Thursday, January 19, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ලෙඩ වීමෙන්.... රෝහල් සේවා අඩාලවී රෝගීහු අසරණ වෙති


ඒමන්ති මාරඹේ
දිවයිනේ සියලු රජයේ රෝහල් වල පරිපූරක වෛද් වෘත්තිකයන් ඊයේ (18 දා) ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශ බෙහෙත් ශාලා (ෆාමසි), එක්ස්රේ අංශ, සී.ටී. ස්කෑන් අංශ, වෛද් රසායනාගාර (පැත් ලැබ්) වසා දමා තිබූ අතර එම සේවා කටයුතු අඩාල වී ලක් සංඛ්යාත රෝගීන් පිරිසක්අසීරුතාවට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
දිවයිනේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ බෙහෙත් ශාලා, එක්ස්රේ / සී.ටී. ස්කෑන් / එම්.ආර්.අයි. යන අංශ මෙන්ම වෛද් රසායනාගාර වසා දමා තිබීම නිසා බාහිර රෝගීන්ට රජයේ ඔසුසල්වලින් බෙහෙත් මිල දී ගැනීම සඳහා තුණ්ඩු නිකුත් කර තිබූ අතර මේ හේතුවෙන් ඔසුසල්වල ඊයේ දිනයේ විශාල රෝගීන් පිරිසක් එක්රොක් සිටි බව වාර්තා වේ.
රෝගීන්ගේ හදිසි එක්ස්රේ / ස්කෑන් පරීක්ෂණ හා ලේ, මුත්රා ඇතුළු රසායනාගාර පරීක්ෂණයන් පෞද්ගලික අංශයෙන් කර දීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබිණි.
දිවයිනේ සෙසු ප්රධාන පෙළේ රජයේ රෝහල්වල සිදු කෙරෙන අදාළ පරීක්ෂණයන් හා බෙහෙත් ලබා ගැනීමේ කටයුතු පෞද්ගලික අංශයෙන් කර ගැනීමට බලධාරීන් කටයුතු කළද සෙසු පෞද්ගලික රෝහල් හා රජයේ ඔසුසල් ආසන්නයේ නොපවතින පිට පළාත්වල රෝහල්වලට එම පරීක්ෂණ පිටතින් කර ගැනීම අසීරු වී තිබූ බව එම රෝහල් අංශ පැවැසූහ.
වෙනත් දිනවල දිගු පෝලිම් දක්නට ලැබෙන රජයේ රෝහල් බාහිර රෝගී අංශ බෙහෙත් ශාලා හා එක්ස්රේ අංශ රෝගීන්ගෙන් හිස් පැවැතීම නිසා පාළු ස්වරූපයක් දක්නට ලැබිණි.
සේවා ඉල්ලීම් 8 ක්මුල් කරගෙන රජයේ රෝහල් ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද් රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්.එල්.ටී.), භෞතවේදී චිකිත්සකයන් හා වෘත්තීයවේදී චිකිත්සකයන් යන පරිපූරක වෛද් වෘත්තිකයන් ඊයේ (18 දා) ලෙඩ නිවාඩු දැමීමේ ක්රියාමාර්ගයට එක් සිටි අතර මානුෂීය හේතූන් මත බොරැල්ල ළමා, කාසල් වීදිය කාන්තා, සොයිසා කාන්තා, මහරගම පිළිකා යන රෝහල්වල එම වෘත්තිකයන් මෙම ක්රියාමාර්ගයට සහභාගි කර නොගත් බව පරිපූරක වෛද් වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්රධාන ලේකම් සමන් ජයසේකර මහතා 'දිවයින' පැවැසීය.
ඊයේ (18 දා) උදැසන ගල්කිස්සේ සිදුවූ පාසල් වෑන් රථ - බස්අනතුරින් තුවාල ලැබූවන්ට අවශ් එක්ස්රේ පරීක්ෂණ සිදු කිරීම සඳහා ලෙඩ නිවාඩු දමා සිටි විකිරණ ශිල්පියකු ස්වෙච්ඡාවෙන්ම සේවයට වාර්තා කළ බවද ඔහු සඳහන් කළේය.
මෙම ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය අද (19 දා) උදැසන 8 අවසන් වීමට නියමිතය. සිය ඉල්ලීම් සම්බන්ධව ගත යුතු ඉදිරි ක්රියාමාර්ගයන් පිළිබඳ හෙට (20 දා) පැවැත්වෙන පරිපූරක වෛද් වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ මහ සභා රැස්වීමේදී තීරණයක්ගන්නා බව එම බලමණ්ඩලයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Divaina 2012.01.19

No comments:

Post a Comment