්‍රේණියට අයත් හා ඊට ඉහළ නිලධාරිනුත් එම සේවාවලම , පන්තියට හා , ශ්‍රේණියට පහළ නිලධාරින්ගේ ඉහත සඳහන් කාර්යයන් රාජ්‍යසේවා කොමිෂන් සභාවෙන් මුදාගෙන ඇත.

අමතරව දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නොවන , පන්තියේ සහ ඊට ඉහළ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධරයෝ හා , පන්තියට පහළ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධරයෝ දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නොවන අමාත්‍යාංශයක් යටතේ නොවන ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධරයන් තෘතියික මට්ටමේ අධි ශ්‍රේණියේ / විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් අමාත්‍යාංශයක් යටතේ නොවන තෘතියික මට්ටමේ අධිශ්‍රේණියේ / විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් අධිශ්‍රේණියේ හෝ විශේෂ ශ්‍රේණියේ නොවන තෘතියික මට්ටමේ නිලධරයන් ඒකාබද්ධ සේවයේ ප‍්‍රාථමික හා ද්විතික මට්ටමේ නිලධාරීන් එකාබද්ධ සේවයේ නොවන ප‍්‍රාථමික හා ද්විතීක මට්ටමේ නිලධාරීන් ති‍්‍රවිධ හමුදාවේ සිවිල් පරිපාලනය යටතේ ගැනෙන ප‍්‍රාථමික, ද්විතීක හා තෘතීය මට්ටමේ නිලධාරීන් ජාතික පාසල්වලට අයත් ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ , පන්තියේ නිලධාරින් හා ජාතික පාසල්වල විදුහල්පතිවරුන් ජාතික පාසල්වල විදුහල්පති සේවයේ , පන්තියට පහළ නිලධාරීන්, ජාතික පාසල්වල ශී‍්‍ර ලංකා ගුරු සේවයේ ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් ජාතික පාසල්වල හා ආයතනවල ඒකාබද්ධ සේවාවට අයත් නොවන ප‍්‍රාථමික, ද්විතීක හා තෘතීක මට්ටමේ නිලධාරීන් ශී‍්‍ර ලංකා ග‍්‍රාම නිලධාරී සේවයේ අධි පන්තියේ නිලධාරීන් හා අධිපන්තියට පහළ නිලධාරීන් පොලිස්පතිවරයා ගේ සිට පොලිස් කොස්තාපල් දක්වා නිලධාරීන් යන අය රාජ්‍ය සේවා කොමිෂන් සභා පාලනයෙන් මුදාහැර ඇත.

ඒ අනුව ඒ ඒ විෂය සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුටත්, ඔවුන් විසින් බලය පවරනු ලබන අතිරේක ලේකම්වරුන්ටත්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ටත්, ති‍්‍රවිධ හමුදාවල සිවිල් පරිපාලනය භාර නිලධාරීන්ටත්, දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ටත්, පොලිස්පතිගේ සිට සහකාර පොලිස් අධිකාරි තනතුරු දක්වා නිලධාරීන්ටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම බලය පැවරීම් සිදුකර ඇත.

ඒ අනුව දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ට අධි ශ්‍රේණියේ හා විශේෂ ශ්‍රේණියේ නොවන 6/2006 චක‍්‍රලේඛයේ ,, ඇමුණුමේ සඳහන් තෘතික මට්ටමේ නිලධාරීන් වන ක්ෂේත‍්‍ර ගත, කාර්යාලගත නිලධාරීන්ට කළමනාකාර සහකාරවරුන්ට ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන්ට ප‍්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක හෙද සේවය, පරිපූරක වෛද්‍යවරු අතුරු වෛද්‍ය සේවා හා වෛද්‍ය වෘත්තික යන පිරිසම සේවයෙන් පහකිරීමේ බලය ලැබේ.

එසේම ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ , පන්තියේ පහළ නිලධාරීන් ශී‍්‍ර ලංකා ගුරු සේවයේ ගුරුවරුන්ව සේවයෙන් පහකිරීමේ බලය අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරේ. අධි ශ්‍රේණියට පහළ ග‍්‍රාම නිලධාරීන් සේවයෙන් පහකිරීමේ බලය අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරේ. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සිට පහළ නිලධාරීන් සේවයෙන් පහකිරීමේ බලය පොලිස්පතිවරයාට පැවරේ. එම සේවයෙන් පහකිරීමේ බලයම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටත් පවරා තිබේ.
මීට අමතරව ගැසට් පත‍්‍රයේ සඳහන් සෑම රජයේ නිලධාරියෙක් සම්බන්ධයෙන්ම වයස අවුරුදු 51න් පසු සේවය දීර්ඝ කිරීමේ බලය ද අමාත්‍යාංශ ලේකම්වරු අතිරේක ලේකම්වරු දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, පොලිස්පති හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පවරා ඇත.

මුළු රාජ්‍ය සේවයේම කොන්ද මේ මගින් කැඩෙන බව පැහැදිලිය. අවසානයේ අපට බලාපොරොත්තු විය හැක්කේ ස්වාධීන හෝ යම් කොන්දක් ඇති රාජ්‍ය සේවයක් නොව පවතින පාලකයාට හෙවත් ආණ්ඩුවට වන්දිභට්ටම් කරන, වන්දනාමාන කරන රාජ්‍ය සේවකයන්ය. වන්දිභට්ටකම් කිරීම හෝ වන්දනාමාන කිරීම ප‍්‍රතික්ෂේප කරන රාජ්‍ය සේවකයන්ට සිදුවනු ඇත්තේ ස්ථානමාරු ලැබීමටය. උසස්වීම් නොලැබීමටය. අවසානයේ සේවයෙන් පහකිරීමටය. ශී‍්‍ර ලංකා පොලීසියද ඊට අයත්ය.

2012 ජනවාරි 01 වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවයේ තත්ත්වය ඒ අනුව අපට සිතාගැනීමට අපහසු නොවනු ඇත. මන්ද බලය පවරා ඇති අමාත්‍යාංශ ලේකම්වරු හා පොලිස්පතිවරයා වැන්නන් පත්කරන්නේ ජනාධිපතිවරයා බැවින්ය. අවසානයේ බැලූවිට රාජ්‍ය සේවය ඇතුළු රටේ සියලූ සකල දේම ජනාධිපතිවරයා යටතටය. ඊට කියන්නේ ඒකාධිපති ක‍්‍රමයද, රජ පාලනයද යන්න පමණක් අදට ගැළපෙන ලෙස තෝරා බේරා ගත යුතුය.

රාජ්‍ය සේවයම රාජපක්ෂ සමාගමේ සේවයට එල්මෝ පෙරේරා – නීතිඥ
දහහත් වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබුණේ ස්වාධීන කොමිෂන් සභා ඒවා සඳහා පත්කිරීමේ බලය තිබුණේ ව්‍යවස්ථා සභාවට. දහඅටවැනි සංශෝධනයෙන් එම ස්වාධීනසේවය නැති කළා. පත්කිරීමේ බලය ජනාධිපතිවරයාගේ අතට ගත්තා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 57 අනුව කියන්නේ රාජ්‍ය සේවා කොමිසම සතු බලතල විමධ්‍යගත කරන්න පුළුවන් කියලා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිසමට කැබිනට් මණ්ඩලය ගන්න තීරණ අනුව කි‍්‍රයාකිරීම අනිවාර්යය නැහැ.

නමුත් රාජ්‍ය සේවා කොමිෂමේ බලතල අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ඔවුන්ගේ නියෝජිතයන්ට පැවරීම සඳහා නිකුක් කරලා තියෙන ගැසට් පත‍්‍රය අනුව අපිට පෙනෙනවා කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව තමයි රාජ්‍ය සේවා කොමිසම ඔවුන්ගේ බලතල පවරලා දීලා තියෙන්නේ.
මේ ගැසට් පත‍්‍රයේම තියනවා ගැටලූවක් පැන නැගුණහොත් කොමිසම ගන්න තීරණය බලාත්මකයි කියලා. ඒක බොරු තීරණයක්. මොකද මේ කොමිෂමේ සාමාජිකයන් දහඅට වැනි සංශෝධනය අනුව පත්කරන්නේ ජනාධිපතිවරයාය. ඒ වගේම ඒ සාමාජිකයන්ව ඕන වෙලාවක අස්කරන්නත් ජනාධිපතිවරයාට පුළුවන්.

කොමිසම සතු බලතල 95% – 99% අතර ලේකම්වරුන්ට පවරලා තියෙනවා. කොමිසම අනුමත කරපු කොන්දේසි අනුව තමයි එම බලතල කි‍්‍රයාත්මක කළ යුත්තේ කියලා තියනවා. ඒකත් බොරු කතාවක්. ලේකම්වරු කියන්නේ ඇම්බැට්ටයෝ. ඔවුන්ව පත්කරලා තියෙන්නේ ජනාධිපතිවරයා. මෙයින් වෙලා තියෙන්නේ මේ සියලූ බලතල ජනාධිපතිවරයා අතට අරගෙන තිබීමයි. මින්පසු රාජ්‍ය සේවයේ කටයුතු කරන්න පුළුවන් ජනාධිපතිවරයා අනුමත කරන අයට විතරයි. එයින් රාජ්‍ය සේවා කොමිසම නිකම්ම තැපැල් කන්තෝරුවක් බවට පත්වෙලා 2%ක් වන ඇපිල් බලය රාජ්‍ය සේවා කොමිසමට තියෙනවා කිව්වත් ඔවුන් සාක්ෂි ලබාගෙන කරුණු සොයන්නේ නැති නිසා ඒකත් ඵලදායක නෑ.
රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ තිබෙන බලය බෙදා හැරීමට. මේ ගැසට් පත‍්‍රය අනුවත් අපට පෙනෙන්නේ ක‍්‍රම ක‍්‍රමයෙන් බලය නැවත ජනාධිපති අතට එයා පත් කරලා තියෙන අය අතට ගන්න ස්වරූපයක් ඒක භයානක තත්ත්වයක්. ජනාධිපති කියන දේ කරන අය තමයි අන්තිමට රාජ්‍ය සේවයේ පත්කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු කිරීම් සේවයෙන් පහකිරීම් ආදිය සිදුකරන්නේ. ඒ අනුව 78 ඉඳලා නමින් තිබුණ රාජ්‍ය සේවා කොමිසමත් නැතිව යනවා. රාජ්‍ය සේවයත් නැතිව යනවා. රාජපක්ෂ සමාගමේ සේවයක් විතරයි ඉතුරු වන්නේ.

සුළු බලය පැවරීමක් පමණයි චන්ද්‍රානි සේනාරත්න – ලේකම්
රාජ්‍ය සේවා කොමිෂන් සභාව

රාජ්‍ය සේවා කොමිසම අකි‍්‍රය කාලයේ නිකුත් කර තිබූ ගැසට් පත‍්‍රයකින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට මීට වඩා බලතල ලබාදී තිබුණා. නමුත් මේ ගැසට් එකෙන් විශාල බලතල පැවරීමක් කරන්නේ නෑ. අවවාදයක් කිරීම වගේ සුළු බලතල පැවරීමක් විතරයි මෙයින් ලබාදීලා තියෙන්නේ. ඒ වගේම අපි ලබාදීලා තියෙන බලතලවලට පරිබාහිරව යම් තීන්දුවක් දීලා තිබුණොත් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමට ඇපිල් කරන්න පුළුවන්.
බලතල පැරවීමක් ගැන කථා කළේ නෑ.
පී.බී. අබේකෝන් – ලේකම්
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන කොමිෂන් සභාව මාව සාකච්ඡාවට කැඳෙව්වේ ග‍්‍රාම නිලධාරීන්ගේ මාරුවීම් පිළිබඳ සාකච්ඡාවක් සඳහා. ග‍්‍රාම නිලධාරීන් විශාල ප‍්‍රමාණයකට මේ ස්ථාන මාරු පිළිබඳ ගැටලූ තිබුණ නිසා ඒ පිළිබඳ බලතල දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට පවරන්න සාකච්ඡා කළා.
එහෙම මිසක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරීමක් ගැන එහිදී සාකච්ඡා වුණේ නෑ.

http://ravayanews.wordpress.com/2011/12/16/%e0%b6%b1%e0%b7%80-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%9a%e0%b7%90%e0%b6%a9%e0%b7%96-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba/#more-538

No comments:

Post a Comment